SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් 

සිරස නාලිකාවේ ඉලක්කය වැඩසටහන සමග එක්වෙමින් දැක්වූ අදහස්..

 

“අරගලයෙන් පස්සෙ බිම් මට්ටමේ ඉන්න දේශපාලකයෙක්  විදිහට මටත් දැනිල තියෙනවා බඩු මිල වැඩිවීමත් එක්ක ජනතාව විඳින අපා දුක..මට හොඳට දැනිල තියෙනව, මොකද මම නාගරික වතු නිවාසවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නිසා.

ඔවුන්ට මොහොතක් ආව පහුගිය අව්රුද්දක විතර කාලයක් උද්ඝෝෂන වැඩවර්ජනවලට යන එකට වඩා තව රැකියාවක් කරල හරි තව කීයක් හරි හොයාගන්න ඔින කියල.”.

 

|ඔබට මේ සමාජෙ එක පැතිකඩක් කියනවානම්, දැන් කොළඹ නගරයෙ වතු නිවාසවල ජනතාව හොඳට තුන්වේල කාල දවසකට තුන්හාරදාහ හම්බ කරගෙන හිටපු මිනිස්සු. ඔවුන් පරිවර්තනය වෙනව උදේටයි දවල්ටයි එකතු කරල එක වේලක් කන්න හොදියි බතුයි. පාන් රාත්තල ඔවුන්ට සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්වෙනව, මොකද පාන් රාත්තලක් ගත්තොත් දෙන්නෙක්ටයි කන්න පුළුවන්, ඒකෙන් හාල් කිලෝවක් ගත්තොත් හය දෙනෙක්ට කන්න පුළුවන් තත්වය නිසා.

 

ඉරිදට කුකුල් මස් කිලෝවක් දෙකක් ගෙනිච්ච පුද්ගලය මාසෙකට කුකුල් මස් කිලෝවක් ගෙනියන තත්වයට පරිවර්තනය වෙලා.

 

වතුර බිලයි, කරන්ට් බිලයි ගෙව්වට පස්සෙ දරුවන්ට කන්න දීල, ස්වාමි පුරුෂයට කන්න දීල අම්මල බඩගින්නෙ ඉන්න තත්වයට සමාජය පරිණාමය වෙලා තියෙනවා. එනිසා මිනිස්සුන්ගෙත් මානසික මතයක් ආව අනවශ්‍ය වැඩ වර්ජන උද්ඝෝෂණවලට අපිට යන්න වෙලාවකුත් නැහැ, ඒව ඔිනත් නැහැ, අපි තව කීයක් හරි හම්බ කරල කාල ඉන්න ඔින කියල.

 

|දැන් මම හිතන්නෙ සීමාව ඉක්මවල තියෙන්නෙ. මම අපේ පක්ෂය ඇතුලෙ මේ පිළිබඳව සංවාද කරල පැහැදිලි කරල දීල තියෙනවා, දැන් අපි එළියට බහින්න ඔින.. තවදුරටත් කට වහගෙන මිලිටරි බලයට බයවෙලා ඉන්න බැහැ..

 

මොකද මේ පීඩනය සම්බන්ධයෙන් තේරෙන්නෙ නැත්නම්.. මේ පීඩනය සම්බන්ධයෙන් ඇහුන්කන් දෙන්නෙ නැත්නම්.. අවම තරමෙ ජනාතාවට තමන් විඳින පීඩනය සම්බන්ධයෙන් අදහස් දක්වන්න තියෙන අයිතියට බාධා කරනවානම්..අපි විපක්ෂය විදිහට ජනතාව පාරට බස්සන එකට  නායකත්වය දියයුතුයි..

ඒක මේ මාසෙ ඉඳල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනව.