ලිංගික සම්බන්ධතාවයකදී අනෝන්‍ය එකගතාවය තිබිය යුතු බවටත් එසේ නොමැතිව සිදුවන ලිංගික සම්බන්ධයක් ලිංගික හිංසනයක් හෝ අපචාරයක් වන බවටත් බොහෝ රටවල පිළිගත් සම්මතයක් හා නීතියක් වශයෙන් පවතී.
නමුත් මෙහිදී එකඟතාවය වශයෙන් හදුන්වන්නේ කුමක්ද යන්නත්, එකගතාවය නොදීම ප්‍රකාශමාන වන්නේ කෙසේද යන්නත් පිළිබද දීර්ඝ කාලීන විවාදයක් පවතී. එමෙන්ම නීතිමය වශයෙන් ද මෙය නිරන්තර ප්‍රති නිර්වචනයවීම්වලට භාජනය වී ඇත. මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය සියළු රටවල සමාන මට්ටමේ නැත. මෙය වඩාත් මතු වන්නේ ලිංගික හිංසන සිදුවීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යාමේදීය. උදාහරණයක් ලෙසට සම්බන්ධතාවයකදී එක් පාර්ශවයක් වාචිකව එපා නොකීම හෝ නිශ්ෂබ්දව සිටීම ලිංගික සම්බන්ධයකට එකඟතාවය ප්‍රකාශ කිරීමක්ද?
ලිංගික හිංසන සිදුවීම් පරීක්ශා කිරීමේදී එවන් ක්‍රියා බහුලව සිදුවී ඇත්තේ තමන්ගේ සමීපතමයකු අතින් බව පෙනී යයි. මෙවැනි අවස්ථාවක හිංසනයට පාත්‍රවන්න බොහෝ විට සිටින්නේ කුමක්ද කරන්නේ යන්න පිළිබද අවිශ්වාසජනක තත්වයකය. මෙවන් අවස්ථාවක අප කැමැත්ත නිර්වචනය කරගන්නේ කෙසේද? එසේත් නැත්නම් යම් බල ධූරාවලියක් තිබෙන තැනක එහි පහළ සිටින පාර්ශවයක් එම බල ධූරාවලියේ ඉහළ තැනකට යාම සදහා එහි ඉහළ සිටින පාර්ශවයක් සමග ලිංගික සම්බන්ධතාවයකට යාමේ අවස්ථාවක් ගන්න. එවන් කෙනෙකු තමන් ඉලක්කකරගත් ස්ථානය ලබා ගත් පසු තමා ලිංගික හිංසනයට ලක් වූයේ යැයි පැවසීම අප එකඟතාවය යන්න හරහා නිර්වචනය කරන්නේ කෙසේද? එය එකගතාවය ප්‍රකාශ කිරීමක්ද? නැතිනම් ආයතනික ව්‍යුහය සිය බල ධූරාවලියේ ඉහළට යාම සදහා පහළ සිටින අයට ලිංගික යටත්වීමකට අනුබල සපයන අවකාශයක් නිර්මාණය කර තැබීම නිදහස් එකගතාවයේ ප්‍රකාශමාන වීමක් ලෙසට අර්ථකතනය කල හැකිද? ලිංගික සම්බන්ධතාවකදී එකගතාව යන කාරණය සැලකිය යුතු කරුණක් බවට පත්වීමට ඉතිහාසයක් ඇත. එය හුදෙක් ඉබේ මතුවූ අදහසක් නොව දීර්ඝ අරගලයක ප්‍රතිඵලයකි.
70 දශකයේ දූෂණ විරෝධී ව්‍යාපාරය
ලිංගික සම්බන්ධතාවකදී එකගතාව යන කාරණය පිළිබද සංවාදය බටහිර ආරම්බ වන්නේ 70 දශකයේ ස්ත්‍රී වාදී ව්‍යාපාරයේ නැග ඒමත් සමගය. එයට පෙර ලිංගික සම්බන්ධයකදී අනෙක් පාර්ශවයේ එකගතාවය යන්න සැලකිය යුතු කරුණක් ලෙසට සැලකීමේ සම්ප්‍රධායක් නොතිබූ අතර එය හුදෙක් සලකන ලද්දේ පුද්ගලික ජීවිතයට අදාල කාරණයක් ලෙසටය. මෙම නිසාම ලිංගික හිංසනය වැනි දෙයක් සමාජය තුළ සාකච්ඡාවට භාජනය වීම සිදු නොවූ අතර එය සමීප සහ පුද්ගලික තලයේ විසදූම් කරා යොමු විය. හැටේ දශකයේ ලිංගික විප්ලවය හරහා සමාජය තුළ ලිංගික නිදහස සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ඇති වුවද එය තුළ ලිංගික සම්බන්ධය ස්වාභාවික දෙයක් බවට ඔසවා තැබීම හේතුවෙන් ලිංගික සම්බන්ධයකදී එකගතාවය යන කාරණය යටපත් වී යෑම දැකිය හැක. එනම් ලිංගික සම්බන්ධයක් යනු ස්වාභාවික මිනිස් අවශ්‍යතාවයක්නම් එයට යමෙකු අකමැති වීමට ස්වාභාවික පදනමක් තිබිය නොහැක. පැවතිය හැක්කේ එයට ප්‍රතිරෝධීයව නිර්මාණය වූ සංස්කෘතික අදහස් පමණි. ලිංගික විප්ලවයේදී ලිංගික සම්බන්ධයක් කරා යාමට බාධා කෙරුණු මෙවැනි සංස්කෘතික අදහස් පසුගාමී සහ බලහත්කාරී යැයි හදුනාගැනුනු අතර ඒවාට එරෙහි වීම නිදහස් සහ ප්‍රගතිශිලී ලෙස හදුනාගැනුනි. ඒ හරහා එක් අතකින් ලිංගික සම්බන්ධතා සදහා නිදහස් අවකාශයක් නිර්මාණය වූ අතර තවත් පැත්තකින් ලිංගික සම්බන්ධතා පරමත්වයකට පත් වීම හරහා ඒ තුළ පුද්ගලික කැමැත්ත යන කාරණය ද්වීතීක දෙයක් බවට පත් විය.
70 දශකයේ ස්ත්‍රීවාදී කතිකාව මතුවන්නේ ලිංගිකත්වය පුද්ගලික දෙයක් ලෙසට සැලකූ සම්ප්‍රධායික අදහස් පද්ධතියටත්, ලිංගිකත්වය ස්වාභාවික දෙයක් ලෙසට සැලකූ හැටේ දශකයේ ලිංගික විප්ලවයටත් ප්‍රතිචාරයක් ලෙසටය. මෙම ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් පුද්ගලික දේ දේශපාලනිකයි යන ප්‍රකට ස්ථාවරය ඉදිරියට ගෙන ආ අතර ස්ත්‍රී හිංසනය, විශේෂයෙන් ලැජ්ජාව, පුද්ගලිකත්වය සහ සමාජ මිත්‍යා අතර සැගව තිබූ ස්ත්‍රී දූෂණය සමාජ කතිකාව තුළට රැගෙන ආවේය.
ඇමෙරිකාව පුරා විසිරී තිබුණු ස්ත්‍රී කණ්ඩායම් එවන් අත්දැකීම්වලට භාජනය වූ ස්ත්‍රීන් සමග සම්බන්ධව කටයුතු කල අතර එම අත්දැකීම් හරහා මෙම ගැටළුව පොදු සමාජ ගැටළුවක් ලෙසට ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කලේය. 1971 දී ඇමෙරිකාවේ ප්‍රථම වරට රැඩිකල් ස්ත්‍රීවාදීන් විසින් ස්ත්‍රී දූෂනවලට ලක්වූ ස්ත්‍රීන්ගේ අත්දැකීම් ප්‍රසිද්ධියේ කතාකිරීමේ අවස්ථාවක් සංවිධානය කරන ලදි. මින් ඇරඹි ස්ත්‍රී දූෂණ විරෝධී ව්‍යාපාරය සමාජය තුළ සහ නීතිමය ක්ශේත්‍රය තුළ ස්ත්‍රී හිංසනය සම්බන්ධයෙන් පැවති සම්ප්‍රධායික මත වෙනස් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ ප්‍රාන්ත රාශියක ලිංගික හිංසන සිදුවීමක් නඩු මාර්ගයට යෑමට සුදුසුකම් ලැබීමට පවා එම හිංසන සිදුවීමට සාක්ෂි සපයන බාහිර අයකු අනිවාර්යව තිබූ අතර වින්දිතයාගේ ප්‍රකාශය කිසිසේත්ම අදාල නොවීය. මෙය වෙනස් වන්නේ දීර්ඝ ලෙස ඇදී ගිය ස්ත්‍රීවාදින්ගේ අරගලය හේතුවෙනි.
70 දශකයේ ඇමෙරිකානු ස්ත්‍රී ව්‍යාපාරයේ මූලික චරිතයක් වූ ග්ලෝරියා ස්ටැනම්
1970 දශකය පුරාවට ස්ත්‍රීවාදීන් සමාජයේ ලිංගික හිංසනය සම්බන්ධයෙන් පැවති ඒකාකෘතික මත බිදහෙලීම සදහා විශාල ව්‍යාපාරයක් ගෙන ගිය අතර මේ පිළිබද බරපතල සාහිත්‍යයක්ද නිර්මාණය කලේය. කේට් මිලට්ගේ Sexual Politics, ශුලාමිත් ෆයර්ස්ටෝන් ගේ The Dialectic of Sex සහ පැමෙලා කෙරෝන් ගේ Rape: An Act of Terror මේ සදහා ඇති උදාහරණ කිහිපයකි. මෙලෙස නිර්මාණය කරන ලද ලිංගික හිංසන විරෝධී මතවාදයේ ප්‍රධාන අදහසක් වූයේ ලිංගික හිංසනය ලිංගිකත්වය සම්බන්ධයෙන් වූ කාරණයක් නොව බලය සම්බන්ධයෙන් වූ කාරණයක් බවයි. මෙම වටහා ගැනීම ලිංගික හිංසනය සම්බන්ධයෙන් වූ සංවාදයට නව අර්ථයක් එක් කල අතර ඒ හරහා ලිංගික හිංසන සිදුවීමකදී එතෙක් ප්‍රචලිතව පැවති චින්දිතයාට වැරැද්ද පැටවීමේ භාවිතාව අභියෝගයට ලක් කිරීමට හැකි විය. එනම් ලිංගික හිංසනය හුදු පුද්ගල අත්දැකීමට එහා ගිය පිරිමි බලයේ සහ පුරුෂාධිපත්‍යයේ ප්‍රකාශමාන වීමක් බවත් මෙම ගැටළුව විසදීමට නම් සමාජයේ අධිපතිව පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරාමිතීන් ව්‍යහාත්මක වෙනසකට භාජනය විය යුතු බවත් ඔවුන් මතුකල අදහස විය.
එමෙන්ම මෙම රැඩිකල් ස්ත්‍රීවාදීන් අද බහුලව භාවිතා වන “ලිංගික දූෂණ සංස්කෘතිය” නැමති සංකල්පයද හදුන්වාදෙන ලදි. මෙය ලිංගික හිංසනයේ සමාජීය මානය වටහා ගැනීම පහසු කිරීමක් විය. ලිංගික දූෂන සංස්කෘතිය යනු ලිංගික හිංසනය සාමාන්‍ය දෙයක් ලෙස සලකන සහ වින්දිතයන්ගේ හිංසන අත්දැකීම්වලට වින්දිතයන්ටම දොස් පැවරෙන සංස්කෘතියකි. එය ලිංගික හිංසනය පමණක්ම නොව, ස්ත්‍රී හිංසකයන් ආරක්ෂා කරන, ඔවුන්ගේ නිර්දෝශීභාවය ප්‍රවර්ධනය කරන, වින්දිතයින් ලැජ්ජාවට පත් කරන සහ ලිංගික හිංසනයෙන් වැළකීම සඳහා කාන්තාවන්ට අසාධාරණ කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටින (උදා – පිරිමින්ගේ ලිංගිකත්වය උද්දීපනයවන ආකාරයේ ඇදුම් නොඇදීම, රාත්‍රී කාලයේ ගමන් නොකිරීම) සංස්කෘතික සම්මතයන් සහ ආයතන වලින් ගොඩනැගී ඇත. 70 දශකයේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය සටන්කරන ලද්දේ මෙම සංස්කෘතියට එරෙහිවය. ඔවුහු සංකල්පීය තලයේ සිදුකරන ලද මෙම මැදිහත් වීම් වලට සමගාමීව ඇමෙරිකාව පුරා ලිංගික හිංසනයට භාජනයවන පුද්ගලයින්ට තම අත්දැකීම් බෙදා ගැනීමට සහ එවාට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රජා මට්ටමේ ආයතන ගනනාවක් මෙම යුගයේ ගොඩනගන ලදි.
No means No ව්‍යාපාරය
ලිංගික සම්බන්ධතාවයකදී එකඟතාවය සම්බන්ධයෙන් සැලකියයුතු අවධානයක් යොමුවන්නේ 1990 දී කැනේඩියන් ෆෙඩරේශන් ඔෆ් ස්ටුඩන්ස් නම් කැනඩාවේ ශිෂ්‍ය ක්‍රියාකාරී සංවිධානය විසින් දියත් කරන ලද නෝ මීන්ස් නෝ නැමති ව්‍යාපාරයත් සමගය. මෙහිදී ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් එකගතාවය සම්බන්ධයෙන් පැවති සම්ප්‍රධායික අදහස අභියෝගයට ලක් කලේය. සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධයකදී ස්ත්‍රියක් එකගතාවය සෘජුව ප්‍රකාශ නොකරන බවත් එය දිනාගත යුතු දෙයක් බවටත් විශ්වාසයක් පැවතුනි. මෙහිදී ස්ත්‍රියක් ලිංගික සම්බන්ධතාවයකදී එයට විරුද්ධතාවය ප්‍රකාශ කිරීම එයට සහභාගීවීමට දක්වන අකමැත්ත ප්‍රකාශ කිරීමක් නොව එය එක්වරම ප්‍රකාශ කිරීම කිරීම පිලිගත් සංස්කෘතික භාවිතාවක් නොවන නිසා සිදුවන දෙයක් බවටත් අර්ථ දැක්විනි. මෙහිදී විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ලිංගික එකගතාවය ප්‍රකාශකිරීමකම මුල් අවස්ථාවක් ලෙස සැළකුනි. නෝ යනු යර්ස් ලෙස සැලකුනි. නෝ මීන්ස් නෝ යන ප්‍රචාරක ව්‍යාපාරය ඉහත කී ශිෂ්‍ය කණ්ඩායම නිර්මාණය කරන්නේ මෙම අදහසට විරුද්ධවය. ඔවුන් ඉදිරිපත් කරන අදහසට අනුව ලිංගික සම්බන්ධයකදී යමෙක් එයට බැහැ යැයි කියන විට එය බැහැ කීමක් ලෙස ගත යුතුය. එහි සැගව ඇති අරුතක් නැත. නෝ යනු නෝ මිස වෙන කිසිවක් නොවේ. මෙම ශිෂ්‍යයින් විසින් දියත් කරන ලද ව්‍යාපාරය කැනඩාවේ පමණක් නොව ඇමෙරිකාවේ සහ තවත් රටවල් රාශියක ජනප්‍රිය වූ අතර එම රටවල නීති පද්ධතිවල ලිංගික එකඟතාව සම්බන්ධයෙන් පදනම් අදහසක් ලෙස මෙය පසුව භාවිතයට ගැනීම ආරම්භ විය. එමෙන්ම මෙම සටන් පාඨය ලොව පුරා ලිංගික හිංසන විරෝධී රැලිවල ජනප්‍රියතම සටන් පාඨයක් බවට පත් විය. ( මෑත කාලයේ ජනප්‍රිය වූ Pink හින්දි චිත්‍රපටය තුළ මෙම තේමාව සාකච්ඡාවට ලක් කර ඇත)
ලිංගික හිංසන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින දත්ත පරීක්ෂා කිරීමේදී එම සිදුවීම්වලින් සියයට 90ක්ම පාහේ සිදුවී ඇත්තෙත් තමන්ගේ සමීපතමයකු අතින් වීම විශේෂයකි. මෙනිසා මෙවන් අවස්ථාවක ලිංගික හිංසනයට භාජනයවන අයෙකු පැහැදිලිව වාචිකව එයට අකමැත්ත ප්‍රකාශ කිරීම හෝ විරෝධය පෑම එකඟතාවයේ පදනම ලෙස ගැනීම යම් දුරකට ගැටළුකාරීය. එමෙන්ම ස්නායු වෛද්‍යවරුන් පෙන්වාදෙන ආකාරයකට ලිංගික හිංසන සිදුවීමකදී වින්දිතයන්ගේ ශරීර සමහරවිටක ක්ෂනික අක්‍රියතාවයකට, අකර්මන්‍යතාවයකට පත්වන බැවින් එම සිදුවීමට ක්‍රියාකාරී විරෝධය පෑමට නොහැකි වී යා හැක. (හොලිවුඩ් චිත්‍රපට නිශ්පාදක හාවී වයින්ස්ටයින් පිළිබඳ නිර්මාණයකර ඇති Untouchable: The Rise and Fall of Harvey Weinstein වාර්තා චිත්‍රපටයේ සම්මුඛ සාකච්ඡා ලබාදෙන වින්දිතයින් මේ පිළිබඳ තමන්ගේ අත්දැකීම් විස්තර කර ඇත)
මෙවන් අවස්ථාවලදී ලිංගික හිංසනයකදී වින්දිතයා එයට පැහැදිලි වාචික හෝ ශාරීරික විරෝධයක් දක්වා ඇත යන්න ඔප්පු කිරීමට වින්දිතයාට වඟකීමක් සේ පැවරීම ගැටළුකාරීය. නෝ මීන්ස් නෝ යන්න සීමාකාරී වන්නේ මේ පදනමෙනි. තවද ලිංගික සම්බන්ධයක එකඟතාවය යන කරුනේදී එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ස්ත්‍රීන්ගේ පැත්තට භාරවන සටන් පාඨයකදී ස්ත්‍රීන් ලිංගික විරෝධී හෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් අක්‍රීය රිනාත්මක අය ලෙස නාමකරනය වේ. ඒ හරහා ස්ත්‍රීන් ලිංගික ආශාවන් ඇති සහ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කතෘත්වයක් ඇති අය ලෙස හදුනාගැනීම වැලකේ. මෙනිසා නෝ මීන්ස් නෝ යන සටන් පාඨය වෙනුවට ක්‍රමිකව ලිංගික එකඟතාවය යන කරුනේදී එයට වඩා පුළුල් නිර්වචනයක් සහ සටන් පාඨයක් වෙත ස්ත්‍රී ව්‍යාපාරයේ අවධානය යොමු විය.
Yes means Yes ව්‍යාපාරය
ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් මීළඟ සාකච්චාව ආරම්භ වන්නේ ඇමෙරිකාවේ ඇන්ටෝච් විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් එම විදුහලේ චර්යා ධර්ම පද්ධතියට විරුද්ධව ඉදිරිපත්කළ පෙත්සමක් ආශ්‍රයෙනි. මෙම පෙත්සම හරහා ඔවුන් ලිංගික සම්බන්ධයකදී එකඟතාවය නිර්වචනය කිරීමේදී එම සම්බන්ධයට එකතුවන සියළු පාර්ශවයන්ගේ උද්යොගීමත් එකඟතාවය අවශ්‍යය යනු කරුණ ප්‍රධාන විය යුතු යැයි පවසා සිටියේය. ඔවුන්ගේ මෙම පෙත්සම ජයග්‍රහණය කළ අතර ඒ හරහා ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් නෝ මීන්ස් නෝ ප්‍රවේශයට වෙනස්ව යර්ස් මීන්ස් යර්ස් යන ප්‍රවේශය උපත ලැබීය. මෙතෙක් ලිංගික සම්බන්ධයකදී එයට සහභාගීවන එක් පාර්ශවයක් එයට විරුද්ධවන තෙක්, නෝ කියන තෙක් එය අනෝන්‍ය සම්බන්ධයක් සේ සැළකුනි.
නමුත් මින් පසු මේ තත්වය වෙනස් ලෙස අර්ථ දැක්වීමට අවකාශය උදා විය. මෙම අර්ථදැක්වීමට අනුව ලිංගික සම්බන්ධයක එකඟතාවය යන්න සළකා බැලුනේ එයට සම්බන්ධවන සියළු පාර්ශවයන් ඒ සදහා පැහැදිලි ලෙස කැමැත්ත ප්‍රකාශකරන ස්ථානයේ සිටය. මෙය හරහා නෝ මීන්ස් නෝ ව්‍යාපාරයෙන් ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් පැවති නිර්වචනයේ හිදැස් යම් තාක් දුරකට ආවරණය කිරීමට හැකියාව ලැබිනි.
ලිංගික හිංසන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින දත්ත පරීක්ෂා කිරීමේදී එම සිදුවීම්වලින් සියයට 90ක්ම පාහේ සිදුවී ඇත්තෙත් තමන්ගේ සමීපතමයකු අතින් වීම විශේෂයකි. මෙනිසා මෙවන් අවස්ථාවක ලිංගික හිංසනයට භාජනයවන අයෙකු පැහැදිලිව වාචිකව එයට අකමැත්ත ප්‍රකාශ කිරීම හෝ විරෝධය පෑම එකඟතාවයේ පදනම ලෙස ගැනීම යම් දුරකට ගැටළුකාරීය. එමෙන්ම ස්නායු වෛද්‍යවරුන් පෙන්වාදෙන ආකාරයකට ලිංගික හිංසන සිදුවීමකදී වින්දිතයන්ගේ ශරීර සමහරවිටක ක්ෂනික අක්‍රියතාවයකට, අකර්මන්‍යතාවයකට පත්වන බැවින් එම සිදුවීමට ක්‍රියාකාරී විරෝධය පෑමට නොහැකි වී යා හැක. මෙවන් අවස්ථාවලදී ලිංගික හිංසනයකදී වින්දිතයා එයට පැහැදිලි වාචික හෝ ශාරීරික විරෝධයක් දක්වා ඇත යන්න ඔප්පු කිරීමට වින්දිතයාට වඟකීමක් සේ පැවරීම ගැටළුකාරීය.
නෝ මීන්ස් නෝ යන්න සීමා කාරී වන්නේ මේ පදනමෙනි. තවද ලිංගික සම්බන්ධයක එකඟතාවය යන කරුනේදී එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ස්ත්‍රීන්ගේ පැත්තට භාරවන සටන් පාඨයකදී ස්ත්‍රීන් ලිංගික විරෝධී හෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් අක්‍රීය රිනාත්මක අය ලෙස නාමකරනය වේ. ඒ හරහා ස්ත්‍රීන් ලිංගික ආශාවන් ඇති සහ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කතෘත්වයක් ඇති අය ලෙස හදුනාගැනීම වැලකේ. මෙනිසා නෝ මීන්ස් නෝ යන සටන් පාඨය වෙනුවට ක්‍රමිකව ලිංගික එකඟතාවය යන කරුනේදී යර්ස් මීන්ස් යර්ස් සටන් පාඨය ඉදිරියට පැමිණ ඇත. මේ අනුව ලිංගික සම්බන්ධයකදී එයට සහභාගීවන පාර්ශවයන්ගේ එකඟතාවය යන්න සළකා බැලෙන්නේ එයට සහභාගීවන පාර්ශව එයට විරුද්ධත්වය ප්‍රකාශකරනවාද යන පදනමේ සිට නොව එයට සහභාගීවන පාර්ශවයන් එම සම්බන්ධතාවයට උද්යොගී ලෙස කැමැත්ත ප්‍රකාශ කරනවාස යන පදනමේ සිටය.
කෙසේ නමුත් මෙම සටන් පාඨය එය ගෙන ආ මුල් අවධියේදී විශාල විරෝධයකට සහ පොප් සංස්කෘතිය තුළ දරුණු සමච්චලයට භාජනය විය. ජනප්‍රිය සංස්කෘතිය තුළ නිරන්තරයෙන් ඇන්ටෝච් ශිෂ්‍යාවන් විසුළුකාරී ලෙස නිරූපනය විය. ලිංගික සම්බන්ධයකදී සිප ගැනීමේ සිට අන් සෑම ක්‍රියාවක් සදහාම අනෙක් පාර්ෂවය “ඔබ මෙයට කැමතිදැයි?” ඇසීම ලිංගික සම්බන්ධයක උද්යෝගය මරා දමන දෙයක් ලෙස හදුනා ගැනුනි. මෙය බොහෝ දෙනෙක් යාන්ත්‍රික, ලිංගික තෘප්තිය විනාශ කරන දේශපාලනික නිවැරදි ක්‍රියාකාරීත්වයක් ලෙස උපහාසාත්සකව නම් කලෝය.
කෙසේ නමුත් ඇන්ටෝච් ශිෂ්‍යාවන් තමන්ගේ තමන්ගේ මතය පිළිබඳ ස්ථාවරයේ දැඩිව සිටියහ. ඔවුන් පැවසුවේ මෙම අදහස විසුළුකාරී ලෙස පෙනී යාහැකි වුවත් පොලිස් ස්ථානයක් තුළ සිටින විට හෝ ලිංගික හිංසනයකට මුහුණ දී සිටින විටක හෝ මෙම අදහස එසේ විසුළුකාරී නොවන බවත්ය. කෙසේ වුවත් විශාල සමාජයේ අදහස් පද්ධතීන්ට අභියෝග කල මෙම කුඩා ස්ත්‍රීන් කණ්ඩායමේ අදහස කාලයාගේ ඇවෑමෙන් ක්‍රමිකව සමාජයේ පැතිරී යන්නට විය. 2000 වසර වන විට යර්ස් මීන්ස් යර්ස් සටන් පාඨය හරහා ඉදිරිපත් වූ උද්යෝගීමත් එකඟතාවය පිළිබඳ අදහස නෝ මීන්ස් නෝ සටන් පාඨයට වඩා ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් ඉදිරිගාමී අදහසක් ලෙස ස්ත්‍රී මාධ්‍ය හරහා සාකච්ඡාවීම ආරම්බවෙනු දැකිය හැකි විය.
2008 වර්ෂයේදී ස්ත්‍රීවාදී ලේඛිකාවන් දෙදෙනෙක් වන ජැක්ලයින් ෆ්රීඩ්මන් සහ ජෙසිකා වැලෙන්ටි යර්ස් මීන්ස් යර්ස් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළ අතර ඒ හරහා මෙම සටන් පාඨය පනප්‍රියත්වයට පත් විය. 2014 වසරේදී ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් උද්යොගීමත් එකඟතාවය යන සංකල්පය නීතිගත කල ප්‍රථම ප්‍රාන්ථය බවට කැළිෆෝනියා ප්‍රාන්තය පත් විය. 2016 වසරේ දී ප්‍රකට ස්ත්‍රීවාදී ක්‍රියාකාරිණියක වන ග්ලෝරියා ස්ටෙනම් මෙම සංකල්පයට ප්‍රසිද්ධියේ සහයෝගය ලබා දෙනු ලැබීය.
MeToo ව්‍යාපාරය
ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල අවධානයක් යොමු වන්නේ 2017 වසරේ සමාජ මාද්‍ය හරහා නිර්මාණය වූ මී ටූ ව්‍යාපාරය සමඟය. මීටූ ව්‍යාපාරය 2017 වසරේ සමාජ ජාලා ක්‍රියාකාරකම් හරහා ප්‍රචලිත වීමට පෙර 2003 වසරේ සිට පැවතී තිබුනේ බිම් මට්ටමේ ප්‍රජා සංවිධානයක ස්වරූපයෙනි. නමුත් 2017 වසරේ සමාජ ජාලා ක්‍රියාකාරකම් හරහා වසර ගණනාවක් තිස්සේ ස්ත්‍රීවාදී කණ්ඩායම් බිම් මට්ටමේ සමාජ කණ්ඩායම් ලෙස ආමන්ත්‍රණය කරණ ලද ගැටළුව එක් වරම ගොලීය ප්‍රමුඛ පුවතක් බවට පත් කෙරිනි. 2017 වසරේ මී ටූ හෑශ් ටෑගය ජවප්‍රිය වීමත් සමග එම වසර අවසානවන තෙක් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල ප්‍රධානතම මාතෘකාව මී ටූ ව්‍යාපාරය සහ ලිංගික හිංසනය බවට පත් වූ තිබුනු අතර ලොව වටා මිලියන ගණනක මිනිසුන් මේ සාකච්ඡාවට සජීවීව සම්බන්ධව සිටියේය. එය මිනිස් ඉතිහාසයේ ලිංගික හිංසනය යන මාතෘකාවට ලැබුණු විශාලතම අවධානය ලෙස හැදින්විය හැක.
මෙම අවධානය නිසාම බොහෝ වින්දියන්හට තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කිරීම වැදගත් දෙයක් බවත්, එය තමන් වින්දිතයෙක් ලෙසට නාමකරණය කර ගැනීමට එහා ගිය සහෝදරත්වය ගොඩනැංවීමක් සහ සමාජ පරිවර්තනයක කොටසක් බවත් එත්තු ගොස් තිබිනි. ලිංගික හිංසනයට ලක් වූ අය මෙලෙස ඒ පිළිබද ඉදිරියට පැමිණ තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම දිරිමත් වීම මී ටූ ව්‍යාපාරයේ තවත් ප්‍රධාන ජයග්‍රහණයක් විය. අදාහරණයක් ලෙස මී ටූ ව්‍යාපාරය ආරම්භවීම සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ලිංගික හිංසන සිදුවීම් දැණුම් දීම 2016 වර්ශයට සාපේක්ශව 23% ඉහළ ගොස් ඇති බව වාර්තා වී ඇත. මීටූ ව්‍යාපාරයේ හරහා ලිංගික සම්බන්ධයකදී එකඟතාවය යනු කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් ඇති විය.
ලිංගික හිංසනයට ලක් වූ පුද්ගලයන්ගේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් වීම ලිංගික හිංසනය සම්බන්ධයෙන් වඩා සමීප කියවීමකට යාමකට බොහෝ දෙනාට හැකියාව ලැබුනු අතර ලිංගික සම්බන්ධතාවයකදී එකඟතාවය යනු සළකා බැලිය කරුණක් බවට පත් විය. මේ හරහා යලි එකඟතාවය සම්බන්ධයෙන් එතෙක් පැවති නිර්වචන ප්‍රළුල් කිරීමේ අවධානය යොමු විය. මෙහිදී එකඟතාවය සම්බන්ධයෙන් තනි නිර්වචනයකට එහා ගිය එහි සංකීර්ණත්වය ග්‍රහණය කරගත හැකි පුළුල් විස්තරාත්මක නිර්වචනයක් අවශ්‍යබව සැම දෙනාගේම අදහස විය. කැනඩාවේ ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් පවතින ප්‍රමිතීන්ට අනුව එකගතාවය යන්න වාචික ( උදා – ඔව් කියා පැවසීම), චාර්යාත්මක ( උදා – ලිංගික සම්බන්දයට ප්‍රවේශයක් ගත යුතුයි), උද්යෝගීමත් ( උදා – තමන්ම ඇදුම් ගලවා ගැනීම, පැහැදිලිව සමබන්ධයෙන් තෘප්තිමත් වීම, සහ සහභාගීවීම), සහ අඛණ්ඩ ( ලිංගික සම්බන්ධය තුළ දිගින් දිගට වාචික හා චර්යාත්මක ඉගි සැපයීම) යන සංඝටකයන්ගෙන් යුක්ත විය යුතුය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙනිසිල්වේනියා ප්‍රාන්තය එකගකාරී කැමැත්ත සදහා ප්‍රමිතීන් පනතක් මගින් සම්මත කරගෙන ඇත. එය එම ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලවල චාර්යා ධර්ම පද්ධතියේ කොටසක් ලෙසට දැන් ක්‍රියාත්මක වේ. එම ප්‍රමිතීන් පහත පරිදි වේ.
එකඟකාරී කැමැත්ත සම්බන්ධ ප්‍රමිතීන් (Affirmative Consent)
- එකඟකාරී කැමැත්ත යනු ලිංගික සම්බන්ධයක සිටින සෑම පාර්ශවයක්ම අතර පවතින සවිඥාණික, ස්වේච්චා සහ අනෝන්‍ය එකඟතාවයකි.
- නිහඩබව හෝ විරෝධයක් නොපෙන්වීම එකඟකාරී කැමැත්ත ප්‍රකාශමාන කිරීමක් නොවේ
- අනෙකාගෙන් එකඟකාරී කැමැත්ත ළබා ගැනීම සෑම පුද්ගලයකුගේම වගකීමක් වේ. (වගකීම ඒක පාර්ශවීය නැත)
- එක් ලිංගික ක්‍රියාවකට තිබෙන එකඟකාරී කැමැත්ත තවත් ලිංගික ක්‍රියාවකට ලබා දෙන එකඟකාරී කැමැත්තක් ඉගි නොකරයි.
- ලිංගික ක්‍රියාව ආරම්භ කරන්නා මත්ද්‍රව්‍ය හෝ ඇල්කොහොල් ලබාගෙන සිටියාද නැත්ද යන්න එකඟකාරී කැමැත්ත ළබා ගැනීමේදී සළකා බැලෙන්නේ නැත
- එකඟකාරී කැමැත්ත ඕනෑම අවස්ථාවකදී ආපසු හැරවිය හැක.
- යම් පුද්ගලයකු නොහැකියාවෙන් සිටින අවස්ථාවක එකඟකාරී කැමැත්ත දිය නොහැක
- එකඟකාරී කැමැත්ත ළබා දිය නොහැකි තත්වයකදී හෝ එය ආපසු හැරවූ අවස්ථාවකදී ලිංගික ක්‍රියාව නැවැත්විය යුතුයි.
ලිංගික සම්බන්ධතාවයකදී එකගතාවය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇත උද්යෝගී එකඟතාවය පිළිබඳ අදහස වර්තමානයේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති වර්ධනීයම අදහස ලෙස හදුනාගත හැක. මේ වන විට යුරෝපයේ රටවල් ගණනාවක් මෙම අදහසට අනුව යමින් ලිංගික ළුකගතාව සම්බන්ධයෙන් ප්‍රමිතීන් ප්‍රති නිර්වචනය කරගෙන ඇත. ඇමිනෙස්ටි ඉන්ටර්නැශනල් සංවිධානය මේ සම්බන්ධයෙන් විශාල ප්‍රචාරාත්මක ව්‍යාපාරයක් නිර්මාණය කර ඇත.
කෙසේ වෙතත්, ලිංගික සම්බන්ධතාවයකදී එකඟතාවය කුමක්ද යන්න සම්බන්ධයෙන් පවතින සාකච්ඡාව තවම නිම වූ සාකච්ඡාවක් නොවේ. නුමුත් එම අදහසේ එහි මෑත කාලීන වර්ධනයන් හරහා ලිංගික සම්බන්ධයක් වඩා නිදහස් සහ මානුශීය ආකාරයට නිර්වචනය වීමේ නැඹුරුවක් දක්නට ඇත. ලිංගික එකගතාවය සම්බන්ධයෙන් නිර්මාණය වූ ඇති මෙම කතිකාව වෙත මානව අයිතිවාසිකම් කතිකාවේ සැලකිය යුතු සම්බන්ධයක් තිබේ. අනාගත මනුශ්‍ය සම්බන්ධතා වඩාත් පුළුල් කිරීම සදහා මෙවැනි සංවාදයක වැදගත්කම අවතක්සේරු කළ නොහැක.
කෙසේ වෙතත් මෙම සංවාදය පරිපූර්ණ හෝ නිම වූ සංවාදයක් නොවේ. මනුශ්‍ය සම්බන්ධතා හුදු නීතිමය රාමුවකට හෝ පූර්ණ සවිඥාණික එකඟතා රාමුවකට ලඝු කිරීමට නොහැකිය. විශේෂයෙන් ලිංගිකත්වය යන කාරණයට මිනිස් ආශාවට සම්බන්ධ වන අතර එහි අවිඥාණික කලාපයක් ද ඇත. මෙනිසා අනාගතයේ මේ පිළිබඳව මානව අයිතිවාසිකම් සහ නීති කතිකාවෙන් ඔබ්බට යන පුළුල් සංවාදයක් අවශ්‍ය බව අනිවාර්යය. නුමුත් තවත් අතකින් අප සිටින්නේ බස් රථයක යන ස්ත්‍රියකගේ ශරීරය පොදුවේ පරිහරනය කළ හැකි ලිංගික භාන්ඩයක් ලෙස සළකන එදිනෙදා යථාර්තය තුළ යන්නද අමතක නොකළ යුතුය. එවැනි යථාර්තයක ලිංගික සම්බන්ධයක් සදහා යමෙකුගේ එකඟතාවය අවශ්‍යයි යන සරල අදහස සමාජගත කිරීමම ඉදිරිගාමී පියවරක් වනු ඇත.
(ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සහ නාඳුනන සාමුහිකය අතර පැවැත්වූ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් කල ලියවිල්ලකි)