SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය පල කරමින්  

සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාව රැගෙන යාමේ වැරදි ක්‍රියාවලියක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සඳහන් කරයි.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සහ තමාගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අදහස  පරස්පර නොවන බවත්  එම ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි නොකිරීමෙන් සජිත් ප්‍රේමදාස විශාල වරදක් සිදුකරන බව ගොඩහේවා කියා සිටියි.

 

|ඉදිරි සමග ජන බලවේග ආණ්ඩුවකදී  තමාට මුදල් ඇමති ධූරය ලැබෙණු ඇතැයි සිතමින් සමගි ජන බලවේගයේ ඇතැමුන්ට හෘදයාබාධ ඇතිවන තත්ත්වයක් පැන නැගී ඇති බවද ඔහු කියයි.

 

නාලක ගොඩහේවා යනු වියත් මගේ ප්‍රධාන භූමිකාවක් දරමින් හිටපු ජනාධිපති ගෝඨාභයට බොහෝ උපදෙස් ලබාදුන් මන්ත්‍රීවරයෙකි.

එවක ආණ්ඩුවේ ආයතන ප්‍රධානීන් පත්කිරීමේ සිට බොහෝ තීන්දු තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් වියතෙකු ලෙස ඔහුව හඳුන්වයි.

 

නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා ඉහත ප්‍රකාශ සිදු කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමිනි.