SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උතුරු සහ නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය යනු ඉදිරි මැතිවරණයකදී දකුණේ  පාවෙන තරුණ ඡන්ද මෙන්ම බලපෑමක් සිදු කෙරෙන තීරණාත්මක ඡන්ද වේ.

ලංකා මැතිවරණ  ඉතිහාසයේ පෙර අවස්ථාවන්හිදී ද උතුරු නැගෙනහිර ඡන්ද ජනපති අපේක්ෂකත්වයන්ගේ (2005 - රනිල් වික්‍රමසිංහ පරදා මහින්ද රාජපක්ෂ ජය ගැනීම) ජයග්‍රහණය තහවුරු කර ඇත.

 

මේ වනවිට දෙමළ මුස්ලිම් ජනවර්ගයන්ට අදාළ දේශපාලන නායකත්වයන් විවිධ ආකාරයෙන් තම පක්ෂ හා එක්කරගන්නට දකුණේ දේශපාලන පක්ෂයන්හි  සැළසුම් සකස් කෙරෙන අතර මෙතෙක් දිනක් එම දේශපාලන පක්ෂ රැඳුනේ සමගි ජන බලවේගය වටා බවද සැලකිල්ලට ගත යුතුය.

 

උතුරු

 

|එහෙත් මෑතකදී සජබ සඳහා එක්වුනු පොදුජන පෙරමුණෙන් ඉවත්වූ ජාතිවාදී අදහස් වලින් පෝෂණය වූ  පිරිස් නිසාම මෙම සුළු පක්ෂ නායකයින් ක්‍රමයෙන් සජබයෙන් ඈත් වෙමින් ඇති බවක් පෙන්නුම් කෙරෙන අතර එහි සම්පූර්ණ වාසිය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සුක වී ඇත.

 

ඒ  ඔහුගේ ඉතිහාස කතාව තුළ වරක් ඔහුට ජනාධිපති තනතුර අහිමි වන්නට පාදක වූයේ උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය බව මතකයේ රැඳී ඇති නිසා විය හැකිය.

 

Uthura

 

|දැන් මේ වනවිට සතියක කාලයකට වික්‍රමසිංහ ජනාධිපතිවරයා උතුරු ප්‍රදේශයට ගොස් ඇති අතර විශේෂයෙන්ම මෙහිදී දේශපාලන පක්ෂ නායකයින් හමුවීමකට වඩා උතුරේ ව්‍යාපාරිකයින්, සිවිල් සමාජ සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව හමුවීම සහ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගෙන තිබීම විශේෂත්වයකි.

 

මන්ද ක්‍රම ක්‍රමයෙන් උතුරේ ජනතාවද තමාට බොරු පොරොන්දු දෙමින් ස්වකීය බලය රැක ගන්නා තම  දේශපාලන නායකත්වයන් පිළිබඳ විරෝධාකල්පයකට යමින් තිබෙන නිසාය.

 

|මේ අතර පසුගියදා උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත..

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ  උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවය.

 

යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර ඇත..

 

උතුරු 2

 

 

එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද පවත්වා ඇතැයි වාර්තා වේ.

 

|යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.ශ්‍රී.සට්කුනරාජා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය අදාළ සාකච්ඡාවට එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි.

 

එහි දී යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්ම ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

 

නවීන තාක්ෂණය සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසී භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමුකර කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන්ව ඇත.

 

මේ කෙසේ වුවද මේ වනතෙක් ජයග්‍රහණය කළහැකි යැයි සිතෙන ජනාධිපතිවරණයක් වෙනුවෙන් පසුබිම සකසනු විනා ජනාධිපති වික්‍රමසිංහ තම තරඟකිරීම පිළිබඳ නිශ්චිත නිවේදනයක් මේ දක්වා සිදු කර නැත.