SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන්

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ.

 

 

 

සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ හට ලිඛිතව දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මේ බව දැනුවත් කර ඇත.

 

 

සලේට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥවරයාට හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරි සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර, ඊට පිළිතුරු ලබා දෙමින් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මේ බව දැනුවත් කර තිබේ.

 

SCN_20260613_045310-1.jpeg

SCN_20260613_045310-2.jpeg

අදාළ ලිපිය මගින් CID අධ්‍යක්ෂකවරයා දන්වා ඇත්තේ, සුරේෂ් සලේ මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවය.

 

එමෙන්ම නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමිවී සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත්, අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් CID අධ්‍යක්ෂවරයා මනෝරි සලේට අදාළ ලිපිය මගින් දන්වා තිබේ.

 

 

 

ඒ අනුව, සලේගේ නීතිඥවරයාට සෑම බදාදා දිනකදී පමණක් සලේව හමුවීමට ඉඩ ලබා දිය හැකි බවත්, පවුලේ සාමාජිකයින් වන බිරිඳ, දියණිය සහ පුතාට දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින් නීතිඥවරයාට දෛනිකව හමුවීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් CID අධ්‍යක්ෂවරයා අදාළ ලිපිය මගින් මනෝරි සලේට වැඩිදුරටත් දන්වා ඇත.

 

 

 

මනෝරි සලේගෙන් ප්‍රතිචාරයක්!

කෙසේ වෙතත්, ශානි අබේසේකරගේ මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් මනෝරි සලේ විසින් ජුනි 14 වැනිදා CID අධ්‍යක්ෂවරයා වෙත යළිත් ලිපියක් යොමු කර තිබේ.  

 

 

එමගින් ඇය දැඩිව චෝදනා කරන්නේ, සිය සැමියාගේ උපවාසය අහඹු ලෙස සිදුවූවක් නොවන බවත්, එය CID නිලධාරීන්ගේ පාලනය යටතේදී ඔහුට විඳීමට සිදුවූ ශාරීරික, මානසික සහ චිත්තවේගීය පීඩාවල සෘජු ප්‍රතිඵලයක් බවයි.  එසේම නීතිඥ සහාය ලබා ගැනීම මූලික නෛතික අයිතිවාසිකමක් මිස රඳවා තබා ගන්නා අධිකාරියේ අභිමතය පරිදි ලබා දෙන හෝ වළක්වන වරප්‍රසාදයක් නොවන බවත්, සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට සහ රෝහල්ගත කිරීමට CIDය සහ එහි නායකත්වය වගකිව යුතු බවත් ඇය එම ලිපිය මගින් අවධාරණය කර ඇත.  

 

 

මාස දෙකකට ආසන්න කාලයක් තුළ ඔහුව ප්‍රශ්න කර ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණක් බැවින්, මෙම රඳවා තබා ගැනීම නීත්‍යානුකූල විමර්ශන මෙවලමකට වඩා පීඩනයක් එල්ල කිරීමේ යාන්ත්‍රණයක් බවට පත්ව ඇති බවද ඇය වැඩිදුරටත් චෝදනා කර තිබේ.

 

 

(මූලාශ්‍රය - අරුණ පුවත්පත සහ අදාළ ලිපි)

නවතම ලිපි