SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයූ වික්ටර් රත්නායකයන් සංගීතවත් කළ කුමරියක පා සළඹ සැලුණා නම් මධුර ගීතයේ ගේය පද රචකයා කේ. ඩී. කේ ධර්මවර්ධනයන්ය.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදකවරයකු වූ ඔහු වඩාත් ප්‍රකට වූයේ ගේය පද රචකයකු ලෙසිනි. ඔහු අතින් ලියවුනු පද මාලා වැඩි ප්‍රමාණයක් ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චිය. ඒ හැර පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසංහ, ෆීලික්ස් ඇන්ටන් වින්සන්ට් ප්‍රේමසිරි, මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ, විජේරත්න වරකාගොඩ, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී වැනි ගායක ගායිකාවන් රැසකට ඔහු පදමාලා නිර්මාණය කළේය.

ku2

මේ අතරින් ඉමහත් සේ ජනප්‍රිය ගීත රාශියකි. මිල්ටන් මල්ලවාරච්චි ගැයූ සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්, රන් මසු නෑ කියා, සයුරු තෙරේදී, ,කෙසේ කියන්නද, ඝන අඳුරේ රළ පතරේ, හදපතුලේ, ඔබ වෙනුවෙන් මා, මා හා එදා, ඉවුරු තලා වැනි ගීතද, මර්වින් පෙරේරාගේ රන් මීවිත පුරවා හා එක මොහොතක් ඔබ සෙවනේ වැනි ගීතද අබේවර්ධන හා නිරංජලා ගැයූ මගෙ හද පිරී තිබෙන්නේ වැනි ගීතද, වින්සන්ට් ප්‍රේමසිරිගේ සීතාවෙනි ඔබ හා ෆීලික්ස් ඇන්ටන්ගේ මල් නෙළලා වරලස ගවසාලා වැනි ගීතද, විජ්රත්න වරකාගොඩගේ මිහිරි සිහිනයක දැවටුනු වැනි ගීතද වික්ටර් රත්නායකගේ කොහේ සිට ඔබ පැමිණියේදෝ, සුනිල් එදිරිසිංහගේ හඬන පණ නල සහ පණ්ඩිත් අමරදේවන්ගේ කබාය ඉරිලා සහ කුමරියක පා සළඹ සැලුණා වැනි ගීතද ඒ අතර වේ.මේ ගීත සියල්ල අතරින් ‍‍ඔහුගේ ගේය පද රචනයේ මුදුන් මල්කඩ බඳු ගීතය වන්නේ කුමරියක පා සළඹ සැලුණා නම් ගීතයයි. 

එම ගීතය ලියවුණේ ඉතා අපුරු සිදුවීමක් පදනම් කර ගෙනය.

මා සේවය කරන ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පී. බී. ඉලංගසිංහ මහතාත්, කේ.ඩී.කේ. ධර්මවර්ධනත්, 1970 කාලයේ නැවතී සිටියේ නාවල තලකොටුව ගාඩ්න්ස්හි නිවෙසක් කුලියට ගෙනය.. විජය කුමාරතුංග සිටියේද ඊට යාබද නිවෙසකය. මොවුන් ඉතා සමීප මිතුරන් විය. පී.බීගේත් කේ.ඩී.කේගේත් ගම මහනුවරය. තමන් දන්නා හඳුනන මහනුවර ප්‍රදේශයේ තවත් තරුණයකුද ඔවුුන් එම නිවසේ නතර කර ගෙන සිටියේය.

එම නිවෙසට යාබද නිවෙසක සුන්දර තරුණියක සිටියාය. අප කවුරුත් හොඳින් දන්නා වෛද්‍ය මහාචාර්යවරකුගේ බිරියගේ සොහොයුරියගේ දියණිය වූ මෙම සුන්දර තරුණිය හා බෝඩිමේ සිටි තරුණයා අතර ප්‍රේමයක් ගොඩනැඟුණේ මේ අතරය.

දිනක සවස් යාමයේ විවේක සුවයෙන් සිටි කේ.ඩී.කේ. නිවෙසේ පුටුවක අඩ නින්දේ පසුවිය. ඔහුගේ නින්ද කැඩුණේ කිසිවකුගේ පාද ජාලයක සිහින් හඬිකිනි. යාන්තම් ඇස් හැර බැලූ කේඩීකේ දුටුවේ යාබද නිවෙසේ සිටින සුන්දර තරුණිය තම නිවෙසට පැමිණ ඇගේ පෙම්වතා හා කතාකරමින් සිටින අයුරුය. ඇය එක් පාදයක පාද ජාලාවක් (Anklet) පැළඳ සිටියාය. තම පෙම්වතා සමඟ කතා කරමින් සිටින අතර වරින් වර ඇගේ පාදය සෙලවෙන විට පාදජාලාවද සෙලවිනි.

එය සැළෙන හඩ කේ.ඩී. කේ තුළ කාව්‍යාත්මක සිතිවිල්ලක් ඉතිරි කළේය.. වහා නැගිට ගත් ඔහු කොළ කැබැල්ලක සිතට නැගුණු අදහස ලීවේය. එහි ලියවුණේ මෙම පද පේලි හතරය.

කුමරියක පා සළඔ සැලුණා

වසා සිටි නෙතු පියන් ඇරුනා

කුමර බඔසර අසපුවේ මා

සම වැදී උන් දැහැන් බිඳුනා

පසුව ඔහු එයට ලේ මස් ඇට පුරවා විශිෂ්ට ගීතයක් බවට පරිවර්තනය කළේය. එය පණ්ඩිත් අමරදේවයන්ගේ මුවින් ගැයිණි. ශෘංගාරය කැටිකරගත් එම ගීතයේ පද මාලාව නිරවුල් මනසින් කියවන්න. ඔබට බොහෝ දේ සිහියට නැඟෙනු ඇත.

ku

1944 ජුනි 13 වැනි දිනෙක උපත ලද කේ. ඩී. කේ. 2000 නොවැම්බර් 6 වැනි දිනෙක අප අතරින් සමු ගත්තේය. ඔහු විවාහ වී සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ ගාල්ලේ ඩබ්ලිව්.ඩී. එම්. ජයලතා සමගිනි. ඔහු රශී සහ සෂී නම් දියණියන් ‍‍දෙදෙනකුගේ පියා විය. ඔහු පසුව සමදරා කොට්ටෙගොඩ සමග විවාහ විය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් සමුගත් ඔහු කලක් විදේශ ගුවන් විදුලියකද සේවය කළේය. කේ.ඩී.කේ අද අප අතර නොමැති වුවද ඔහු අතින් ලියවුනු රසාලිප්ත ගේයපද අපේ ජීවිතවලට සදා යොවුන් හැඟුම් ඉතිරි කර තිබේ.

‍මෙම තොරතුරු මා සමග කීවේ පී.බී.ඉලංගසිංහ මහතාය. එකම කර්තෘ මණ්ඩලයක සේවය කරන බැවින් බොහෝ අත්දැකීම් ඇති ඔහුගෙන් මම බොහෝ අතීත තොරතුරු අසාගමි. ඉදිරියේදී තවත් එවැනි තොරතුරු ඔබට ගෙන එන්නෙමි.

කුමරියක පා සළඔ සැලුණා

වසා සිටි නෙතු පියන් ඇරුනා

කුමර බඔසර අසපුවේ මා

සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරලිය

මුවා කල ඇගෙ දුහුල් සළු තිර

විවර කෙරුවා මනස් සලෙළුන්

උමතු වු දෙනුවන් රැහැන් ඇද

මා අබියස මැවෙන තුසිතය

සුරන් නැලවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැද

හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද

තලා සිත කම්පනය කරවයි

ලපලු තුරුවැල් කැකුලු මල් පෙති

මා හඩවයි බිදුනු තුසිතය

සුරන් නැලවු සුයාමය