SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Luciano Garbatiගේ Medusa පිලිරුව.

ඉතිහාසයේ වුවද, සාහිත්‍යයේ වුවද පුරාවෘතයක වුවද අහිංසකයා හෝ වින්දිතයාට

සාධාරණය ඉටුවීමත් වරදකරුවකුවාට දණ්ඩනය ලැබීමත් ඉටුවූයේ කළාතුරකින් බව ඓයිතිහාසික වශයෙන් යලි යලිත් තහවුරු කරන ලද කරුණකි. එහෙත් එවන්වූ විරල අවස්ථාවකදී සහෘද මනුෂ්‍යයාට දැනෙන්නේ හෘදයාංගම සතුටකි.

ඔබ කවදාහෝ Manhattan නගරය Collect Pond Park වෙත ගියහොත් ඇතැම් විටක ඔබට ග්‍රීක මිත්‍යා කථාවල අමතක කල නොහැකි පිළිරුවක් දැකීමට හැකිවනු ඇත. එනම් ග්‍රීක මිත්‍යා සාහිත්‍යයේ එන මෙඩුසාගේ/Medusa පිළිරුවයි. සුන්දර නග්න ස්ත්‍රී රුවකින් යුතු මේ ගොර්ගොන් යක්ශනිය එක් අතකින් අසිපතක් දරාගෙන සිටින අතර අනෙක් අතින් තමුන්ගේ ගෙල සිඳීමට පැමිනි ග්‍රීක වීරයාවූ කඩවසම් පර්සියස්/Perseus කුමරාගේ දිගු කෙස් වැටියෙන් ඔහුගේ සුන් කල හිස අල්ලාගෙන සිටියි!

seda35

අප සෑමවිටම අසා ඇත්තේ මේ මෙඩුසා කෲර, දුටුවන් පාශානිභූත කරන, හිසින් සර්පයන් දරා සිටින යක්ශනියක් ලෙසය. ග්‍රීක සාහිත්‍යය පුරාවටමත් ඊට සමගාමීව බිහිවුනු සිනමාව, ප්‍රතිමා කළාව, චිත්‍ර කළාව ඇතුලු සකල කලා ක්ශේස්ත්‍රයෙම මෙඩුසා මේ අයුරින් දක්වා ඇති නිසා මේ පිළිබඳව නොදැනුවත් වීම අපගේ වරදද නොවේ. නමුත් ග්‍රීක මිත්‍යා සාහිත්‍යය පුරාවටම මේ යක්ශනියට කුමන හෝ සාධාරණත්වයකින් සලකා ඇත්ද යන්න අප බැලිය යුතුය.

ඇතැම් මූලාශ්‍ර වලට අනුව මෙඩුසා Phorcys ගේ එනම් මුහුදු දේවතාවකුගේත් හා ඔහුගේ බිරිඳ වන Cetes ගේ දියණියන් තිදෙනවූ ගොර්ගොන් වරුන්ගෙන් එකියකි. අතිශය සුරූපී යෞවනියක්වූ ඇය පසුකාලීනව සියලු කළාවලට හා යුද්ධයට අධිපති ග්‍රීක දෙවඟනවූ ඇතීනාගේ දෙව්මැදුරක පූජකවරියක් වූයේ මුලු දිවිතුරාම බ්‍රහ්මචාරී වීමේ පොරොන්දුවද සහිතවය. නමුත් ඒ ග්‍රීක දේව ත්‍රිත්වයේ ප්‍රධානියෙක්වූ පොසයිඩන් ඇයව දකිනා තුරු පමනි. ඇයගේ සුරූපී රුවින් මන්මත්වූ පොසයිඩන් ඇයව සිත්සේ දූෂනය කලේ ඇතීනා දෙවඟනගේ දෙව්මැදුරේදීමය. නමුත් ඇතැම් මූලාශ්‍රවලට අනුව ඇය පොසයිඩන් සමග එක්වූයේ කැමැත්තෙන් බවත් කියවේ. කෙසේ වුවද ඉන් ලද ප්‍රතිඵලය ස්ථිර හා ඉරණම්ගත විය. තම දෙව්මැදුර තුල අනාචාරය කිරීමේ වරදටත්, බ්‍රහ්මචාරීත්වය රැකීමේ පොරොන්දුව බිඳීමත්, දේව මණ්ඩලයේ ප්‍රධානියෙක් සමග එක්වීමේත් වරදට ඇතීනා දෙවඟන ඇයව යක්ශනියක් බවට පත්වන ලෙස සාප කලාය. (ග්‍රීක දේව මණ්ඩලයේ ප්‍රධානීන්ට කවර ආකාරයේ හෝ දඬුවමක් පැනවීමට කිසිවෙකුත් නැතිවීම කණගාටුවට කරුණකි.) මෙඩුසාගේ සුන්දර පෙනුම යක්ශනියකගේ රුවගත් අතර ඇගේ කෙස් වැටියෙන් සර්පයින් මතුවිය. එසේම මින් ඉදිරියට කිසිදු පිරිමියෙකුට ඇය හා එක්වීමද වැළකීමටද ඇයට එක් දායාදයක් හිමිවිය. ඇය දෙස කෙලින් බලන කවරෙක් හෝ පාශානිභූත වනු ඇත.

seda34

මෙඩුසා යලිත් ග්‍රීක මිත්‍යා කථාවල ප්‍රධාන ස්ථානයක් ගන්නේ ග්‍රීක වීරයෙක්වූ පර්සියස්ගේ කථාවේදීය. Acrisius රජු තම දියණියවූ Danaë ට දාව උපදින කුමරා අතින්ම ඝාතනය වනු ඇතැයි යන අනාවැකියට බියෙන් ඇයව කුටියක සිරකරද ග්‍රීක දේව මඩුල්ලේ ප්‍රධානියාවූ Zeus ඇයගේ කුටියට පැමින ඇය හා එක්වීමෙන් ඇය ගර්භනී වූවාය. පසුව ඉපදීමට සිටින දරුවාට බියෙන් මවත් දරුවාත් දෙදෙනම පෙට්ටගමක සිරකර සාගරයට මුදාහැරි අතර ඔවුන් දෙදෙනාම Seriphos රටේ ධීවරයෙක් විසින් ගලවා ගැනුනි. පසුකලෙක පර්සියස්ගේ මව කෙරෙහි ලොල්වූ රටේ රජුවූ Polydectes Danaë බිසව විවාහ කරගැනීමට අපේක්ෂාවෙන් සිටි නමුත් පර්සියස් එයට බාධාවක් බවත් අවබෝධ විය. විශාල රාජකීය භෝජන සංග්‍රහයකදී බොහෝ අමුත්තන් රජුට ත්‍යාග ගෙන ආ අතර හිස් අතින් පැමිනි පර්සියස්ගෙන් රජු තමුන්ට ගෙනාඅවේ කුමක්දැයි විමසීය. "ඔබ කැමති කුමක් වුවද මම ගෙන එමියි." තරුණයා පිලිතුරු දුන් පසුව රජුද "එසේනම් මට මෙඩුසාගේ හිස ගෙන එව!" යැයි පැවසීය.

seda32

ඇතීනා දෙවඟනගේ උපදෙස් අනුව ක්‍රියාකල පර්සියස් Zeus ගෙන් ලබාගත් අසිපතත්, Hades ගෙන් ලබාගත් අඳුරු හිස්වැසුමත්, Hermes ගෙන් ලබාගත් පියාඹන පාවහන් යුවලත්, ඇතීනා දෙවඟනගෙන් ලබාගත් පලිහකින්ද සන්නද්ධව ගොස් මෙඩුසාගේ හිසගසා දැමුවේය. මෙකල මෙඩුසා පොසයිඩන් නිසා ගර්භනීව සිටි හෙයින් ඇයගේ ගෙලෙන් Pegasus නම් පියාඹන අසුත්, Chrysaor උපත ලදහ. මව මරා ඇගේ හිස මල්ලකලා ඇයගේම දරුවාවූ පෙගාසස්ගේ පිට නැගී පළාගිය පර්සියස් පසුව මෙඩුසාගේ හිසෙන් බොහෝ ප්‍රයෝජන ගත්තේය. Aethiopia දේශයේදී Cepheus හා Cassiopia ගේ දියණියවූ Andromedaව Cetus රකුසාගෙන් බේරාගෙන රකුසාව පාශානිභූත කලේය. පසුව හේ තම මව විවාහ කරගැනීමට ගිය Polydectes වද හමුවූයේය. තරුණයා තවමත් පණපිටින් සිටීම ගැන පුදුමවූ Polydectes "කෝ මෙඩුසාගේ හිස ගෙනාවාද?" යැයි විමසුවේය. "මෙන්න මා නුඹට ගෙනා ත්‍යාගය!" කියමින් හිස පෙන්වා රජුද ඔහුගේ හමුදා ප්‍රධානියන්ද ගල් කර ඔහු පසුව මෙඩුසාගේ හිස ඇතීනා දෙවඟනට ත්‍යාග කලේය. ඒ හිස පසුව පලිහකට සවිවූ අතර ඉන් ඇතීනා දෙවඟනට ආරක්ෂාව සැලසුනි. (පර්සියස්ගේ කථා කියමින් තවත් ඔබව වෙහෙසට පත් නොකරමි.)

seda36

මෙඩුසාගේ පුරාවෘතය මෙසේ ඒකපාර්ශිකව නිමවූ අතර මේ පිළිබඳව වෙනස් පුරෝකථනයක් දීමට කිසිවෙක් ඉදිරිපත් නොවීය. ග්‍රීක වීරයා පර්සියස් ගාම්භීරත්වයට පත්කරමින් සිතුවම්, ප්‍රතිමා, ගීත, නාට්‍ය මෙන්ම සිනමාව පවා නිමවූ අතර මෙඩුසා හැතිරියක ලෙසින් වසර දහස් ගනණක් තිස්සෙම පිළිඹිබු කරන ලදී.

නමුත් 2008 වසරේදී Luciano Garbati නම් ප්‍රතිමා ශිල්පිනියා විසින් මේ ප්‍රතිමාව මේ ප්‍රතිමාවේ භූමිකාවන් වෙනස්කර මෙඩුසා පර්සියස්ගේ හිස වෙන්කොට දරාගෙන සිටින අයුරු දක්වන ප්‍රතිමාවක් නිර්මාණය කලේය.

කුඩා කල සිටම Florenceයේ Piazza della Signoriaහි ජීවත්වූ Luciano Garbati

Benvenuto Cellini විසින් නිර්මාණය කල පර්සියස්ගේ ප්‍රතිමාව කෙරේ ආකර්ශනයවූ ඔහු මෙඩුසාට සිදුවූ අසාධාරණයට පිලිතුරු ලෙසින් මෙය නිර්මාණය කලේය.

ආගම කෙරේ විශ්වාසය තබමින් ඇතීනා දෙවඟනගේ සරන ගිය මෙඩුසාට දේව මණ්ඩලයේම ප්‍රධානියෙක් අතින් දූශනය වීමට සිදු විය. ඔහු අතින් දූශනය වනවිට ඇයව ආරක්ෂා කිරීමට ඇය විශ්වාසය තැබූ දෙවඟන පැමිනියේද නැත. ඉන් නොනැවතී තමුන්ට භක්තිමත්වූ සේවිකාවට පිටුපා දේව මණ්ඩලයට පක්ශපාතීව තීන්දු ගැනීමට ඇතීනා දෙවරක් පෙළඹුනේ නැත. වින්ධිතයා වෙනුවට පීඩකයායේගේ පාර්ශවය ගත් ඇය මෙඩුසාට දරාගත නොහැකි දඬුවම් දුන්නාය. එක් අතකට එය පරපීඩක පිරිමි පාර්ශවය ගෙන දුර්වල ස්ත්‍රී පාර්ශවයට පහරදීමකි. මින් නොනැවතුනු ඇතීනා පසුව ඇයව මරාදැමීමට ආයුධ පවා සපයමින් පර්සියස් වීරයෙකු කරවීමට ක්‍රියා කලාය. මරණයට පසුද ඇගේ හිස අනෙකුන් ඝාතනය කිරීමටත් ජය සංකේතයක් ලෙසත් පලිහකට එක්විනි. එය එක් අතකින් කාන්තාවක් තවත් කාන්තාවකට කරන පීඩකත්වයකට නිදර්ශකයකි. බොහෝ අවස්ථාවලදී ඇතීනා නිර්භීත දෙවඟනක් ලෙස ඇගයීමට පත්වුවද ඇය අතිශය නිහීන බියගුලු තැනැත්තියක් බවට පැහැදිලිය.

seda 33

මෙහි එන අනෙක් පණිවුඩය වන්නේ පාලන පන්තිය(අමරණීය ඔලිම්පස් දේව මණ්ඩලය) පීඩිත පන්තිය(මරණීය මිනිස් වර්ගයා) කෙරේ සලකන ආකාරයයි. බලවත් පිරිමි දේව පාර්ශවය ආරක්ෂා කිරීමට දුබල කාන්තා පාර්ශවටම වරද පනවා විනධිතයා කරන අකෘතඥ හා අසාධාරණ විනිශ්චයද මෙහිලා මැනැවින් පෙනේ. මෙඩුසාට දියයුතු අසාධාරණ දඬුවම් සියල්ල අවසානයේ එතෙකින්ද නොනැවතී ඇයව ඝාතනය කරමිනි පර්සියස් වීරත්වයට පත්කිරීමට තීන්දු ගත්තේ පර්සියස් හුදෙක් සියුස්ගේ පුත්‍රයා නිසාද? නමුත් මේ අගතිගාමී තීන්දු මෙඩුසාට පමණක් සීමාවූවන් නොවේ. ට්‍රෝජන් යුද්ධය පුරාවටත් ඔලිම්පස් සුරයන් පිනවීමට දිවිකැපකල මිනිසුන් ගනණ අති විශාලය. මේ නිසා තමුන් අතර කොතරම් ද්වේශයන් පැවතියත් ඒ සියල්ල මිනිසුන් පිටින් යැවීම මේ පාලන පාර්ශවයේ ස්වභාවයයි.

කෙසේහෝ වේවා Luciano Garbati විසින් නිර්මාණය කල මේ ප්‍රතිමාව යුක්තිය හා සාධාරණය අපේක්ෂා කරන සුලුතරයේ හෝ ෆැන්ටසිය සැබෑවක් කරන්නක් වන අතරම කාව්‍යමය යුක්තිය එනම් දුෂ්ඨයන් අවසානයේ විඳවීමත් වීරයන් අවසානයේ ජයග්‍රහනය කිරීමද ඉටු කරන්නකි. ඉතිහාසය පුරාවටම මෙඩුසා, කුවේණි, අනර්කලී (සලීම් අනර්කලී පෙම්පුවතේ පෙම්වතිය) වැනි කාන්තාවන් අමානුෂීකරනයට ලක්වූහ. එසේම ලොවපුරා පීඩාවට පත්වන අසීමිත කාන්තාවන් වෙනුවෙන් කරන ලද උපහාරයකි. එනම් ප්‍රබලයෙක් වීරත්වයට පත්කිරීමට දුබලයෙක් පීඩාවට පත්කිරීමට එරෙහිවන පරමාදර්ශයකි.

අනෙක් අතට තමුන්ගේම වර්ගයාවූ දුබලයාව පෙළන ඇතීනා වැන්නවුන්ද වීරයෙක් වීම පිනිස අසරණියෙකු මරන පර්සියස් වැනි පුහු වීරයින් අගය කරන්නන්ට Garbatiගේ මේ පිලිරුව "කනේ පහරකි".

කාන්තාවාදයේදී/ feminism වුවද විචිත්‍රවත් විය යුත්තේ ඇතීනා දෙවඟන වන් අසරණයින්ට පීඩා කොට බලය තරකර ගන්නා අයවලුන් නොව මෙඩූසා වැනි බලවතුන් විසින් නරාදුකට ඇදදැමීම නිසා දුක් විඳවනා අසරණයන් බව මතක් කරනු කැමැත්තෙමි.

 

@ Lasith Jayasuriya

     OASIS - රසවින්දන එකතුව