SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකය නව මාන වලට ගෙනයන, සම්මත යැයි කියාගන්නා රාමුවෙන් පිටත ඇති සුන්දර දේ වලට මිනිස් සිත ගෙනයන පුද්ගලයින් ඉතිහාසය පුරා අපට හමුවෙනවා.

ඔවුන් බහුතරයක් වූ මනුෂ්‍යයින්ට වඩා විශේෂ වෙන්නේ සාමාන්‍ය මිනිස් චින්තන මට්ටමෙන් එහා පරාසයකට ඔවුන්ගේ සිතුවිලි ගමන් කල නිසාවෙනි. මේ ලිපිය, රොක් සංගීතය අද පවතින තත්වයට රැගෙන ඒමට ප්‍රබල පිටිවහලක් වුන සංගීත ක්ෂේත්‍රය සහ ප්‍රාසාංගික කලාව උඩු යටුකුරු කල අසහාය Jimi Hendrix ගැනයි.

වර්ෂ 1942 නොවැම්බර් මස 27 දින ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටල් හි උපත ලද ජොනී ඇලන් හෙන්ඩ්‍රික්ස් (ජොනීට වයස අවුරුදු හතරක් සපිරුණ 1946 වසරේ ඔහුගේ පියා විසින් ජොනී ඇලන් හෙන්ඩ්‍රික්ස් කියන නම ජේම්ස් මාෂල් ලෙස වෙනස් කරනවා) ගේ කුඩා කල නම් ඒ තරම් මිහිරි වුනේ නැහැ. ඔහුගේ මව එවකට දහ හත් හැවිරිදි වියේ පසුවූ ලුසිල් ජෙටර්. ඇය සහ ජොනී ගේ පියා වුන ජේම්ස් AI හෙන්ඩ්‍රික්ස් (ඔහු එවකට ඇමෙරිකානු හමුදා සොල්දාදුවෙක් ලෙස සේවය කලා) අතර නිතර සිදුවුන අඬ දබර මැද කුඩා ජොනී ට හිමිවුනේ කටුක ළමා වියක්. සැමියා සමඟ සිදුවන නිමක් නැති අඬ දබර නිසා ඉක්මණින්ම සිය සැමියා ,ජොනී සහ ඔහුගේ බාල සොහොයුරන් වූ ලියෝන් සහ ජෝසෆ් හැරයන ලුසිල් ව ඉන්පසු ජොනී දකින්න ලැබෙන්නෙ ඉතා කලාතුරකින්. ජොනී ට වයස අවුරුදු 16 සම්පූර්ණ වනවිට ඔහුගේ මව ජීවිතක්ෂයට පත්වෙනවා. ඒ වනවිටත් ඔහුට සිය මවව මුණගැහිල තිබ්බෙ අතේ ඇඟිලි ගානට පමණයි.

jimi 2

Jimi සිය මව වූ ලුසිලා සමඟ

 

සංගීතයට පෙම් බැඳි කුඩා ජේම්ස්

හරිහැටි මව්පිය ආදරයක් අහිමි වුන ජොනී කුඩා කල හදා වඩා ගත්තේ ඔහුගේ නෑදෑයන් විසින්. විටින් විට විවිධ නෑදෑ ගෙවල් වල තමන්ගෙ කුඩා කාලය ගත කරන කුඩා ජොනීට සිය ජීවිතයේ විඳින්නට වුන ප්‍රශ්න වලට එකම විසඳුම වුනේ සංගීතයයි. ජිමීගේ සහ සංගීතයේ මුල්ම හමුවීම වෙන්නෙ ඒ විදියටයි. තමන්ගෙ පුතා සංගීතයට ලැදි බව තේරුම් ගත්ත ජොනී ගෙ පියා වයස අවුරුදු 16 ක් වෙද්දි ඔහුට අකොස්ටික් ගිටාරයක් අරං දෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් වසරක් ගතවුන තැන ඔහුගේ පළමු ඉලෙක්ට්‍රික් ගිටාරයත් අරං දෙන්න ජොනී ගේ පියා කටයුතු කලා. වැඩිදුර අධ්‍යාපනය සඳහා උනන්දුවක් නොදැක්වූ මේ කොලු ගැටයා වයස අවුරුදු 16 දීම පාසැල හැරගොස් කලින් කලට කුඩා රැකියා වල නිරත වුනේ ඔහුගේ සංගීත සිහිනයට මඟ හෙලිකරගන්නා අතරමයි. මේ අතරම වසර 1958 දී The Velvetones සංගීත කණ්ඩායමට බැඳෙමින් සිය සංගීත ජීවිතය ආරම්භ කරන්නට ජේම්ස්ට හැකිවුනා. නමුත් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ගේ වෙනස් වීම් නිසා 1959 දී The Rocking Teens ලෙසත්, 1960 දී The Rocking Kings ලෙසත් 1961 දී Thomas and the Tom Cats ලෙසත් The Velvetones නම වෙනස් වුනා.

jimi 7

තරුණ ජේම්ස් ඇමෙරිකානු හමුදාවට

සිය පියාගේ අඩිපාරේම ගිය ජේම්ස් වසර 1961 දී ඇමෙරිකානු හමුදාවට එක්වන්නේ පැරෂූට භටයෙක් වීමේ අභිලාෂයෙන්. හමුදා පුහුණුව කෙතරම් වෙහෙසකාරී එකක් වුනත්, තමන්ගේ සිහිනය වෙලා තිබුන සංගීතයෙන් මොහොතකටවත් දුරස් නොවුන තරුණ ජේම්ස් Thomas and the Tom Cats සංගීත කණ්ඩායමේ සාමාජිකයින් විසිර යාම නිසා The King Kasuals (The Jonny Jones and the King Kasuals) නමින් අලුත් කණ්ඩායමක් පටන් ගත්තේ හමුදා සේවය කරන අතරතුරමයි. කෙසේ නමුත් වසරකින් පස්සේ පැරෂූට අනතුරකින් ආබාදයට ලක්වුන නිසා හමුදා ජීවිතයට ආයුබෝවන් කියන්නත් ජේම්ස්ට සිදුවුනා.

jimi 3

 

The King Kasuals

හමුදා සේවයෙන් අනතුරුව සංගීත කණ්ඩායමේ වැඩකටයුතු සිදු කරන අතරම කුඩා පරිමාණයෙන් සංගීත ඛණ්ඩ වාදකයෙකු ලෙස නමක් දිනාගන්නටත් ජේම්ස් සමත්වුනා. එවකට සංගීත ලෝකයේ පතාක යෝධයන් වුන Little Richard, BB King, Sam Cooke වැනි අයගේ ගීත සඳහා කෙනෙක් විදියටත් සහභාගී වුනා.

ජේම්ස් විදිමත් සංගීත අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවෙයි. ඔහු කිසිදිනෙක පාසැලේ හෝ වෙනත් ස්ථානයක සංගීතය හදාරා තිබුනු අයෙකු නොවෙයි. නමුත් ඒ කිසිවක් තඹේකට මායිම් නොකල ඔහුට හොඳ සංගීතමය කනක් තිබුනා. ස්වර ප්‍රස්ථාර කියැවීමේ නොහැකියාව නිසා ඔහුගෙ තියුණු ශ්‍රව්‍යමය හැකියාවන් ජේම්ස්ගේ සංගීත ගමනට ප්‍රබල අඩිතාලමක් වුනා. ඒ වගේම කුඩා කල සිටම බ්ලූස්, රොක් ඇන්ඩ් රෝල් සංගීතයට හුරුවුන ජේම්ස් එවකට බ්ලූස් සංගීතයේ විශිෂ්ටයන් වුන BB King , Muddy Waters, Howlin’ Wolf වැනි අය තමන්ගේ ගුරුවරුන් හැටියට සැලකුවා.

ජේම්ස් හෙන්ඩ්‍රික්ස් ජිමී හෙන්ඩ්‍රික්ස් වීම සහ ඇමෙරිකාවෙන් ලන්ඩනයට

1965 දී තවත් නව සංගීත කණ්ඩායමක් වුන Jimmy James and the Blue Flames ආරම්භ කරන ජිමී ඇමෙරිකාවේ ග්‍රීන්විච් පෙදෙස පුරාවට ඇති සංගීත සංදර්ශන වල සිය හැකියාව පෙන්නුම් කලා. මේ අතරෙ තමයි ඔහුට එවකට බ්‍රිතාන්‍ය Animals රොක් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුන චැස් චැන්ඩ්ලර් හමුවෙන්නේ. තරුණ ජිමීගේ ගිටාර වාදන කෞශල්‍ය ගැන පුදුම වුන චැඩ් ඔහුට ආරධනාවක් කරනවා. ඒ ජිමීගේ පෞද්ගලික කළමණාකරු ලෙස චැඩ් ව පත්කරගන්නා ලෙසත්, ඔහු සමඟ ලන්ඩනයට පැමිණෙන ලෙසත්ය. ලැබුණු අවස්ථාවට එක පයින් කැමති වූ ජේම්ස් ඔහුගේ ආරාධනාව පිලිගන්නවා. ඒ අනුව ජේම්ස් ගේ කළමණාකරු ලෙස මුලින්ම ඔහු එවකට භාවිතා කල ජේම්ස් කියන නම වේදිකාවට සහ සංගීත ලෝකයට ගැලපෙන ජිමී ලෙස වෙනස් කරන්න චැඩ් සමත් වෙනවා.

The Jimi Hendrix Experience

ලන්ඩනයට පැමිණෙන ජිමී එහිදී ඩ්‍රම්ස් වාදකයෙක් වුන මිච් මිචෙල් සහ බේස් ගිටාර වාදකයෙක් වුන නොයෙල් රෙඩින් සමඟ The Jimi Hendrix Experience යන නමෙන් නව සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නේ වසර 1966 දී. සාම්ප්‍රදායික් බ්ලූස් සංගීත ශානරයෙන් ඔබ්බට යන්න සමත් වුන මේ නව මුසුව ලන්ඩනය පුරා වේගයෙන් ප්‍රසිද්ධියට පත් වෙන්නේ ඉතාම කෙටි කාලයකින්.

ජිමී ලන්ඩනයේ දී එවකට බ්‍රිතාන්‍ය සංගීත ලෝකයේ පමණක් නොව ලෝක සංගීතයේ දැවැන්තයින් වුන The Beatles සහ Rolling Stones වැනි අය පවා ඔහුගේ වසඟයට ගත්තා. බ්‍රිතාන්‍ය සංගීත තරුවක් වුන Eric Clapton (ප්‍රසිද්ධ ගීත වන Wonderful tonight, Tears in Heaven සහ Layla මොහුගේ ගීත කිහිපයකි) ජිමී ගැන පල කලේ මේ වගේ අදහසක්. –he has great stage presence and looked at times as if he was playing “with no hands at all.” ජිමී කෙතරම් විශිෂ්ට ලෙස වේදිකාව ආක්‍රමණය කලාදැයි මේ කියමනෙන් ඔබට වැටහෙනවා ඇති.

jimi 4

Jimi සහ Clapton

 

Hey Joe – ජිමීගේ පළමු ගීතය, Are You Experienced – පළමු ගීත ඇල්බමය

වසර 1967 දී ජිමී සිය පළමු ගීතය ලෙස Hey Joe නිකුත් කරනවා. එවකට ලන්ඩනය තුල හොඳ නමක් දිනාසිටි ජිමීගේ ගීතය මුලු එංගලන්තය පුරාම පැතිර යන්නේ ඉතාම වේගයෙන්. සිය පළමු ගීතයෙන්ම රොක් සංගීත ලෝකයේ අවදානය තමන් වෙත යොමු කරගන්න ජිමී සමත්වෙනවා.

ඒ සමඟම සිය පළමු ගීත ඇල්බමයට අඩිතාලම යොදන ජිමී 1967 දී Are You Experienced යන නමෙන් සිය ඇල්බමය නිකුත් කරනවා. අදටත් ලොව බිහිවුන හොඳම සහ ජනප්‍රියම රොක් ගීත ඇල්බමයක් ලෙස සැලකෙන Are You Experienced හි අඩංගු වුන Purple haze, The wind cries Mary, Foxey Lady, Fire වැනි ගීත රොක් සංගීතයේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම සංගීත කෘති ලෙස සංගීතඥයන් හඳුන්වනවා.

Jimi ගේ හොඳම ගීත කිහිපයක්

බ්ලූස් සංගීතය ඇසුරෙන් සිය සංගීත ජීවිතය ඔප්නංවාගත්ත ජිමීගෙ පළමු ඇල්බමය නිර්මාණය කරන්න ඇසුරු කලේ Psychedelic Rock ශානරයයි. සාම්ප්‍රදායික රොක් ශානරයේදී හමුවන sound effects වලින් ඔබ්බට ගිහින් Reverbs, Phasing, Distortion, Reversed sounds වැනි sound effects මේ සඳහා භාවිතා කලා. ඒ වගේමෙ ඉන්දියානු සංගීතයේ එන සිතාරය, තාම්පුරාව වැනි සංගීත භාණ්ඩ වල ශබ්දත් මේ ශානරය බහුලවම උපයෝගී කරගන්නවා. එවකට කණ්ඩායම් සංගීතයේ නම් දරපු අය වුන Pink Floyd වැන්නවුන් මේ සංගීත ශානරය ඇසුරු කරමින් ගීත නිර්මාණය කලා.

 

“The Star-Spangled Banner” – 1969 වුඩ්ස්ටොක් සංගීත සැනකෙලිය

jimi 5

 

ජිමී ගේ සංගීත දිවියේ හොඳම ඉදිරිපත් කිරීම් අතර මුලින්ම සඳහන් කරන්න පුලුවන් එවකට ලොව විශාලම සංගීත සැනකෙළියක් වුන වුඩ්ස්ටොක් සැනකෙළියේ ඔහු ගේ ඉදිරිපත් කිරීම. සැනකෙළියේ අවසාන ඉදිරිපත් කරන්නා වුන ජිමී රැස්ව සිටි පිරිසට අමතක නොවන අත්දැකීමක් ලබාදුන්නේ එතෙක් මෙතෙක් එලිමහන් සංගීත සැනකෙළි සංස්කෘතියේ සිදු කල විශිෂ්ටතම ඉදිරිපත් කිරීමකිනි.

මීට අමතරව හොඳ පද රචකයෙකුද වුන ජිමී බොහෝ විට තමාගේම ගී පද වලට ගී තනු නිර්මාණය කල අවස්ථා දක්නට ලැබුනා.

jimi 6

අකාලයේ සමුගැනීම

වයස අවුරුදු 27 දී ඒ කියන්නෙ වර්ෂ 1970 සැප්තම්බර් මස 18 දින මත්ද්‍රව්‍ය සංකූලතාවයකින් මෙලොව හැරයන ජිමීගේ වියෝව සංගීත ලෝකයට තදින්ම දැනුනා. විශේෂයෙන්ම රොක් සංගීත කලාව නව ආරකට යොමු කරන්න ඔහු යොදපු අඩිතාලම නිසා අද වනවිටත් රොක් සංගීතයේ නියමුවා කවුද කියල ඇහුවොත් බොහෝ රොක් රසිකයින් ගේ මුවඟ රැඳෙන නමක් වෙන්නෙ ජිමී හෙන්ඩ්‍රික්ස් ගේ නමයි. තමන්ගේ සංගීත ශෛලියට රොක් ශානරයෙන් එහා ට ගිය බ්ලූස්, බැලඩ්, ජෑස් පමණක් නොවේ R&B වැනි ශානරයන් ද ඇසුරු කරගත්ත මේ අපූරු මිනිසා එක්තරා විදියට පර්යේෂනාත්මක සංගීතඥයෙක් කියලත් හඳුන්වන්න පුලුවන්. ඒ වගේම එතෙක් මෙතෙක් ලෝකයේ පහලවුනු විශිෂ්ටතම ඉලෙක්ට්‍රික් ගිටාර වාදකයන් අතරෙ ඉදිරියෙන්ම කියැවෙන නමක් තමයි ජිමීගෙ නම. වසර 10 කටත් අඩු තමන්ගේ කෙටි සංගීත ජීවිතයෙන් ඔහු සංගීත ලෝකයට ලබාදුන් දේවල් අදටත් වලංගු වෙන බව මතක් කල යුතුමයි.