මිනිසුන් ජීවත්විය යුතු ආකාරය, ලෝකය දැකිය යුතු ආකාරය, දූ දරු, දෙමාපිය, සැමියා-බිරිඳ ඥාතීන්-මිත්‍රාදීන් අතර
සබඳකම් (අනෙකා සමග සම්බන්ධය) කන-බොන, නොකන-නොබොන දේ, ලෙඩ රෝග-සහ ප්‍රතිකාර, ඇඳුම් පැළඳුම්, ආදරය, ලිංගිකත්වය, ආශාව, හැඟීම්-දැනීම්, රස වින්දනය, භාවිතා කල යුතු භාණ්ඩ හා සේවාවන් ඇතුළු මෙකී, නොකී සියලු දේ යම් යම් පුද්ගලයින්ට හෝ පිරිසකට තීරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව අප දිගින් දිගටම අදහස් දක්වා ඇත. ඒ අනුව ඇත්තේ තෝරා ගැනීම් තුනකි.
- එම තත්වය ස්වභාවික බව පිලි ගැනීම.
- එම තත්වය ස්වභාවික බව පිළිගනිමින් එහි මධ්‍යස්ත ආකාරයක් හෝ එහිම වෙනත් වඩා හොඳ තත්වයක් වෙනුවෙන් අරගල කිරීම ( නමුත් නැවතත් මෙහි පූර්ව තත්වය වෙනත් ආකාරයකින් හමු වීමට නියමිතය ).
- එම තත්වය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම.
අතිශය බහුතරයක් ඉහත 1 සහ 2 පිළිගනිමින් ක්‍රියා කරනා අතර ඉතාම සුළුතරයක් වන අප පිහිටන්නේ 3න් වන ස්ථාවරයේය. අපගේ එම ස්ථාවරය සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කොට ඇත. මෙම ලිපියේ උත්සාහය එය තවත් මානයකින් විමසා බැලීමයි.
විදර්ශන කන්නන්ගර නම් බුද්ධිමත් අරගලකරුවා විසින් මෙසේ පවසයි.
“ප්‍රජාතන්ත්‍රවාදී තරඟය තියන තැන් වල ගැටුම් ඇති වීම ස්වභාවිකයි… ඒක අපි පිළිගන්න ඕන…
අරගලයේ විරෝධය පෑමේ අයිතියට අත තියන්න එපා… ඒක සමාජය තුල දේශපාලනය තුල විසඳෙන්න දෙන්න… ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ… කතිකාව තුල තමයි ඒ බලය තියෙන්නේ… ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ… ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ උද්ගෝෂණය කිරීමේ අයිතිය… ප්‍රජාතන්ත්‍රවාදය පරීක්ෂා කරන්න බැහැ නිකන් ඉඳලා…. උද්ගෝෂණ කරනකොට, අරගල කරනකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය පේන්නේ…. ඒ නිසා ප්‍රජාචන්ත්රවාදය ප්‍රජාචන්ත්රවාදය කියා කියා නිකන් මොර දෙන්න එපා ඒක පේන්න තියන්න… ඒක පේන්න තියෙන්නේ ඇත්තටම දේශපාලන ගැටුම එනකොට… ජනතාවට විරෝධය පාන්න තියන අයිතියේදී තමයි ඒක පේන්නේ… ඒක ඉගෙන ගන්න…”
විදර්ශන පවසන පරිදි පැවතිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී තරඟය වන අතර ඒ තුල ගැටුම් ඇති වීම ස්වභාවිකය. එනම් ගැටුම් නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් දෙයක් නොපවතී. මේ ප්‍රකාශ වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සැබෑවකි. ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන විටමය. නමුත් විදර්ශන එකෙනෙහිම ඊට පරස්පර විරෝධී කතාවක්ද කියයි. “ඒක සමාජය තුල දේශපාලනය තුල විසඳෙන්න දෙන්න… ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.” නමුත් ප්‍රශ්නය වන්නේ ස්වාමියෙකු වෙතින් යම් ඉල්ලීම් කරනා විට ස්වාමියාගේ මැදිහත් වීමකින් තොරව එම ඉල්ලීම් හෝ අයිතීන් සමාජය තුල, දේශපාලනය තුල විසඳෙන්නේ කෙසේද යන්නයි.
මෙය සරල උදාහරණයකින් පැහැදිලි කොට ගත හැකිය.
පවුලක් තුල බිරිඳ හෝ දරුවන් තම සැමියාගෙන්, පියාගෙන් යම් යම් දේ ( නිවාස, වාහන, සෙල්ලම් බඩු හෝ ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් හෝ සේවාවක් ) ඉල්ලා සිටී නම් සහ සැමියා ( ස්වාමියා ) හට එය දැරිය නොහැකි තත්වයක් නම් ඔහුට එය ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. එවිට බිරිඳ විසින් පැවසිය හැක්කේ වෙනත් ඒ හා සමාන රැකියාවක් කරන්නෙකු පෙන්වා එම පුද්ගලයාට හැකි නම් තමුන්ට නොහැකි මොකද යන්නයි ( එම පෙන්වන පුදගලයා එසේවීමේදී ඔහුට අදාළ වෙනත් සුවිශේෂතා බිරිඳට අදාළ නැත. එසේ නොමැති නම් ඒවා නොපෙනේ ) එක්කෝ ඔහු හොරකම් කල යුතුය. එසේත් නොමැති නම් නිවසේ ඇති යම් දෙයක් විකුණා ඉල්ලීම් ඉටු කල යුතුය. නැතිනම් ඉල්ලීම් ඉල්ලන පාර්ශවය මර්ධනය කල යුතුය. පවුල් වල බිරිඳ සහ සැමියා අතර අඬ දබර යනු බොහෝ විට මෙවැනි කාරනාය.
ඒ අනුව අපට ප්‍රකාශ කල හැක්කේ විමුක්තිකාමී සමාජ-දේශපාලන අරගලයකට ප්‍රවේශ වීමට නම් ‘හිස්ටීරික කතිකාවෙන්’ මෙන්ම ‘ස්වාමි කතිකාවෙන්’ද ඉවත්විය යුතුය යන්නයි. ‘ස්වාමි කතිකාව’ වෙනුවට අද පවතින්නේ ‘ධනවාදී කතිකාවයි’. ‘ධනවාදී කතිකාව’ සාධාරණීකරණය කරමින් ‘සත්‍යය’ වසා දමමින් එය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහාය සපයනුයේ ‘විශ්ව විද්‍යාල කතිකාව’ විසිනි. ධනවාදයම දිගටම පවත්වාගෙන යාමට උදව් වීමට නම් කල යුත්තේ ‘විශ්ව විද්‍යාල කතිකාව’ පිළිගනිමින්, ඍජුවම ධනවාදී කතිකාවටම ප්‍රවේශ වීම හෝ එයම නඩත්තු කරනා ‘හිස්ටීරික කතිකාවේ’ කටයුතු කිරීමයි.
විදර්ශන ඉන් පසුව ප්‍රකාශ කරනුයේ:
“කතිකාව තුල තමයි ඒ බලය තියෙන්නේ… ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ… ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ උද්ගෝෂණය කිරීමේ අයිතිය… ප්‍රජාතන්ත්‍රවාදය පරීක්ෂා කරන්න බැහැ නිකන් ඉඳලා…. උද්ගෝෂණ කරනකොට අරගල කරනකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය පේන්නේ…. ඒ නිසා ප්‍රජාචන්ත්රවාදය ප්‍රජාචන්ත්රවාදය කියා කියා නිකන් මොර දෙන්න එපා ඒක පේන්න තියන්න… ඒක පේන්න තියෙන්නේ ඇත්තටම දේශපාලන ගැටුම එනකොට… ජනතාවට විරෝධය පාන්න තියන අයිතියේදී තමයි ඒක පේන්නේ… ඒක ඉගෙන ගන්න…”
“කතිකාව තුල තමයි ඒ බලය තියෙන්නේ” යන්න කුමන අර්ථයක් ජනනය කරයිද යන්න ඔහු වෙතින්ම අසා දැනගත යුතුය. නමුත් ඉන් පසු ඔහු සත්‍යපාල කෙනෙකු බවට පත් වී සත්‍යම කතා කරයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තිබේද නැද්ද යන්න දැනගත හැක්කේ උද්ගෝෂණ-අරගල දිගින් දිගටම පවත්වාගෙන යාම තුලින්ය යන්න පැවසීමයි.
ඇත්තටම එසේ නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදය තිබේද නැද්ද යන්න දැක බලා ගත නොහැකිය. ඒ අනුව ඔහු දිගින් දිගටම පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගත හැක්කේ සදාතනික අරගලය තුල බවය. එය සත්‍යකි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලයට කැප වූ පිරිසක් හෝ අරගල කල යුතු තත්වයක් සැමවිටම නිර්මාණය නොවී ප්‍රජතන්ත්‍රවාදයට පැවතිය නොහැකිය. නමුත් ඔහු නොදකිනා කාරණය වන්නේ අරගල කිරීම් යනුම සහ අරගල වලින් ඉල්ලා සිටින්නේම, පාරභෝජනවාදයට ප්‍රවේශ වීම වැඩි කරන ලෙස ඉල්ලීම, ධනවාදය පවත්වා ගෙන යන සියලුම අධ්‍යාපන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් විධිමත් කරන ලෙස, පුළුල් කරන ලෙස ඉල්ලීම, විශ්ව විද්‍යාල කතිකාව විසින් නිෂ්පාදනය කරන ‘සත්‍යය’ නිවැරදිව සමාජය තුල සංස්ථාපනය කරන ලෙස, අදාළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීම, වැනි කාරනා බවය.
ඇත්තටම ධනවාදයට අවශ්‍ය වන්නේද ඔවුන් එසේ අරගල කරමින් ඉල්ලා සිටිනා දේවල් සහ තත්වයන් ඔවුන් ඉල්ලනවාටත් වඩා හොඳින් ක්‍රියාත්මක කොට පවත්වාගෙන යාම සහ වැඩි දියුණු කිරීමය. නමුත් ඔවුන් නොදකින්නේ ඔවුනගේ අරගලීය කාරනා ඒවා වන විට ප්‍රජාතන්ත්‍රවාදයමද පැවතිය හැක්කේ එකී කාරනා වල අවශ්‍යතාවය නිම නොවී දිගටම පවතින්නේ නම් බවය ( දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ඔතරම් සරලව ප්‍රකාශ කල හැකි කාරණයක් නොවේ යන්නයි. ඔවුන් පවසන ඒ සංකීර්ණතා බරින් යුතුව එම බර හෑල්ලු කරන ලේඛනයක් ඉදිරියේදී පල කරන්නෙමු ).
ඇත්තටම ලංකාව වැනි රටවල ධනවාදය තුල කේන්ද්‍රීය ධනවාදී රටවල පවතින තත්වයට ලඟා වීම හෝ පවත්වාගෙන යාම කල නොහැකි තත්වයක් යටතේ මෙවැනි අරගල වල නිමක් දැකිය නොහැකි වනු ඇත. එසේ නම් මෙහි කෙළවරක් නොමැත ( දියුණු යයි පවසන ධනේශ්වර රාජ්‍ය වල ද තත්වය එයයි ).
ප්‍රභූ දේශපාලන නායකයින්ට උගන්වන්නට හදනා විදර්ශන අවසානයේ මෙසේ පවසයි ( එය කියනා අකාරයෙන්ම දක්වා ඇත )
මේ තුන්දෙනාම මොනවාද ඉගෙන ගත්තේ කියල හිතෙනවා… මමත් ආනන්ද විද්‍යාලයේ ඉගෙනගත්තේ… අකුරක්… මූලික… තමන් උගන්නපු ගුරුවරුන්ටවත්… අඩුගානේ භාෂාව දන්නේ නැද්ද ? මිනිස්සු කතා බහ කරන මේ… විලි ලැජ්ජයි නේ ඔය ගොල්ලෝ හැසිරෙන විධිය…ඒ නිසා මේ සෙල්ලම් නටන්න එපා…මේ අරගලය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව… අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අනෙකුත් වුර්තීය සමිති ව්‍යාපාර… මේ අරගලය දිහා හැරිලා බලන්න… මේවා ප්‍රජාතන්ත්‍රවාදිව කරන උද්ගෝෂණ… පොඩ්ඩක් ලෝකය දිහා හැරිලා බලන්න… ෆෝට් සිටි විකුනන්න අරහේ මෙහෙ ඔච්චරයි නේ දන්නේ…නිකන් මේ ලිං මැඩියෝ වගේ නේ එලිය බලන්න… මිනිස්සු අරගල කරන විධිය බලන්න… මේවට අත තියන්න එපා.
මේ සියලු වාමාංශිකන් ( පැරණි වම, ජවිපෙ, පෙසපෙ විදර්ශනලා නිර්මාල්ලා, වංගීස, ප්‍රදීප් ඇතුළු නඩය ) එකම බෝට්ටුවේ බව පෙනී යන්නේ ඉහත ප්‍රකාශයන් තුලය. විදර්ශන පවසන්නේ ගෝඨාභය, සරත් වීරසේකර, බැසිල් යන ‘ඕල්ඩ් ආනන්දියන්ස්ලා’, එසේ නොමැති නම් තමන්ගේ “අයියලා” ( පාසල්වාදී සහෝදරත්වය ) ආනන්දයට ගියද හරියාකාරව අධ්‍යාපනය ලබා නැති බවය ( ඒ අනුව එසේ හරියාකාර අධ්‍යාපනයක් ලබා තිබෙන විදර්ශනට උපදෙස් ලබාදිය හැකිය ). ඒ අතරතුර ඔහු ගුරු ගෞරවය ගැනද සඳහන් කිරීමට උත්සාහ කරයි. එනම් ඔහු විසින් පවසා සිටිනුයේ පාසල් අධ්‍යාපනය හෝ හරියාකාරව සිදු කොට තිබුණි නම් ගොඨා, සරත්, බැසිල් යන අය ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනා කම අවබෝධ කොට ගනු ඇතැයි යන්නයි. එහිදී විදර්ශන විසින් අවධාරණය කරනුයේ දේශපාලනයට, විමුක්ති ව්‍යාපාරයකට අධ්‍යාපනයේ ඇති වැදගත් කමයි.
අධ්‍යාපනයේ කාර්ය ‘යහපත් පුරවැසියෙකු’ බිහි කිරීම බවත්, විශ්ව විද්‍යාල වල කාර්යභාරය ‘දැනුම’ නිෂ්පාදනය කිරීම බවත් පවසන නිර්මාල් දේවසිරිද මීට වඩා වෙනස් ස්ථාවරයක සිටින්නකු නොවේ.
යහපත් පුරවැසියා යනු, තමන් සමාජයේ ජීවත් විය යුත්තේ කෙසේද, තම ඇවතුම් පැවතුම් කෙසේ සකස් විය යුතුද, තම දෙමාපියන්, බිරිඳ දූ දරුවන්, ඥාති මිත්‍රාදීන් ඇසුරු කල යුත්තේ, ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද, කොටින්ම අනෙකා සමග සම්බන්ධය කෙබඳු විය යුතුද යන්න වැනි කාරනා තුල ජීවිතය-ලෝකය පිළිබඳව පුළුල් දැක්මක් ගොඩනගාගන්න පුද්ගලයාය ( ලිපියේ ආරම්භයේ දක්වා ඇති ආකාරයට ).
ක්‍රිස්තියානි-කතෝලික, බෞද්ධ, මුස්ලිම්, හින්දු යන ප්‍රධාන ආගම වල මෙන්ම ඕනෑම ‘ලෝක දැක්මක’ කාර්යභාරය වන්නේ ‘යහපත් පුරවැසියෙකු’ බිහි කිරීමයි.
මුලදී ආගමේ කාර්යභාරයක් වූ එය මේ වන විට ආගම අභිබවමින් අධ්‍යාපන ක්ෂේස්ත්රයට මාරු වී ඇත්තේ ‘විද්‍යාත්මක යහපත් පුරවැසියා’ යන විද්‍යාත්මක සමාජ-සදාචාරය තුල විද්‍යාත්මක ආචාරධාර්මික සීමාවන් සලකුණු වීම දයලෙක්තිකව සිදුවන හෙයිනි.
මෙම තත්වයේ උච්ඡතම අවස්තාව පැමිණෙමින් තිබෙන බව අපට හඟවන්නේ ඊලන් මස්ක් විසිනි. ඒ ඩිජිටල් අවකාශයක් තුල අපගේ මනස පාලනය කිරීමට හැකි ව්‍යුහයක් ගොඩනැගීම තුලයි. සරලව පවසන්නේ නම් එවිට සිදු වන්නේ අප සියලු දෙනාගේ ශරීරයේ තැන්පත් කරනා චිපයක් මගින් ඊට අදාළ ඩිජිටල් අවකාශට මිනිසුන්ගේ සබන්ධය පවත්වා ගනිමින් ඔවුන්ගේ මනස් පාලනය කිරීමයි. එවිට ප්‍රශ්නය වන්නේ එය සිදු කරනා කණ්ඩායම ( පාලක කණ්ඩායම ) කවුරුන්ද යන්න සහ ඔවුන් තෝරාගන්නේ හෝ අභිෂේක ලබන්නේ කෙසේද යන්නයි. එනම් ඔවුන් ශික්ෂ්‍යකයින් ලෙස අභිෂේක ලබන්නේ කෙසේද යන්නයි.
එසේ කිරීමට නම් ශික්ෂ්‍යකයා ශික්ෂණය වී සිටිය යුතුමය. ඒ අනුව එම ශික්ෂ්‍යකයින් සඳහා ශික්ෂණය ලැබෙන්නේ කා වෙතින්ද යන්න ප්‍රශ්නයකි. ලිබරල්වාදීන් සහ වාමන්ශිකයින්ට ට අනුව නම් එම ශික්ෂණය ලැබෙන්නේ අධ්‍යාපනය තුලිනි (ඔවුනට අනුව අධ්‍යාපනයේ වැදගත්ම කාර්යභාරය එයයි. එනම් ශික්ෂ්‍යකයා ශික්ෂණය වන්නේ අධ්‍යාපනය තුලිනි). නමුත් අප විමසන ප්‍රශ්නයේ වලංගුභාවය එතනින් අවසන් නොවේ. අපගේ ප්‍රශ්නය වන්නේ එම දැනුමට වගකියන අත්‍යන්ත වශයෙන් දැනුම දරා සිටිනා අවසන් මහා ශික්ෂකයා යවුරුන්ද යන්නයි. ‘ශික්ෂ්‍යකයා ශික්ෂණය වී සිටිය යුතුය’ යනුවෙන් පවසන සියලු දෙනා අපගේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය.
ක්‍රිස්තියානියට අනුව පූජකයා සමාජයට ඉහලින් සිටිනා ශික්ෂ්‍යකයා වන විට ඔහු දෙවියන් වහන්සේගේ නියෝජිතයා වන හෙයින් ඔහුගේ දේව දැනුමට අවසාන මහා අයිතිකරුවෙකු සිටී ( ‘මහා අනෙකා’ගේ පැවැත්මේ අවසාන ස්වරූපය දෙවියන්ය ). නමුත් දෙවියන් ප්‍රතික්ෂේප කරනා ‘තර්ක බුද්ධිමය’ අධ්‍යාපනය තුල එය එසේ වන්නේ කෙසේද ?
ඊලන් මස්ක් විසින් ගොඩනැගීමට බලාපොරොත්තු වන තත්වය සැබවින්ම සමාන වන්නේ පාසල්-විශ්ව විද්‍යාල ව්‍යාප්තියට පෙර පූජකයා සහ සමාජය ලෙස බෙදී තිබූ තත්වයටය.
ලකානියානු මනොවිශ්ලේෂණය තුලින් මෙය ඉතා හොඳින් පැහැදිලි කල හැකිය. නමුත් එම සම්ප්‍රදායේ ආරම්භකයා මාක්ස් බව පෙන්වමින් මෙය මාක්ස් හරහාම පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුනයි.
මාක්ස්ගේ ෆොයාබාක් පිළිබඳව තුන්වන තිසීසය හරහා එම තත්වය පැහැදිලි කොට ගැනීමට ප්‍රවේශයක් ලබාගත හැකිය.
III
එම භෞතිකවාදී දැක්මට (මතයට) අනුව මිනිසුන් වනාහි තත්වයන්ගේ (ස්වභාවයන්ගේ) සහ ශික්ෂණයේ නිෂ්පාදනයන්ය සහ එම හේතුවෙන් වෙනස් මිනිසුන් යනු වෙනත් තත්වයන්ගේ (ස්වභාවයන්ගේ) සහ වෙනස් ශික්ෂණයේ නිෂ්පාදනයන්ය සහ එය අමතක කරන්නේ එම මිනිසුන් ඔවුන් විසින්ම තත්වය (ස්වභාවය) වෙනස් කරනවා යන්න සහ එම ශික්ෂකයාම ශික්ෂිත වී තිබිය යුතුමය යන්නයි. එම නිසා මෙම භෞතිකවාදී මතය අනීවාර්ය ලෙස සමාජය කොටස් දෙකක් බවට විභේදනය වීම වෙත පැමිණෙන්නේ මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටන ලෙසයි. (උදාහරණයක් ලෙස රොබට් ඕවන්) තත්වයන්ගේ වෙනස්වීමේ සහ මිනිස් ක්‍රියාකාරීත්වයේ සමපාතය (එක විට සිදුවීම) සංකල්ප ගත විය හැකිවන්නේ සහ සබුද්ධිකව අවබෝධ කරගත හැකිවන්නේ “විප්ලවීකරනීය ව්‍යවහාරයක්” ලෙස පමණි.
ෆොයාබාක්ගේ භෞතිකවාදී දැක්මට අනුව මිනිසුන් වනාහි ස්වභාවයන්ගේ ( තත්වයන්ගේ ) සහ ශික්ෂණයේ නිෂ්පාදනයන්ය සහ එම හේතුවෙන් වෙනස් මිනිසුන් යනු වෙනත් ස්වභාවයන්ගේ ( තත්වයන්ගේ ) සහ වෙනස් ශික්ෂණයේ නිෂ්පාදනයන්ය. එසේ පවසනා ෆොයාබාක් අමතක කරනා මූලිකම කාරනාව වන්නේ එම මිනිසුන් ඔවුන් විසින්ම තත්වය ( ස්වභාවය ) වෙනස් කරනවා යන්න සහ එම ශික්ෂකයාම ශික්ෂිත වී තිබිය යුතුමය යන්නයි.
මාක්ස්වාදයට අනුව ප්‍රථම මහා ශ්‍රම විභජනය වන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා ලෙස සමාජය ශ්‍රමය මත විභින්න වීමය. එසේම ප්‍රථම මහා මානසික ශ්‍රම විභජනය ලෙස එහි හැඳින්වෙන්නේ පූජකයන් සහ සාමාන්‍ය සමාජය ලෙස එය විභේධනය වීමය. ඒ අනුව ශික්ෂකයාගේ කාර්යයෙහි ප්‍රථම රූපකාය වන්නේ පූජකයින්ය (නමුත් වර්තමානය වන විට සමාජය තුල මෙම තත්වය වර්ධනීය ලෙස වෙනස් වෙනස් තත්වයකි).
මාක්ස් මෙහිදී වර්තමාන දේශපාලනයට අදාලව න්‍යායිකව ප්‍රශ්න කොට සිටිනුයේ ශික්ෂකයා ( දේශපාලන-සමාජ ව්‍යාපාරය හෝ පක්ෂය ) යතාර්ථයෙන් ස්වායත්ත වන්නේ කෙසේද යන්නයි ( යතාර්ථය පිළිබඳව පලවන සහ දෙවන තිසීසයේදී අවධාරණය කොට ඇත ). ශික්ෂකයාද අයත්වන යතාර්ථය ශික්ෂකායමද අයත් සමාජයේ මිනිසුන්ගේ ප්‍රයුක්තතාවය තුල නිරන්තර චලනයකට භාජනය වන විට ශික්ෂකයා එම යතාර්ථයෙන්, එසේ නොමැති නම් එම ස්වභාවයෙන් ස්වායත්තව වෙනස් පුද්ගලයෙකු බවට පත් විය නොහැකිය යන්න මෙහිදී මාක්ස්ගේ අවධාරණය වේ.
යම් සමාජයක ජීවත්වන මිනිසුන් තුල පවතින සියලු දුර්ගුණයන් අඩු වැඩි වශයෙන් අප තුලද ( සමාජ ව්‍යාපාරය හෝ පක්ෂය ) පවතී. අප ඒවා අවරෝධනයට ලක්කොට ගන්නේ දනුමකිනි ( නමුත් සාමාන්‍ය සමාජය වෙතින් වෙනසක් පෙන්වන මිනිසුන්ගේ එම වෙනසට අදාළ කරුණ වන්නේ ඔවුන් ‘දැනුම’ තුල යම් ආකාරයකට ව්‍යවහාරිකවම වෙනස් අය බවට පත්ව තිබීමය ).
සිංහල බෞද්ධ සමාජයෙහි පංචසීල ප්‍රතිපත්තියට අනුව ජීවත් වන මිනිසුන් සොයා ගැනීම උගහට වන්නේ මෙබැවිනි. නමුත් එවැනි පංචසීලය රකින්නෙකු පරිකල්පනය කරයි. එසේම ක්‍රිස්තියානියේ ‘ශුද්ධ වූ පවුල’ ( ෆැන්ටසිය ) පවතින්නේ යථාර්ථයේ ඇත්තටම පවතිනා ලෞකික පවුල නිසාය ( ශුද්ධ වූ පවුලේ රහස සැබෑවට පවතිනා ලෞකික පවුලයි ).
නමුත් යම් පමණකට ප්‍රතිපදාවන් රකින්නන් ( ප්‍රාණ ඝාතනය, සුරා සුදුවෙන් තොර වීම ) ඒවා නොකරන්නේ ඒ පිලිබඳ ‘දැනුමකින්’ මිස ඔවුන් ඊට අදාළ යතාර්ථයෙන් ස්වායත්ත නිසා නොවේ. ඒ අනුව ඔවුන් තුලද ඕනෑම මොහොතක මිනී මරුවෙකු වීමේ හැකියාව පවතී. උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් යම් කෙනෙකු විසින් තම දරුවෙකු හෝ තම සමීපතමයෙකු වෙත අනතුරක් සිදු කිරීම තුල සීලාචාර වැදගත් මිනිසෙකුගේ ක්‍රියා කලාපය වෙනස් විය හැකිය.
මෙය මෙම සමාජයෙහි ඕනෑම අයෙකුට විය හැකි දෙයකි. එනම් අප ‘දැනුමකින්’ මිනී නොමරන්නේ මිනී මරණ සමාජයකය. යමෙකු සොරකම් නොකරන්නෙකු බවට පත්වන්නේ සොරකමින් පිරී ගිය සමාජයකය. යමෙකු කාමයේ වරදවා නොහැසිරෙන්නේ අන් සතු තමා කැමති ඕනෑම ගැහැනියක දෙස කෑදර කමින් හොරෙන් බලනා ගමන්ය. ඒ අනුව ඕනෑම අයෙකු ස්ත්‍රී දුෂක්යෙකු විය හැකිය. නමුත් බොරු නොකියනා කිසිවෙකුත් අප හට කිසි දිනක මුණ නොගැසෙන්නේ අප අයත් ‘යතාර්තයම’ බොරුවෙන් පිරී ගොස් ඇති බැවිනි.
ඒ අනුව මාක්ස් පවසන පරිදි ෆොයාබාක්ගේ භෞතිකවාදය, අනීවාර්ය ලෙස සමාජය කොටස් දෙකක් බවට විභේදනය වීම වෙත පැමිණෙන්නේ මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටන ලෙසයි. එනම් සාමාන්‍ය සමාජයට ඉහලින් සෑම විටම පවතින්නේ ආචාරධර්ම ගොඩනගන්නා වූ සමාජයකි ( පූජකයාගේ රූපකාය, ප්‍රධාන දේශපාලන ධාරාවන්ගේ මුළු වමේ දේශපාලන සංස්කෘතියම සංවිධානය වී ඇත්තේ මෙම මාක්ස් විරෝධී ආස්ථානය දරා ගනිමිනි ). එය සිවිල් සමාජය ලෙස හැඳින්විය හැකිය.
වර්තමානයෙහිදී නම් ආගමික පූජකවරයාගේ ස්ථාන විශ්ව විද්‍යාල මහාචර්යවරයා වෙතින් ප්‍රතිස්ථාපනය වී ඇත ( පැරණි සමාජයේ කාඩිනල් වරුන්ගේ කාර්ය දැන් ඉටු කරන්නේ බටහිර විද්‍යාව ප්‍රධාන කොට ගත් අනෙකුත් ක්ෂේස්ත්රයන්ටද අදාළ විශ්ව විද්‍යාල අචාර්ය වරුන්ය ). ලේඛකයින්, සිනමා කරුවන්, නාට්‍ය කරුවන් වැනි අය එහි අනෙකුත් අංගෝපන්ගයන්ය.
නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මානවහිමිකම්, සුළු ජාතික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, ස්ත්‍රී අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, ලිංගික ආචාරධර්මයන්, වැනි දේ ( ලිපියේ ආරම්භයේ දක්වා ඇති සියල්ල ) සහ ඒ සියල්ලට ඉහලින් පවතිනා සහ සියල්ල තීරණය කරනා ප්‍රධාන සාධකය වන්නේ නූතන විද්‍යාවය. අද දවසේ නූතන විද්‍යාව ආගම සමග කාර්යසාදක ලෙස තරඟයක නිමග්න වී සිටී. මේ වන විට ආගම විමසා බලෙන්නේද එය විද්‍යාත්මකදැයි යන පදනමිනි. මෙම යුගයේ බෞද්ධයින් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ බෞද්ධාගම විද්‍යාත්මක බවය. ඕනෑම දෙයක් විමසා බැලීමේදී ඊට අදාළ ප්‍රථම මහා සාධකය වන්නේ එය විද්‍යාත්මකදැයි විමසා බැලීමය. ඒ අනුව විද්‍යාත්මක නොවනා ඕනෑම දෙයක් ඉවතට විසිවේ. එසේ නොමැති නම් එය නූතන විද්‍යාත්මක නොවුනද එසේ යයි පිළිගනිමින් තව දුරටත් තබා ගැනීම සිදුවේ. ඊට උදාහරණයක් ලෙස බෞද්ධාගම දැක්විය හැකිය.
එපමණක් නොව නූතන විද්‍යාව නියම වශයෙන් දෘෂ්ටිවාදීමය අවශ්‍යතාවයන් දෙකක් තෘප්ත කිරීම සඳහා කැප වී ඇත. ඒවා නම්, සාම්ප්‍රදායික වශයෙන් ආගම විසින් නඩත්තු කළා වූ අපේක්ෂාව වෙනුවෙන් සහ වාරණය වෙනුවෙන් වන කාර්ය ඉටු කිරීමය. මේ වන විට විද්‍යාව සහ ආගම තම ස්ථානයන් මාරු කොට ගෙන තිබේ. අද විද්‍යාව විසින් සපයනු ලබන්නේ කලින් ආගම විසින් සහතික කරන ලද ආරක්ෂාවය. කෘතුකලය දනවන ප්‍රතිලෝමය නම්, ආගම මේ වන විට ස්ථාන ගත වී ඇත්තේ එය ස්ථාන ගත විය හැකි ස්ථාන වලින් එකක් වන කෙනෙකුට අද දවසේ සමාජය පිලිබඳ විවේචනාත්මක සැකයන් විහිදුවීම වෙතින් වන ස්ථානයක වීමය. මේ වන විට සමාජය තුල ජීවිත ගොඩනැගෙමින් තිබෙන්නේ ආගමික නිරපෙක්ෂකත්වයේ අර්ථය වෙනුවට විද්‍යාව මත පදනම් වීම තුලය. ඒ වත්මන් සමාජයෙහි දෘෂ්ටිවාදය පිලිබඳ යම් පැහැදිලි කිරීමකි.
අප මෙහිදී තව දුරටත් පැහැදිලි කිරීමට උත්සාහ කරනුයේ දෘෂ්ටිවාදය නඩත්තු වීම සඳහා අනීවාර්ය ලෙසම අවම වශයෙන් සමාජය කොටස් දෙකක් බවට විභේදනය වී මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටිය යුතුය ( අධ්‍යතන සමාජයේ කොටස් දෙකක් වෙනුවට පවතින්නේ දූරාවලි අනුක්‍රමයකි ) යන්නයි.
නැවතත් අප මාක්ස් වෙත යොමුවන්නේ නම් පැරණි සමාජවාදීන් වෙතින් මාක්ස් මේ සඳහා දක්වන උදාහරණය වන්නේ රොබට් ඕවන්ය. සමාජය සංවිධානය විය යුත්තේ කෙසේද යන්න රොබට් ඔවන් කල් තියා ‘දැන’ ( අධ්‍යාපනය සහ දැනුම ) සිටියේය. ඒ අනුව ඔහු සමාජයට ඉහලින් සිට සමාජ දිශානතිය තීරණය කරන්නා සහ ඒ සඳහා ආචාර ධර්ම පනවන්නා විය.
මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඊනියා රුසියානු සමාජවාදය ක්‍රියාත්මක වුයේ මීට වෙනස් ආකාරයකටද යන්නය. එහිදී මිනිසුන් කල යුත්තේ කුමක්ද, සමාජ දිශානතිය කිනම් ආකාරය ගත යුතුද, මිනිසුන්ගේ සිතුම් පැතුම් මොනවාද, ඇඳුම් පැළඳුම්, පාරිබෝජන භාණ්ඩ පමණක් නොව ක්‍රීඩාව, ලිංගිකත්වය, ආදරය වැනි දේ කෙසේ සකස් විය යුතුද යන්න පවා තීරණය කරන ලද්දේ රුසියානු කම්යුනිස්ට් පක්ෂය විසිනි. ඔවුන්ට අනුව ඒ සඳහා වන ‘වාස්තවික දැනුම’ ( විශ්ව විද්‍යාල දැනුම ) එම කම්යුනිස්ට් පක්ෂය සතු වන්නේ විශ්ව විද්‍යාල කතිකාව තුලිනි. එනම් ආචාරධර්ම සකස් කරන්නන් වන්නේ ඔවුන්ය. සෝවියට් සමාජවාදය තුල මෙය ඉහත දක්වා ඇති ‘ප්‍රථම මහා මානසික ශ්‍රම විභජනයේ’ තවත් එක් රූපකයක් මිස “විප්ලවීකරනීය ව්‍යවහාරයක්” නොවූයේය.
මෙහිදී නැගිය යුතු වැදගත්ම ප්‍රශ්නය වන්නේ රුසියානු කම්යුනිස්ට් පක්ෂය සතුව තිබූ එම දැනුමේ අවසාන රූපකාය කුමක්ද යන්නයි. පූජකයන්ට නම් එය දෙවියන් වහන්සේ ( මහා අනෙකාගේ පැවැත්මේ අවසන් අකාරය ) විසින් පිරිනමන ලද අති උත්කෘෂ්ට දැනුමකි. නමුත් කම්යුනිස්ට් පක්ෂය දෙවියන් විශ්වාස නොකරයි. ඒ අනුව ඔවුන්ට ‘දැනුම’ ලබා දී ඇත්තේ කවුරුන් විසින්ද?
නසා ආයතනයේ දැනුම පිළිබඳව සැලකිය යුතු ඇමරිකානුවන් පිරිසක් විශ්වාස කරන පරිදි කිසියම් ග්‍රහ ලෝකයක ජීවත් වන උසස් මනසක් ( ඔවුනට අනුව ) සහිත ජීවීන් විශේෂයක් ( මහා අනෙකාගේ පැවැත්මේ තවත් අකාරයක් ) සමග සම්බන්ධයක් ද විය නොහැකිය. එසේ නම් ඔවුන් අයත් වූ යතාර්ථයෙන් ස්වායත්ත වූ ‘දැනුමක්’ ඔවුන් සතුව තිබිය නොහැකිය. එම අධිගෘහිත ‘දැනුම’ බලහත්කාරයෙන් භාවිතාවේ යෙදවීමේ ප්‍රතිපලය 70 වසරකට පසුව සියලු දෙනා හට දැක ගත හැකි විය. එය අවසන් වුයේ ලොව පුරා වාමාංශික ව්‍යාපාරයන් සහ මාක්ස්වාදීන් වඳවීමේ තර්ජනයකට ලක් වූ ජීවීන් විශේෂයක් බවට පත් කරමිනි.
මේ සඳහා තවත් එක් උදාහරණයක් සලකා බලමු. ලාංකීය වමේ ඉතහාසය තුල මාක්ස්වාදී න්‍යායික ක්ෂේත්‍රයේ එක් මුදුන් මල් කඩක් වන සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් පිරිසක් දැනට වසර පහකට පමණ ඉහත අප සමග පැවැත්වූ සාකචාවකදී ඔවුන් විසින් ප්‍රකාශ කොට සිටියේ සමාජ වෙනස් කිරීම සඳහා වන ‘වාස්තවික දැනුම’ සම්පූර්ණයෙන් ලබා ගත යුතුය යන්නය. එම සංවිධානයේ විජය ඩයස් හැරුණු කොට සිටි ප්‍රබලතම න්‍යායික ප්‍රකාශකයින් වන රොහාන්ත සහ මැද්දවත්ත යන සාමාජිකයින් දෙදෙනා මෙම අදහස ප්‍රභලව නියෝජනය කරනා ලදී. ඊට මතරව X කණ්ඩායමෙහි සිට ඉන් ඉවත් වූ යසලාල්, ආනන්ද, සහ බටහිර ව්‍යද්‍යවරුන් වන ඩොනල්ඩ් සහ අරුණ ලාල් යන අයද මෙම මතය ප්‍රභලව නියෝජනය කරනා ලදී. එම බටහිර ව්‍යද්‍යවරුන් දෙදෙනාගේ ප්‍රකාශයක් එලෙසම සටහන් කරන්නේ නම් එය මෙසේය. “දිනක් පැපොල රෝගය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයකදී කිසිම විටක පැපොල රෝගය වැළඳුන අයෙකුට එය නැවත වැළඳිය නොහැකි බව දීප්ති විසින් තරයේ ප්‍රකාශ කල බව ඔවුන් කියා සිටියෝය. ඩොනල්ඩ් විසින් ප්‍රකාශ කල පරිදි ප්‍රතිශක්තීකරන පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය අනුව එය එසේ විය නොහැකිය යන්න දීප්තිගේ පැහැදිලි කිරීම විය. අවුරුදු පහක් වෛද්‍යවිද්‍යාලයෙහි බටහිර වෛද්‍ය විද්‍යාව හදාළ පුද්ගලයන් වන ඩොනල්ඩ් සහ අරුණ ලාල් යන දෙදෙනා එවෙලෙහි දීප්තිගේ එම ප්‍රකාශය ‘සත්‍ය’ ලෙස බාරගත් බව අප වෙත ප්‍රකාශ කොට සිටියහ. නමුත් ඔවුන් විසින් තව දුරටත් කියා සිටියේ ඔහුගේ අත්දැකීම අනුව පැපොල රෝගය එක් වරක් වැළඳුන අයෙකුට නැවතත් වැළඳිය හැකි බවය. ඒ අනුව ඩොනල්ඩ් විසින් කියා සිටියේ මිනිස් ශරීරය පිලිබඳ යම් මට්ටමකට පරිපූර්ණ ‘වාස්තවික දැනුම’ ලබා ගැනුමට අවුරුදු පහක් වැනි කාලයක් ගතවන්නෙහි නම් මුළුමහත් සමාජයටම ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ‘දැනුම’ ලබා ගැනුම යනු කෙතරම් විශාල කාලයක් සහ වෙහෙසක් වැය කල යුතු කටයුක්තක්ද යනුවෙනි. ඩොනල්ඩ්ට අනුව එය එසේ මෙසේ කාරනයක් නොවන්නේ සමාජය වෙනස් කල යුතු වගකීම දරා ගන්නේ දේශපාලන පක්ෂය විසින් බැවිනි. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ‘දැනුම’ ඔවුන් විසින් සාක්ෂාත් කොට ගත යුතුය. ඔවුන්ට අනුව එම දැනුමේ අවසන් අයිති කරුවන් වන්නේ මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ විශේෂයෙන්ම ට්‍රොස්කිය.
මෙහිදී අප පැහැදිලිව වටහා ගත යුත්තේ ‘දැනුම’ යනු කුමක්ද යන්නය. ඉහත සඳහන් කල බටහිර වෛද්‍යවරුන් දෙදෙනාට අනුව මිනිස් ශරීරය සම්බන්ධව ‘පරිපූර්ණ වාස්තවික දැනුම’ සාපේක්ෂව යම් මට්ටමකට ඔවුන් සතු වනවා සහ ඒ සම්බන්ධව වන ‘වාස්තවික පරිපූර්ණ දැනුම’ කිසියම් දිනක නූතන විද්‍යාව ප්‍රමුඛ බටහිර වෛද්‍ය විද්‍යාව විසින් අත්පත් කොට ගැනීමට නියමිතය. ඒ අනුව 2004 වර්ෂයේදී ඔවුන් විසින් දීප්ති හැරදමා යන්නේ සමාජය වෙනස් කිරීමට අවශ්‍ය ‘වාස්තවික දැනුම’ ඔහු සතු නොවනා බැවින් සහ එම ‘දැනුම’ ඔහුට කිසි දිනක ලබා ගැනුමට නොහැකි බව පෙනුන හෙයින්ය යන ස්ථාවරය දරා ගනිමින්ය. එසේ නොමැතිව “විප්ලවීකරනීය ව්‍යවහාරයක්” පිලිබඳ අදහසකින් නොවේ ( එනම් ඔවුන් නැවතත් ‘දැනුමම’ විශ්වාස කරමින් ක්‍රියා කරමින් සිටී ) අප තේරුම්ගත යුත්තේ අප ද අයත් වන, අප විසින් නිර්මාණය කරන ලද සහ නැවතත් අප විසින් විපර්යාස කරනා, අප අයත් අසම්පූර්ණ යතාර්ථයෙන් සවායත්ත ‘දැනුමක්’ යම් අයෙකුට, ආගමික නායෙකෙයෙකුට හෝ යම් පිරිසකට අත්පත් කොට ගත නොහැකිය යන්නය. මෙහිදී ‘දැනුම’ පිලිබඳ තවත් වැරදි වබෝධයක් ජනිත විය හැකි බැවින් ඒ පිළිබඳවද මෙහි අවධාරණය කල යුතුය. ඒ සඳහා උදාහරණයක් ලෙස ධනවාදය තේරුම් ගැනීම පිලිබඳ ‘දැනුම’ ගතහොත් එය පවතින තත්වයක් පිළිබඳව විශ්ලේෂනාත්මක-ඥාන විභාගාත්මකව අප අත්කරගන්නා දැනුමකි. නමුත් නමුත් එය ‘සමාජ ගොඩනැංවීම්වාදයක්’ කරා යන දැනුමක් නොවේ. සමාජය ගොඩනැංවිය යුතු ආකාරය හෝ එහි අවසන් ස්වරූපය පිළිබඳව පූර්ව දැනීමක් ඇති කෙනා අනීවාර්ය ලෙස ස්වාමියෙකු ( Master ) බවට පත්වේ.
නමුත් අපගේ ස්ථාවරය ප්‍රශ්න කරනා බොහෝ දෙනෙකු මෙන්ම අපගේ ස්ථාවරයේ සිටියේ යයි පවසමින්, “අපි අධිකාරීත්වයට විරුද්ධ වෙනවා”යයි පවසමින්, මෙම බෙදීම වටහා නොගනිමින්, විශ්ලේෂී කතිකාව තුල පිහිටන කෙනාට හෝ අයට එරෙහි වී ඔහු මාස්ටර් ලෙස දැකීම විකාර සහගත ක්‍රියාවකි.
මෙම යුගයේ දරුණුතම ප්‍රශ්නය වී ඇත්තේ ධනවාදය පිලිබඳ පැරණි දැනුමින් ( වසර සියකට වඩා පැරණි ධනවාදයක් පිලිබඳ ‘දැනුම’ ) වර්තමාන තත්වය තේරුම් ගත හැකි විශ්ලේෂී දැනුමක් වෙත ඥාන විභාගාත්මක කන්ඩනයක් සිදු නොවීමය.
සරල අර්ථයෙන් සත්භාවවේදය ( Ontology ) යනු සත්තාව හෝ පැවැත්ම පිළිබඳව ඇති අවබෝදයයි එනම් ලෝකයේ ඇති දේවල් සම්බන්ධයෙන් හැදෑරීමය. එවිට ඥාන විභාගය ( Epistemology) යනු අප එය දැනගන්නේ කෙසේද යන්න හැදෑරීමය. එනම් අප දැනුම අත් කරගන්නේ කෙසේද යන්න සහ කුමක් මත එම දැනුම පදනම්වේද යන්නය ( සාධාරණීකරණය කරනලද සත්‍ය විශ්වාසයන් ). එවිට දැනුම අයත්වන්නේ ඥාන විභාගයේ ක්ෂේත්‍රයටය. මේ අනුව ඥාන විභාගාත්මක ප්‍රශ්න සත්භාවාත්මක ප්‍රශ්න දක්වා ගරා වැටිය හැකිය.
ආත්මය සහ වස්තුව නෛසර්ගිකවම මධ්‍යවර්තී ( mediated ) වීම නිසා ‘දැක්මේ’ ආත්මයේ ස්ථානය තුල ඥාන විභාගාත්මක විතැන්වීමක් ( “epistemological” shift ) විසින් සැමවිටම පරාවර්තනය කරන්නේ වස්තුව එයම තුල සත්භාවාත්මක ( “ontological” shift ) විතැන්වීමකි. හෝ ආත්මයේ නිරීක්ෂණය සැමවිටම කලින්ම අන්තර්ගත වී ඇත්තේ එහි අන්ද බින්දුවේ ( “blind spot,”) ආකාරය තුල ප්‍රත්‍යක්ෂ වූ වස්තුව එයම, එවිට වස්තුව වස්තුවටම වඩා වැඩිමනත් දෙයක් වීම තුල, එම වස්තුව වස්තුවටම වඩා වැඩිමනත් දෙයක් වීම වෙතින් වස්තුව එයම ආපසු හරවා එවන්නේ බද්ධ දෘෂ්ටියයි ( gaze ). ලකාන් විසින් එය ප්‍රකාශ කරන්නේ: “ස්ථිර ලෙසම මගේ ඇස තුල ඇති ඡායාරූපය, මම වුවත්, මමත් එසේම ඡායාරූපය තුල සිටී” යනුවෙනි.
මෙය අපට හුරු පුරුදු බෞද්ධ ආගමට යොදන්නේ නම් ඥාන විභාගය තුල බුදුන් අපේක්ෂා කරනුයේ අන්තයන්ට නොයනා මධ්‍යම ප්‍රතිපදාවය. ඊට අදාළ දැනුම වන්නේ චතුරාර්ය සත්‍යයි. එවිට එහි සත්භාවත්මක ක්ෂේත්‍රය වන්නේ පන්චේන්ද්රියන්ගේ විඳවීමය.
මෙහිදී අවධාරණය කිරීමට උත්සාහ දරනුයේ යම් තත්වයක් අවබෝධ කරගැනීම සඳහා ‘දැනුම’අවශ්‍ය වුවද දැනුමකින් කල හැකි ව්‍යවහාරික වෙනසක් නොමැතිය යන්නයි.
@ Spartacus.lk