(කොටස 01)
නැගෙනහිර ආසියානු කොම්පැනිය (East Indian Comapany) හෙවත් යුරෝ-ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක්
දකුණු ආසියාව ම දේශපාලනාර්ථිකව පාලනය කිරීම උදෙසා ඉන්දියානු බිමෙහි නිල වශයෙන් ස්ථාපිත වූයේ යුරෝපයේ වැඩවසම් යුගයේ අවසන් කාල පරිච්ඡේදය හා යාවන ක‍්‍රි.ව. 1600යේ දී වුවත්, එංගලන්තයේ කාර්මික විප්ලවය(Industrial Revelution) සිදුවී එහි නූතන විද්‍යාත්මක සොයාගැනීම් විසින් යුරෝපයේ වැඩවසම්-නිෂ්පාදන-උපකරණ (Fudal Means of Production) ධනේෂ්වර-නිෂ්පාදන-උපකරණ (Capitalist Means of Production) බවට සෘජුවම වෙනස් වීම ද, සමාජ ක‍්‍රමයක් වෙනස් කළ හැකි එම කාර්මික විප්ලවයේ (Industrial Revelution) ප‍්‍රතිලාභ එංගලන්ත බිමෙන් හටගෙන කෙමෙන් යුරෝ රටවල් සහ එංගලන්තයට යටත් විජිත වූ රටවල් කරා ව්‍යාප්ත වීම ද සිදුවුණේ 1750-1840 යන කාල පරිච්චදයේ දී ය. ඒ නිසා, එංගලන්තයෙහි බිහිවූ මේ නූතවාදී ධනේෂ්වරය (Modern Capitalism) ලෝක ක‍්‍රම-පද්ධතියක්(World System) ලෙස වර්ධනය වෙමින් අධිරාජ්‍යවාදී ස්වරූපයකින් හෝ දකුනු ආසියානු කලාපය තුළ ද මුල් බැසගැනීම ආරම්භ වූයේ 1790 පටන් ය.
ඒ සමඟ ම ලොවට අදාළ ධනේෂ්වර ඉතිහාසයෙන් කොටසක් හෝ දකුණු ආසියාව තුළ පිළිසිඳ ගැනීම පරක්කු කරන බාධාවන් දකුණු ආසියානු බිමෙන් ම හටගත් නිසා මේ කලාපයේ ධනේෂ්වරය පද්ධතියක් ස්ථාපිත කිරීමට බාධා දෙන අභියෝග නිතර පැවතුනා. අදටත් පවතිනවා. දකුණු ආසියානු සමාජ විද්‍යාඥ්ඥයින් අති-සුළුතරයක් මෙම වාද-විෂය සම්බන්දයෙන් ප‍්‍රමාණික ප‍්‍රතිචාර ලබා දී ඇතත්, ඒ අදහස් ද දකුණු ආසියානු සමාජය ගොඩනැගීමේ දී ”බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සමඟ ද්වීපාර්ශවීය සබඳතා ඇතිකරගැනීමේ වැදගත්කම” ප‍්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගොස් නොමැති බව දැකිය හැකිය.
අනෙක් පැත්තෙන් දකුණු ආසියාව තුළ පවතින නූතන අත්දැකීම් අරුත් දැක්වීමට යාමේ දී වැඩිපුර සිදුවූයේ, ”ආදිවාසී”,”ස්වදේශීය” හෝ ”ආවේනික” බඳු වරිගවාදී, ජාතිවාදී සහ මූකලන්වාදී සංකල්ප මත රඳාපවතිමින් බිත්තියක් පිටුපසට හේත්තු වී දක්වන අදහස් සහ ප‍්‍රතික‍්‍රියා දැක්වීම් සිදුවීම යි. ඒත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය තුළ සිටින අතලොස්සක් තරම් ඉතිහාසඥ්ඥයන් එකී ධනේෂ්වර නැඹුරුව දුටුවේ, නිදහස හා ස්වයං-නිර්ණය ලබාදෙන ප‍්‍රපංචයක් ලෙසට යි. මන්ද ලෝකයේ අනෙකුත් පෙදෙස් තුළ ධනේෂ්වරය වර්ධනයන් සීමා නොකළ ආකාරයෙන් ම ඉන්දියාව හෝ වෙන ඕන ම දකුණු ආසියාතික පෙදෙසක් තූළත් ධනේෂ්වර ආර්ථික සබඳතා මෙහෙයවීමට ස්ව-අයිතිය සහ හැකියාව පැවතිණි. නිදහස් සටන ජය ගන්නට පෙරත් ඉන් පසුවත් ධනවාදයේ ව්‍යාප්තයට ඉතා ස්වාධීන ඉඩ හසරක් පැවැතිණි.
නමුත් ලෝකයේ ධනවාදය නූතනත්වය(Modernity) සිට නව-නූතනත්වය(Neo-Modernity) දක්වා මාරු වී ඇති 21 වන ශත වර්ෂයයේ අද දවස වන විට, විසිවන සියවසේ දී නවීකරණය වූ නූතනවාදී දකුණු ආසියානු ආයතන සහ ව්‍යුහයන් බොහොමයක් ගෝලීය ධනේෂ්වර බලවේග තුළ තම භූමිකාව තහවුරුකරගනිමින් නව-නූතන තත්වයට(Neo-Modern Condition) පත්වෙමින් පවතින ආකාරයක් දැකිය හැකිය.
ඉන්දියාවේ පැවති වරිග ලක්ෂණ අතහැර ගොවි ආර්ථිකයේ පවතින චරිත ලක්ෂණ වැඩිපුර මතුවීම හෝ සාමාන්‍ය තත්වයට පත්වී ම සිදුවූයේ ද 19 වන ශත වර්ෂයේ මැද භාගයේ පමණය. එය ද ලෝක ආර්ථිකය තුළ සිදුවූ වෙනස්වීම් වල ප‍්‍රතිපඵලයක් නිසා සිදු වූවක් මිසක ඉන්දීය මහ පොළොවෙන් ස්වීයව ම වෙනසක් අපේක්ෂා කළ නිසා සිදු වූවක් නොවේ. මෙය දකුණු ආසියාට ම ද අඩු වැඩි වශයෙන් පොදු සාධකයකි. ඒ නිසා පූර්ව ධනේෂ්වර බැමි අතහැරීම හෝ ධනවාදයේ දියුණු ගතිකත්වයන් ආදේශ කරගැනීම හෝ ඉන්දියාව ඇතුළු දකුනු ආසියාව ස්ව-කැමැත්තෙන් නොකලක් වන අතර, ඊට මන්දගාමී බවක් පමණක් දක්වමින් ම පවැතුනේ එංගලන්තයෙන් නිදහස දිනාගැනීමේ අපේකෂාවෙන් සිටි නිසා ම නොවේ. දකුණු ආසියානු සම්ප‍්‍රදායික පොළව නූතන ධනවාදී ගතිකත්වයන්ට සාපෙක්ෂව ගත්කල අති විශාල ලෙස පසුගාමී සමාජයන්වල නිර්මිතයක් වූ නිසාවෙනි.
එනයින් අදටත්, නූතන ධනවාදයට සේම නව-නූතන ගෝලීය ධනවාදයට ද දකුණු ආසියාව තූළ විවිධාකාරයේ වරිග, කුලය සහ ජාති ප‍්‍රධාන කරගත් බමුණු ප‍්‍රභූවාදයන් සහ ග‍්‍රාම්‍ය වරිගවාදයන් සමඟ නිරන්තරව ගැටෙන්නට හෝ සම්මුති ඇතිකර ගනීමට පවා සිදුව ඇත.
එහිදී දකුණු ආසියානු කලාපයටත් වඩා වේගයෙන් ධනේෂවරකරණයට ලක් වූ ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිවානය බඳු නැගනහිර ආසියානු රටවල් තිබිය දී 2016 වසරේ බැංකුකරු සංවිධානය හෙවත් බැන්කර් සංවිධානය නැමති ලෝක ආයතනය විසින් එවකට ශ‍්‍රී ලාංකීය මුදල් ඇමති රවී කරුණානායකව මුළු ආසියානු පැසිෆ්ක් කලාපය ම ආවරණය වන හොඳම-මුදල්-ඇමතිවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම අතිශය අහම්බයකි.
එහෙත් කාරණාව වන්නේ, ඒ අහම්බයෙන් ලක් කොදෙව්ව ප‍්‍රයෝජනයක් ගත්තා ද යන්න යි. ඒ වෙනුවට සිදුවූයේ මුදල් ඇමති පුටුවට ලොබ බැඳි වෙනත් පොතේ ගුරන්ගේ ද, නිතර ම රටේ දේශපාලය කිති කවන මූලය ආර්ථික විද්‍යාව නොදත් ආර්ථික සංවර්ධන විරෝධී වරිගවාදී, ජාතිවාදී සහ කල්ලිවාදී බලවේග ද එකතුවී, බැංකුවල භාරකාරත්වය රවීගේ අමාත්‍යාංශයට අහිමිව තබෙන වටපිටාවක දී පවා, වෙනත් පාර්ශවයක් විසින් කරන්නට යෙදුනු බැංකු මගඩියක් ඔහුගේ කරපිට මත දමා, ඔහුට මුදල් ඇමති තනතුරින් ඉවත්ව යන තැනට බලකෙරෙන තත්වයක් ඇතිකිරීම යි.
මේ වන විට ඔහු ඒ බැංකු මගඩි වාද-විෂයට අදාළව අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් ජයගෙන ඇති නිසා මෙය මෙසේ මාධ්‍යකින් කියාපෑමට අපට නිදහස් ඉඩකඩක් ඇතිවී තිබෙන නමුත්, ඔහු මුදල් ඇමති තනතුරේ නොසිටි පසුගිය වසර 07ට ආසන්න කාලය තුළ ලංකාවේ ආර්ථිකයට (විශේෂයෙන් මූල්‍යාර්ථිකයට) සිද්ධවිය යුතු උපරිම නස්පැත්තිය සිදුකරගෙන රට ලෝකයේ දුප්පත්ම රටවල් අතර ප‍්‍රපාතයට ඇද වැටීම සිදුවී හමාර ය.
බොහෝ සාහිත්‍යමය විෂයන් තුළ පරිකල්පනය මෙහෙයවා කටින් බතලකොල හිටවිය හැකි නමුත්, ආර්ථික-විද්‍යා විෂය තුළ විෂය අවබෝධය නොමැතිව කටමැත දෙඞීම් සහ නූගත් තීරණ ගැනීම් සිදුකළ විට රට ප‍්‍රායෝගිකව ම ආර්ථික ප‍්‍රපාතයකට ඇද වැටෙනවා ම ය.
යහපාලන ආණ්ඩුව පැවති සමයේ එක් දිනක දැන් මූල්‍යාර්ථිකයේ මහදැනමුත්තා සේ පෙනී සිටින හර්ශ ද සිල්වාගෙන් රට මූල්‍යාර්ථික අර්බුදයකට යමින් තිබෙනවාදැයි ඇසූ කල්හි එදා ඔහු ”එසේ නොවේ” යැයි පැවසීම යනු කුමක්ද? එය පොදු ජනයාගේ ආර්ථික නොදැනුවත්භාවය ගසාකෑමකි. එය තමන් සාහිත්‍යමය පරිකල්පනයට ගොදුරු නොවී ජනයාව ඊට ගොදුරුවන්නට සැලැස්වීමකි.
එලෙසම ඒ කාලයේදීම පොහොට්ටුව නම් දේශපාලන වරිගපූට්ටුව විසින් ගාලූමුවදොර පිටිය ජනකායගෙන් පුරවා සංදර්ශනාත්මකව පැවැත්වූ යහපාලන ආණ්ඩු විරෝධී රැස්වීමකදී එවකට මහින්දගේ බලූගැත්තරයා වී සිටි කලක් ජේවීපියට ජුදාස් වූ විමල් වීරවංශ විසින් රටේ ආර්ථිකය ගලවා ගන්නා ”සිංහ-කොඩිය” මහන්ද රාජපක්ෂ යැයි කියා පෑම යනු තම සාහිත්‍යමය පරිකල්පනයක් කර ඊට ම ගොදුරුවී ජනයා ද ඒ ගෙඟ්ම ගිල්වා රෙදි ගලෝගෙන ම එකට ගෙඟ් නැටීමකි.
රටේ හැටනව ලක්ෂයක බහුතරයක් ද එකතුකරගෙන මේ නටපු නාඩගම කූටප‍්‍රාප්තියට පත්වුයේ ”වැඩ කරන රටක්” නැමති සාහිත්‍යමය පරිකල්පනීය තේමාව(Imaginary Literary Theme)යටතේ ”වැඩකරන අපේ විරුවා” යන සාහිත්‍යමය පරිකල්පනීය පුද්ගලභාවයක් සහිත ජනාධිතිවරයෙක් පත්වීම යි. ලක් කෙදෙව්වට සෘජුවම බලපාන නව-නූතන ගෝලීය ආර්ථිකය(Neo-Modern Global Capitalism) පිළිබඳ විෂය දැනුම කළඳක්වත් නැති සොල්දාදු මිනිසෙකු විසින් තමන් රටේ ආර්ථිකය හදනවා යැයි අවංකවම හිතෙන් හිතාගෙන සිටියත්, ආර්ථික විෂය තුළ විෂය නොහදාරා පරිකල්පනීය සාහිත්‍ය අදහසක් ක‍්‍රියාත්මක කිරීමට යෑමෙන් සිදුවන්නේ විනාශයක් ම ය.
ඉතිං අවසානයේ දී, එම පරිකල්පනීය ප‍්‍රතිරූපය කරලියට ගෙන ආ වියත්මග නම් ජාතික පූට්ටුවේ වෘත්තීය ගොබ්බයන් (දැන් ආ ගිය අතක් නැත) ද, සැබෑ ගොඨා නොවන ගෝඨාගේ පරික්ලපනීය ප‍්‍රතිරූපයක් ජනාධිපති පුටුවේ වාඩිවී සිටින බව ගණු දෙනු දෙක තුනකදී ම දැන හඳුනාගත් අජිත් නිවාන් කබ්රාල් නැමති වසලයා ද එකතුවී, රටේ මව්-ආර්ථිකය ගැන කිසිදු හෘදසාක්ෂියක් නොමැතිව මගඩි හැටහුටාමාරක් ගසා රටේ මූ්‍යාර්ථික පද්ධතිය ඉතා කෙටි කලකින් අර්බුදයක සිට ව්‍යසනයක් කරා ගෙනගොස්, ශ‍්‍රීලනිප සිංහල ඔන්ලි වරිග ප‍්‍රතිපත්තියේ ආර්ථික සංවර්ධන විරෝධී අක්ෂය විනාශයකින් මකබාවා කෙරලවර කර දැමුවා නොවෙද ඒ ජාතිවාදයට 1956දී මුලපිරූ සොලමන් වෙස්ට් රිඞ්ජ්වේ ඩයස් බණ්ඩාරනායක පියාණෙනි!
නමුත් සිද්ධ විය යුතුව තිබුණේ, ඊට වසර 07කට කලින් තිබූ අවසන් අවස්ථාව අහිමි නොකරගෙන සිටීම ය. එනම් බැන්කර් සංවිධානය විසින් රවී කරුණානායක ආසියාවේ හොඳම-මුදල්-ඇමතිවරයා සම්මානයට පාත‍්‍ර කිරීමට සැබෑ හේතූන් කුමක්දැයි දැනගෙන එහි දේශපාලනාර්ථික පසුබිම් චිත‍්‍රය කතිකාවට බඳුන් කිරීමයි. එහිදී මේ ගෙවෙන මොහොතේ ආර්ථිකය තුළ කෙලවා ගැනීමට ප‍්‍රතිපක්ෂ යථාර්තවාදී මූල්‍යාර්ථික ක‍්‍රියා පටිපාටියක් ඔහු අනුගමනය කර ඇති බව හෙළිදරව් වී ඇත. රට ඒ බව දැනගෙන සිටියේ නැත. ඒනිසා රට ගත්තේ ඊට වෙනස් මගකි.
රවී කරුණානායක පළිබඳ ඔහුගේ විරුද්ධවාදීන් විසින් ඔහු පිළබඳ ගොඩනගා ඇති ප‍්‍රතිරූපය කරපින්නාගෙන යන බහුතරයක් ජනයා ඔහු ආසියාවේ හොඳම-මුදල්-ඇමතිවරයා සම්මානයට පාත‍්‍රවී සිටියා ද යන්න දන්නේවවත් නැත. එලෙස ම රටේ ආන්දෝලනයකට ලක් වූ බැදුම්කර අවභාවිතයට ඔහු කිසිදු සම්බන්ධයක් නොමැති බවට මේ වන විටෙ අධිකරණ තීන්දුවක් ලැබී ඇති බව ද රට දන්නේ ම නැත. හරිනම් ඔහුගේ මේ ආසියාවේ හොඳම-මුදල්-ඇමතිවරයා සම්මානයට පාත‍්‍රවීමට සහ බැදුම්කර අවභාවිතයට ඔහු සම්බන්ධ නැති බව රටට හඬගා කිය යුත්තේ එජාපය යි. එහෙත් එජාපය එසේ නොකරන කුහක ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මක් නිසාද?
ඊට හරි උත්තරයක් දී, නම්බුකාර ලෙස රවී කරුණානායකට නැවත එජාපයේ නියෝජ්‍ය-නායක තනතුර හෝ මහ ලේකම් තනතුර හෝ දී එජාප පක්ෂ ව්‍යූහය නව-නූතන පක්ෂයක් ලෙස යළි ගොඩනැගීමේ කටයුත්ත රනිල් වික‍්‍රමසිංහ සහ ඔහුට විශ්වාස පක්ෂ 15දෙනෙක් විතරක් සිටින පුංචි-පක්ෂය විසින් සිදු නොකරන්නේ නම්, නිදිකිරා වැටෙමින් කල් බලන්නේ නැතිව අදාළ නව-නූතන ධනේෂ්වර පක්ෂයක් එජාපයෙන් පිටතදී තනාගනිමින් හෝ රවී කරුණානායක තමන් පිළිබඳ සත්‍ය රටට හෙළිදරවී කිරීමත්, ලක් කොදෙව්ව උදෙසා ගෝලීය ධනේෂ්වර දේශපාලනාථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් නිකුත් කිරීමත් දක්වා දුරදිගයාමට ඉක්මන් විය යුතු ය.
එපමණක් නොව ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නට වුවත් ඉක්මන් විය යුතු ය.
මන්ද ඊට වාසි-සහගත දේශපාලනාර්ථික තත්වයක් මේ වන විට රට තුළ සහ ජන විඥානය තුළ ගොඩනැගෙමින් පවතින නිසා ය.
එලඹෙන දශකය දේශපාලන පක්ෂයකට අවුරුදු කීයක් වයස ද යන්න හිතන්නට ජනතාව කල් මරන්නේ නැති ගෝලීය ආර්ථිකමය යුග එළඹුමකි. ඉදිරියේ දී වැදගත් වන්නේ, වරිග පූට්ටු හෝ අගතිගාමී සංධානගතවීම් නොවේ. බිහිවන ජනාධිපති කොතරම් වූ ආර්ථික වැඩකාරයෙක්ද කියන එක පමණි.
නමුත් අදටත් රනිල් අතින් සිද්ධ වෙමින් පවතින්නේ, නූතන එජාපයෙන් නව-නූතන පක්ෂය හදාගන්නවා වෙනුවට යටකී අර්ධ-වැඩවසම් පූර්ව-ධනේෂ්වර(Pre-capitalist) වරිගවාදී පොහොට්ටුව නම් වරිග පූට්ටුව සමඟින් සංධානගත වෙන්නට වැඩි ඉඩක් ලබාදෙන ගෝලීය ආර්ථිකයට ප‍්‍රතිපක්ෂ ක‍්‍රියාදාමයන් ය.
ගෝලීයවාදී නව-නූතන-ධනේෂ්වර-පක්ෂයක් (Neo-Modern-Capitalist-Party) ගොඩනැගීම සම්බන්ධයෙන් රවී කරුණානයක පසු බැස්සොත්, ඔහු දිහා බලාගෙන ගෝලීය ධනේෂ්වරය වර්ධනය ඔහු එනතුරු නවතින්නේ නැත. මන්ද ධනේෂ්වරයට ඊට ආවේනික වූ වර්ධන වේගයක් ඇති නිසා ය. එහිදී සිදුවන්නේ රවීව අතහැර මේ ඇතිවී තිබෙන හිස්තැනට වගකියන වෙනත් සුළු පක්ෂයකට හෝ ඒ ස්ථානය ආදේශ වීමය.
ඒ නිසා රවී කරුණනායක රනිල් වික‍්‍රමසිංහගේ පමා කිරීමට ගැති නොවන ස්වාධීන මිනිසෙකු ලෙස සිතන්නේ නම්, ඔහුට ඒ සඳහා ක‍්‍රියාත්මක වීට ඇත්තේ දේශපාලනාර්ථික ඉම් පෙදෙස් දෙකක් පමණි.
1. එක්සත් ජාතික පක්ෂය එහි නූතන-ධනේෂ්වර ගති ලක්ෂණ (Modern Capitalistic Characteristic) පහුකර යන නව-නූතන-ධනේෂ්වර ගති ලක්ෂණ (Neo-Modern Capitalistic Characteristic) සහිත පක්ෂයක් බවට ප‍්‍රතිසංවිධානය කිරීම උදෙසා අරගල කිරීම ය.
2. එක්සත් ජාතික පක්ෂයෙන් ඊට අවශය තනතුරුවල පිහිටුවා රවී කරුණානායකට වගකීම් භාර නොදෙන්නේ නම්, එජාපයට භාහිරින් නව-නූතන පක්ෂයක් පිහිටුවා ගෝලීය ධනේෂ්වර ආර්ථිකය තුළ ලක් ආර්ථිකය ගොඩනගන ඊළඟ ධනේෂ්වර නායකයා තමන් බව රටට, කලාපයට සහ ලෝක ආර්ථිකයට අයත් මර්මස්ථාන ඉදිරියේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කිරීම ය.
රවි කරුණානායකට 2016 වසරේදී ආසියානු පැසිෆ්ක් කලාපයේ හොඳම මුදල් ඇමතිවරයා සම්මානය දී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් ණය ප‍්‍රමාණයෙන් ඩොලර් බිලියන එකහමාරක් ආරක්ෂා කිරීම සහ රාජ්‍ය මුූල්‍ය ඒකාග‍්‍රතාව රැකගැනීම සම්බන්ධයෙන් ගෝලීය ආයතනයන්වල පැසසීමට ලක්වී දැනටමත් බොහෝ කල්ය.
ඉදින් ගෝලීය පද්ධතියේ නියාමන නොතැකීම නිසා රටේ ජාතික ආර්ථිකය තුළ ඇතිවී ඇති ආර්ථික ව්‍යසනය ආපසු හැරවීමේ සුදුසුකම් අන් කවරෙකුටත් වඩා ඇත්තේ ඔහුට ය. මා මේ වන විටත් පවසා ඇති පරිදි රනිල්ට ආසන්නතම වගකීම් ඉටුකරගැනීමට තෝරාගෙන ඇති පිරිස ඔහුට විශ්වාස පක්ෂ උදවිය වන්නට ඇත. ඒත් රටේ මූල්‍යාර්ථික ව්‍යසනය විසඳීමේ විෂය දැනුම සහ ගෝලීය පිළිගැනීම ලැබීම පැත්තතෙන් ගත්කල ඔවුන් සැබෑ අඳ බාලයන් ය.
කබ්රාල්ගේ මුල්‍ය පරිපාලනයට එරෙහි අරගල කළ එක් වරලත් ගණකාධිකාරයෙක් හෝ දේශපාලන අත්දැකීමෙන්ද පොහොසත්ව සිටියේ වී නම් රටට මේ සා ව්‍යසනයක් සි දුවන්නේ නැති බව අදවන විට බොහෝ ආර්ථිකවේදීන්ගේ අව්‍යාජ විෂය මතය යි. රනිල් නොසිටියේ වී නම්, දේශපාලන-විද්‍යාව පමණක් හදාරා ඇති රුවන් විජේවර්ධනට හෝ කෘෂිකර්මවේදියෙක් වූ සාගලට හෝ නීතිවේදියෙකු වූ අකිල විරාජ්ට හෝ වෘත්තිය කුමක්දැයි හොයාගන්නවත් නැති වජිර අබේවර්ධනට හෝ පොලිස් නිළධාරියෙක්ව සිටි රංගේ බණ්ඩාරට හෝ කළ හැක්කේ කුමක්ද? එය නම්, කබ්රාල් විසින් මූල්‍ය අර්බුදය ව්‍යසනයක් දක්වා පහළට ඇද දමූ ඒ ආර්ථික තත්වයට ඒ දේම කරන්නට හෝ ඊටත් වඩා අප්සට් දෙයක් කරන්නට ය.
ඉදින් මේ ගෙවෙන මොහොතේ රටේ ආර්ථික වාද-විෂයන් ප‍්‍රධාන වෙමින්, ලොකු වෙමින් සහ විස්තාරණය වෙත්දී රුවන්-සාලග-අකිල-වජිර-රංගේ යන මේ කිසිවෙක් මේ දක්වා ම ගෝලීය ධනවාදී දෘෂ්ටිය හදාරා එය මහපොළවට ගැලපෙන සේ ක‍්‍රියාත්මක කිරීමේ හෝ, ගෝලීයකරණයට යා දෙන දියුණු ආර්ථිකවාදී ධනේෂ්වර පක්ෂයක් බිහිකරගන්නට ඉක්මන් වන හෝ, ජාතිකවාදය, වරිගවාදය, ආගම්වාදය සහ නූතනවාදය පසුකර ඊළඟ නව-නූතන-ධනේෂ්වර-පක්ෂය (Neo-Modern Capitalist Party) ප‍්‍රතිව්‍යුගත කරගන්නට හෝ අවශ්‍ය විෂයන් හදාරා නැත. එනිසා
ඒ කිසිවෙකුවත් ලොව දේශපලනාර්ථිකය පාලනය කරන ඇල්ගෝ-රිදමයන් විසින් ඉන්දීය පැසිෆික් කලාපයේ පිහිටි ලක් කොදෙව් රටේ ඊළඟ නායකයකු ලෙස ගෝලීය පදනමක් මත පිහටා පෙරතියා හඳුනාගෙන නැත.
අමුවෙන් කිව්වොත් කියන්නට ඇත්තේ කාරණා දෙකකි.
1. එක්කෝ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා සෘජුව ම මැදිහත් වී, රවී කරුණානායකට පක්ෂයේ නියෝජ්‍ය-නායකයා හෝ මහලේකම් තනතුර වැනි නායකත්ව තනතුරක් දී, එජාපය තුළින් නව-නූතන-ධනේෂ්වර-පක්ෂයක් 9Neo-Modern Capitalist Party) හදන්නට මේ ගෙවෙන මොහොත වැයකිරීමට තීන්දු කළ යුතුය.
ඒක කරන්නට රනිල් මහ ලොකු දෙයක් සිතිය යුතු නැත. ඊට රනිල් කළ යුත්තේ ඔහුව මෙතරම් වූ කාලයක් දිගින් දිගට චන්ද ව්‍යාපාරවලදී පැරදවූ යථාර්තය නිවැරදිව හඳුනා ගැනීම යි. එනම් බහුතර පක්ෂයක්ව සිටි එජාපයට නැවත පොළව මට්ටමේ පොදුජන සාධකය බවට පත්වීමට අවශ්‍ය පසුබිම හඳුනා ගැනීම ය. ඒ කියන්නේ, එජාපයේ පසුබැසීම යන්න එජාපය ශ‍්‍රීලනිපයක් බවට පත්කරන්නට බැරීවීම හෙවත් පොහොට්ටුව වගේ වෙන්න බැරිවීම ලෙස එය හඳුනා නොගෙන, ඊට හේතුව එජාපය පොළව මට්ටමෙන් ගොඩනැගී තිබූ නූතන-සංවිධාන-ව්‍යූහය (Modern Organizational Structure) දියාරු වී යාම බව සලකා ඊළඟ අවස්ථාව රවීට භාරදීම ය සහ ඔහුව එජාපයේ දෙවෙනි පෙළ නායකාය ලෙස පිළිගැනීම ය. (එය අකිල විරාජ්ට හෝ හරීන් ප‍්‍රනාන්දුට කළ නොහැකි දෙයකි. ඔවුන්ට කළ හැක්කේ රවීට උදව් කිරීම පමණයි.)
2. රනිල් මේ තීරණය නොගන්නේ නම්, කළයුත්තේ නැති සංසිද්ධියක් වෙනුවෙන් කාලය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය සහ තම දේශපාලන සබඳතා වැය කරන්නේ නැතුව නව-නූතන-ආර්ථිකයකට යා දෙන නව-නූතන-දේශපාලනාර්ථිකයක් බිහිකළ හැකි වරිග පූට්ටු විරෝධී වන සහ නව-නූතන තාක්ෂණ උපකරණවලට පාක්ෂික වන ඊළඟ ලක් ධනේෂ්වර පක්ෂය එජාපයෙන් පිටත ගොඩනගා ඊට නායකත්වය දීමයි.
(තව කොටසක් ලබන සතියේ)
@ සටහන - ජූනියස් රිචඞ්