SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

බලයේ අශ්ලීල යටිපැත්ත සහ ආත්මයේ ධාවකය කියවා ගැනීම - ලිපියට පූර්ව සටහනක්!

ජෙෆ්රි එප්ස්ටීන් සිද්ධිය යනු හුදෙක් එක් අපගාමී බිලියනපතියෙකුගේ පුද්ගලික අපචාර ජාලයක් පිළිබඳ කතන්දරයක් නොවේ; එය සමකාලීන ගෝලීය ධනවාදයේ සහ ප්‍රභූ බල තන්ත්‍රයේ ව්‍යුහාත්මක අනිවාර්යයක් වන ‘අශ්ලීල යටිපැත්ත’ (Obscene Underside) වේදිකාගත වීමකි.

 

ස්පාටකස් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද පහත විමර්ශනාත්මක ලිපිය, ලකානියානු සහ ජිජැකියානු මනෝවිශ්ලේෂණ න්‍යායන් ගුරු කොට ගනිමින් එප්ස්ටීන් ජාලය විච්ඡේදනය කරයි. ලිපියේ කේන්ද්‍රීය තර්කය වන්නේ, ප්‍රභූ ආත්මයන්ගේ නීත්‍යානුකූල පැවැත්ම සහ සමාජ ගෞරවය (නිල පර්යාය) රඳා පවතින්නේම, සංකේත නීතිය අතික්‍රමණය කරමින් ඔවුන් රහසිගතව භුක්ති විඳින ‘ප්‍රමෝදය’ (Jouissance) මත බවයි. එප්ස්ටීන් යනු මෙම ප්‍රභූන්ට නීතියට ඉහළින් සිටින ‘ව්‍යතිරේකයක්’ වීමේ ෆැන්ටසිය සැබෑවක් කර දුන් ප්‍රධාන කළමනාකරුවාය.

 

මෙය හුදු ලිංගික අපයෝජනයක් නොව, මානව සීමාවන් සහ ‘අඩුව’ (Lack) මකා දැමීම උදෙසා ‘සුපිරි-මානව’ (Transhumanist) ව්‍යාපෘතියක් කරා ආත්මය දක්වන නොනිමි ධාවකය (Drive) මනාව පැහැදිලි කරන විශ්ලේෂණයකි.

 

ප්‍රභූ බලයේ ‘අශ්ලීල යටිපැත්ත’ සහ සුපිරි-මානව ෆැන්ටසිය එකම යාන්ත්‍රනයක් ලෙස - (ස්පාටකස් ලිපි)

 

එප්ස්ටීන් ලිපිගොනු තුල දිගහැරෙන තොරතුරු අනුව එප්ස්ටීන් යනු ප්‍රධාන වශයෙන්ම ඇමරිකානු සහ ලෝකය පුරා ධන කුවේරයන්, දේශපාලනඥයින්, ප්‍රකට විද්‍යාඥයින් වැනි අධ්‍යාපනයෙන් ඉහලටම ගොස් ඒ තුලින් ධනය උපයාගත් අය, සහ ඉතා ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයින් හට ළමා ලිංගික සේවා සැපයූ අයෙකි. ඊට අමතරව මිනී මස් ආහාරය සඳහා පිළියෙළ කරදීම, ඔහුගේ දූපතේදී තරුණ ගැහැණු ළමුන් හට ලැබුන බිලිඳුන් මරා චීස් සැදීම සහ ඒවා විකිණීම වැනි සාමාන්‍ය මිනිසෙකු ලෙහෙසියෙන් විශ්වාස නොකරන ආකාරයේ යක්ෂමය කටයුතු පවා ඔහු විසින් සිදු කර තිබේ. එසේම දෘඩ ලිංගික කාර්යන් (rough sex) අතරතුර ගැහැණු ළමුන් ගෙල මිරිකා මරා දැමීම වැනි ක්‍රියාවන් ද සිදු කර ඇත. එසේම ගැහැණු ළමුන් සුදු මෝරුන්ට බිලි දී ඇති බව අනාවරණය වේ. මේ දේවල් සිදුව ඇත්තේ ඉතා හොර රහසේ වුව ද ඒවාට සහභාගී වූ පුද්ගලයින්ට අදාළ සමාජය තුල ඒවා රහස් නොවේ.

 

 epis CC

 

ජෙෆ්රි එප්ස්ටීන්ට අයත් වූ බෝයිං 727-100 (Boeing 727–100) වර්ගයේ ගුවන් යානයට ලබා දී තිබූ අපකීර්තිමත් නාමය වූයේ “ලොලීටා එක්ස්ප්‍රස්” (Lolita Express) යන්නයි. ගිස්ලේන් මැක්ස්වෙල් විසින් සංවිධානය කරන ලද, බාලවයස්කාර දැරියන් සම්බන්ධ කරගත් ලිංගික සාද මෙම ගුවන් යානය තුළ පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇත. ඊලන් මස්ක්, බිල් ගේට්ස් වැනි සිලිකන් වැලි ව්‍යාපාරිකයින්ද එහි ගමන් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇතත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට මහත් වෙහෙසක් දරයි. හිටපු ඇමරිකානු ජනාධිපත් බිල් ක්ලින්ටන් 17ත් වතාවක් එහි ගමන් කර ඇති බවට පැහැදිලි තොරතුරු හෙළිදරව් වී තිබේ.

1 epis

 

ඊට අමතරව ඔවුන් විසින් සංක්‍රාන්ති මානව ව්‍යාපෘතියක් (transhumanism project) සහ සුපිරි මානව (super human) ව්‍යාපෘතියක් හොර රහසේ පවත්වාගෙන ගොස් තිබේ. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණාගාර පවා තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතත් ඒවා පිළිබඳව පර්යේෂණ නොකෙරෙනුයේ ලොව පුරා සිටින ප්‍රබලයින් ඊට සම්බන්ධ බැවිනි. FBI ආයතනය පරීක්ෂණ සඳහා පැමිණීමට දින දෙකකට පෙර එප්ස්ටීන් විසින් සල්ෆියුරික් අම්ල ගැලූන් 330ක් ගෙන්වාගෙන ඇති බව ද හෙළි වී ඇත. ඉන් පෙනී යන්නේ සාක්ෂි වසන් කිරීම සඳහා විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බවයි. 


 

 

පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ එප්ස්ටීන් යනු ගෝලීය බල ජාලයක ප්‍රධාන සම්බන්ධිකාරකවරයා බවය. ගිස්ලේන් මැක්ස්වෙල් යනු ඔහුගේ සහායිකාවයි. එම සංවිධානයේ ප්‍රධාන කාර්ය වී ඇත්තේ, ඔවුනගේ සුපිරි මානව ව්‍යාපෘතිය පවත්වාගෙන යාමයි. ඊට ඇමරිකාවේ රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බව පෙනීයන්නේ අක්කර 10000ක භූමියක් වසරකට ඇමරිකානු ඩොලර් 200ක් වැනි ඉතා සුළු මුදලකට ඔහුට බදු දීම හේතුවෙනි. එසේම අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ද සපයා තිබෙන බව පෙනෙන්නට තිබේ. මාධ්‍යවේදියෙකුගේ මැදිහත්වීම නිසා හෙළිදරව් වන මෙම සිද්ධිය 2000 අගභාගයේ සිටම පත් වූ සෑම ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින්ම යට ගැසීමට දැඩි උත්සාහයක නිරතව ඇති බව පෙනෙන්නට තිබේ. එප්ස්ටීන් හට 2008-2009 කාලය තුල ලැබුණු අතිශය සුවිශේෂී සිර දඬුවමේ ස්වභාවයෙන් ද එය පැහැදිලි වේ. ඇත්තටම එය සිර දඬුවමක් නොව ඔහුගේ විද්‍යාත්මක ව්‍යාපෘතිය සහ අනෙකුත් සියල්ල සඳහා පහසුකම් සැපයීමකි.

ලිංගික ක්‍රියාකරකම්, මිනී මස් අනුභවය සහ මිනිස් රුධිරය පානය කිරීම වැනි දේ සැලකිය හැක්කේ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රමෝදය බවට පත්ව තිබූ සුපිරි මානව ව්‍යාපෘතියට අදාළ ලෝක පරිමාන ප්‍රභූන්, බිලියනපති ව්‍යාපාරිකයින් සහ ප්‍රකට විද්‍යාඥයින්ගේ එකමුතු කම පවත්වාගෙන යාම සහ ඒ තුල ප්‍රමෝදය සංවිධානය වූ සුවිශේෂී විධි ක්‍රමය ලෙසය.

 

 

 

බිල් ගේට්ස් සහ එප්ස්ටීන් යන දෙපල විසින් ජනගහන පාලනය සඳහා වසංගතයක් ඇති කල යුතු බවටත්, ඊට අදාළ එන්නත් නිෂ්පාදනය තුලින් විශාල ආදායමක් ලැබිය හැකි බවටත් වන සංවාද එලියට පැමිණ තිබේ. 

 

ඇමරිකානු නීතිපති දෙපාර්තුමේන්තුව මෙන්ම CIA වැනි සංවිධාන මැදිහත්ව ඒවාට අදාළ බොහෝ තොරතුරු සඟවාගෙන ඇති බවට කරුණු ඉදිරිපත් වෙමින් තිබේ. එනම්, එප්ස්ටීන් ලිපිගොනු ලෙස එලියට නිකුත් කර ඇත්තේ සීමා සහිත ප්‍රමාණයක් බවය.

එප්ස්ටීන් ලිපිගොනු සංක්‍යාව මිලියන 6කට අධිකය. දැනට නිකුත් වී ඇති ලිපි ගොනු සංඛ්‍යාව මිලියන 3ක් වන අතර, ඒ අතර විඩියෝ 2000ක් සහ ඡායා රූප 18000ක් නිකුත් වී ඇත. ඔහුගේ ජාවාරම් ජාලය කෙතරම් විශාල ද යන්න ඒ තුලින් තේරුම්ගත හැකිය.  

2 epis

 

එප්ස්ටීන් සිද්ධිය පෙනෙනවාට වඩා බොහෝ සෙයින් ගැඹුරු දේශපාලන සහ විද්‍යාත්මක ව්‍යාපෘතියක් බව පෙනෙන්නට තිබේ. 

 

ෆ්ලොරිඩාවේදී (2008-2009) ජෙෆ්රි එප්ස්ටයින්ට හිමි වූ මාස 13ක සිරදඬුවම් කාලය තුළ ක්‍රියාත්මක වූ “වැඩ සඳහා මුදාහැරීමේ” (work-release) විමතිය දනවන එකඟතාවය, ඇමරිකානු අධිකරණ පද්ධතිය තුළ වරප්‍රසාද ලත් පුද්ගලයෙකුට ලැබුණු අතිශය අසාමාන්‍ය සැලකීමක් ලෙස සැලකේ. 

සතියේ දින හයක් පුරා දිනකට පැය 14ක් දක්වා බන්ධනාගාරයෙන් බැහැරව සිටීමට එප්ස්ටයින්ට අවසර ලැබුණි. ඔහුගේ දඬුවම් කාලය අවසානයට ආසන්න වන විට, මෙය සතියේ දින හතේම දිනකට පැය 16ක් දක්වා දීර්ඝ කරන ලදී.

සිර දඬුවම් විඳි සමයේදී ඔහු තම දිවා කාලය ගත කළේ ‘ෆ්ලොරිඩා විද්‍යා පදනම’ (Florida Science Foundation) නම් ලාභ නොලබන ආයතනයකය. මෙය ඔහු සිය වරද පිළිගැනීමට මාස කිහිපයකට පෙර පිහිටුවා ගත් ආයතනයක් වූ අතර, එහි කාර්යාලය පිහිටා තිබුණේ ඔහුගේම නීතිඥවරයාගේ කාර්යාල පරිශ්‍රය තුළමය.

සාමාන්‍ය සිරකරුවන් ප්‍රවාහනය කරන වාහන වෙනුවට, එප්ස්ටයින්ව කාර්යාලයට රැගෙන යාම සහ රැගෙන ඒම සිදු කළේ ඔහුගේ පෞද්ගලික රියදුරා විසින් ලිමොසින් (limousine) රථයකිනි. එසේම, නිල ඇඳුමින් තොරව තමාට ආරක්ෂාව සැපයීම සඳහා ඔහු පාම් බීච් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයට ඩොලර් 128,000කට වඩා වැඩි මුදලක් ගෙවා තිබුණි.

 

පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ, වැඩ සඳහා මුදාහැරීමේ කාලය තුළ අවම වශයෙන් නව වතාවක්වත් ඔහුගේ පාම් බීච් මන්දිරයට යාමට ආරක්ෂකයන් ඔහුට ඉඩ දී ඇති බවත්, ඇතැම් අවස්ථාවල ඔහු එහි පැය ගණනාවක් කිසිදු අධීක්ෂණයකින් තොරව සිට ඇති බවත් වාර්තා වේ.

 

නිව් මෙක්සිකෝ හි පිහිටි තම අක්කර 10,000ක ගොවිපළ භාවිතා කරමින්, එකවර කාන්තාවන් 20 දෙනෙකු තම ශුක්‍රාණු මගින් ගැබ් ගැන්වීම හරහා මිනිස් “බෝ කිරීමේ” සැලසුමක් පිළිබඳව එප්ස්ටීන් විසින් විද්‍යාඥයන් සහ සගයන් සමඟ පවසා තිබී ඇති බවට පැහැදිලි සාක්ෂි හෙළිදරව් වී තිබේ. 

 

ඔහු නිරන්තරයෙන් ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් හමු වූ අතර, හාවඩ් විශ්වවිද්‍යාලයේ පරිණාමීය ගතික විද්‍යා වැඩසටහන (Program for Evolutionary Dynamics) සඳහා ඩොලර් මිලියන 6.5ක් පරිත්‍යාග කර තිබුණි. එමෙන්ම 2011 වසරේදී ලෝක “ට්‍රාන්ස්හියුමනිස්ට්” (Transhumanist) සංගමයට (දැන් Humanity+) ද මූල්‍ය ආධාර ලබා දී ඇත.

 

ජානමය දියුණුව කෙරෙහි අවධානය යොමු කරමින් මිනිස් වර්ගයා “වැඩිදියුණු කිරීම” සඳහා ජාන සංස්කරණය (germline editing), ක්ලෝනකරණය (cloning) සහ කෘතිම බුද්ධිය වැනි තාක්ෂණයන් භාවිතා කිරීමට එප්ස්ටයින් උනන්දු වූ අතර, එය අමරණීයභාවය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස ඔහු සැලකීය.

 

සිලිකන් වැලි ව්‍යාපාරිකයින් (බිල් ගේට්ස්, ඊලන් මස්ක්, මාක්ස් සකර්බග් ද ඇතුළු අය) මෙන්ම ප්‍රකට විද්‍යාඥයින් ඔහු සමග එකට සාකච්චා කරන ඡායාරූප සහ විඩියෝ නිකුත් වී තිබේ.

 

3 epis 

 

හෙළිදරව් වී ඇත්තේ එප්ස්ටීන් පිළිබඳව පමණි. ඒ ඊට අදාළ අනෙකුත් අයගේ නම් කපා දමා ඒවා සඟවා ඇති බැවිනි. නමුත් ඉතා පැහැදිලි කාරණය වන්නේ මෙය ඔහුගේ තනි ව්‍යාපෘතියක් විය නොහැකි බවයි. මෙම උනන්දුව දැඩි ලෙස මුල් බැස තිබුණේ ‘සුප්‍රජානක විද්‍යාව’ (eugenics – සුපිරි මිනිස් වර්ගයක් බෝ කිරීමේ දෘෂ්ටිවාදය) සහ ඔහුගේම (සැබවින්ම ඔවුන්ගේ) ‘නාසීස්මිකතාවය’ (narcissism) මතය. ඔවුන්ගේ අරමුණ වූයේ තම ජාන (DNA) හරහා “සුපිරි මානව වර්ගයක්” නිර්මාණය කිරීමයි (දෘෂ්ටිවාදය).

 

 

4 epis

 

 

එප්ස්ටීන් ඇතුළු පිරිස මෙහිදී උත්සාහ කරන්නේ “නිරපේක්ෂ ස්වාමියා” ලෙස පෙනී සිටීමටයි. ඔහුට අවශ්‍ය වූයේ “ස්වභාවය” (nature) සහ විද්‍යාව තම පාලනයට නතු කරගනිමින්, ඔවුන්ගෙන් ආරම්භ වන නව ලෝක පර්යායක් ගොඩනැගීමටයි (ස්වාමි කතිකාව – the master’s discourse). හිට්ලර් ඇතුළු ජර්මානුවන් තුල තිබුනේද එවැනි අරමුණකි. වෙනස ඇත්තේ එය මෙවැනි විද්‍යාත්මක ව්‍යාපෘතියක් හරහා මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ දැරීමය.

 

සුපිරි මානව ව්‍යාපෘතියට අදාළ සාක්ශි විනාශ කර ඇති බව පෙනී යන්නේ සල්ෆියුරික් අම්ලය විශාල ප්‍රමාණයක් ඔහුට තකහනියේ අවශ්‍ය වී තිබීම හේතුවෙනි. වාර්තා වන පරිදි, සල්ෆියුරික් අම්ල ගැලූන් 330 (කන්ටේනර් 55ක්) ඔහු එම ගොවිපොළ වෙත ඇනවුම් කරට ඇත්තේ FBI ආයතනයෙන් පරීක්ෂණ සඳහා පැමිණීමට දින දෙකකට පෙරය (FBI ක්‍රියා කලාපය ද ඉන් ප්‍රකට වේ). ඉන් කාරණය පැහැදිලිය.

 

 

 

මෙහිදී විද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය හොඳින් තේරුම්ගත හැකිය. ඔහුගේ ‘ප්‍රමෝදය’ (jouissance) මෙහිදී ක්‍රියාත්මක වන්නේ විද්‍යාව හරහාය (විද්‍යාව ඉදිරියට යන්නේ ඒ හරහාය) ‘මානව පරිවර්තකවාදය’ (transhumanism) වැනි සංකල්ප ඔහුට ආකර්ෂණීය වූයේ, එමගින් මනුෂ්‍ය සීමාවන් (මරණය, සදාචාරය) උල්ලංඝනය (ප්‍රමෝදය උපරිම වන්නේ සංකේත නීතිය සහ නීතිය උල්ලංඝනය කිරීම තුලය) කිරීමට මග පාදන බැවිනි.

 

ඔහු අනෙකුත් මිනිසුන්ව (විශේෂයෙන් කාන්තාවන්ව) සැලකුවේ තම ලිංගික කටයුතු සහ අත්හදා බැලීම් සඳහා භාවිතා කරන “බෝ කරන වස්තූන්” (objects) ලෙස පමණි. මෙය ධනවාදයේ අන්තගාමී උපකරණවේදීකරණය (instrumentalization) මනාව නිරූපණය කරයි.

 

මෙහිදී අමතක නොකළ යුතු මූලික ලකානියානු ස්ථාවරය වන්නේ, එනම්, මූලික පියවර (core move) වන්නේ මෙයයි: “මිනිසුන් තුළ සැඟවුණු ආශාවන් තිබේ” යන තැනින් ආරම්භ නොකල යුතුය. ඒ වෙනුවට, සත්‍යය, වරද, නිර්දෝෂීභාවය සහ ආශාව ලෙස සැලකිය හැක්කේ මොනවාද යන්න ව්‍යුහගත කරනුයේ භාෂාව (සංකේතීය පර්යාය / the symbolic) විසින්ය යන්න මූලික ස්ථාවරය බව අමතක නොකළ යුතුය. ඒ අනුව ආරම්භ කල යුත්තේ එතැනිනි. එබැවින් ‘සංකේතීය රටාව’ තුළ “එප්ස්ටීන් ලිපි ගොනු” යන්න වරප්‍රසාදිත හැඟවුම්කාරකයක් (privileged signifier) බවට පත් වේ.

 

“ආත්මය සිර ගතව ඇත (‘අධමයා’ හඳුනාගන්න)” යන ශීර්ෂය යටතේ 2026 ජනවාරි 16 දින පල කල ලිපිය එප්ස්ටීන් සිද්ධියට අදාලව ඉතා හොඳින් ගැලපේ. එනම් එප්ස්ටීන් සිද්ධිය යනු ධනවාදයේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් එපිටට ගිය එහි අධමත්වයේ, කෘරතත්වයේ, නරුමත්වයේ සහ විපරීතභාවයේ උපරිම සලකුණු වීමක් පමණි. ඊට වෙනස් මාත්‍රා වලින් ධනවාදය තුල එම තත්වය සෑම ක්ෂේස්ත්‍රයකටම අදාලව පැවතියද දෘෂ්ටිවාදය (ideology) හේතුවෙන් ඒවා සාමාන්‍යකරණය වී ඇත.

 

එප්ස්ටීන් සිද්ධියටම අදාලව සිදු කරන මෙම විශ්ලේෂණය තුලින් පූර්ව ලිපිය වඩාත් හොඳින් අර්ථවත් වේ.

 

“ප්‍රභූ සේවාදායකයා” (elite client) යන ආත්මීය ආස්ථානය සතු බලය විසින් සීමා උල්ලංඝනය කිරීම, ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රමෝදය සංවිධානය කරනු ලබන ආකාරය මේ ලිපියේ ඉදිරියේදී විශ්ලේෂණය කෙරේ. මෙහිදී කිසිදු පුද්ගලයෙකු වැරදිකරු බව සහතික කිරීමක් ලිපිය මගින් සිදු නොවේ. 

 

 

එප්ස්ටීන් සිද්ධිය යනු ධනවාදයේ දෘෂ්ටිවාදී ක්‍රියාකාරිත්වයේ ඇති බිහිසුණු ස්වභාවය එහි උපරිම මාත්‍රාවෙන් ප්‍රකට කරන සිද්ධියක් ලෙස හැඳින්විය හැකිය. එය බලය තුල පවතින ‘අශ්ලීල අතිරේකය’ (obscene supplement) වේදිකාගත කරයි. එහිදී ප්‍රභූ ආත්මය, තමන් නීතියට (the law) හසු නොවන සුවිශේෂී ව්‍යතිරේකයක්ය යන ෆැන්ටසිය (fantasy) තහවුරු කරණ අතර, සංවිධානාත්මක සූරාකෑමේ යාන්ත්‍රණයක් හරහා ‘ප්‍රමෝදය’ (jouissance) ලුහුබඳින ආකාරය විද්‍යාමාන කරයි. එප්ස්ටීන් සිද්ධිය අධ්‍යතන ධනවාදය තුල ඇති අනෙකුත් සියලු ව්‍යවහාරයන්ට “එහා ගිය” අසාමාන්‍ය සිදුවීමක් වීම හේතුවෙන් දෘෂ්ටිවාදය හරහා සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කරනු ලබන සහ සාමාන්‍යකරණය කරනු ලබන දෙය එය විසින් දෘශ්‍යමාන කරවයි — එනම්, ප්‍රසිද්ධියේ පවතින නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්නා අතරම (ධනවාදයේ සියලු ක්ෂේස්ත්‍ර ක්‍රියාත්මක වන්නේ එසේය), සංකේත නීතිය (Law) තුල සහ පවතින සංස්ථාපිත නීතිය (law) තුල (ලකාන් විසින් කැපිටල් L අකුරින් හඳුන්වන “නීතිය/Law” යනු “සංකේත නීතියයි /symbolic Law”. ලකාන් විසින් “නිල නීතිය”, එනම්, සිම්පල් l අකුරින් හඳුන්වනු ලබන්නේ “ව්‍යවස්ථාපිත නීතියයි/law”) අතිශය තහනම් වූ සීමා උල්ලංඝනයන් පවා පෞද්ගලිකව කළමනාකරණය කළ හැකි ‘ප්‍රමෝදයක්’ බවට පරිවර්තනය කිරීමට පද්ධතිය සතු හැකියාවයි.  

 

 

‘නීතිය’ (law) යනු හුදෙක් ප්‍රසිද්ධ නීති සංග්‍රහය පමණක් නොවේ. එය ව්‍යුහාත්මකව දෙකඩ වී ඇත: “නිල නීතිය” (“law”) රඳා පවතින්නේ අශ්ලීල ‘සුපර් ඊගෝ’ අතිරේකයක් (obscene superego supplement) මතය — එනම්, සමාජය තුල රහසිගතව පවත්වාගෙන යන, සීමා උල්ලංඝනය කරන ප්‍රමෝදයක් (transgressive enjoyment) සහිත අශ්ලීල යටි පැත්තක් මතය. ප්‍රසිද්ධ නීතිය (Law) අසමත් වන තැන සහ නීතිය විසින් ‘නීති විරෝධී වින්දනය’ තුළින් සහය සොයන තැන, මෙම ‘සුපර් ඊගොව’ (superego) ඉස්මතු වේ (මේ පිළිබඳව මීට පෙර පල කල “ආත්මය සිරගතව ඇත” ලිපියේ සහ ඊට පෙර ලියා ඇති ලිපි වලද සවිස්තරව දක්වා ඇත). ප්‍රසිද්ධ නීතිය යනු අප කවුරුත් දන්නා, පොතේ ලියැවුණු තාර්කික නීතියයි. නමුත් ඕනෑම ආයතනයක් හෝ ප්‍රජාවක් සැබවින්ම එකට බැඳ තබන්නේ ප්‍රසිද්ධ නීතිය නොව, එම නීතියට යටින් පවතින, ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි රහසිගත “වැරදි” වින්දනයන් මගිනි (අශ්ලීල යටිපැත්ත-obscene underside).

 

මෙමගින් පෙනී යන්නේ නීතියේ බලය පවතින්නේ හුදු දඬුවම් දීම තුළ නොව, නීතිය ක්‍රියාත්මක කරන අතරතුරම ලැබිය හැකි රහසිගත “නීති විරෝධී” සතුටක් තුළ බවයි.

 

සමාජ යථාර්ථය රඳා පවතින්නේ අවසර ලත් දේ, ගෞරවනීය දේ සහ දඬුවම් ලැබිය හැකි දේ අර්ථ දක්වන පොදු සම්මතයන් මතය (‘මහා අනෙකා’/big Other නීතිය ලෙස). කෙසේ වෙතත්, එප්ස්ටීන් තොරතුරු වල සඳහන් වන මෙම ප්‍රභූ ‘සේවාදායකයා’ ව්‍යතිරේකී ෆැන්ටසිමය ස්ථාවරයක් (fantasy-position of exception) දරා සිටී. එනම්, තමන්ට නීති රීති සම්පූර්ණයෙන්ම අදාළ නොවන ‘ආත්මයේ’ (subject) ස්ථාවරයයි (නීතිය ඇත්තේ අන් අයටය). සාමාන්‍ය පුරවැසියා සහ ප්‍රභූවරයා නීතිය ඉදිරියේ හැසිරෙන ආකාරයේ වෙනස මේ තුල පැහැදිලිව විද්‍යාමාන වේ. ‘සාමාන්‍ය ආත්මය’ (‘neurotic subject’) බිහිවන්නේ ‘මහා අනෙකාගේ’ (සමාජයේ/නීතියේ) අණට යටත් වීමෙනි. ඔහු තමාගේ ආශාවන් පාලනය කරගන්නේ නීතියට ඇති බිය සහ ගෞරවය නිසාය (‘castration’). නීතිය වලංගු වීමට නම්, එම නීතියට යටත් නොවන අධිකරීත්වයක්, එනම් පරිභාහිරත්වයක් (ව්‍යතිරේකයක්) පැවතිය යුතුය (අපගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලිපි පෙළ කියවන්න) ප්‍රභූවරයා හෝ දේශපාලන නායකයා බොහෝ විට උත්සාහ කරන්නේ නීතියට යටත් නොවී සියලු ප්‍රමොදයන් අත්විඳින ෆැන්ටසියක් නඩත්තු කිරීම සඳහාය. ප්‍රභූවරයාගේ ෆැන්ටසිය වන්නේ “මම නීතියට ඉහළින් සිටිමි” යන්නයි. ඔහු රතු එළිය වැටී තිබියදී පවා වාහනය නොනවත්වා යාම හෝ ප්‍රභූ ආරක්ෂාව සහිතව යාම වැනි දේ හරහා සමාජයට පෙන්වන්නේ, සාමාන්‍ය මිනිසුන්ට අදාළ වන ‘අඩුව’ (lack) තමාට අදාළ නොවන බවයි (ඔහුට අදාලව ‘අඩුව’ වෙනත් ස්වරූපයකින් නොමැති බවක් ඉන් අදහස් නොවේ).

 

 

5 epis

 

 

මෙය හුදෙක් බාහිරව ලැබෙන දඬුවම් නොලැබීමේ හැකියාව (එනම් නීතිඥයන්ගේ සහය, බාහිර බේරුම්කරණයන් හෝ බලපෑම් කිරීමේ හැකියාව) පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ‘ආශාවේ’ (desire) අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නයක් ද වේ. එනම්, යම් ක්‍රියාවක් පොදු නීතියට එහා ගිය ක්‍රියාවක්ය යන හැඟීම මගින්ම ‘ආත්මයේ ප්‍රමෝදය’ තීව්‍ර කරනු ලබයි. එබැවින් මෙහිදී සීමා උල්ලංඝනය කිරීම (transgression) යනු හුදෙක් ‘නීතියක් කැඩීම’ පමණක් නොව; එය නීතිය යනු නම්‍යශීලී ප්‍රබන්ධයක් (flexible fiction) ලෙස සැලකිය හැකි ‘එකම පුද්ගලයා’ (ප්‍රභූ තන්ත්‍රය) ලෙස තමන්වම වේදිකාගත කර ගැනීමකි (‘බලය’ සහ ‘ප්‍රමෝදය’ අතර පවතින සබඳතාවය, එනම් ධනවාදයේ විවිධත්වයට අදාළ පන්ති විෂමතාවය තුල ඒ ඒ මාත්‍රාවන්ගෙන් ක්‍රියාත්මක වේ). ‘ප්‍රමෝදය’ සැමවිටම බැඳී පවතින්නේ නීතිය හෝ සීමාව සමඟය. නීතියක් පැවතීම විසින් එය උල්ලංඝනය කිරීමේ රහසිගත ‘ආශාව’ ඇති කරයි. ප්‍රභූවරයෙකුට නීතිය කැඩීමෙන් ලැබෙන සතුට වන්නේ එම ක්‍රියාවෙන් ලැබෙන භෞතික වාසියට වඩා, “නීතිය මට අදාළ නැත” යනුවෙන් තමන් ලබන උත්කර්ෂයයි (නැවතත් පැවසිය යුත්තේ මෙය ප්‍රභූ වරයාට පමණක් අදාළ තත්වයක් නොවන බවත් සමාජයේ පන්ති විෂමතාවය තුල විවිධ අකාරයෙන් ඊට අදාළ මාත්‍රාවෙන් ක්‍රියාත්මක බවත්ය). නැවතත් මතක් කල යුත්තේ, පොදුවේ සලකන විට සාමාන්‍ය මිනිසාට නීතිය යනු ‘මහා අනෙකාගේ’ බියකරු සහ ස්ථාවර බලය බවයි. නමුත් ඊට වෙනස්ව ප්‍රභූවරයාට නීතිය යනු තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි, නැවිය හැකි ප්‍රබන්ධයකි. ඔහු නීතිය ඉදිරියේ රඟපාන්නේ “මම තමයි මේ නීතියේ ස්වාමියා” යන භූමිකාවයි.

 

 

‘බලය’ යනු හුදෙක් නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොවේ. නිල පර්යාය යනු නීති පොත්වල ලියැවී ඇති, ප්‍රසිද්ධියේ කතා කරන, සදාචාරාත්මක මුහුණුවරයි. නිල පර්යාය ක්‍රියාත්මක වීම සඳහා එයට ‘අශ්ලීල යටිපැත්තක්’ ද අවශ්‍ය වේ. එනම්, ප්‍රසිද්ධියේ පිළිගත නොහැකි වූවත්, දේවල් සිදුවන ආකාරයේ කොටසක් ලෙස නිහඬවම ‘දන්නා’ දෙයක් බලයට අවශ්‍ය වේ. එහිදී පද්ධතියක් සැබෑවට, නිසි ආකාරව ක්‍රියාත්මක වීමට නම් අශ්ලීල යටිපැත්ත ක්‍රියාත්මක වීම අවශ්‍ය වේ. නිදසුනක් ලෙස, නිල නීතියට අනුව අල්ලස වරදක් වුවද, ඇතැම් පද්ධතිවල වැඩ ඉක්මනින් කරවා ගැනීමට අල්ලස දිය යුතු බව සියල්ලෝම නිහඬව දනිති. මෙම නිහඬ එකඟතාවය නොමැතිව එම පද්ධතිය අඩපණ වේ. ලංකාවේ “සංවර්ධනය වේගවත් වූයේ සොරා කෑම්, වංචා, දූෂණ අධිකව පැවති සමයේය (එම තත්වය ධනවාදයට හානිකර තත්වයක් නොවේ). මෙය ‘අශ්ලීල’ වන්නේ එය ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ නොහැකි බැවිනි. නමුත් පද්ධතිය කෙරෙහි විශ්වාසවන්තව සිටින “අභ්‍යන්තර කවය” (එප්ස්ටීන් සමග සිටි පිරිස වැනි) එකිනෙකා බැඳ තබන්නේ මෙම රහසිගත, බොහෝ විට නීති විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් මගිනි.

 

 

එසේම ලංකාවේ ප්‍රභූ පාලන තන්ත්‍රයට අදාලව ගතහොත්, එම ප්‍රභූ තන්ත්‍රයට සහ එය වටා එකතුව සිටි ව්‍යාපාරිකයින්, ඉහල නිලධාරීන්, උගතුන් වැනි අයට අදාළ අශ්ලීල යටිපැත්තක් ක්‍රියාත්මක බව ප්‍රසිද්ධ රහසකි (විදේශීය ගණිකාවන්, නිලියන්, පුද්ගලික ලේකම්වරියන් ලෙස බඳවා ගන්නා අය, වෙනත් සබඳතා ගොඩනගා ගැනීම් තුලින්, ලිංගික සේවා සපයන ස්ථාන, කොකේන් වැනි මත් ද්‍රව්‍ය භාවිතය, හොර රහසේ සිදුවන විදේශ සංචාර වැනි තවත් බොහෝ දේ අන්තර්ගතය).

 

ඒ අනුව, එප්ස්ටීන් සිද්ධිය ගතහොත් එම ප්‍රභූ ‘සේවාදායකයා’ යනු හුදෙක් දුරාචාරමය/සදාචාර විරෝධී (immoral) පුද්ගලයෙකු පමණක් නොවේ. ඔහු දෘෂ්ටිවාදීමය වශයෙන් සුවිශේෂී ලෙස ස්ථානගත වී ඇත. ඔහුගේ සමාජ තත්ත්වය යනු, ‘තහංචිය’ (prohibition) යන්න ‘පෞද්ගලික සම්පතක්’ බවට පරිවර්තනය කරන බලපත්‍රයක් බඳුය. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් එප්ස්ටීන්ගේ දූපතෙහි සිදු කල ක්‍රියාවන් සඳහා නීතිය හෝ තහංචිය (law) යනු බාධාවකි. නමුත් ප්‍රභූවරයෙකුට ඔහුගේ තනතුර හෝ පන්තිය විසින් “නීතියට ඉහළින් සිටීමේ” අවසරය ලබා දෙයි. එනම්, සමාජ තත්ත්වය බලපත්‍රයක් බඳුය.

 

සාමාන්‍ය මිනිසුන්ට යමක් තහනම් වන විට, ප්‍රභූවරයා එම තහනම භාවිතා කරමින් තමන්ගේ “විශේෂත්වය” තහවුරු කරයි. ඉහතින් ද සඳහන් කල රථ වාහන උදාහරණය නැවත සැලකුවහොත්, රථවාහන තදබදයකදී පොලිස් ආරක්ෂාව සහිතව වාහන පෝලිම අභිබවා යාම යනු හුදෙක් ඉක්මනින් යාම පමණක් නොවේ. එය “අන් අයට පවතින සීමාවන් මට අදාළ නැත” යනුවෙන් තමන් සතු සුවිශේෂී බලය ප්‍රදර්ශනය කිරීමකි. මෙහිදී එම “තහනම” (Law) ඔහුට තමන්ගේ උසස් බව පෙන්වීමට ලැබෙන සම්පතක් බවට පත් වේ.

 

එප්ස්ටීන් වැනි මනුෂ්‍ය ජාවාරම් ජාලයන්හි දක්නට ලැබෙන එක් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, මැදිහත්කරුවන් (බඳවා ගන්නන්, කාලසටහන් සකස් කරන්නන්, සේවකයින් පුහුණු කරන්නන් සහ පහසුකම් සපයන්නන්) මත ඔවුන් රඳා පැවතීමයි. එප්ස්ටීන්ගේ චෝදනා ලැබූ සැලසුම් පිළිබඳ ‘නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික්’ (SDNY) වාර්තාවේ, වින්දිතයන් බඳවා ගැනීමේ සහ ගෙවීම් කිරීමේ ව්‍යුහයන් විස්තර කර ඇත. එමගින් වින්දිතයන් සැපයීම පුළුල් කළ අතර නැවත නැවතත් අපයෝජනයන් සිදු කිරීමට ඉඩ සැලසීය. මැක්ස්වෙල්ගේ නඩුවේදී ද එලෙසම, (අපයෝජනය සඳහා) හුරුපුරුදු කිරීම සහ පහසුකම් සැලසීම පිළිබඳ විස්තර කෙරේ.

 

 

6 epis

 

 

 

මෙහිදී මනුෂ්‍ය ජාවාරම යනු හුදු පුද්ගලික අපරාධයකට වඩා “ව්‍යුහාත්මක ජාලයක්” ලෙස ක්‍රියා කරයි. ජාවාරමක නියම මහ මොළකරුවා සහ වින්දිතයා අතර සෘජු සම්බන්ධයක් නොමැති වන සේ මැදිහත්කරුවන් රැසක් යොදා ගනී. මෙහිදී “බඳවා ගන්නන්” විසින් වින්දිතයන් රවටා ගනු ලබන අතර “පහසුකම් සපයන්නන්” විසින් අවශ්‍ය නවාතැන් සහ ප්‍රවාහනය සපයයි. මෙය ඉතා සූක්ෂ්ම ක්‍රියාවලියකි. මෙහිදී අපරාධකරුවන් විසින් වින්දිතයාගේ විශ්වාසය දිනාගෙන, ඔවුන්ව මානසිකව හුරු කරවා අපයෝජනය සඳහා සූදානම් කරනු ලබයි. එප්ස්ටීන් වැනි නඩුවලදී පෙනී යන්නේ මෙය එක් වරක් සිදුවන අපරාධයක් නොව, ව්‍යුහගත පද්ධතියක් හරහා අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් බවයි.

 

මෙහිදී මැදිහත්කරුවන් යනු හුදු මෙහෙයුම් සංරචකයන්ට වඩා වැඩි යමක් වේ. ඔවුන් ‘ප්‍රතික්ෂේප කිරීමට’ (disavowal) ඉඩ සලසන ‘අර්චන-වස්තූන්’ (fetish-objects) ලෙස ක්‍රියා කරයි. ඒ අනුව සේවාදායකයාට තමාටම මෙසේ පවසාගත හැකිය: “මම කිසිවෙකු බඳවා ගත්තේ නැත. මම කිසිවෙකුට බලපෑම් කළේ ද නැත. මම කළේ හුදෙක් කලින් “සූදානම් කළ” (arranged) අවස්ථාවකට පෙනී සිටීම පමණි.” මෙය ආයතනික ස්වරූපයෙන් පවතින අර්චනමය ප්‍රතික්ෂේප කිරීමකි. නැවතත් මෙය සේවාදායකයාට අනුව: “මෙය වැරදි බව මම දනිමි, නමුත් මෙම සූදානම් කිරීම නිසා එය මා කළ දෙයක් නොවන බව මට හැඟේ.”

 

එනම් හුදු නීති විරෝධී බව පමණක් නොව, ‘අනෙකාගේ ආශාව’ (Other’s desire) තුළ (“ආත්මය සිරගතව ඇත” ලිපිය කියවන්න) ‘ආත්මය’ සතු මැදිහත් වීම ද මෙහිදී ප්‍රතික්ෂේප කෙරේ. එබැවින් මෙම ජාලය යනු සැබෑ ප්‍රචණ්ඩත්වය, පරිභෝජනය කළ හැකි ‘සේවාවක්’ බවට පරිවර්තනය කරන යන්ත්‍රයකි. මෙම පරිවර්තනය මගින් සේවාදායකයාගේ ‘නාසීස්මික’ හෙවත් ස්වයං-ආදරණීය ප්‍රතිරූපය (narcissistic self-image) ආරක්ෂා කරනු ලබයි. මැදිහත්කරුවා යනු, එම ක්‍රියාව පද්ධතිමය සූරාකෑමකට (systemic exploitation) සහභාගී වීමක් ලෙස නොව, ‘පෞද්ගලික වින්දනයක්’ ලෙස මවා ගැනීමට ආත්මයට ඉඩ සලසන තිරයයි. 

 

දෘෂ්ටිවාදය තුල ධනවාදයේ අනෙකුත් ක්ෂේස්ත්‍රයන්ට අදාලව මේ තත්වය අදෘශ්‍යමාන වුව ද, මාත්‍රාව වෙනස් වුව ද, ඒවායේ ද පවතිනුයේ ද මෙම තත්වයයි. උදාහරණයකට බටහිර පුරවැසියෙකු උසස් තත්වයේ තේ කෝප්පයක් බුක්ති විඳින විට එය ඔහු අතට පත්වනුයේ සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙසය. නමුත් එම සංකීර්ණ ක්‍රියාවලිය තුල, එනම් තේ වගාව, වගාව නිසා සිදුවන පාරිසරික හානිය, දළු නෙලීමේ සිට ඔහුට ලැබෙන තේ පැකට්ටුව දක්වා ක්‍රියාවලියේ අදෘශ්‍යමාන සූරාකෑම ඔහුට අදාළ නැත. 

 

දැන් කෙනෙකුට විමසිය හැක්කේ, එප්ස්ටීන් සිද්ධිය යනු නීතියෙන් අවසර දී ඇති සහ ‘සංකේත රටාව’ තුලින් තහංචි නොමැති ඉහත සඳහන් කල තේ උදාහරණය වැනි තත්වයක් නොවේ යන්නයි. එනම්, බලවත් පුද්ගලයෙකු මෙවැනි දෙයක් කරන්නේ ඇයි ද යන ප්‍රශ්නයට බොහෝ විට මනෝවිද්‍යාත්මකව (අපචාරී බව හෝ රෝගී තත්ත්වයන්) හෝ සමාජ විද්‍යාත්මකව (දඬුවම් නොලැබීම හෝ තමන්ට හිමි වරප්‍රසාද) පිළිතුරු දෙනු ලැබේ. නමුත් මනොවිශ්ලේෂණය එය ඒ අකාරයෙන් නොපිළිගනී. එය ‘ප්‍රමෝදය’ (jouissance) පිළිබඳව ප්‍රශ්න කරයි.

 

එප්ස්ටීන් ප්‍රමුඛ ඔහු වටා එකතු වූ ප්‍රභූන් ඇතුළු සියලු දෙනා හට නීතියෙන් (law) තහනම් නොවන සහ සංකේත නීතිය (Law) තහංචි නොපැනවූ සියල්ල මිලදී ගැනීමට සහ බුක්ති විඳීමට මුදල් සහ හැකියාව තිබේ. එනම්, එසේ මිලදී ගත හැකි ඕනෑම අර්චන වස්තුවක් ඔවුනට අවශ්‍ය නම් ලබාගත හැකිය. ඒ අනුව එවැනි දේ ඉක්මවා ගිය අර්චන වස්තුවක් කරා වන ආශාවට අදාළ සංදර්භය සංවිධානය කිරීම සිදුව ඇත්තේ එප්ස්ටීන්ගේ ප්‍රධානත්වයෙනි. එනම්, සාමාන්‍ය මිනිසුන්ට අත්පත්කරගත නොහැකි ‘වස්තූන්’ (ලාබාල ගැහැණු ළමුන්, මිනී මස් වලින් තැනූ ආහාර, මිනිස් රුධිරය වැනි දේ) සහ තත්වයන් (සංක්‍රාන්ති මනුෂ්‍ය ව්‍යාපෘතිය, තම ජාන සහිත සුපිරි මිනිස් පරම්පාරවල් බිහි කිරීම වැනි…) කරා ධාවනය වීමයි. එහිදී ප්‍රධාන වශයෙන්ම ‘ආශාවේ වස්තුව’ (object of desire) බවට පත් වී ඇත්තේ ලාබාල ගැහැණු ළමුන් බව දැනට නිරාවරණය කර ඇති තොරතුරු වලින් ගම්‍ය වේ. මිනිස් ජීවිතය කිසි විටෙක “හුදෙක් ජීවිතය” නොවේ, එය සෑම විටම ජීවිතයේ අතිරික්තයක් මගින් පවත්වා ගෙන යයි. ධනවාදය තුල සිදුවනුයේ එය දැඩි ලෙස වඩ වඩාත් සංකීර්ණ සහ තීර්ව වීමයි. ඉහත සඳහන් කල ආකාරයේ වස්තූන් අත්පත් කර ගැනීම සඳහා ඔවුන් ‘ධාවනය’ වන්නේ එබැවිනි.

 

මෙහිදී අවධාරණය කල යුතුම දෙය වන්නේ, එම ජාලය (circle) පීලි දෙකක යන්ත්‍රයක් ලෙස ක්‍රියාත්මක වූ බවය. එනම්, (1) අශ්ලීල ප්‍රමෝදය (obscene enjoyment) – ලිංගික සූරාකෑම සහ මිනිස් ජාවාරම, සහ (2) නිල උත්කර්ෂණය (official sublimation) – එනම් විද්‍යාව, අනාගතවාදය (futurism) සහ ප්‍රභූ දැනුම බෙදාහදා ගන්නා ජාලයන් ලෙසයි. මෙහිදී එක් එක් පීල්ල මගින් අනෙක් පීල්ල ස්ථාවර කරනු ලබයි (එප්ස්ටීන් විසින් හාවඩ් වැනි ආයතනවලට මුදල් දීම සහ ඉහලම පෙලේ විද්‍යාඥයන් ඇසුරු කිරීම හරහා තමාගේ ප්‍රතිරූපයට “සමාජීය සහ විද්‍යාත්මක ගෞරවයක්” ලබා ගත්තේය). මෙම පීලි දෙක එකිනෙකට පරස්පර නොවේ. “විද්‍යාත්මක දැනුම” සහ “බලගතු සබඳතා” හරහා ඔහුට තම අපරාධ වසං කිරීමට ආරක්ෂාව ලැබුණු අතර, එම අපරාධ හරහා ලබාගත් අශ්ලීල ප්‍රමෝදය ඔහුගේ “ප්‍රභූ බලය” තහවුරු කරන රහසිගත සාධකය විය. විද්‍යාව ඔහුට ‘සදාචාරාත්මක ආවරණයක්’ ලබා දුන් අතර, ඔහුගේ අපරාධ ඔහුට ‘ප්‍රායෝගික බලයක්’ ලබා දුන්නේය.

 

7 epis

 

 

 

ලකානියානු මනොවිශ්ලේෂණයේ අර්ථයෙන් ගත් කල, මෙම “සංවිධානය” යනු හුදෙක් “ලිංගිකත්වය” සහ “මුදල්” පමණක් නොවේ. එය බලවත් පුද්ගලයන්ට (subjects – ආත්මයන්ට) නීතියට හසු නොවන ‘ව්‍යතිරේකයක්’ වීමේ ෆැන්ටසි ආස්ථානය දරා ගැනීම සඳහා ඉඩ සලසන ව්‍යුහයකි (‘ප්‍රමෝදය’ සහ ‘ව්‍යතිරේකය’ බවට පත්වීමේ වීමේ ෆැන්ටසි ව්‍යුහය). එනම්, “නීති රීති අන් අයට මිස අපට නොවේ… අපි සුවිශේෂී මිනිසුන්ය” යන ස්ථාවරයයි. මිනිස් ජාවාරම් චෝදනා පිළිබඳ ප්‍රසිද්ධ වාර්තා සහ ගිස්ලේන් මැක්ස්වෙල්ගේ පහසුකම් සැලසීම් මගින් පෙන්වා දෙන්නේ, නැවත නැවතත් සිදුකෙරෙන අපචාර සඳහා ඉඩ ප්‍රස්ථා සලසන සංවිධානාත්මක යාන්ත්‍රණයක් පැවති බව සහ ඉදිරියටත් පවතින බවය (මුල්කාලීන පරීක්ෂණ නීතිඥයන් විසින් විසඳා ඇති ආකාරය පිළිබඳ වෘත්තීය වගකීම් කාර්යාලයේ වාර්තාවේ අවධානය යොමු වී ඇති ආකාරය, “නීතිය” (Law) යනු සාකච්ඡා මාර්ගයෙන් වෙනස් කළ හැකි දෙයක් ලෙස දිස්වන ආයතනික පසුබිමට කදිම නිදසුනකි). ට්‍රාන්ස්හියුමන්/සුපිරි මානව ෆැන්ටසීන් (‘බිළිඳු ගොවිපොළ / “මගේ” DNA වපුරා ලෝකය බිහි කිරීම’ වැනි අදහස්) ගැලපෙන්නේ ද එම යාන්ත්‍රනයටම. ඒවා යනු ‘ව්‍යතිරේකයක්’ (exception) වීමේ තත්ත්වය තහවුරු කිරීම සඳහා වන ‘ආශාව’ ට අදාළ තවත් උත්සාහයකි — එම අරමුණට අදාලව එය හුදු නීතිමය සම්මතයන්ගෙන් බැහැර වීමක් පමණක් නොව, මානව සීමාවන්ගෙන් (මරණය, සීමිත බව සහ සංකේතීය බාධාවන්ගෙන්) ද බැහැර වීමකි. එනම්, සුපිරි බලවතුන්ට පමණක්ම නිරත විය හැකි ප්‍රමෝදයේ සුවිශේෂී ආකාරයකි (‘අඩුව’/lack මකා දැමීමේ උත්සාහයක් ලෙස ‘සුපිරි මානවයා’ – කප්පාදුවෙන් පැනයාම/castration).

 

 

ලැකාන්ගේ ස්ථිර ප්‍රකාශය වන්නේ ආත්මය (subject) ගොඩනැගී ඇත්තේම ‘අඩුව’ (lack) මත පදනම්ව බවයි. අප කිසිවිටෙකත් සර්ව, සම්පූර්ණ වූ සත්තාවන් (being) බවට පත් නොවේ. ‘සුපිරි මානව’ ෆැන්ටසිය යනු එම ‘අඩුව’ සහමුලින්ම නැති කර දැමීමට ගන්නා උත්සාහයක් ලෙස කියවිය හැකිය. එය සිදු කිරීමේ අයිතිය, දැනුම, හැකියාව, බලය, ධනය ඇත්තේ ඔවුනටය. එසේම, මුළු ලෝකයටම අදාළව මිනිසුන්, සතුන් ගහකොළ ඇතුළු සියල්ලට අදාළ තීන්දු තීරණ ගැනීමේ අයිතිය සහ බලය ඔවුනට ඇති බව ඔවුන් සිතයි. වසංගතයක් ව්‍යාප්ත කර ජනගහනය අඩු කල යුතු බවටත්, ඒ වසංගතයට අදාලව එන්නත් විකුණා විශාල ලාභයක් ලැබිය හැකි බවටත් ඔවුන් තීරණය කර ඇත්තේ එබැවිනි.

 

ඔවුන්ගේ අරමුණු මේ අකාරයෙන් බෙදා වෙන් කල හැකිය:

  • සීමිත බව පරාජය කිරීම (පරම්පරාව පවත්වා ගැනීමෙන් හෝ ජෛව ඉංජිනේරු විද්‍යාව මගින් අමරණීයත්වය ලැබීම),
  • සංකේතීය පිළිගැනීම (සමාජයේ හෝ අනෙකාගේ පිළිගැනීම) මත යැපෙන්නේ නැති පුද්ගලයා බවට පත්වීම,
  • ජීවිතයම පාලනය කළ හැකි ව්‍යාපෘතියක් බවට පත් කිරීම.

 

එබැවින්, මෙම සුපිරි මානව ප්‍රවණතාවය ලිංගික ආර්ථිකයෙන් (sexual economy) වෙන් වූවක් නොවේ — එය එකම ‘ධාවකයේ’ (drive) වෙනත් ප්‍රකාශනයකි. එනම් ශරීරයන්, ප්‍රජනනය සහ ‘සීමාවම’ (limit) යන සියල්ල කෙරෙහි පූර්ණ ආධිපත්‍යය (mastery) පැතිරවීමයි.

 

‘විශ්වවිද්‍යාලීය කතිකාව’ (the university discourse) මගින් අශ්ලීල යටිපැත්තට පිරිසිදු මුහුණුවරක් ලබා දෙයි.  ‘විශ්වවිද්‍යාලීය කතිකාව’ යනු දැනුම (විශේෂඥයන්, සුදුසුකම්, ආයතන) මධ්‍යස්ථ ලෙස පෙනී සිටිමින් බලයට සේවය කරන යාන්ත්‍රණයකි (‘ධනවාදී කතිකාව’ යනු ‘ස්වාමි කතිකාවේ’ සහ ‘විශ්ව විද්‍යාල කතිකාවේ’ විපරීත සම්භෝගයේ ප්‍රථිපලයයකි). එප්ස්ටීන් විසින් ශාස්ත්‍රඥයන් සහ පර්යේෂකයන් සමඟ පැවැත්වූ ගැඹුරු සබඳතා තුල “විද්‍යාත්මක” මාවත මගින් හුදෙක් ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබා දීම පමණක් සිදු නොවේ — එය “සංකේතීය ශුද්ධියක්” (symbolic laundering) ද ලබා දෙයි (එනම් ඔහුව “බරපතල බුද්ධිමතෙකු”, “මහා ජන හිතෛෂියෙකු” හෝ “දූරදර්ශී පුද්ගලයෙකු” ලෙස වෙස්ගන්වයි). විද්‍යාත්මක පසුබිම යනු ආත්මය සහ එම ආත්මයට අදාළ ජාලය විසිරී යාමට නොදී එකට රඳවා තබා ගන්නා සංකේතීය තිරයයි (symbolic screen).

 

ඒ අනුව පෙනී යන්නේ ගෞරවනීය සමාජ පර්යායේ අශ්ලීල අතිරේකය’ වන්නේ එප්ස්ටීන් විසින් පවත්වාගෙන ගිය සංවිධානය බවයි. මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ පොදු සමාජ විනීතභාවය (public decency) සැමවිටම පවත්වාගෙන යනු ලබන්නේ යම් අශ්ලීල යටිපැත්තක් (obscene underside) මගින් බවයි. එප්ස්ටීන්ගේ ජාලය තුළ මෙම බෙදීම ඉතා පැහැදිලිව දැකගත හැකිය:

  • නිල මුහුණුවර: ජනහිතකාමය (philanthropy), ප්‍රභූ සබඳතා ජාලයන්, “බුද්ධිමය” අනාගතවාදය සහ විද්‍යාත්මක අනුග්‍රහය.
  • යටිපැත්ත: මිනිස් ජාවාරම්/අපචාර යාන්ත්‍රණය.

 

“සංක්‍රාන්ති මානව ව්‍යාපෘතිය” යන තේමාව මගින් ප්‍රභූ පැලැන්තිය වෙත ‘ප්‍රගතිය’ (progress) පිළිබඳ කථාන්දරයක් (අනාගතය, ප්‍රශස්තකරණය, විශිෂ්ටත්වය) සපයනු ලබන අතර, එම කතාවට පද්ධතියේ පවතින ‘අශ්ලීල යටිපැත්ත’ සමඟ සහජීවනයෙන් පැවතීමටත්, එපමණක් නොව එම අඳුරු පැත්ත වසා ගැනීමටත් හැකියාව ලැබේ (දෘෂ්ටිවාදය).

 

සුපිරි මානව ෆැන්ටසීන් යනු ධනවාදී දෘෂ්ටිවාදයේ අන්තගාමීම අවස්ථාවයි. එනම්, ධනවතුන් හුදෙක් භාණ්ඩ මිලදී ගැනීම පමණක් නොකරයි. ඔවුන් අනාගතය, ජීවිතය, ප්‍රජනනය සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාම තමන්ට රිසි පරිදි ‘ප්‍රතිනිර්මාණය’ කළ හැකි දෙයක් ලෙස හැසිරවීමේ අයිතිය ද මිලදී ගනිති (එප්ස්ටීන්ගේ “බිළිඳු ගොවිපොළ” (baby ranch) පිළිබඳ සාකච්ඡා, සංක්‍රාන්ති මානව සහ සුපිරි මානවවාදී (eugenic) චින්තනය සමඟ සෘජුවම සම්බන්ධ බව වාර්තා වේ). ධනවාදය තුල ඔවුන්ගේ ද අපගේ ද සැබෑ ජීවිතය ෆැන්ටසිය මත ගොඩනැගී ඇති අතර අප යථාර්තය (reality) තුල ප්‍රමෝදය පවත්වාගෙන යන්නේ එම ෆැන්ටසිය මගිනි. කෙටියෙන් පවසන්නේ නම් යථාර්තය දරා සිටිනුයේ ෆැන්ටසිය මගිනි (එහි හොඳම උදාහරණය විද්‍යාව ක්‍රියාත්මක වන ආකාරයයි). එප්ස්ටීන් ජාලයේ ලිංගික ක්‍රියාවන් ඇතුළු ඔවුන් නිරත වූ සියල්ලට ආදාළව ආත්මයට (subject) දරාගත හැකි දැනුම් ප්‍රමාණය ෆැන්ටසිය විසින් සංවිධානය කරනු ලබයි (මොවුන්ගේ ලිංගික ක්‍රියා, ගැහැණු ළමුන් සහ බිලිඳුන් මරා දැමීම, මිනී මස් අහාර, මිනිස් රුධිරය පානය, වැනි දේ විද්‍යාත්මක දැනුමට අදාළ ෆැන්ටසිය තුල ක්‍රියාත්මක වීම අනීවර්යතාවයකි).  

 

මිනිස් ජාවාරම සහ මෙම මානව ව්‍යපෘති සංකල්පය එකම විශ්ලේෂණයක් තුළට “අයත්” වන්නේ එබැවිනි. මේ දෙකම අනෙක් මිනිසුන්ගේ ශරීර සම්පත් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයන් වේ.

 

ඒ අනුව, නැවතත් අවධාරණය කල යුත්තේ, එප්ස්ටීන් යනු හුදෙක් මුදල් ඇති ලිංගික අපරාධකරුවෙකුට වඩා එහා ගිය අයෙකිය යන්නයි.

 

ඔහු ප්‍රවේශයන් දෙවර්ගයක තැරැව්කරුවෙකි යන්නයි:

  • ‘අශ්ලීල ප්‍රමෝදයට’ ඇති ප්‍රවේශය (මිනිස් ජාවාරම්/අපචාර යාන්ත්‍රණය), සහ
  • ‘සංකේතීය වලංගුභාවයට’ ඇති ප්‍රවේශය (විද්‍යාව, අනාගතවාදය, ප්‍රභූ දැනුම බෙදාහදා ගන්නා කව), මෙහිදී ජෛවවිද්‍යාත්මක ආධිපත්‍යය පිළිබඳ ෆැන්ටසිමය ක්ෂිතිජයක් ද පවතී (DNA පතුරුවා හැරීම, සුපිරි මානව ව්‍යපෘතිය).

 

‘ආශාව’ (desire) සහ ‘ධාවකය’ (drive) අතර ඇති වෙනස මගින් අදහස් කරන්නේ, ‘ප්‍රමෝදය’ නිපදවනු ලබන්නේ “සැබෑ සංතෘෂ්ටියකින්” (pleasure) නොව, යම් නොහැකියාවක් (impossibility) වටා නැවත නැවතත් කැරකීමෙන් බවයි (බලාපොරොත්තු වන ලිංගික සංතෘෂ්ටිය නොලැබීම සහ “සුපිරි මානව ව්‍යාපෘතිය” තුල දිගින් දිගටම කටයුතු කිරීමට හැකි වීම) — එනම් ‘ආශාව’ ව්‍යර්ථ වන තැනදී, ‘ධාවකය’ තෘප්තිමත් වේ. 

 

එය මෙසේ පැහැදිලි කල හැකිය:

‘ප්‍රමෝදයට’ ලක්වීම සඳහා වන මූලික බල කිරීමක් වන්නේ පරිපූර්ණ සංතෘෂ්ටිය ළඟා කර ගැනීමට (වෙන්දේසියේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කුඩා ගැහැණු ළමුන්ගේ යෝනියට ඇඟිල්ල දමා පරීක්ෂා කර මිලදී ගත් බව සඳහන් වේ) සහ එමගින් ‘සත්තාවේ’ පිළිවෙලෙහි පරතරය හෝ “තුවාලය” සුව කිරීම සඳහාය. මෙම ‘ධාවකය’ (drive) සඳහා යම් ආකාරයක බේරුම් කිරීමක් ගෙන ඒමට දරන සදාකාලික හා අශක්‍ය උත්සාහයක් මගින් ධනවාදය තුල මිනිස් තත්වය සලකුණු වී ඇත. 

 

මේ ආකාරයෙන්, ධාවකය කිසි යම් “අතිරික්ත වස්තු” (පරමාදර්ශී අත්දැකීම, ජීවන රටාව, සන්තකයේ තබා ගැනීම යනාදිය) සමඟ සම්බන්ධ වේ (එම ‘ආශාවේ වස්තූන්’ අත්පත් කර ගැනීම සඳහා ධාවනය වීම). එප්ස්ටීන් සිද්ධියට අදාලව නම් ඒ ලාබාල ගැහැණු ළමුන්, මිනී මස් වලින් තැනූ ආහාර, මිනිස් රුධිරය වැනි දේ… සහ සංක්‍රාන්ති හෝ සුපිරි මනුෂ්‍ය ව්‍යාපෘතිය, තම ජාන සහිත සුපිරි මිනිස් පරම්පාරවල් බිහි කිරීම වැනි දේය. ලැකාන්ගේ ‘ආශාවේ වස්තු හේතුව’ (object petit a) අවම වශයෙන්, අර්ධ වශයෙන් වන හෝ සම්පූර්ණයෙන් සපුරාලීම පිළිබඳව පොරොන්දුව දරන නමුත් එය කිසිවිටෙක සම්පූර්ණයෙන් එය එක් වරක් වත් සහ සෑම ආකාරයකින්ම ලබා දිය නොහැක. ‘ආශාවේ වස්තු හේතුව’ ස්ථීර විස්ථාපනයක පවතින අතර සෑම විටම වෙනත් තැනක පවතී. එනම් ප්‍රභූන් ඇතුළු එප්ස්ටීන් වටා කැරකුණු සියලු දෙනාට තව තවත් එහිම ධාවනය විය හැකි වන්නේ එබැවිනි. එනම් ‘ආශාවේ වස්තුව’ (object of desire) අත්කරගන්නා විටම ‘ආශාවේ වස්තු හේතුව’ (object petit a) ඊට නියත දුරකින් පිහිටයි. ‘ආශාවේ වස්තු හේතුව’ යනු අනුභූතික (ඇසට පෙනෙන සැබෑ) ‘අනෙකා’ නොවේ. එය ව්‍යුහාත්මකව පවතින ‘හිස්තැනක්’ වන අතර, එමගින් අනුභූතික අනෙකාව ‘එය’ (it) සඳහා පෙනී සිටින්නෙකු බවට පත් කරයි — එනම්, ප්‍රමෝදය තුල සංතෘෂ්ටිය සම්පූර්ණ කරනු ඇතැයි මවාගත් ඒ ‘දෙය’ (the thing) සඳහා පෙනී සිටින්නෙකු බවට පත් කරයි. 

 

 ඒ තත්වය තවදුරටත් පැහැදිලි කල හැකිය:

ෆ්‍රොයිඩ්ගේ අභාෂය ආරක්ෂා කරන ලකාන්ට අනුව ‘සහජාශය’ (‘instinct’) විසින් මිථ්‍යා පූර්ව භාෂාමය අවශ්‍යතාවයක් හඟවන අතර, ඔහු විසින් ‘ධාවකය’ “ජීව විද්‍යාවේ” ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. එනම් ආශා කරන වස්තුව කරා වන අපගේ ‘ධාවනය’ “මිනිස් ස්වභාවය” (nature) තුල තත්වයක් නොවේ (‘ධාවක’ මෙන්ම ‘ආශාව’ ද “ස්වභාවයේ” තත්වයක් නොවේ). ‘ධාවක’ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවලින් වෙනස් වන්නේ ඒවා කිසිදා තෘප්තිමත් කළ නොහැකි ලෙස වන නිසා වන අතර, ‘වස්තුවක්’ (object) ඉලක්ක කර නොගෙන එය වස්තුව වටා සදාකාලිකව රවුම් ගසයි (එප්ස්ටීන් සිද්ධියේ තොරතුරු විසින් තහවුරු කරන්නේ එයයි). එනම්, ‘ආශාවේ වස්තු හේතුව‘ (‘object petit a’) යන්න අප්‍රාප්‍ය (අත් කරගත නොහැකි) වන අතර ආශා කරමින් සිටිනා ආත්මය ඔහුගේ ‘ආශාවේ වස්තුව’ වෙත ලඟාවෙනවා ද ඉන් ඉවතට පැන දුවනවා ද යන්න ලකාන් සඳහා කාරණයක් නොවන්නේ, මෙම වස්තුව සැමවිටම පවතින සේ පෙනෙන්නේ, ‘ඔහු‘ වෙත (ආශාවේ වස්තුව හඹා යන්නා වෙත) වන සමාන දුරකින් වීම නිසාය. ‘ආශාවේ වස්තුව’ සහ ‘ආශාවේ වස්තු හේතුව‘ අතර වන වෙනස වන්නේ, එනම් ‘ආශාවේ වස්තුව‘ කරා ලං වන කෙනා එයට කොතරම් ආසන්න වනවා ද යන්න අදාළ නොවන්නේ, එහි හේතුව (‘ආශාවේ වස්තුවේ හේතුව’) සැමවිටම ලඟාවන්නා වෙත වන පරතරයකින් පැවතීම සහ කිසි විටකත් අල්ලාගත නොහැකිවීමය. ‘ආශාවේ වස්තු හේතුව’ වෙත ලඟා වුව ද ඉන් ඉවතට පැන දිව්ව ද එය සැමවිටම පවතින්නේ ආත්මයට නියත දුරකිනි. එනම් ආශා කරමින් සිටිනා ආත්මය ඔහුගේ ආශාවේ වස්තුව වෙත ලඟාවනවා ද යන්න හෝ එය වෙතින් ඉවතට පැන දුවනවා ද යන්න සහ ඒ තුල ‘ආශාවේ වස්තු හේතුවේ‘ ස්ථායි වේගය සහ ආත්මය වෙත ඇති පරතරය පවතින්නේ ආශාවේ වක්‍රය තුල වීමය. ‘ආශාවේ වස්තු හේතුව’ යනු මෙම වක්‍ර වීමේ නියෝජිතයාය. ආශාවේ වස්තුව අප හට මුණගැසෙන විට ‘ආශාවේ වස්තු හේතුවෙහි’ අගාධය කොතරම් ද යන්න ගණනය කල නොහැකිය.

 

ලැකාන් විසින් තව දුරටත් තර්ක කොට සිටිනුයේ ‘ධාවකයේ’ අරමුණ ඉලක්කයක් (අවසාන ගමනාන්තයක්) වෙත ළඟා වීම නොව, නමුත් එහි ඉලක්කය ලුහුබැඳ යාම (මාර්ගයම) බවයි (ඉහතින් සඳහන් කල ‘ආශාව’ ව්‍යර්ථ වන තැනදී, ‘ධාවකය’ තෘප්තිමත් වේ යන්නෙහි අර්ථය එයයි). ඒ අනුව එහි ඉලක්කය වන්නේ ලුහුබැඳ යාම වන වස්තුව වටා රවුම් ගැසීමකි. මේ අනුව, ධාවකයේ සැබෑ අරමුණ පූර්ණ සංතෘෂ්ටිය පිළිබඳ මිථ්‍යා ඉලක්කයක් නොව, එහි චක්‍ර මාර්ගයට ආපසු යාම (පුනරාවර්තනීය ලෙස) වන අතර, ‘ප්‍රමෝදයේ’ සැබෑ මූලාශ්‍රය වන්නේ මෙම සංවෘත පරිපථයේ පුනරාවර්තන චලනයයි (මේ පිළිබඳව වැඩිදුර අවබෝධය සඳහා ඉතා දීර්ගව ලිය වී ඇති “සිංහල වැල කතා” කියවන්න). ෆ්‍රොයිඩ් ‘ධාවකය’ නිර්වචනය කළේ අඛණ්ඩව පවතින මූලදාතූන් හතරකින් සමන්විත සමෝධානයක් ලෙස බව ලැකාන් මතක් කර දෙයි. එනම්, පීඩනය, අවසානය, වස්තුව සහ මූලාශ්‍රය යන හතරයි. එබැවින් ‘ධාවකය’ යන්න “යම්කිසි අත්‍යන්ත දෙන ලද්දක්, ආදි කාලික දෙයක් හෝ මූලාවස්ථික (primordial) දෙයක්” ලෙස සංකල්පනය කළ නොහැක. එය සම්පූර්ණයෙන්ම සංස්කෘතික හා සංකේතාත්මක නිර්මාණයකි. ධනවාදය තුල සිදුවන්නේ මේ ක්‍රියාකාරීත්වය ඉතා දැඩි ලෙස සංකීර්ණ වීමයි. එප්ස්ටීන් සිද්ධිය තුලින් නිරාවරණය වන්නේ එම සත්‍යයි (‘ආශාව’ සැමවිටම යම් ඉලක්කයක් ලුහුබඳින අතර එය කිසිවිටෙකත් සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවේ. නමුත් ‘ධාවකය’ යනු එම ඉලක්කය සපුරා ගැනීමට වඩා, එම ඉලක්කය වටා නැවත නැවතත් කැරකීමෙන් ලබන තෘප්තියයි).

 

ලැකානියානු මනොවිශ්ලේෂණයට අනුව ‘සංතෘෂ්ටිය‘ යනු සීමාවන් සහිත, සුවදායක තත්ත්වයකි. නමුත් ‘ප්‍රමෝදය’ යනු එම සීමාවන් ඉක්මවා ගිය, වේදනාකාරී වූත් අතිරික්ත වූත් වින්දනයකි. බලවත් පුද්ගලයන් බොහෝ විට මෙහෙයවනු ලබන්නේ සරල සතුටකට වඩා, මෙම ‘අතිරික්ත ප්‍රමෝදය’ (surplus jouissance) මගිනි.

 

බලවත් පුද්ගලයන් තම බලය භාවිතා කරමින් සිදු කරන ඇතැම් අපරාධ හෝ ක්‍රියාවන්, හුදු අවශ්‍යතාවයකට වඩා මෙම ‘නැවත නැවතත් කිරීමේ’ අනිවාර්ය පෙළඹවීම මත පදනම් වේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ එම ක්‍රියාවේ ප්‍රතිඵලයට වඩා, නීතිය හෝ සදාචාරය උල්ලංඝනය කරමින් ලබන එම ‘අඳුරු වින්දනයයි’ (අනිවාර්ය පෙළඹවීම-compulsion). 

 

මෙහි පවතින උද්යෝගය හුදු සන්තෘෂ්ටියට (pleasure) පමණක් සීමා කළ නොහැක. එය සමාජීය, නීතිමය හෝ සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යාම මගින් තවදුරටත් තීව්‍ර කරනු ලබයි (සීමා උල්ලංඝනය කරන ප්‍රමෝදය-transgressive jouissance). ආත්මයේ ‘ප්‍රමෝදය’ බැඳී පවතින්නේ අසමමිතිය (වයස, අවදානමට ලක්විය හැකි බව, මුදල්, සමාජ බලය) සමඟය. මෙම ක්‍රියාව එක්තරා ආකාරයක ප්‍රදර්ශනයක් බවට පත් වේ. එනම්, “මට මෙය කළ හැකි අතර, ප්‍රසිද්ධ සංකේතීය පර්යාය තුළ මගේ පැවැත්ම එලෙසම පවත්වාගත හැකිය” යන්නයි (අධිපත්‍යයේ ප්‍රමෝදය-jouissance of domination).

 

එප්ස්ටීන් විසින් පවත්වාගෙන ගිය සේවා ආකෘතිය මගින් ‘පුනරාවර්තනය’ (repetition) සඳහා සහය දක්වයි — එනම් නියමිත වේලාවන්, දිනචරියාවන් සහ ‘ස්ථාවර සැපයුම’ — මෙය ධාවකයේ පවතින රවුම් ගැසීමේ ව්‍යුහය (looping structure) සමඟ මනාව ගැලපේ.

 

මනොවිශ්ලේෂණයට අනුව සැබෑ ‘ප්‍රමෝදය’ අත්විඳිය හැක්කේ නීතිය හෝ සීමාව ඉක්මවා යන මොහොතේදීය. ප්‍රභූවරයෙකුට සාමාන්‍ය දෙයකින් නොලැබෙන තීව්‍රතාවයක් මෙම “තහනම්” ක්‍රියාවන්ගෙන් ලැබෙන්නේ එය නීතියට එරෙහිව කරන අභියෝගයක් වන බැවිනි. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ වින්දිතයා සූරාකන අතරම, සමාජය ඉදිරියේ තමන්ගේ “ගෞරවනීය” ප්‍රතිරූපය (symbolic identity) නොවෙනස්ව තබා ගැනීමට ඔහුට ඇති හැකියාවයි. මෙය බලයේ උච්චතම අවස්ථාවයි (සංකේතීය පැවැත්ම රැකගැනීම). හිට්ලර්ගේ නාසි ව්‍යාපෘතිය මෙහිම වෙනස් තත්වයකි.

 

‘ආශාව’ සහ ධාවකය අතර වෙනස තුල, ‘ධාවකය’ යනු එම ක්‍රියාවම නැවත නැවතත් කිරීමේ ව්‍යුහයකි. ජාවාරම් ජාලයක ඇති “ක්‍රමවත් බව” මගින් පුද්ගලයාට මෙම පීඩාකාරී වින්දනය තුළ දිගින් දිගටම සිරවී සිටීමට මග පාදයි (සත්තකින්ම ධනවාදයේ සියලු දෙනා ක්‍රියා කරන්නේ මේ ආකාරයෙනි. වෙනස වන්නේ ඔවුන්ගේ යක්ෂමය මාත්‍රාව අඩු වැඩි වීම පමණි).

 

 

බලයේ පවතින පුද්ගලික ප්‍රමෝදය යනු දෘෂ්ටිවාදයෙන් (ideology) බැහැර වූවක් නොවේ. එය දෘෂ්ටිවාදය විසින්ම තමන්ව නැවත නිෂ්පාදනය කරගන්නා එක් ක්‍රමයකි. මන්ද, ප්‍රභූ ආත්මයේ ප්‍රසිද්ධ නීත්‍යානුකූලභාවය (public legitimacy) රඳා පවතින්නේ ඔහුට රහසිගතව කළ හැකි දේ මත පදනම් වූ ‘පරපෝෂිත’ සබඳතාවයක් මත බැවිනි (නීතියේ පවතින අශ්ලීල අතිරේකය). ප්‍රභූවරයෙකුට සමාජය ඉදිරියේ “ගෞරවනීය” සහ “නීතිගරුක” ලෙස පෙනී සිටීමට ඇති හැකියාව පෝෂණය වන්නේ ඔහු සතු රහසිගත බලය සහ ‘ප්‍රමෝදය’ හරහාය. එනම්, ඔහු ප්‍රසිද්ධියේ නීතියට ගරු කරන්නේ ඔහුට රහසිගතව නීතිය ඉක්මවා යාමට ඇති හැකියාව නිසාය (පරපෝෂිත සබඳතාවය).

 

පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එය දෘෂ්ටිවාදයකි. සත්තකින්ම මූලධර්මවාදයකි. ඒ අනුව, දෘෂ්ටිවාදය යනු හුදු “ප්‍රසිද්ධ නීති” මාලාවක් පමණක් නොවේ. එම නීති සැබෑවටම බලවත් වන්නේ ඒවා කඩ කිරීමට පවතින “අශ්ලීල” අවස්ථාවන් නිසාය. පද්ධතිය විසින්ම මෙම රහසිගත ‘ප්‍රමෝදයට’ ඉඩ ලබා දෙන්නේ, එමගින් බලධාරීන් අතර රහසිගත එකඟතාවයක් සහ පක්ෂපාතීත්වයක් ගොඩනැගෙන බැවිනි.

මෙහිදී දැඩිව අවධාරණය කල යුතු කරුණක් තිබේ. එනම්, ප්‍රභූවරයෙකු රහසින් කරන අපරාධයක් යනු පද්ධතියේ “දෝෂයක්” නොව, පද්ධතිය පවත්වාගෙන යන පදනමම බවයි. (ධනවාදය ක්‍රියාත්මක වන්නේ එසේය). ඔහු රහසින් කරන දේ ඔහුට ප්‍රසිද්ධියේ “බලවන්තයෙකු” ලෙස පෙනී සිටීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ මනෝවිද්‍යාත්මක තල්ලුව (මනෝ විද්‍යාව හෝ ධනාත්මක චින්තනය ධනවාදයට ජවය ලබා දේ) ලබා දෙයි.

ලැකානියානු මනොවිශ්ලේෂණයට අනුව, වින්දිතයා හුදු ‘වස්තුවක්’ (object) ලෙස පමණක් නොසලකයි (මක්නිසාද යත්, එසේ කිරීමෙන් එම පුද්ගලයා අමානුෂිකකරණයට ලක්වීමේ ක්‍රියාවලිය නැවත සිදුවීමට ඉඩ ඇති බැවිනි). ඒ වෙනුවට, එය විශ්ලේෂණය කරන්නේ අපරාධකරුගේ ‘ආශාව’ විසින් අනෙක් පුද්ගලයාව තම ෆැන්ටසිය තුළ පවතින ‘කාර්යයක්’ (function) දක්වා ඌනනය කරන්නේ කෙසේද යන්නයි (නැවතත් අවධාරණය කල යුත්තේ ධනවාදය තුල සියලු නිෂ්පාදන සබඳතා, එනම් මිනිස් සබඳතා අඩු වඩු වශයෙන් මෙසේ ක්‍රියාත්මක බවය).

 

 

FBI ආයතනය, නීතිපති දෙපාර්තුමේන්තුව සහ බලවතුන් එකතුව මේ සංවිධානයට අදාළ තොරතුරු එලියට පැමිණීම වළක්වමින් තිබේ. එය එප්ස්ටීන්ට සහ මැක්ස්වෙල්ට පමණක් අදාළ ලිංගික අපරාධයක් පමණක් බව පෙන්වීමට උත්සාහ දරමින් සීටී.

 

@ ස්පාටකස් ලිපි

උපුටාගැනීම - https://www.spartacus.lk/2-14/2026/

නවතම ලිපි