SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජීවිතය ද දාදු ක්‍රීඩාවකි. දාදු කැට සතර අතට පෙරළෙති. සල්ලම් වෙති.

ජීවිතය ද එසේම ය. අප එකිනෙකාගෙන් සල්ලම් වන දාදු කැට සේය. බොරුකාරයන්ගෙන්, වංචාකාරයන්ගෙන්, දූෂිතයන්ගෙන් හොඳහැටි සල්ලම් වෙති.

බොලිවුඩ් අධිපති සිනමා දහරාව තුළ සැගව ගිය කලාත්මක ගණයේ චිත්‍රපටයක් නැරඹීමට හැකි වුණි. චිත්‍රපටයේ නම "Liars Dice" ය. අධ්‍යක්ෂණය Geetu Mohandasගෙනි. චිත්‍රපටයේ නිමිත්ත බවට පත්වන්නේ තම සැමියා සොයායන එක්දරු මවකගේ දිල්ලිය බලා යන දුෂ්කර ගමනාන්තයකිනි. චීන දේශසීමාව අසල පිහිටි හිමෙන් වැසී ගිය ගම්මානයක වෙසෙන තරුණ කමලා සහ ඇගේ කුඩා දියණිය සමග අසීරුවෙන් යුතුව දිවි ගෙවන්නීය.

 laier 2

කමලාගේ සැමියා නවදිල්ලිය වෙත සංක්‍රමණිකයකු ලෙස රැකියාවට ගොස් සිටින අතර, මාස පහක පමණ කාලයක් තුළ ඔහුගෙන් කිසිම තොරතුරක් නැති බැවින් ඇය දැඩි සිත් තැවුලෙන් සිටින්නීය. තම අතුරුදහන් වු සැමියා සොයා නවදිල්ලියට වෙත බලා යන්නට කමලා අවසානයේ මහ මඟට බසිති. ඔහුට අතරමඟදී කමලාගේ අරමුණට සහාය වන පළා යන හමුදා සෙබළකු වන නවාසුදීන් නමැත්තෙකු ඒ අතර ය. අති දුෂ්කර ගමනාන්තයකි. නවාසුදීන්ට අහම්බයකින් හමු වු කමලාට උදව් කරන්නට පෙළඹෙන්නේ ඇයි? කමලාට තම අතුරුදහන් වු සැමියා සොයාගත හැකි වේවිද?

laier 4

චිත්‍රපටය තුළින් මතු කරන වඩාත් බරපතළ කාරණය නම් මුදලට විකිණෙන මනුෂ්‍ය ශ්‍රමයත්, ඒ ශ්‍රමය සුරා කන එකී මනුෂ්‍ය කුලකයේ ඇති ස්වභාවයත් සංකීර්ණත්වය පිළිබඳව ය. එක් පසෙකින් චිත්‍රපටය තුළ සාකච්ඡා කරන මිනිසාගේ පැවැත්ම පිළිබඳව සහ බඩගින්න නිවා ගැනීම සඳහා උපයා ගත යුතු දෛනික ආහාර වේල වෙනුවෙන් කෙතරම් තම කය වෙහෙස විය යුතුද යන්න පිළිබඳව අවධානය යොමු කරන්නට ප්‍රේක්ෂකයා පොළඹවයි. චිත්‍රපටය මඟින් නගරවලට සංක්‍රමණය වීමේ මිනිස් පිරිවැය සහ සංක්‍රමණික කම්කරුවන් සූරාකෑම පිළිබඳ නිරීක්ෂණය කරයි.

 

laier 5

චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන කමලා තම ස්වාමියා වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, මුදල් කැප කරයි. එනමුත් ඇය කිසිවිටකත් අනාචාරයේ හැසිරෙන්නේ නැත. නවාසුදීන්ගේ චරිතය විසින් අප පොරොත්තු වන තරමේ පහත් මිනිසෙකු ද නොවේ. කමලා තම නීත්‍යනුකූල ස්වාමියා සොයා යෑමේ දී, පුරුෂාධිපත්‍ය ලෝකයක අතරමං වන ඇයට පිහිට වන්නේ නවාසුදීන්ය.

කමලා වෙනුවෙන් නවාසුදීන් විසින් ඉටු කරන කාර්යභාරය පිළිබඳ සිතන්නට ප්‍රේක්ෂකයා පොළඹන්නේ විසිඑක්වෙනි සියවසේ පිරිමි සමාජය තුළ නවාසුදීන්ලා සිටිනවාද යන්න පැනය සමඟිනි. ව්‍යුහවාදී එළැඹුමකින් "Liars Dice" සිනමා කැන්වසය නිරික්ෂණයේ දී, පවුල සමාජය සංක්‍රමණිකයන් නාගරිකයන් ගම්බදකයින් ආදී ව්‍යුහයන් ගණනාවක් හඳුනාගත හැකි වේ. කමලාව ආගන්තුකවූත් කාර්යබහුලත්වයේ අධි නගරයක්වූත් දිල්ලිය විසින් කණපිට හෙළා ඇය සොයන ප්‍රශ්නයට පිළිතුර අනපේක්ෂිත ආකාරයෙන් හිමිකර දීම තුළින් ප්‍රේක්ෂකයා කෙරෙහි උත්පාදනය කරන්නේ අතුරුදහන්වුවකු පිළිබඳ අගතියට ලක්විය හැකි පාර්ශවයකගේ වේදනීය සහකම්පනයයි. බොලිවුඩය නමැති කළුගල් ගොඩේ දක්නට ලැබුණු ඉතාමත් විරල ගණයේ මාණික්‍යයක් විදියට "Liars Dice" සිනමාපටය හැඳින්විය හැකිය. පැය එකයි විනාඩි හතළිස්අට හදවතේ ගැස්ම වේගවත් කරන, ජීවිතයේ ඇති ශුන්‍යත්වය කදිමට කියා පෑ මේ සිනමාපටය සැබැවින්ම අතිශයින්ම සංවේදීභාවයට පත්කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිනමාකෘතියකි.