SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද ලංකා අධිකරණ ක්‍රමවේදය තුල ට හිට්ලර් ගේ නාසිවාදය ඇතුලත් වූ දිනය ලෙස

සටහන් වී ඇතැයි සිතන විට වේදනාවක් දැනේ.

 

 

වරක සොලිසිටර් වරයෙක් හිටපු පොලිස්පති වරයකු ගේ නඩු විභාගයකදී තම ප්‍රකාශය තුල නොනිල නඩු තීන්දුවක් දුන්නේය. වෛරී සමාජය එය උඩදමමින් සතුටු වුවෝය. දැන් අල්ලස් කොමිසම ට අයත් නිලධාරීන් විසින් වයස 21 ක තරුණියකගේ ප්‍රකාශයක් විකෘති කරමින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මැතිවරණ වේදිකාවල පක්ෂයකට වැඩ කල ශානි අබේසේකර ස්වාධීන තනතුරක වාඩි කරවූ කලක මේ ප්‍රවණතාවයන් තුනම ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රශ්න ගත කරනු ලබයි. විජේරත්න මෙනවිය උසස් අධ්‍යාපනය ලබන්නේ එංගලන්තයේ බව පැවසේ. තම මව වන වෛද්‍ය විජේරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මවගේ නිර්දෝෂිභාවය අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට එන දියණියක වන ඇයට සිදුවන්නේ අද සමාජය තුල ගොඩ නගා ඇති සමාජ වෛරයේ ඛේදවාචකයට බිලි වීමටය..

 

 

මව දැකීමට බන්ධනාගාරයට යන ඇයට එහි නිලධාරින් අමානුෂීය ලෙස සලකා තිබේ. මාතෘත්වය හා අධිකරණ තීන්දුවකින් වරද කරු කරන තුරු ඇති නිර්දෝෂී බවේ පුර්ව නිගමනය රටේ සියළුම දෙනාට කියා දීමේ ජාතික වැඩ පිළිවෙලක්, මාලිමාවේ වෛරී ප්‍රචාරණය හා මාධ්‍ය කරණය හා ජනාධිපති ප්‍රමුඛ මාලිමාවන් ගේ ප්‍රචාරණ වේදිකාවල ප්‍රකාශ සමාජගත වී ඇති ආකාරය දකින විට රටට කඩිනමින් අවශ්‍ය බව සිතේ. මන්ද යත් නාසීන් විසින් යුදෙව්වන්ට එරෙහිව දියත්කල ඒ මහා මානසික මෙහෙයුම ලංකාවේ ඕනෑම ඇති මිනිහෙකු, උගත් අයකු හා සැකකරුවකු වෙත දියත් වෙමින් තිබීම නිසාය.

 

 

විජේරත්න මෙනෙවිය තම මව බැලීමට යාමේදී "හෙරක් බලන්න එන්න ලජ්ජා නැතිදැයි" බන්ධනාගාර නිලධාරීන් ඇගෙන් අපහාසාත්මක ව විමසා තිබේ. තම මව පියෙක් නොමැතිව දරුවන් උස් මහත් කල අභියෝග දන්නේ ඒ මව සමග එක්ව වැඩුණු දරුවන් පමණි. ලෝකය කොයි ලෙසින් සැලකුවත් අම්මා යනු දරුවෙකුට නිවැරදි අයෙකි. අම්මා වෙනුවෙන් දුවෙක් ගේ හැඟීම ගැන එලෙස නින්දා කරනු අසා සිටීමට සාධාරණ දරුවකුට එය කල නොහැක.

 

 

නොදන්නා මිනිසකුට පවා නිදහස. මාවතේදී පවා තරුණ අයට ආදරනීයව, ඩර්ලින්ග්, මයි ලව් වැනි වදන් වලින් අමතන වැඩිහිටියන් සිටින එංගලන්තය වැනි රටක සිට විජේරත්න මෙනවිය එන්නේ යක්කුන්ගේ, මනෝ විකාර සහිත නිලධාරීන්ගේ අමුසොහොනකටය. අම්මා බැලීමට පැමිණි දුවට එසේ මානසිකව වද දීම..වැරදි බවට අනුරගේ ආණ්ඩුව ට වටහා ගැනීමට බැරිය. එසේ වුවා නම් එදා ඇය තම මව දකින්නට ගිය මොහොතේ කල ඒ හිංසනයට සේවයේ යෙදී සිටිය වුන්ට විනය පරීක්ෂණ මේ වන විට කැඳවිය යුතුව ඇත.

 

එංගලන්තයෙන් ලංකාවේ බන්ධනාගාරයට ආ විජේරත්න මෙනවිය දරුණු මානසික ආතතියකට පැය කිහිපයක් තුල ලක්වෙන බව නොරහසකි. අම්මා අත්අඩංගුවට පත්විමම 21 හැවිරිදි දියණියකට පිඩාවකි. මාලිමා බුකි ඩෝබිවරුන් ඔවුන්ගේ නැණ පමණින් "අම්මා සොරකම් කරන තුරු දියණිය නිහඩව සිටියේ ඇයි " දැයි අසමින් කොමෙන්ටු දමමින් තම අමනකම ප්‍රදර්ෂණය කරන අතර අනුරගේ ගොබෙල්ස් න්‍යායෙන් විනාශ කල තරුණ පරපුරේ මානුශියත්වය හා තර්කන යේ ඛේදවාචකය මේ සිද්ධිය හරහා සාධාරණ මිනිසුන් වෙත දන්වමින් සිටි.

 

සාමාන්‍යයෙන් ලංකාවේ පොලිස් පරීක්ෂණ වල ස්වභාවය යනු චුදිතයා සිර කර තබා තම දේශපාලන ලොක්කගේ මතය හෝ පොලිස් ලොක්කාගේ මතය අනුව කප්පරක් නීතිමය හා සිද්ධිමය වැරදි තිබුණද යුක්තිය ඉල්ලා පොලීසියට එරෙහිව නීතියේ සරණ පතන පවුලේ සමාජිකයන්ට ද මොකක් හෝ චෝදනාවක් දමා හිර කිරීමය. නීතීයේ සරණ පැතීමට හැකියාව අවසරය නොමැති වන පරිදි හැමෝම හිර කර දවස් ගණන් ගෙන ටයිප් කරන අභූත චෝදනා වලින් මිනිසුන් සිරගත කිරීම ඔවුන්ගේ සම්ප්‍රදාය වේ.

 

 

අද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කිරීමට සාධාරණ මිනිසුන් ඉල්ලා සිටින්නේ සම්පුර්ණ යෙන්ම මෙවැනි පරීක්ෂණ නිසා ය. එය ත්‍රස්ත සංවිධාන ඉල්ලා සිටින්නේ වෙනත් අර්ථයකින් ය. ඕනෑම PTA හා ER වින්දිතයකු ගේ පාපොච්චාරණ යනු හිතළු වන අතර ඒවා කොස්තාපල් යතුරු ලියන්නියන් අතින් ඉහල සාජන් වරු හෝ පරීක්ෂකවරු විසින් කියාදෙන පරිදි සටහන් කල ඒවා වේ. මෙම ප්‍රකාශ සහකාර පොලිස් අධිකාරීන් විසින් සැකකරු නොදැක අත්සන් කල ඒවාය. නීතියට අනුව ඒවා මත රැඳවුම් නියෝග දිය නොහැකිය.සැකකරු සහකාර පොලිස් අධිකාරි වරයකු ඉදිරියේ එම ප්‍රකාශ කළා යයි සලකා නිතිය ක්‍රියාත්මක වීම සිදුවේ.

 

 

මේ පරීක්ෂණ මගින් මහේස්ත්‍රාත් වරු පොලීසියේ ඉල්ලීම මත නඩුකටයුතු කිරීම සාධාරණ නොවේ. ඊයේ සිට එන දුරකථන ඇමතුම් වලින් කියවෙන්නේ අල්ලස් හා දුෂණ කොමිසමට පොදු පැමිණිල්ලක් කරමින් ලංකාවේ විනිසුරු වරුන්ගේ වත්කම් සොයා බැලීමට අනුර කුමාර ජනාධිපතිගෙන් ඉල්ලා සිටින ලෙසය. එහෙත් අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරියකු අනුර විසින් පත් කලද  දුශිතයකු බව සමාජ මතයක් බිහි වී තිබේ. ඒ අනුව අනුරගේ ඒ ගජ මිත්‍රයා ගෙන් සාධාරණය ඉෂ්ට වේදැයි සැක සිතෙන සිද්ධි දැන් සිදුව තිබේ.

 

 

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක විජේරත්න මෙනවිය ප්‍රකාශ කලේ තමා මැරෙනවා යයි ද, එම ප්‍රකාශය අල්ලස් කොමිසමේ නිලධාරීන් වරදවා වටහාගෙන ඇතැයිද, ඒ මත පැමිණිල්ලක් කර ඇතැයිද සටහන් වේ. එනයින්ම ලංකාවේ අල්ලස් කොමිසමේ සායම හේදී ගොස් ඇත.

 

 

එහි ක්‍රෙඩිබිලිටි එක ගැන මහා සැකයක් ජනමනස තුල ඇතිවේ. මේ සිද්දියෙන් පසු අල්ලස් කොමිසම ට ප්‍රකාශයක් හරියට තේරුම් ගැනීමට නොහැකි තරම් දුර්වල ආයතනයක් වන බවට වන පුර්ව නිගමනයක් බිහිවනු ඇති අතර එහි පරීක්ෂණ එම මට්ටමෙන් විශ්වාශ කිරීමට ජනතාව පෙළඹීම නිවැරදිය. එසේම අල්ලස් කොමිසම් මගින් කෙරෙන පරීක්ෂණ හුදෙක් දේශපාලන පලිගැනීම් බවට මතයක් ජනතාව අතර බිහි වීම වැළක්විය නොහැකිය.

 

 

විජේරත්න මෙනවිය තර්ජනය කළා යයි කියන මෙවැනි තත්ත්වයන්ට ලංකා නීතියේ දණ්ඩනීති සංග්‍රහයේ 483 හා 486 හා 120 වගන්තිවල නීති තත්ත්වය අදාල වේ. එංගලන්ත නීතියේ නම් Public Order Act 1986 හි 4 හා 5 වගන්ති හා Malicious Communications Act 1988 සහ Communications Act 2003 යන අණ පනත් ආදාල වේ. නීතී තත්ත්වයන් දෙකේදීම තර්ජනයක් සිදු වුවා නම් එය වරදක් බවට තීරණය කිරීමට ප්‍රධාන නීතිමය මූලධර්මයන තුනක් වැදගත් වේ. එහිදී තර්ජනය කරන්නාගේ අභිප්‍රාය වැදගත්වේ. සත්‍ය ලෙසම හානියක් හෝ පීඩාවක් ඇති කිරීමේ අභිප්‍රායක් තිබිම ඔප්පු කිරීම කල යුතුය.

 

 

තර්ජනය සිදුවන සන්දර්භය වැදගත් වේ, එහිදී අධිකරණය තර්ජනය සිදුවන්නේ කුමන තත්ත්වයක් යතේ දැයි සලකබලනු ලැබේ. තර්ජනයට ඇති සිද්ධි සම්බන්ධතාවය, සන්නිවේදන මාධ්‍යය සහ පසු බිම් තත්වයන් දෙස සලකා බැලිය යුතුව ඇත.

 

තර්ජනය ක්‍රියාත්මක කිරීමට සැබෑ හැකියාව ක තිබීම හා තර්ජනය විශ්වාසදායක හෝ බිය ඇති කිරීමට තරම් බරපතල විය යුතුය යන කරුණු සලකා බලනු ලැබේ.Tuberville v Savage (1669) නඩුව එංගලන්ත නීතියේත් Attorney General v. Jayawardena [1973] 75 NLR 265 නීතියේත් වැදගත් නඩු තීන්දු දෙකකි.

 

ඉහත නඩුතීන්දු හා තවත් නඩු තීන්දු වලට අනුව විජේරත්න මෙනවිය පෙර වැරදි හෝ අපරාධමය වගකීම ලැබූ අයකු නොවේ. වෙනස් කර කියන ලද ප්‍රකාශය ද්වේශසහගත වේ. එසේම එම තමා මැරෙන බවට කල ප්‍රකාශය මානසික ආතතියක කරුණු දක්වයි. සියදිවි නසා ගැනීමේ අදහස් ඇතිනම් රිමාන්ඩ් වීම තුල ඇය අනතුරු දෙකකට මුහුණ පා සිටි.

 

  1. ඇය විසින් උත්සාහ කරන සියදිවි නසාගැනීමකින් ඇයව ආරක්ෂා කිරීමට කටයුතු යොදා තිබේද?
  2. දැනටමත් වැරදි ලෙස ගරු අධිකරණයට පැමිණිල්ලක් ගොනු කර ඇති නිසා ඇය සියදිවි නසා ගත් බවට පෙන්වා ඇයට අනතුරක් කිරීමට ඇති අවස්ථාවය. 

 

 

මේ දෙකේම අනතුර අපි සමාජයට පෙන්වා දෙමු. මෙවැනි අවස්ථාවල පොලිසි තුල මරා දැමුණු දූ තරුණ පුතුන් කිහිපදෙනෙක් ගේ ජිවිත ගැන මතක් කර ගමු. බන්ධාගාර නිලධාරීන් ඇගේ මව දැකීමට යාමේදී දැක්වූ හිංසනයද මතක තබා ගමු. අනතුරක් නොවේවායි පතමු.

 

 

ඒ අනුව අපිට ගරු අධිකරණය වැරදිලෙස පැමිණිලි ගොනු කල අයටත් පරීක්ෂණ පවත්වන තුරු බලා සිටීමට සිදුවේ. කොහොම නමුත් විජේරත්න මෙනවියගේ ජායාරූප පල කරමින් නින්දිත ලෙස හැසිරීම වැලකීම අගය කල යුතු එකකි.මෙම කරුණු සලකා බැලීමේදී අල්ලස් කොමිසම දැනටත් මෙම පරීක්ෂණය හරහා සමාජය ට එම ආයතනය ගැන වැරදි චිත්‍රයක් මවා තිබේ.මින්පසු තරුණ ළමයින් යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම ට අධෛර්ය මත් කිරීම ආණ්ඩුවේ උපක්‍රමය වුවා විය හැකිය. එහෙත් මේ සිද්ධිය ආණ්ඩුවට ආපසු හැරී එනහැටි බලන්න..

picture is from internet.

 

@සුභාෂිනී විෆ්ලර්

විධායක අධ්‍යක්ෂිකා,

ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය.

ජර්මනිය.

 

 

නවතම ලිපි