අද (30) උදෑසන රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ 8.8ක ප්‍රබල භූමිකම්පනය හේතුවෙන්
කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශයට අනුව, සුනාමි රළ රුසියානු වරාය නගරයක් වන සෙවෙරෝ-කුරිල්ස්ක් හි කොටසක් ජලයෙන් යටවී තිබේ.
නගරයේ ජනගහනය 2,000 ක් පමණ වේ.
USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය.
භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කළ අතර, එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවය.
මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.