ඉතිහාසගත මෙම මිනිසාගේ විශිෂ්ටතම සංගීත රචනය ලෙස සැලකෙන්නේ
'The Moonlight Sonata' වන අතර එය බීතෝවන් විසින්1801 දී ලියන ලද්දකි. ලිපියේ අරමුන එය මොනතරම් විශිෂ්ට සංගිත රචනාවක්ද මොනතරම් කන්කලු පියානෝ ස්වර පද්ධතියක්ද යන්න ගැන නොවේ. අපි ඒ ගැන මෙලෝ හසරක් නොදන්නා බව නිහතමානිව පවසා සිටිමු. ලිපියේ අරමුන මෙම විශිෂ්ට යැයි කියන නිර්මාණයේ උපත පිලිබඳවය.
1800 වර්ෂයේ එක් සැදෑවක ඔස්ට්‍රියාවේ වියානා නුවර ලුඩ්වින්ග් වෑන් බීතෝවන් සහ ඔහුගේ මිතුරෙකු ඇවිදිමින් සිටියහ. ඔවුන් පටු අඳුරු වීදියක් හරහා යද්දී කුඩා නිවසකින් පියානෝ වාදනයක් ඇසෙන්නට විය
‘‘ ෂාශ් ! ඒක මම ආසකරනම මගේ රචනාවක් ‘‘ බීතෝවන් තම මිතුරාට කීවේය.
එවිටම ගේ තුලින් කාන්තා හඩක් නැගෙන්නට විය.
‘‘ මට මීට වඩා ලස්සනට මේක ප්ලේ කරන්න බෑ ! අනේ දෙයියනේ මට වඩා දක්ෂයෙක් මේක ප්ලේ කලා නම් කොහොමට ඇත්ද ? ‘‘
‘‘ තට්ටු කරල බලමුද දොරට ? ‘‘ මිතුරා ඇසිය
තට්ටු කිරීමට දෙයක් නැත. දොර හායි ගා ඇර දමාය. නිවෙස තුල තැන තැන කැඩුනු ගැලවුනු සෙරෙප්පුය, සපත්තුය. ඒ දුප්පත් නිවෙස සපතේරුවකුගේ නිවසකි. කිසිත් නොකියා බීතෝවන් සහ ඔහුගේ මිතුරා නිවෙසට ඇතුළු විය.
අබලන්. පියානෝව අසල තරුණ ගැහැණු ළමයෙක් වාඩි වී සිටියාය. අසල කවුලුවෙන් මනස්කාන්ත ලෙස පියානෝව හා දැරිය මතට සඳ එළිය වැටී තිබිනි .ඒ ළගම හැඩි දැඩි තරුණයෙකි.
"මට සමාවෙන්න," මහා නිර්මාපකයා පැවසීය. “මම සංගීතඥයෙක්. ඔබ දැන් වාදනය කළ කොටස කවුරුහරි වාදනය කරනවා ඇසීමට ඔබ කැමති බව ඔබ කියනවා මට ඇසිණි. ඔබ වෙනුවෙන් එය වයන්නට මට අවසරද ?
"බොහොම ස්තූතියි, නමුත් අපේ පියානෝව ගොඩක් පරණයි," දැරිය පිළිතුරු දුන්නාය. අනික අපිට ස්වර රචනා නැහැ.”
“ මොකක් ? ස්වර රචනා නෑ ! එතකොට කොහොමද ඔබ වාදනය කළේ?
‘‘ දැරිය වහා අමුත්තා වෙත හැරිණිඳ එවිට සද එළිය පුර්ණ ලෙස ඇගේ මුුහුන මත තිබිණි. ඇගේ දෑස් අන්ධය.
"මම මතකයෙන් වාදනය කරනවා," ඇය පැවසුවාය.
"ඔයා දැන් වාදනය කරන ස්වර ඔයාට කොහෙදිද ඇහුණෙ?
අපේ ගෙදර ළඟ නෝනා කෙනෙක් පුහුණුවීම් කරනවා මට ඇහුණා. ගිම්හාන කාලයේ සවසට, ඇය ඇගේ ජනේල විවෘතව තබනවා. ඒ දවස්වලට මම ඇගේ වාදනයට සවන් දීමට ජනේලයට පිටතින් එහා මෙහා ඇවිද ගියා.
බීතෝවන් පිළිතුරක් දුන්නේ නැත. . ඔහු දැරිය වාදනය කිරීමට උත්සාහ කළ ස්වර රචනාව වාදනය කිරීමට පටන් ගත්තේය. අන්ධ දැරිය සහ ඇගේ සහෝදරයා වන සපත්තු සාදාන්නා බිතෝවනගේ වාදනයට උද්දාමයෙන් සවන් දුන්හ. අවසානයේ සපත්තු සාදන්නා වාදකය වෙත පැමිණ, “ඔබ කවුද?
එවිට සිනාසෙමින් බීතෝවන් එකල වියානාවේ තම ජනප්‍රියතම පියානෝ සංගීත ස්වර රචනාවක් වාදනය කිරිමට පටන් ගත්තේය. අසන්නන් හුස්ම අල්ලා ගත්හ. වාදනය නැවැත්වූ විට, “ඔබයි ස්වාමියා! ඔබයි බීතෝවන්!"ඔවුුුහු කෑ ගැසූහ.
“අපි වෙනුවෙන් තවත් වරක් වයන්න - තවත් වරක් පමණක්,” ඔවුන් ආයාචනා කළහ.
ඔහු නැවතත් පියානෝව අසල වාඩි විය. දිලිසෙන සඳ එළිය පාළු කුඩා කාමරය ඒකාලෝක කරමින් අන්ධ දැරියගේ පුර්ණ සොම්නස් මුහුණ. සඳ වතුරෙන් නැහැව්වාය. එය අයස්කාන්ත දර්ශනියකි. ඔහු සඳ සහ දිදුලන තරු වලින් ආලෝකමත් වූ දීප්තිමත් අහස දෙස කල්පනාකාරීව බලමින් හිද තම පුටුව පසුපසට තල්ලු කර දොර දෙසට හැරෙමින් මෘදු ලෙස අන්ධ යුවතිය දෙස බැලීය.‘‘මම ආයෙත් එනවා ඔයාට පාඩම් ටිකක් කියා දෙන්න. ඔවු! මම ඉක්මනින් නැවත එන්නම්!”
මහ පාරට වැටුනු ඔහු තම මිතුරාට පැවසුවේ, “අපි ඉක්මන් කරමු, මට ඒ මොහොත මතක තබා ගන්න ඔි.න මම සඳ එලිය මොන තරම් චමත්කාරද කියල එයාට සංගීත ස්වර වලින් පහදල දෙන්න ඔින, මොකද එයාට සඳ එළිය බලන්න බෑ. එයා අන්ධයි !”
බීතෝවන් ගෙදර ගිිහිල්ල ගොඩාක් පෙරහුරු කරමින් ස්වර රචනා ලියමින් මකා දමමින් අවසානයේ සඳ එලිය මෙන්න මේ වගේයැයි පැහැදිලි කරන ස්වර රචනාව හොයාගත්තා. මේ සා මහන්සිවී ඔහු ලබපු ප්‍රතිපලය ඔහු පුද කලේ නිර්මාන කාර්යයට පාදක වුන අර අන්ධ දැරිවියට නම් නෙමේ. ඔහුට වයස 33 ක් බව දැන දැනත් ඔහුට ආදරය කල 17 හැවිරිදි ශිෂ්‍යාව Giulietta Guicciard ට. ඒකෙ නම ඔහු තිබ්බෙ Moonlight කියල නෙවෙයි quasi una Fantasia කියලයි.
පස්සෙදි මේ සුන්දර ආදර කතාව අවාසානාවන්ත ආදර කතාවක් වුනා. මොකද කෙල්ලගෙ තාත්තා රජයේ කිසිදු තනතුරක් නැති නිකන්ම නිකන් සංගීත කාරයෙකුට කෙල්ලව දෙන්න කැමැති වුනේම නෑ. ඒ නිසා මිනිහ තකහනියෙන්ම කෙල්ලව බන්දල දුන්න මුද්‍රා නාට්‍ය සහ සංගීත නිර්මාපකයෙකු වන Count Wenzel Robert Gallenberg ට. ඒ 1803 නොවැම්බර් 3 වැනිදායි. අලුත විවාහ වූ යුවළ ඉතාලියට ගියා. 1806 දි වසන්ත කාලෙම ගතකලේ නේපල්ස්වල.
මේ සුවිශේෂි පියානෝ ස්වර රචනාවට Moonlight Sonata කියල නම වැටුනෙ බීතෝවන් මැරිලත් අවුරුද්දකට පස්සෙයි. ස්වරකාණ්ඩ අහපු සුප්‍රකට ජර්මානු සංගීත විචාරක Ludwig Rellstab කිව්වෙ “මේක අහගෙන ඉන්නකොට මට හිතෙනව සඳ එළියෙන් නැහැවුණු ලූසර්න් විල ගාව තමයි දැන් මම ඉන්නෙ කියල”
එදා ඉඳන් ඒ සෙනෙටාව The Moon light.