SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතදී  ලබා දුන්  තීන්දුවේ වධහිංසා කිරීමේ වරද සැලකිල්ලට ගෙන

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව  වහාම නඩු පවරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතිඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

 

වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සහ බණ්ඩාර ඇතුළු වගඋත්තරකරුවන් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ නීතියේ සමාන ආරක්ෂාව ප්‍රතික්ෂේප කළ අත්තනෝමතික පරිපාලන ක්‍රියාමාර්ග මගින්  හිටපු හමුදා සෙබළෙකුගේ වධහිංසාවෙන් නිදහස් වීමේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සුමංගල එෆ් බණ්ඩාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පසුගියදා  ඒකමතිකව තීන්දු කළේය.

 

ඉන් අනතුරුව, අභිනවයෙන් පත් වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට (NPC) සහ අනෙකුත් අදාළ බලධාරීන්ට නියෝග කළේය.

 

|දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ වැඩ බලන අතරතුර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ නොහැකි බැවින් වැඩබලන පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දීම නීතිපතිවරයාගේ යුතුකම බව නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යවමින් නීතීඥ එකමුතුව දන්වා ඇත.

 

නීතීඥ සාමූහිකය වෙනුවෙන් රියන්සි අර්සෙකුලරත්න, උපුල් ජයසූරිය, ජෙෆ්රි අලගරත්නම්, ඩිනාල් පිලිප්ස්, සාලිය පීරිස්, නලින් දිසානායක, ඇතුළු ජනාධිපති නීතීඥවරුන් පිරිසක් සහ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය දීපිකා උඩගම, නීතිඥ මනෝජ් නානායක්කාර සහ අමිල මහවත්ත යන මහත්ම මහත්මීන් එම ලිපියට අත්සන් තබා ඇත.

 

 

@ලක්මාල් සූරියගොඩ

Dailymirror