SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව අද පත්ව ඇති මේ මොහොත ඵෙතිහාසිකව වැදගත් මොහොතක් යැයි බොහෝ විශ්ලේෂකයන් කියන්නෙ ඇයි?

මෙය එක්තරා ආකාරයකට ලංකාවට ‘ලංකාව’ හමුවීමේ මොහොතක් බවට පත්වූ නිමේෂයක්. ඓන්ද්‍රීයව පරිසරය එක්ක බද්දවෙලා සිටි අතීත මිනිසා ඉන් ගලවා ධනේශ්වර සංවර්ධනයත් සමග මහා කාර්මික නිශ්පාදන සඳහා යෙදවීමේ උවමනාව මත කාර්මික නිශ්පාදනය වලට යොමුකිරීමේ සිට අහිමි වුනු මිනිස් සත්තාව යළි මුණ ගැසීමේ අවස්ථාව අර්බූධය තුළින් උදාකරලීමක්. ධනේෂ්වර සිහිනයන් පසුපස හැල්මේ දිවගිය ලාංකීය මිනිසා අතරමංව ඇති මේ මොහොත රට Reset කිරීමේ අදහසක් ඇති යම් වාම දේශපාලනයක් තිබියේ වී නම් එය මහගු අවස්ථාවක් වනවා නොඅනුමානය. එහෙත් අප වැනි රටක එවැනි වාමවාදී ව්‍යාපාර පක්ෂ සංවිධාන නොමැති අතර ධනේෂ්වර වෙළඳපොලකරණයෙන් විමුක්තිය අපේක්ෂා කරන වාමවාදීන්ගෙන් අඩුවක්ද නැත.

එයට ආසන්නතම හෝ සාධනීය අදහස් ඉදිරිපත්  කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ,  අර්බුදය විසඳීම සඳහා අපේ රට ගැලපෙන අපටම ආවේනික විසඳුම් අවශ්‍ය බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙලක් තමන් ඇතුළු 43 සේනාංකය විසින් සකස් කරමින් සිටින බවයි. දුරකතනවල වෝල් පේපර්, රිඟින් ටෝන් මාරු කරන ක්‍රමයට එන විසඳුම්වලින් පලක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

ජනතාවට මූලික ආහාර අවශ්‍යතාත් අහිමි විය හැකියි

 “අද මේ රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක්. එදිනෙදා බඩු භාණ්ඩ මිලදී ගන්න හැකියාවක් නැහැ. 2020 ට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකම මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ජනතාවට ගෙදර එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න, උයා පිහා ගන්න අවශ්‍ය කරන ගෑස් ලබා ගැනීම දැන් කල නොහැකි දෙයක් බවට පත්ව තිබෙනවා. ඉන්ධන අර්බුදය නිසා, සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට ගිහින් තියෙනවා. දැන් මේ දිනවල, අම්පාර දිස්ත් රික්කය ආදී දිස්ත් රික්කවල අ යල කන්නයේ ගොයම් කපනවා. හැබැයි ගොයම් කපන යන්ත් රවලට තෙල් නැහැ. ඒ නිසා ඇත්තටම දැන් ඒ ආහාර හිඟයට ඒ තත්වයෙනුත් බලපාන්න ඉඩ තියෙනවා. ඒ වගේම ට්‍රැක් යන්ත්‍ර වලට ආහාර ගෙන එන ලොරි රථ වලට ඒ වගේම කන්ටේනර් ගෙනයන ප්‍රයිම් මූවස් වලට මේ වගේ හුඟාක් ආහාර සම්බන්ධ වෙච්ච ඒ රථවාහන වලට ඉන්ධන නැතිවීම නිසා ඒ ආහාර හිඟය තවත් උග්‍ර වෙමින් තියෙනවා රට පුරා ම. ඊට අමතරව කර්මාන්තශාලා අති විශාල වශයෙන් වැසී යමින් තිබෙනවා.”

ණය අර්බූධය ඔඩු දුවපු හැටි

තේ වගාව ඇතුළු අපනයන ක්ෂේත්‍රයට පොහොර තහනම, ඉන්ධන හිඟය සහ ඩොලර් හිඟය දරුණු ලෙස බලපෑ තිබේ. මේ වසර තුළ අපනයන ආදායම 25% කින් පමණ අහිමි වීමක් සිදුවන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඩොලරය රු. 365 තබාගැනීමේ ක්‍රමවේදය අනුව බලාපොරොත්තු වූ ආකාරයෙන් රටට ලැබෙන ප්‍රේෂණ වැඩිවීමක් සිදුව නොමැත. හොඳම තත්ත්වයක් සමග සැසඳීමේ දී රටේ ප්‍රේෂණ 50% කින් පමණ අඩු වී තිබේ. රට වෙත පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය 50% කින් අඩු වී තිබේ. වරායේ කටයුතු අඩපණ ව තිබේ. මේ විලම්භනයට හේතුව කුමක්දැයි මහජනතාව ප්‍රශ්ණ කරයි. කොළඹ නගරයේ පමණක් නොව මුළු රටේම ගොඩනැගිලි තැනීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත  පිරිසක් පාරට වැටී තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ තත්ත්වය ද එසේමය. ඇයි අපිට මේ අපරාධය සිද්ධ වුණේ? ඇයි අපිට මෙවැනි කටයුත්තක් කරන්න අප කළ වරද මොකක්ද? කවුද මේකට වගකිව යුත්තේ? යන ප්‍රශ්ණය ජනතාව වෙතින් ඇසෙමින් තිබේ.

“ලංකාවේ මේ අර්බුදය බොහෝ දුරට ණය පිළිබඳ අර්බුදයක්. මේ ණය පිළිබඳ අර්බුදය ගත්තම ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් මේ රටේ රාජ්‍ය මුල්‍ය පාලනය කරන මහා භාණ්ඩාගාරය. ඒ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් නීතිමය වශයෙන් බැඳී තිබෙනවා රාජ්‍ය මුල්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න.”

රාජ්‍ය මූල්‍ය තත්ත්වය පාලනයෙන් බැහැර කළේ කව්ද?

රාජ්‍ය මුල්‍ය තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා 2002 දී රාජ්‍ය මුල්‍ය වගවිමේ පනත ගෙන ආ අතර, එම පනත අනුව 2003 දී අපේ යවය පරතරය ද.ජා,නි.යෙන් 5% ක් විය යුතුයැයි නියම කරන ලදී. එමෙන්ම  දේශීය ණය ප්‍රමාණය ද.ජා.නි.යෙන් 2006 වන විට 85% ක් සහ  2013 වන විට 60% ක් විය යුතුය යන්න ද නියම කළේය.භාණ්ඩාගාරය විසින් ලබාදෙන ප්‍රමාණය ද.ජා.නි.යෙන් 4.5% ක් විය යුතු විය.

“මේ කිසිම ඉලක්කයක් ඒ බලධාරීන්, භාණ්ඩාගාරය කරවපු අය, මුදල් අමාත්‍යංශ ලේකම්වරු කිසිම විදිහකට ඉෂ්ට කළේ නැහැ. හැම වෙලාවෙම පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේක ඉහළ දමා ගැනීමට කටයුතු කළා. 2013 දී 65% ක්  කරනවයි කියපු ණය බර මේ වෙනකොට 130%; දෙගුණය ඉක්මවලා ගිහිල්ලා තිබෙනවා. 5% කරනවයි කියපු රජයේ අයවැය පරතරය මේ වෙනකොට 11.3% ට ගිහිල්ලා තියෙනවා දැන් ඒකත් දෙගුණ වෙලා දෙගුණයටත් වැඩිවෙලා තියෙනවා කවුද වගකිව යුත්තේ භාණ්ඩාගාර ලේකම්ලා මේවට උත්තර දෙනවද මේ නිලධාරීන් මේවට උත්තර දෙනවද Piscal Responsibility Act ඒක අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ වගවීම තියෙන්නේ කොතනද? ජයසුන්දර මහත්තයට ආටිගල මහත්තයට නිදහසේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න පුලුවන්ද? රට අද පත්වෙලා තියෙන මේ තත්වයට ඔවුන්ට වගවීමක් නැද්ද? “

1950 දී පමණ මහ බැංකුව හා  සම්බන්ධ Monetary Law Act මගින්  ගෙවුම් ශේෂ අර්බුදය, ණයගැතිභාවය, ණය ආපසු නොගෙවීම පිළිබඳ කාරණා පිළිබඳව මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට විශාල වගකීමක් පවරා තිබේ. කිසියම් අවස්ථාවක ආර්ථිකමය කැළඹීම් නිසා මුල්‍ය තත්ත්වයට අභියෝගයක් එල්ල වී තිබේ නම්, මුදල් සැපයුම මාර්ගයෙන් එවැනි තත්වයක් අනතුරුදායක තත්වෙකට පත්වෙමින් යයි නම්,  මූල්‍ය  මණ්ඩලය පියවර ගත යුතුයි යන්න මෙහි 64 වගන්තිය මගින් කියා තිබේ.

මහ බැංකු නිළධාරීන්ට චෝදනා!

“ඒ ගැන කිසිම තැකීමක් නැතුව තමයි අපේ මහ බැංකු අධිපතිලා වැඩ කළේ. 68  වගන්තියේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ගෙවුම් ශේෂය ඉතාම අනතුරුදායක තත්වයකට පත්වෙලා තියෙනවා නම්, අපගේ සංචිත ප් රමාණය, භයානක ලෙස අඩුවෙමින් තිබෙනවා නම්, ඒක අපේ ජාතික ආර්ථිකයට, ජනතාවගේ ආර්ථිකයට, භයානක විදියට වැඩ කරගෙන යනවා නම්, මූල් ය මණ්ඩලය වගවෙන්න ඕන කියලා. 225  විතරක් නෙවෙයි මේකට වගකියන්න ඕනේ. මේ නිලධාරීන් මේකට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. මොකද මේ අය අද නිදැල්ලේ ජීවත් වෙන්න හදනවා මේ ඔක්කොම අපරාධය කරලා. එක එක්කෙනාට චෝදනා කර කර ඉඳලා මූල් ය මණ්ඩලය සමස්තයක් හැටියට මේ ගැන වගකිව යුතුයි.2020 මාර්තු මාසේ. ඒ වෙනකොට අපි හිටියේ අන්තර්ජාතික මූල් ය අරමුදලේ සෙවනේ. ඒ අන්තර්ජාතික අරමුදල අපට එවනවා දැනුම් දීමක්. දැනුම් දීමෙන් කියන්නේ අපේ ණය ඉතාම අස්ථාවරයි. වහාම පියවර ගන්න කියලා.

අන්තර්ජාතික වශයෙන් තියෙන ප්‍රධානම මුල්‍ය  ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්  අනතුරු ඇඟවීමක් කරලා තියෙද්දි කිසිම තැකීමක් නොකර මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු මූල් ය මණ්ඩලය ඉදිරියට යනවා. ඒ වගේම සල්ලි අච්චු ගහනවා සීමාවකින් තොරව. කවුද මේවට වගකියන්න ඕනේ? රාජපක්ෂවරු ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි. නිලධාරී මණ්ඩලය, භාණ්ඩාගාරයේ අධිපතිවරු ඇතුළු ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් එකාවන්ව වගකිව යුතුයි මේ එකට අනුකූලව කටයුතු නොකිරීම හා එම් එල් ඒ ඇක්ට් එකට මොනිටරි ලෝ ඇක්ට් එකට අනුකූලව කටයුතු නොකිරීම විසින් ඔවුන් කරලා තියෙන අපරාධය.

ආහාර, ඖෂධ, ඉන්ධන, විදුලි බලය, ප්‍රවාහනය පිළිබඳව ඉතාමත්ම තද ප්‍රතිපත්ති මාලාවක් රටට අවශ්‍යයි 

මේ සමාජමය වන්දි ගෙවීමට සිද්ධ වෙන්නේ මේ රටේ සමස්ත ජනතාවටයි. මේ සම්බන්ධයෙන් බොහොම නිර්භය, අවංක, පියවර ගත්තේ නැත්නම් රට මේ ඊළඟ සති කිහිපය තුළ ඉතාම භයානක අඩියකට පත්වෙනවාට කිසිම සැකයක් නැහැ. අපේ දුරකථන වල වෝල් පේපර් එක මාරු කරනවා. රින්ගින් ටෝන් එක මාරු කරනවා. එහෙම නැත්තං තියෙන ඇඩ් රස් මකලා අලුත් ඇඩ් රස් ගහනවා. ඒවායින් වැඩක් වෙන්නෑ දැන් දැන් ඒ ක් රමයට මේක ගෙනියන්න බෑ.

විශේෂයෙන්ම අපේ ආහාර, ඖෂධ, ඉන්ධන, විදුලි බලය, ප්‍රවාහනය පිළිබඳව ඉතාමත්ම තද, ජනතා හිතකාමී, ප්‍රතිපත්ති මාලාවක් රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. දැන් ඒ ප්‍රතිපත්ති මාලාව අපි ක්‍රමයෙන් නිර්මාණය කරමින්, ඉදිරියේ ජනගත කරන්න  බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පුළුල් සංවාදයකට අපේ රටේ බුද්ධිමතුන්ටත්, සමාජ ක්රියාකාරිකයන්ටත් අපි ආරාධනා කරනවා මේ ජන දුක නිවීම සඳහා එවැනි ක්‍රියාදාමයකට දායක වෙන්න කියලා.

 

IMF ගිය පමණින් ගැටළුව විසදෙනවද? තවත් ඔඩු දුවයිද?

මාධ්‍යවේදී ප්‍රශ්නවලට චම්පිකගේ පිළිතුරු

  • IMF සමග සාකච්ඡා සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙනවද?

සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අන්තර්ජාතික මුල්‍ය අරමුදලත්  එක්ක  මාණ්ඩලික මට්ටමේ, ගිවිසුමකට ආවාම ම අපට යම්කිසි මුදලක් ලැබෙයි කියලා. එවැනි එකක් ලැබෙන්නේ නෑ. එකක් ඒක ලැබෙන්නේ අපගේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා නිශ්චිත එකඟතාවයකට අපේ ණය හිමියන් එක්ක පැමිණියාට පසුවයි. ඒක තමයි ලෝකයේ හැම රටක්මත් අපි ගැන බලාගෙන ඉන්නේ. ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය  අරමුදලත් බලාගෙන ඉන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් අපි පත් කරලා තියෙන නීති උපදේශකයන් හා මූල්‍ය උපදේශකයන් හරහා හැකි ඉක්මනින් මේ එකඟතාවයට පත්විය යුතුයි. මොකද ජූලි 25 අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳ පොළෙන් අපි ලබාගත්ත ඩොලර් මිලියන 1000 ක්  කල් පිරෙනවා. ඒක අපිට ගෙවන්න කිසිම ක්‍රමයක් අද නැහැ. අනිවාර්යෙන්ම අපි අපේ බංකොලොත්භාවය දැන් ප්‍රකාශ කරලා ඉවරයි. දැනටමත් ඒකට දායක වෙච්ච ඇතැම් බැංකු, ඇතැම් අය අපට එරෙහිව නිත්‍යානුකුල ක්‍රියාමාර්ග  ගනිමින් තිබෙන බව, අන්තර්ජාතික ක්ෂේත්‍රවලින් වාර්තා වෙනවා. ඒ නිසා මේ පිළිබඳව යම් වේගවත් ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍යයි මේ අවස්ථාවේදී.

  • දැන් මේ වන විට අද උදෙත් අපි දකිනවා මේ අග්‍රාමාත්‍යවරයාගේ ගේ වට කරනවා. මේ අග්‍රාමාත්‍යවරයාට මේ වැඩේ කරගෙන යන්න පුලුවන්ද? සිටිය යුතුයිද, ඉවත් විය යුතුයිද කියලා කෙටියෙන් සෘජුව කියන්න හැකියාව තියෙනවද?

අග්‍රාමාත්‍යතුමා ට දැන් මාසෙකට අධික කාලයක් එතුමා ඇවිල්ලා. එතුමා වහාම විවෘත භාවය ප්‍රකාශයට පත් කරලා, අපි විසින් ප්‍රකාශ කළ සර්වපාක්ෂික ආණ්ඩුව සහ අන්තර් කාලීන ආණ්ඩුව පිහිටවිය යුතුයි. දැන් මේ සිදුකරගෙන යන මේ සැලුන් දොරෙන් ආණ්ඩුව පාලනේ ආණ්ඩුවක් හදාගෙන කරන වැඩේ නතර කරලා. ඒ විශ්වාසය රටට ලබාදීම එතුමාගේ දැන් ලොකු වගකීමක්. රටට අවශ්‍යයි ඒ විශ්වාසය සහ වැඩපිළිවෙල.

  • ඔබතුමන්ලා කර ඇරලා ගහලා ඉන්නකොට ඔබතුමාලට එහෙම කියන්න පුළුවන්ද?

අපි කර ඇරලා නෑ. බොහොම පැහැදිලිව කිව්වා. 2015 කළා වගේ ආණ්ඩුව තමන්ගේ, තමන්ගේ වැඩපිළිවෙල, මාර්ග සිතියම අපට ඉදිරිපත් කරන්න ඕන, රටට ඉදිරිපත් කරන්න ඕන විවෘතව හැංගි හොරා කාඩ් සාක්කුවේ දාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. පක්ෂ වලට විවෘතව කතා කරන්න ඕනේ. එහෙම නැතුව පක්ෂ වලට එන්න කිව්ව පමණින් එන්නේ නැහැ. පක්ෂ වලට විවෘතව කතා කරන්න ඕනේ. විවෘතවම කියන්න ඕනේ මේගොල්ලෝ එන්නේ නැහැ අපිත් එක්ක කියලා. එතකොට එතකොට මේක ඉවර වෙනවා. එතකොට කවුද එන්නේ, මොකක්ද කියන එක මත අපට ඉදිරියේ බලා ගිය හැකියි. මේ අභියෝගය තනි පක්ෂයකට ජය ගන්න පුළුවන් අභියෝගයක් නෙවෙයි. අපි ඒක පිළිගන්නවා. ඒ නිසා මේක සාමූහිකව උත්සාහ කරන්න ඕනි. ඒ වගේම මහ මැතිවරණයක් රටට අවශ්‍ය නම්, ඒ මහ මැතිවරණය දක්වා දිවෙන ප්‍රතිසංස්කරණ කෙරෙන්න ඕනේ. විශේෂයෙන්ම විශ්වාසනීය මැතිවරණ කොමිසමක්  සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහාවත්, ස්ථාපිත කරගන්න ඕනේ. එය ස්ථාපිත කරගෙන, ඒ එක්ක යන මාර්ග සිතියමක් අපිට අවශ්‍යයි. මෙන්න මේ අසුවල් දවසේ මැතිවරණ පැවැත්වෙනවා. ඒ දක්වා මේ කටයුත්ත කෙරෙනවා කියලා. හැබැයි ඒ අතරේ මේ ජනාධිපතිතුමා සහ රාජපක්ෂ පවුල තවදුරටත් මේ බලයේ එල්ලී ඉන්න එක දැවැන්තම බාධාවක් ජනතාවගේ කෝපාග්නිය තවත් දල්වන සුළු දෙයක්. ඒ නිසා ඒක වහාම සිදු කරන්න ඕනේ. ඒ වගේම රාජපක්ෂවරු පත්කරපු නිලධාරීන් ඉවත් කරලා වෘත්තීය මට්ටමේ පිරිසක් ඒ සඳහා යොදාගන්න. ධම්මික පෙරේරා මහත්තයා අද දිවුරුම් දුන්නා. ඔහු අනාගතයේ ප්‍රකාශ  කරයි. ඔහුට ජය ගන්න පුළුවන් අභියෝගයක් මෙතන නෑ.

ඒ කියන්නේ ආවට වැඩක් නැද්ද?

ඒක ඉතින් ඔහුගේ වැඩක්. ඔහුට වැඩක් කරලා මේක ගොඩගන්න පුළුවන්ද බැරිද කියලා තව මාසෙකින් අපි බලමු. 

 

දැන් මේ ඊයේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු පවා කියනවා  මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියන කතාව. ඔබතුමත් ඒකට එකඟයිද කොහොමද තත්වය?

මම ඒක හරියට දන්නේ නැහැ. මේ මහ බැංකු අධිපතිවරයාට ඊළඟ ධූර කාලය ලබාදිය යුතුයි. නන්දලාල් වීරසිංහ මහත්මයට මේ ජූලි 3 දා ඉඳන් ඊළඟ ධූර කාලය ලබා දිය යුතුයි.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි