SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇතැම් ගීත තියෙනවා සවන්දුන්නාට පසුව එය අපේ ජීවිතේ කොහේ හෝ ඉමක් ස්පර්ශ කරන.

එවැනි ගීතයක් ඇසූ පසු බොහෝ වෙලා යනතුරු එහි දෝංකාරය ජීවිතයෙන් ඉවත්වෙන්නේ නෑ. එවැනි නවතම ගීතයක් අන්තර්ජාලය ඔස්සේ රස විඳින්න ලැබුණේ අහම්බෙන්. ගීතය "සේපාලි."

මෙය තනු නිර්මාණය කරමින් ගයන්නේ සාදර බණ්ඩාර සහෝදරයා. ඔහු තියුණු සමාජ දේශපාලන දැක්මක් සහිත තරුණ ගායකයෙක්. ගීතයේ ගේය පදරචකයා නන්දසිරි කීඹියහෙට්ටි. සේපාලි ගීතයේ අනුභූතික කාරණය වන්නේ අකල්හි මියගිය වෛශ්‍යාවක්. ඇය මිය යන්නේ නාඳුනන ස්ත්‍රියක් ලෙස. ඇයගේ පහස ලද අයෙක් ගේ දෘෂ්ටිකෝණයෙන් තමයි ගීතය ගැයෙන්නේ. වෛශ්‍යාවෘත්තියේ ඇති නොපෙනන සමාජ දේශපාලන කාරණා මෙහි වක්‍රෝතියෙන් ගැයෙනවා. 

මේ ගීතයේ තනුව හා ගැයුම් ස්වරූපය සාදර ගේ වෙනත් ගීතයක් එක්ක අධිස්ථාපනය (Superimpose) වෙන බව එකවනම දැනෙන්න ගත්තා. ඒ එක්කම කල්පනාවට නැඟුණේ මේ ගීත දෙකේ අත්දැකීමේ සාම්‍යත්වය. මෙහි අනෙක් ගීතය තමයි "පොඩ්ඩියේ" ගීතය . එහි අනුභූතික කාරණාව වන්නේත් වෛශ්‍යාවක් වූ මවක් කේන්ද්‍ර කරගත් කාරණයක්. මේ නිසා අපට සිතුණ දෙයක් තමයි සාදර බණ්ඩාර නම් වූ තරුණ සංගීතකරුවා උවමනාවෙන්ම මේ තනු දෙක හා ගායනා විලාසයේ සමාන කමක් ගොඩ නැගුවාද කියන එක.

ඒ එක්කම පොඩ්ඩියේ ගීතයේ අම්මා යනු මේ ගීතයේ "සේපාලි" ලෙස රූපාන්තරණය වෙන්න පටන් ගත්තා. එය අපූරු විඳීමක්. අවුරුදු දා නංගි වඳින්න බෑ කියු අම්මා, පොඩ්ඩියේ ගීතයේ අම්මා, ඝාතනයට ලක්වන සේපාලි ගීතයේ සේපාලි. සාදර බණ්ඩාර ටිම්රාන් කීර්ති සහ නන්දසිරි කීඹියහෙට්ටි යන රචකයින් දෙදෙනා ඇරඹුම් ස්ථාන දෙකකින් ගෙන එකම මංසන්ධියක දී සම්මුඛ කරන ආකාරය විශ්මය වහා හැඟීමක් ඇතිකරනවා.

සේපාලි ගීතයේ රූප රචනය ඉතා ඉහළ මට්ටමක තියෙන්නක්. එය විනාඩි 7ක කෙටි චිත්‍රපටයක් හා සමානයි. සංකේත බහුල රූප රචනය ඉතා මනරම්. ගලන දිය ඇල්ල. සුදුපැහැ සාරිය හා තෙමුන කොණ්ඩය, වරාමල, රතු පැහැ ලෝගුව තරුණයාගේ ද්විත්ව චරිතාවේශය බහු අරුත් මවනවා. සේපාලි ගේ චරිතය නිරූපනය කරන නෙරංජනී සන්මුගරාජා ගේ රඟපෑම ඉතා ඉහළයි.

වීඩියෝව අධ්‍යක්ෂණය කල ලක්ෂාන් වල්පිට හා කැමරා අධ්‍යක්ෂ විරංග පතිරගේ අනාගතයේ ලංකාවේ චලන චිත්‍ර කර්මාන්තයේ පුලුල් තිරය ඔස්සේ හමුවිය යුතු දෙදෙනෙක්.

කෙසේ වෙතත් සාදර බංඩාර වැනි නව සංගීත අධ්‍යක්ෂවරුන් හා ගායකයින් අප කවදත් ඇලුම්කල ගීතක්ෂේත්‍රය ගැන තව දුරටත් නොනිමි ආසා ගිනිපුළිඟු දල්වනවා.