SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප්‍රිකානු රට සිය නිදහසින් වසර 10 කට පසු මෙසේ මිලියන 7 ක ජනතාවක් සාගත අවදානමට ලක්ව ඇත.

ස්වාධීන රටක් ලෙස දකුණු සුඩානයේ වසර 10 ක් පුරා පැතිරී ඇත්තේ අනාරක්ෂිත බව, විනාශකාරී මානුෂීය අර්බුදය සහ එරට දේශපාලනයට ආවේනික දූෂණයයි. 

2011 ජුලි 9 වන දින දකුණු සුඩානය නිදහස ලැබීමෙන් පසුව ඇති වූ ප්‍රීතිය කෙටි කාලීන විය.

 

sudan 1

වසර එකහමාරකටත් අඩු කාලයකදී සම්පත් වලින් පොහොසත් රට ජීවිත 400,000 කට ආසන්න මරණ සමග කුරිරු සිවිල් යුද්ධයකට ඇද වැටුණි. සිවිල් යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස රටේ මිලියන 11 ක ජනගහනයෙන් මිලියන 1.6 ක් මේ වන විට සිය මාතෘභුමියේම අවතැන්ව සිටින අතර දකුණු සුඩාන ජාතිකයන් මිලියන 2 කට වැඩි පිරිසක් වෙනත් රටවල රැකවරණය පතා තිබේ.

අද දකුණු සුඩානය මිලියන 8 ක ජනගහනයක් හෝ ජනගහනයෙන් තුනෙන් දෙකක් මානුෂීය ආධාර මත යැපෙන ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.

 

සූඩාන් ු

රට තවමත් දරුණුතම මානුෂීය අර්බුදයෙන් පීඩා විඳින බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මේ සතිය මුලදී අනතුරු ඇඟවීය. දකුණු සුඩානයේ දහවන සංවත්සරයට පෙර ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක දැක්වෙන්නේ වයස අවුරුදු පහට අඩු ළමුන් 300,000 ක් පමණ සාගින්නෙන් පෙළෙන බවයි.

දුර්වල රාජ්‍ය ව්‍යුහයන්, අන්ත දරිද්‍රතාවය, සමාජ හා ආර්ථික අර්බුධ, දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක සහ COVID-19 වසංගතය හේතුවෙන් ජනතාවගේ ජීවිත දැඩි ලෙස බලපා ඇති බව යුනිසෙෆ් වාර්තාව වැඩිදුරටත් අවධාරණය කළේය.

 

sudan 6

“විවිධ ජනවාර්ගික කණ්ඩායම්වලට හා සිවිල් වැසියන්ට එරෙහි ජන සංහාර ප්‍රචණ්ඩත්වය” එක්සත් ජාතීන්ගේ ලාබාලම සාමාජික රටට බලපාන ප්‍රධාන කාරණයක් බව ඉන්දියානා විශ්ව විද්‍යාලයේ හැමිල්ටන් ලුගර් ගෝලීය හා ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ සහකාර මහාචාර්ය Clemence Pinaud පැවසීය. එම සිවිල් යුද්ධය සැමරිය හැක්කේ නූතන යුගයේ ඉතා ම්ලේච්ඡ සිවිල් යුද්ධයක් ලෙසට ය. එය ඡනතා සංහාර, ස්ත්‍රී දූෂණ සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම මගින් සලකුණු විය.

2020 පෙබරවාරි මාසයේදී සභාග රජයක් පිහිටුවන ලද අතර ප්‍රාදේශීය ගැටුම් දිගින් දිගටම ඇවිළෙමින් තිබේ. 2020 දෙවන භාගයේදී ප්‍රතිවාදී ප්‍රජාවන් අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දහසකට වැඩි පිරිසක් මිය ගියහ.

 

sudan 5

ත්‍රිවිධ හමුදාව ජනවාර්ගික රේඛා ඔස්සේ බෙදී ඇති අතර බොහෝ විට රාජ්‍යයට වඩා නිශ්චිත දේශපාලඥයන්ට පක්ෂපාතී වේ. එමෙන්ම රජයේ නිලධාරීන්ට ගැඹුරු සාක්කු තිබේ. දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩත්වය මෙන්ම ආවේණික ආන්ඩුවේ දූෂණයෙන් ද රට වට වී තිබේ.

වර්තමාන දේශපාලඥයන් බලයේ සිටින තාක් කල් සමහර ප්‍රවීණයන් රට ගැන එතරම් බලාපොරොත්තුවක් නොදක්වයි. දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම 2020 වාර්තාවකින් සොයාගෙන ඇත්තේ රජයේ නිලධාරීන් “මහජන මුදල් කොල්ලකෑමට මෙන්ම මුදල් විශුද්ධිකරණය, අල්ලස් හා බදු පැහැර හැරීම්වලට සම්බන්ධ බවයි”.

 

sudan 4

කාලයත් සමඟ දූෂණය ආර්ථිකයේ සෑම අංශයක්ම සහ සෑම රාජ්‍ය ආයතනයක්ම ආසාදනය කර ඇති තරමට ලාභදායී වී තිබේ. මෙය අනෙක් අතට මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට රුකුලක් වන අතර දකුණු සුඩානයේ ජනවාර්ගික ගැටුමේ ප්‍රධාන ගාමක බලවේගයක් බව වාර්තාවේ දැක්වේ. මෙම හේතුව රටේ දැවැන්ත ගැටලු තිබියදීත්, එය ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට අසමත් වේ.

උපුටනය https://www.dw.com/.../south-sudan-dashed.../a-58191248

 

උපාලි ජයසිංහ

නවතම ලිපි