SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

19 වන සියවසේ ඇමරිකාවේ බයිබලයට අමතරව වැඩියෙන්ම අලෙවි උන ග්‍රන්ථය හැටියට සැලකෙන්නේ වර්ෂ 1852 දී හැරියට් බීචර් ස්ටෝව් විසින් රචනා කරන ලද " අන්කල් ටොම්ස් කැබින් " නම් නවකතාවයි.

මුද්‍රණ කර්මාන්ත ශාලා 17 ක් පැය විසිහතරම මුද්‍රණය කරලත් මේ ග්‍රන්ථයට තිබුණු ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අපොහොසත් උන බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

මේ ග්‍රන්ථය වහල් සේවයට විරුද්ධව ලියවුනු ග්‍රන්ථයක් බව බොහෝ තැන් වල සැලකුනත් ,එය පරිශීලනය කරන විට හැඟී යන්නේ වහල් සේවය ගැන මෙන්ම මනුෂ්‍යත්වය ගැනත් නැවත හිතා බලන්නට උත්ප්‍රේරණයක් දෙන විශිෂ්ට කෘතියක් ලෙසයි.

මේ කාලය වන විට අප්‍රිකානු ඇමෙරිකානුවන් සැලකුනේ සුදු මිනිසුන්ට සේවය කිරීමට දෙවියන් විසින් මවා ඇති ආත්මයක් නැති පිරිසක් ලෙසයි. එවන් කාලයක මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට " හැරියට් බීචර් ස්ටෝව් " නම් කාන්තාවට තිබු දිරිය පිළිබඳව අදටත් දැනෙන්නේ කෘතවේදී හැඟීමක් ,මේ ග්‍රන්ථය කුණාටුවක් ලෙස මුළු ඇමෙරිකාව පුරා හමා යනවා එයින් සිදු උන දේශපාලනික බලපෑම කොතෙක්ද කියා විස්තර කරනවානම් ,ඇමෙරිකානු සිවිල් යුද්ධයට හේතු වන්නේත් මෙය කියා සැලකෙනවා,අවසානයේ අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ වහල් බාවය අහෝසි වන්නටත් විශාල බලපෑමක් මේ ග්‍රන්ථයෙන් සිදු වෙනවා,වරක් හැරියට් බීචර් ස්ටෝව් ව හමුවූ එවකට ඇමෙරිකානු ජනාධිපති වූ ඒබ්‍රහම් ලින්කන් " ආ ඔබද එහෙනම් මේ ශ්‍රේෂ්ට යුද්ධය පටන් ගත් කුඩා කාන්තාව " කියා විමසූ බව වාර්තා වෙනවා.

ඇමෙරිකානුවන් සියල්ලම මේ ග්‍රන්ථය එවකට වැළඳ ගත්තේ නෑ,සාම්ප්‍රදායික ක්‍රමයට හුරු වූ සුදු ජාතික ඇමෙරිකානුවන් මේ සිදුවන වෙනස්කම් වලට බිය වෙනවා ,කෙතරම් බිය වෙනවාද කිවහොත් සමහර   ප්‍රාන්තවල මේ ග්‍රන්ථය විකිණීම තහනම් කරනවා, ඒ විතරක් නෙමෙයි මේ ග්‍රන්ථය පරිශීලනය කරන අය මරණ දඬුවමට ලක් කෙරෙනවා.

ග්‍රන්ථයේ එන අන්කල් ටොම් කියන චරිතය ගොඩ නගන්නේ සැබෑ චරිතයක් වූ ජොසායා හැන්සන් වටා ,ජොසායා හැන්සන් අප්‍රිකානු ඇමෙරිකානු වහල් ජිවිතයක් ගෙවූ අයෙක්, ජොසායා ඉතා භක්තිමත් ක්රිස්තියානුවෙක්,ඔහුට දේවස්ථානය තුලට ඇතුළු වීමට අවසර නැති උනත් ,ඔහු දේවගැතිවරයාගේ හඬට දේවස්ථානයෙන් එළියේ සිට කන් දුන් බව සඳහන් ,ඔහුට ඇසෙනවා වරක් දේවගැතිවරයා දේශනා කරනවා " ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්ප්‍රාප්ති වී මිය ගියේ මිනිසුන් සියල්ල වෙනුවෙන් කියා" එවිට ජොසායා කල්පනා කරනවා, "දෙවියන් මට ආදරේ කරලා තියෙනවා ,මා වෙනුවෙන් ජීවිතය පූජා කරලා තියෙනවා ,මගේ ජීවිතය වටිනවා ,මම කෙසේ හෝ නිදහස් මිනිසෙක් විදිහට ජිවත් වෙන්න ඕනි කියල" ඔහු තීරණය කරනවා වහල් සේවයෙන් මිදිලා නිදහස් ප්‍රාන්තයකට පලා යන්න ,නමුත් 1973 නිකුත් කරන ලද පලායන වහල් සේවකයෝ පිලිබඳ පනතෙන් එලෙස පලා යන්නන් අල්ලා නැවත බාර දෙන්නත් එලෙස පලා යන අයෙක්ට නවාතැන් හෝ යම් රැකවරණයක් සලසන අයට දැඩි දඩුවම් පමුනුවන්නත් තීරණය කරනවා ,එම නිසා ජෝසයාගේ තීරණය ක්‍රියාත්මක කරන්න අසීරු වෙනවා ,ඔහු තීරණය කරනවා කැනඩාවට පලා යන්න ,ඒක සැතපුම් 600 වඩා දුර පා ගමනින් යා යුතු ජීවිතයත් මරණයත් අතර ගමනක් ,ඔහු සිය දරු දෙදෙනාත් පිටේ එල්ලාගෙන රාත්‍රියේ කාගේවත් ඇස නොගැටී ගමන් කරමින් ,දහවල සැඟවී සිටිමින්,කැනඩාවට පලා යනවා, මෙලෙස ඔහු දින 40ක් ගමනක අවසානයේ ඉයරි විල ගාවට එනවා, මෙතනදී එක්තරා යහපත් නාවිකයෙක් ජෝසයාට උපකාර කරනවා " ඔබ යහපත් මනුෂ්‍යයෙක් වෙනවා නේද ?? කියා අසමින් ඔහු ජොසායා සහ ඔහුගේ පවුල කැනඩාවට ගෙන යනවා ," මම මගේ නිදහස අර්ථවත් විදිහට පාවිච්චි කරනවා " ජොසායා ඒ යහපත් නාවිකයාට පිළිතුරු දෙනවා,ඔහු ඒ කියූ අයුරින්ම කැනඩාවේ අර්ථවත් ,ආදර්ශමත් ජිවිතයක් ගත කරනවා, ජොසායා ඇමෙරිකාවේ ,එංගලන්තයේ ,සහ කැනඩාව පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා ,ඔහු මේ රටවල් වල වියත් සබා වල දේශනා පවත්වනවා ,ඔහු වික්ටෝරියා රැජින පවා පෞද්ගලිකව හමු වෙනවා, ඔහු ඔහුගේ ජිවිත කාලය තුල වහල් සේවකයින් බොහෝ දෙනෙක්ට නිදහස ලබා ගන්න උදව් කරනවා ,ඔහු ඔහුගේ නිදහස ඉතා අර්ථාන්න්විතව ගත කරනවා.

කෙසේ නමුත් "ජොසායා හැන්සන් " ගේ චරිතය මුල් කරගෙන ඉපදුනු අන්කල් ටොම් ගේ ඉරණම හැරියට් බීචර් ස්ටෝව් විසින් ඊට වඩා වෙනස් කරනවා ,අන්කල් ටොම් ජොසායා වගේම දැඩි දේව භක්තිකයෙක් ,ඔහු සියල්ලන්ටම උදව් කරනවා ,ඔහු දැඩි ලෙස දෙවියන් විශ්වාස කරනවා ,ඔහුට පලා යාමට ඔනෑ තරම් අවස්තාව සහ උදව් තිබියදී ,ඔහු ඒවා ප්‍රයෝජනයට රැගෙන පලා යන්නේ නෑ ,ඔහු විශ්වාස කරනවා දෙවියන් තමාව ප්‍රාතිහාර්යකින් ගලවා ගනී කියලා ,ජොසායා නිදහස් මිනිසෙක් බවට පත් උනාට අන්කල් ටොම්ට සිදු වන්නේ කස පහර කා මිය යාමට ,අවසානය තෙක් ඔහු තමන්ව දෙවියන් ගලවා ගනු ඇති බවට විශ්වාස කරනවා.

අන්කල් ටොම් පසු කාලීනව ජන වහරට එක් වෙනවා ,ඒ තමන්ගේ නිදහස වෙනුවෙන් පෙනී නොසිටි ,බියගුළු නිවටයෙක් විදිහට ,මැල්කම් එක්ස් වැනි වර්නබේද වාදයට විරුද්ධවපෙනී සිටි අයද,මොහොමඩ් අලී වැනි ශ්‍රේෂ්ට බොක්සින් ක්‍රීදකයෙක්ද ,ඔබ අන්කල් ටොම් කෙනෙක් කියා ප්‍රතිවාදියාට අපහාස කරලා තියෙනවා.

දැන් අපේ රටේ තියෙන්නෙත් නිදහස වෙනුවෙන් අරගල කරන්න සිදු වෙන කාරණයක් ,ඔබට කෑම කොපමණ ලබා දිය යුතුද, ඔබට බෙහෙත් හේත් කොපමණ ලබා දිය යුතුද ,ඔබට කෙතරම් දුරක් ගමන් කිරීමට නිදහස දිය යුතුද , ඔබගේ දරුවන්ගේ අනාගතය කෙබඳු විය යුතුද කියා පාලකයා විසින් තීරණය කිරීමට ඔබ වහල් සේවයේ යෙදෙන වහලෙකු නොවේ .

නිදහස වෙනුවෙන් පෙනී සිටීමට පුරවැසි අපට කාලය එළඹ තිබෙනවා,ඔබ තෝරා ගන්නේ "ජෝසාය හැන්සන් තෝරා ගත් මගද? නැතහොත් අන්කල් ටොම් තෝරා ගත් මගද? ඔබ අනාගතේ වීරයෙක් ලෙස ඉතිහාස ගත වෙනවාද නැතහොත් නිවටයෙක් ලෙස ඉතිහාස ගතවෙනවාද? කියන එක ,ඔබ සැම විසින් තනි තනිව ගත යුතු තීරණයක්.

පිටපත සහ ඉදිරිපත් කිරීම - හසිත එරංග වලගමගෙදර

@LEADER TV