SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

BBC ආයතනය පළ කළ ඡායාරූපයක්!

මං මේකට හරිම ආසයි.

 

සිංහල සිනමාවේ කුල කාන්තාව ප්‍රේක්ෂකාගරයට ගෙනාව

ඩොනල්ඩ් කැමරාශිල්පියා මියගිය පුවත අහලා

ටික වෙලාවකින් පස්සේ අද

මේ පිංතූරේ දැක්කා.

 BBC

 

සිංහල සිනමාවේ ලංකා කාන්තාව කියන්නේම

මට සිළුටු , පුරුෂ ඇහැට (gaze ) නතු , අවනත කාන්තා රූපයක්.

ඒ මතවාදයට නතුවු

ලංකා පිරිමි ඉල්ලන්නේම

තමන්ගේ හිතේ ඇති කාන්තාව.

ඒ කියන්නේ, අහිංසක කාන්තා ප්‍රතිරූපය.

එවැනි නිළියන්ගේ උත්කර්ෂණය තමයි,

ඩොනල්ඩ් ගඟ අද්දරහි මැවු වසන්ති චතුරානි.

ඇස් වලින් කතා කරන,

පිරිමින් ගේ අයිඩියල් චරිතය අභිබවා යන, රූපමය දෘෂ්‍යකරණයක් ගෙන එන්නට

ඩොනල්ඩ් සමත්වුණා.

එතෙක්, සිනමාවේ සිංහල කාන්තා ලකුණ රැගෙන ආ ,

පුන්‍යා, අනුලා, ශ්‍රියානි වැනි "අහිංසක" ප්‍රතිමුර්තිය අභියෝගයට ලක් කෙරුණු හොඳම අවස්ථාව ගඟ අද්දරයි.

ෆරීනා 2

 

මේ කුල කාන්තා ප්‍රතිරූපයට සාපේක්ෂව

ෆරීනා ලායි, ශාන්ති ලේඛා, ගීතා, ස්විනීතා ටිකක් වල් මෙන්ම සංකර නිළියන් වුණා.

ප්‍රේක්ෂකාගරයේ අය මේ අයව

දෙකට බෙදා ගෙන

ඒ ඒ මතවාදවලට අනුව තළු මැරුවා.

ෆරීනා

 

මෙවැනි ඡායාරූපකට මං කැමැති වන්නෙම

ඇන්ඩෘෘ ජයමාන්න ගේ කාන්තා ප්‍රතිරූපයට විකල්පයක් ලෙසින්.

ඇන්ඩෘෘ සිංහල කුල කාන්තා ප්‍රතිරූපය

කඩන්නට උත්සාහය කළ කැමරාකරුවෙක්.

හොඳම උදාහරණය හංසවිලක්.

හංස

 

ඩොනල්ඩ් කැමරාශිල්පියා ලෙස ඇහැ තියන්නෙම "ගැහැණිය" යන තැන ඉඳලා.

බර්ග්මාන්ගේ චිත්‍රපට වල කාන්තාවන් ද

පිරිමි ගේස්වල හිරකරුවන් .

එවැනි රටක මේ කළු, හැඩිදැඩි, පුරුෂ සංකේත මත රැඳි කාන්තා ප්‍රතිරූපය අග්‍රගන්‍යයයි.