SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ තවමත් ලෝකයම මවිත කරන තොරතුරු කලින් කලට හමු වන ශිිෂ්ටාචාරයක්. විශේෂයෙන් ම පිරමීඩ,

මෘත ශරීර මමීකරණය වැනි සොයා ගැනීම් පිළිබඳව තොරතුරු ගැන අදටත් හැඟෙන්නේ විස්මයක්. ඉතින් මෑතකදී තවත් එවැනිම විස්මයජනක සොයා ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු හමු වී තිබෙනවා.

ඇමරිකාවේ කෝපන්හේගන් සරසවියේ නිරීක්ෂකයෙක්ට ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පැපිරස් පත්‍රයක් අධ්‍යයනය කිරීමට ලැබෙනවා. එහි සඳහන් වන ආකාරයට තිරිඟු ඇට පිරවූ මල්ලක් හා පුරාණ ඊජිප්තු වැසියන් වගා කළ ධාන්‍ය වරිගයක් වන එමර් මල්ලක් ගෙන එයට කාන්තාවක ගේ මුත්‍රා සාම්පල බැගින් එකතු කිරීම මගින් සිදු වන රසායනික ප්‍රතික්‍රියාවකින් ගර්භණිභාවය පරික්ෂා කර ගැනීමේ ක්‍රමවේදයක් එම යුගයේ භාවිත වී තිබෙනවා. මීට වසර 3500ට  පෙර නූතන වෛද්‍ය විද්‍යාවේ සළකා බැලෙන කරුණු සම්බන්ධයෙන් හසල දැනුමක් මේ යුගයේ විසූවන්ට තිබූ බව මේ අනුව තහවුරු වෙනවා.

 

” ඒවා වැඩී ඇත්නම් එහි අරුත දරුවකු පිළිසිඳගෙන ඇති බවයි. වැඩී ඇත්තේ බාර්ලි බීජ නම් ඒ පිරිමි දරුවෙකි. වැඩී ඇත්තේ එමර් බීජ නම් ඒ ගැහැණු දරුවෙකි. බීජ මලු දෙකම වැඩී නොමැති නම් දරුවකු පිළිසිඳ ගැනීමක් නොවේ.”

 

පැපිරස් පත්‍රයේ සටහන් වී ඇත්තේ ඒ අයුරිනි. ක්‍රි:පූ: 1500 – 1300 අතර කාලය තුළ නූතන රාජධානි සමයේදී  පුරාණ සංකේත යොදා ගනිමින් ලියැවී ඇති මේ පැපිරස් පත්‍රයේ් කාන්තාවන්ගේ ගර්භණිභාවය පිළිබඳ කළින් දැන ගැනීමේ ක්‍රමවේදයක් තිබීම ඒ යුගයේ දියුණු බව තව තවත් පෙන්නුම් කරනු ලබනවා.

Wheat and Barley 

මේ දරු උපත් සම්බන්ධ තොරතුරු මුලින්ම අනාවරණය වුණේ 1939 වසරේදීයි. ඒ ඩෙන්මාර්ක් ජාතික මිසර විද්‍යාඥයෙකු විසින් කාර්ල්ස්බර්ග් පදනමේ ආධාරයෙන් කෝපන්හේගන් සරසවිය සතු මිසර ශිෂ්ටාචාරයට අයත් පැපිරස් පත්‍ර එකතුව කියවීමේදීයි.  සංඛ්‍යාවෙන් 1400ක් තරම් වූ මේ පැපිරස් පත්‍ර කුඩා වෛද්‍ය ලියකියවිලි වන අතර ඒවායින් බහුතරයක් තවමත් පරිවර්තනය කර නැහැ.

“අපි මේ ගනුදෙනු කරන්නේ ඉතාම දුර්ලභ ගණයේ ලියකියවිලි ගොන්නක් සමඟයි. පුරාණ ඊජිප්තු වෛද්‍ය පැපිරස් පත්‍ර බොහොමයක් හොඳින් සංරක්ෂණය කර තිබෙනවා. මේවා පරිවර්තනයේ දී සොයා ගැනෙන නව තොරතුරු අනාගතයට සුවිශාල ආලෝකයක් වේවි. පරිවර්තනය කියන්නේ දිගු ක්‍රියාවලියක්. ඇතැම් අක්ෂර විනාශ වී ගිහින්.. ඒ වගේම ඒ යුගයේ ඉතා සීමිත පිරිසක් පමණක් දන්නා අක්ෂරවලින් මේ පත්‍ර ලියැවී තිබෙන්නේ. කොහොම වුණත් මේවායේ අර්ථයන් ඉතාම සංකීර්ණයි.” 

කාර්ල්බර්ග් පැපිරස් පත්‍ර එකතුවේ ප්‍රධානී සහ අක්ෂර පරිවර්තනය කිරීමේ අන්තර්ජාතික සහයෝගීතාවයේ සාමාජිකයෙකු වන කිම් රයිහෝල්ට් එහෙම කියනවා.

 

Kim Rayholt

තිරිඟු හා බාර්ලි පරික්ෂාව සම්බන්ධ තවත් ලේඛන බර්ලින් හි ඊජිප්තු කෞතුකාගාරයේ මේ වන විටත් සුරක්ෂිතව පවතිනවා. නමුත් 2017 වසරේ සැප්තැම්බරයේ මේ පර්යේෂණ එකමුතුව විසින් දියත් කළ පරික්ෂණවලින් තව තවත් තොරතුරු හෙළි වෙන්නට පටන් ගත්තා.

ඒ අනුව මේ සොයා ගැනීම් සිදුවන තෙක් විද්‍යාඥයන් සිතුවේ මිසර ශිෂ්ටාචාර වැසියන් ට වකුගඩුවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොපවතින බවයි. නමුත් මේ පැපිරස් වෛද්‍ය පත්‍ර කියවීමෙන් ශරීරයේ ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරීත්වය හා ව්‍යුහය පිළිබඳව ඔවුන් සතුව පවතින දියුණු ඥානය පුදුම සහගත බව හෙළි වී තිබෙනවා.

 

ඇස් වලට ප්‍රතිකාර..

 

අක්ෂි ආබාධ සම්බන්ධයෙන් ද මේ පැපිරස් ලියවිලිවල විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහන් වෙනවා. ඒ අනුව අක්ෂි පටලවලට, අක්ෂි සම්බන්ධ විවිධ රෝග සඳහා කටුස්සෙකුගේ, ගවයෙකුගේ වගේම  ගැහැණු එළුවෙකු, සහ  බූරු දෙනකගේ රුධිරය එකට එක් කර ඇස් රෝග සඳහා යොදා ගන්නා බව එම ලියවිලිවල සඳහන් වෙනවා.

Asha

කෝපන්හේගන් සරසවියේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි Sofie Schiødt මෙම පැපිරස් පත්‍ර විශ්ලේෂණය කරමින් කියා සිටින්නේ මෙම ලේඛන අනුව පුරාණ ඊජිප්තුව පුරා භාවිතයට ගත් යම් කිසි වෛද්‍ය අත්පොතක් තිබිය හැකි බවයි. ඒවායේ විවිධ ප්‍රතිකාර ක්‍රම හා වෛද්‍ය පරික්ෂණ සම්බන්ධයෙන් සටහන්ව තිබෙන්නට ඇති බව ද ඇය පවසනවා. නමුත් මේ පැපිරස් පත්‍ර ලියැවී ඇති ආකාරය හා රහි ඇති සංකීර්ණ බව නිසා ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ලබා දිය නොහැකි බව ඇය කියා සිටිනවා.

 

” මට එක දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි ගර්භණී පරික්ෂාව ඉතා දිගු කාලයක් තිස්සේ පැවත එන්නක් බව… අපි මේ හා සමානම ක්‍රමයක් ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරවලින්ද, මධ්‍යකාලීන යුගයේ, මැදපෙරදිග හා යුරෝපීය වෛද්‍ය ක්‍රමවලද මේ හා සමාන ක්‍රම අපට හමු වුණා. “

 

පැරණි ලෝකයේ ඊජිප්තු වෛද්‍ය විද්‍යාවට හිමි වන්නේ සුවිශේෂී සන්ධිස්ථානයක්. එම වෛද්‍ය ක්‍රම ඉතාම විශ්වාසවන්ත වන අතර වෙනත් සංස්කෘතින් විසින් එම ක්‍රම තමන්ට ආදේශ කරගෙන තිබෙන බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ  ඊජිප්තු විද්‍යාඥ අන්ද්‍රේ වින්ක්ලර් පවසනවා.

Papirus Papers

” ඊජිප්තු සංචාරකයන්ගෙන් බහුතරය  වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් තිබූ අය වනවා. ඔවුන් වෛද්‍ය විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීනයන් ලෙස හැඳින්විය හැකියි. මේ නිසා මේ ගර්භණී පරික්ෂණ සම්බන්ධ ලියවිලි අනුව  නයිල් නිදී නිම්නයෙන් ඔබ්බට ද  මේ වෛද්‍ය ක්‍රම ප්‍රචාරය වූ බව නිමානය කළ හැකියි.”

අන්ද්‍රේ පවසන්නේ එවැනි අදහසක්.

කෙසේ වෙතත් නූතන වෛද්‍ය විද්‍යාත්මක න්‍යායන් දෙස බලන විට  මෙම ක්‍රමය සම්බන්ධයෙන් විද්‍යාත්මක සත්‍යතාවන් ද නැතුවා නොවේ. 1963  වසරේ පළවූ ” වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය” නමැති සඟරාව අනුව පර්යේෂකයන් විසින් මෙම ක්‍රමය පිළිබඳව පරික්ෂණ පවත්වා ඇති අතර ගර්භණි කාන්තාවන්ගේ මුත්‍රාවලින්  70%ක්ම ධාන්‍ය පැළවීම  සඳහා හේතුවන බව සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් දරුවන්ගේ ලිංගිකත්වය සළකා බැලීම සඳහා මෙම “බාර්ලි”හා “එමර්” බීජ අනුව ලබා ගන්නා නිගමන සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු තහවුරු කරගෙන නැතිබව ද එම සඟරාවේ සඳහන් වෙනවා.

Prgnancy Test

නූතන වෛද්‍යවරුන් පවසන්නේ කාන්තාවන්ගේ මුත්‍රාවල ඇති ඊස්ට්‍රජන් හෝර්මෝනය මගින් බාර්ලි වැනි බීජ වර්ධනය කිරීමට උපකාරී වන බවයි. මේ තොරතුරු ඊජිප්තු වැසියන් දැන සිටියේ කෙසේද?  ඊජිප්තු වෛද්‍යවරුන් මුත්‍රාවල ඇති මෙම හෝර්මෝන පිළිබඳව දැනුවත්ව සිටියාද??

Egypt paintings

 

” නැහැ. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවට තොරතුරු නැහැ. නමුත් ළුෑණු යොදාගෙන කරනු ලබන පරිෂණයක් සම්බන්ධයෙන් තොරතුරු තිබෙනවා. ඒ අනුව ස්ත්‍රිය ගේ සිරුරට ළුෑණු ගෙඩියක් ඇතුල් කර පසු දින ඇය ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ළුෑණු සුවඳක් හමන්නේ නම් එවිට ඇය ගර්භණී වී ඇති බවට සනාථ කර ගන්නවා.

කෙසේ වුවත් ඔවුන් කරනු ලැබූ එවැනි පරික්ෂණ සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක නිගමන ලබා දීමට අපිට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් පුරාණ ඊජිප්තු වෛද්‍ය විද්‍යාව ආගමික හා මිථ්‍යා කතා මත පදනම් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් ඖෂධ ලබා ගත්තේ සිරුර තුළ සිටින නපුරු ආත්ම පළවා හැරිීම අරමුණු කර ගනිමින්. මේ නිසා ඔවුන් අද වගේ ම ලෙඩ රෝග පිළිබඳව හඳුනා ගත්තත් ඒවාට සිදු කල ප්‍රතිකාර නූතන වෛද්‍ය විද්‍යාව හා සැසඳිය නොහැකියි.  “

Sofie Schiødt පවසනවා. මේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳව මිසර වැසියන්ගේ දැනුම හා සංවේදනය පුදුමය එළවන සුලුයි. කෙසේ වෙතත් කෝපන්හේගන් සරසවියේ පැපිරස් පත්‍ර නිරික්ෂකයන් ගේ මේ ක්‍රියාවලිය ඉතිහාසය සඟවා ගත් තොරතුරු අපට හෙළි කර දෙනු නොඅනුමානයි.

 

        භාග්‍යා වීරකෝන්                                                                                                                                                    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.