SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවේය.

මේ වනවිට සමාජ මාධ්‍ය උසාවිය නම් නඩු අසා තීන්දු තීරණත් ප්‍රකාශයට පත්කොට දඩුවම්ද දී හමාරය.

 

 

එහෙත් මහේෂි විජේරත්න වැරදිකරුවෙක්ද යන්න පිළිබඳව තීරණය කිරීම  අධිකරණමය කටයුත්තකි.

 

එය විභාග වෙමින් පවතින නඩුවකි.

 

එනයින් විභාග කිරීමකින් තොරව වැරදිකරුවන් තීරණය කිරීම සම්බන්ධයෙන් අප ඉතිහාසයෙන් අනේක විධ පාඩම් ඉගෙන ගෙන ඇත.

 

එහෙත් ලංකාවේ සමාජය නම් හැමදාම කරන්නේ එකම වරදය. එය වෘත්තයකි. එකම දේ යළි යළිත් හමුවන අතර, යළි යළිත් සිදුවන අතර එකම වරද ද යළි යළිත් සිදු කරති.

 

මේ කතාකරන්නේ විශේෂඥ වෛද්‍ය මහේෂි‌ ගැන නොවේ ය. 

 

එහෙත් මෙය ඇයට අතිශය සම්බන්ධය.

 

මහේෂි ගේ සැමියා ජීවතුන් අතර නැත. ඇගේ මව පියා මෙන්ම සැමියාගේ මව පියාද ජීවතුන් අතර නැත.

 

විවාහක සහෝදරයෙක් සිටින අතර ඇයට කියා සිටින්නේ ඇයගේ වයස 18ක පිරිමි දරුවා සහ වයස 21 ක තරුණ  දියණියකි.

 

විදෙස්ගතව අධ්‍යාපනය හදාරන දරු දෙදෙනාගෙන් වැඩිමල් 21 වියැති දියණිය පසුගිය දා ලංකාවට පැමිණෙන්නේ මව අත්අඩංගුවට පත්වීම නිසාය.

 

ඇය තනිවම නීතීඥයින් සොයා යමින් තම මව බේරාගැනීමට කටයුතු කරන්නේ ඒ අයුරිනි.

 

මෙවන් සිදුවීම් වලදී එවැනි තරුණ දියණියක කම්පාවට සහ ආතතියට පත්වීම සාමාන්‍ය සිදුවීමකි.

 

පසුගියද මහේෂිගේ දියණිය අධීකරණයට යන්නේ මෝසමක් මාර්ගයෙන් තම මවට ඇප ලබාගැනීම වෙනුවෙනි.

 

එහෙත් එහිදී මෝසම මගින් ඇප ලබාදීම සිදුනොකෙරුනු අතර එම තීන්දුව 08 වෙනිදාට කල් තබා ඇත.

මේ පිළිබඳව තරුණිය  කම්පනයෙන් යුක්ත ව හැඟීම්බර වචනයක්ද පවසමින් එළියට එන්නීය.

ඒ, “මම මැරෙනවා” යනුවෙනි.

 

තමාට සිටින එකම රැකවරණය සහ සමීපතමයා අත්අඩංගුවේ සිටිද්දී ඇයව බේරා ගැනීමට වෙහෙසෙද්දී විමර්ශන කටයුතු වලිනුත් ඇය වෙහෙසට පත්වීම සාමාන්‍ය කරුණකි.

 

අප ඔිනෑම අයෙකුට කම්පනයක් ආ විට හිතෙන්නේ මැරෙන්නටය.

 

ඒ, එය දරාගැනීමේ උච්ඡය කියා සිතෙන විටදීය.

 

එවිට බොහෝ වගකිවයුතු සමාජයන් සිදුකරන්නේ කම්පනයට පත්ව සිටින්නාට කාරුණික වීමය.

හතුරෙකුට වුවත් සලකන පැරණි ලාංකිකයා එසේය.

 

එහෙත් අපගේ රාජ්‍ය ආයතන ඊට කාරුණික වී ඇත්තේ මෙසේය.

මහේෂීගේ 21 වියැති තරුණ දියණිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මරණ තර්ජන කලායැයි ඇයට එරෙහිව මේ වනවිට නඩුවක් ගොනු වෙමින් ඇත.

 

ඊයේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 වියැති තරුණ දියණිය ඒ මොහොතේ මානසිකව සහ හැඟීම්බර ආතතියට පත්වීම මත “මම මැරෙනවා” යනුවෙන් ඇයගේ මුවින් ඉබේටම පිටවූ වචනයක් බවකි.

 

පහ 3 1

 

මහේෂී විජේරත්න අත්අඩංගුවට පත්වීම සහ ඇය වරදක් කර ඇත්නම් එය පිළිබඳ විමර්ශනය කිරීම එකකි.

 

එහෙත් ඒ නිසා ඇයගේ ළාබාල තරුණ දියණිය තව තවත් මානසිකව බිඳ දැමීම වෙනත් කරුණකි. අපට ඝාතකයෙකුගේ දරුවන් ගැන වුවද සමාජ වගකීමක් ඇත.

 

වෛද්‍ය සාෆි වෙනුවෙන් ඔහුගේ ළාබාල දියණිය ‌එදා මේ සමාජ ක්‍රමය තුළ මානසිකව පත්කළ තත්වය හා ඇය මානසිකව තුවාල වූ තරම පිළීබඳව අපට බොහෝ කරුණු කාරණා ඉතිහාසයේ පාඩම් වශයෙන් ඇත.

 

වැරදි විමර්ශනය කළ යුත්තේ නිවැරදි සමාජයක් හා රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනඟා ජන සමාජය යුක්ති ගරුකව, සාධාරණව  පවත්වා ගෙන යාමටය.

 

නැතහොත් එය වෛරයක් පිණිස නොවේය.

 

මෙවන් ඉතා අල්ප සිදුවීම් තමන්ට උචිත ලෙස අර්ථකථනය කිරීමෙන් හෝ වැරදි වටහාගැනීම් වලින් තීරණයන් ගැනීම තරහින් සහ වෛරයෙන් යුතුව සිදුකරන ක්‍රියාවන් ලෙස සමාජ අපවාදයට ලක්වන අවස්ථාවන් ය.

 

අපට කියන්නට ඇත්තේ අල්ලස් කොමිසමේ අ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙන්ම ලංකාවේ නීතිය යුක්තිය පසිඳලන ප්‍රධානීන් ට ඔවුන් ගැන, වෘත්තීය ගරුත්වය ගැන  රටකට ඇති ගෞරවය හා විශ්වාසය රැකිය යුතු බවය.

 

@සමාරා පරණවිතාන 

 

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත යවන ලද ලිපියේ පිටපතක් පහත පළවේ.

 

allas my3

නවතම ලිපි