SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අලි ප්‍රශ්නයක් කිව්වට මොකද මේක අලි පාටියෙ දැන් ඉන්න නායකයාගෙ කාලය පුරාවටම තිබ්බ ප්‍රශ්නයක්ලු මේක.

ඒ තමයි අලි පාටියෙ ලොකුම පට්ටමක් අපේක්ෂාවෙන් හිටපු කොළඹ මහ අලියකුට පක්ෂයෙන් නිසි තැන නැති එකේ කළකිරීම.

 

දේශය ගොසිප් තීරයෙයි  මේ ගැන කියල තිබුණෙ.

 

හිරු වගේ බැබලෙන ලෝකෙ හොඳම ඇමැතිකමක් කළා කියන මේ මහ අලියට රටේ මහ තැනගෙ ඡන්ද ව්‍යාපාරෙ සුදුසු තැනක් දීල නැහැ කියලයි මේ කළකිරීම කියල තමයි සඳහන් වෙලා තිබුණෙ.

 

“පක්ෂයෙ මේ සේරම තනතුරු එක්කෙනකුටම දීමත් මෙයාට ලොකු ප්‍රශ්නයක්ලු... ඒ හින්දා ඉදිරි ජනාධිපතිවරණ සටනෙදි තමන් ලොකු ලොක්කන්ට ඕන කුදයක් ගහගන්න කියලා පැත්තකට වෙලා ඉන්න තීන්දු කළා කියල එයා තමන්ගෙ සමීපතම යාළුවන්ටත් කියල සද්දෙ වහල ඉන්නලු යන්නෙ...” 

 

මෙයාගෙ මේ විරෝධයට අලි පාටියෙ ඉහළ තනතුරු දරන තවත් දෙතුන් දෙනෙක් සහාය දක්වමින් ඉන්න බවත් ආරංචියි.

 

(ආරංචිය දේශය ගොසිප් )

#Gossip