SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙතෙක් ලියු මා දකින මව්බිම කොටස් හතරක ආ ගමන් මග මදකට කොටස 05 න් වෙනස් කිරීමට සිතුවෙමි.

06 වෙනි කොටසේ සිට නැවත හතර වන කොටසෙන් අවසන් කල තැනින් ආරම්භ කරන්නට සිදුවේ. ඒ වසරක් ගෙවී තවත් වසරක් ආරම්භයට පෙර දැනට මා මේ මොහොතේ දකින ප්‍රවණ තාවන් ගැන සටහනක් තැබීම වටිනා නිසාවෙනි.

 

 

සිරි ලංකාව අරගලයෙන් පසු බිහිකළ අනුප්‍රාප්තික ජනාධිපති ගේ ධුර කාලය වසර එකහමාරකට ආසන්න යුගයක පසුවේ.ඒ කාලය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් මේ වන විට ණය වාරික දෙකම ලබාගෙන ඇත. ගෝඨාභය විසින් ආරම්භ කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සෑහෙන දුරක් පැමිණ ඇත. ඒ අතරේ ලංකාවේ බලශක්ති අර්බුධය පැලැස්තර ක්‍රමයට ඉදිරියට ගොස් ඇත.

 

britain 3

 

 

කුණෙන් තවත් දැවැන්ත දේශපාලන ව්‍යාපාරිකයකු විජේසේකර පවුලෙන් බිහි කර ඇත.දේශීය ව්‍යාපාරිකයකු වෙත එප්පාවල පොස්පේට් නිධිය පවරා ඇත. එහෙත් ඒ පිටුපස හස්තය රාජපක්ෂලා ගේ සේනාධිපතිගේය. චාමර සම්පත් එය භාර ඇමතිය. රටේ අධ්‍යාපන ඇමති කෙනෙක් ඇත්දැයි නොදැනේ. අධ්‍යාපනයට වැය කරන මුදල සිතීමටවත් නොහැකි සුළු  මුදලකි. රට හැර යන ප්‍රමාණයත්,නැති බැරිකම් කනිපින්දම් කීම නිසා විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් වැඩි වී ඇත. රජය ඒ ගැන සංඛ්‍යා දත්ත ලබා දෙන්නේ දැයි නොදනිමි. රටේ ආර්ථිකය මදක් යහපත් වී ඇතැයි කියන්නේ විදේශ සංචිත ඒ හරහා ශක්තිමත් වී ඇති බැවිනි.රටේ ජනතාව රටේ ආර්ථිකය වෙනුවෙන් කරන කැප කිරීම් හා දායකත්වය ගැන පැසසුමක් නැතත් ඒ සියල්ල  ජනාධිපතිවරයා ගේ දක්ෂකම යයි කියමින් අනුප්‍රාප්තික ජනාධිපති වරයා මැතිවරණයකට සැලසුම් සකසා ඇත. සහනාධාර මැතිවරණ පැකේජයකින් සුපුරුදු ක්‍රමයට චන්ද දිනීමට බලය ගැනීමට ඔහුට රාජ්‍ය බලය තිබේ. ඔහු එය ඉටු කරගනිමින් සිටි.

 

පක්ෂයක්,විපක්ෂයක් ආණ්ඩු පක්ෂයක් නැති අමුතුම දේශපාලන මිශ්‍රණයක් මේ මොහොතේ ලංකාවේ ක්‍රියාත්මක වේ. එම මිශ්‍රණය ජනතා හිතකාමී වනවාට වඩා ඔවුනගේ පැවැත්ම සම්බන්ධ ගැටළු වලට විසඳුම් සොයන බව පෙනේ. පිල් මාරු කිරීම් කඳවුරු ගොඩ නැගීම් චරිත පිම්බීම හා නැවත හොරගල් අහුලමින් දේශපාලනයට පැමිණීම හැර රටේ විශාල අර් බුධයක් පවතින බව හෝ ඒවාට විසඳුම් සෙවිය යුතු බව ට මේ පිරිසට වගේ වගක් නැත.එලෙසම ජනතාව ද නැවත නැවතත් එම නාටක රසවිඳිමින් අනුර කුමාර දිසානායක ගෝටාභය අභිෂේක කල ලෙසින්ම අභිෂේක කිරීමට පෙළ ගැසී සිටිති.

 

Anura Kumara Dissanayake and Sajith Premadasa

 

තමන්ට ඊලඟ වසර 05 දී සිදු විය යුතු දේ ගැන ජනතාවට අවබෝධයක්,උවමනාවක්,හැඟීමක් නැත. ලෝකයේ බිංදුවට වැටුණු රටවල්,යුද්ධ නිසා බිමට සමතලා වුණු රටවල් වල ජනතාව එලෙස හැසිරෙන්නේ නැත. හැසිරී ද නැත. ඔවුන් තම දායකත්වය දිය යුතු උපරිමයට ගොස් රටවල් ගොඩ නගා ඇත. ජනතාවගේ දායකත්වය නොව පාලකයාගේ හැකියාව ගැන කවි ගී ලියන සංස්කෘතිය අවසන්  කර  අපේ රටේ සැබෑවට වැඩකරන ජනතාව ඔවුන් මේ මොහොතේ දේශීයව,විදේශීය ව මේ අවුලෙන් රට ගොඩ නැගීමට ගන්නා උත්සාහය ගැන අවබෝධයකින් හා අභිමානයකින් පසු විය යුතුය. එය ජනතාවට හිමි කර නොදෙන දේශපාලනයට එරෙහිව ජනතාව පාරට එන යුගයක් ලඟදි බිහි වෙන බව මේ යන ආකාරයෙන් දැනේ.

 

cheewaradariya

 

රටේ සතියෙන් සතියට දිවෙන අලුත් ම නාටක අතරේ වැදිබණ දෙසු මිහින්තලේ චීවරධාරී ගේ අසභ්‍ය වීඩියෝ පටයක් නිකුත් වී තිබුණි. ඔහු මලින් උපන් සිද්ධාර් ථ ,අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද යයි සිතා ලංකාවේ ජනතාව හා මාධ්‍ය ඔහුව පුම්බා තබන විට, මිහින්තලයේ සමස්ථ ආර් ථිකය අයිතිකර ගනිමින්  මහා මාර් ග වල වී වේලමින් පවා ගිලගෙන සිටින පුද්ගලයකු බව අපි දිගින් දිගටම අනාවරණය කළෙමු. ඔහුගේ ලිංගික කරුණු අපට ද ලිවීමට තොරතුරු ලැබී තිබුණත් ඒවා පෞද්ගලික ඒවා නිසා සැබවින්ම ඒ ගැන අපගේ අවධානය අඩුය. කෙසේ නමුත් ඔහුගේ ක්‍රියාදාමය ඔහුගේ ආර්ථික වපසරිය පවත්වාගෙන යාමේ මෙහෙයුමක් බව පැහැදිලිය.

 

dweshabandu

 

 

වැඩ බලන පොලිස්පති ගේ යුක්තියේ මෙහෙයුම ගෝටාභය ගේ මෙහෙයුමක දිගුවක් වන අතර ධම්මික පෙන්වා ටිරාන් පොදු අපේක්ෂකයා ලෙස ජනගත කිරීමේ මෙහෙයුමකි.අවශ්‍ය අය ව  අත්අඩංගුවට පත්කර ආරක්ෂාව දීමත් එහි අරමුණකි.දේශබන්ධුට එරෙහිව සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීමට එරෙහිව දිගු මාධ්‍ය මෙහෙයුමක්ද දියත් වී තිබේ. කිසිවකු මත්ද්‍රවය වැලැක්වීම කෙරෙහි විරෝධතා නොදක්වති.එහෙත් ඒවාට ඇබ්බැහි වූ තරුණය න් ගේ ජිවන අපේක්ෂා,අනාගත අපේක්ෂා, දරිද්‍රතාවයෙන්, ගොඩ ගැනීමේ හා ගොඩ නැගීමේ ක්‍රම මෙන්ම , තාරුණ්‍ය අවභාවිතය වැළක්වීමේ ක්‍රමයක්,ක්‍රමවේදයක් හෝ ආර් ථික, සමාජීය වශයෙන් ඔවුනට අභිමානයක් ගෙන දෙන ජිවිතයක් ලබා දීම වෙනුවෙන් මෙහෙයුම් දියත් වන්නේ නැත.

 

 

මේ කරුණ නිසාම ඊලඟට පත්වන දේශපාලන බලාධිකාරිය අනිවාර්යයෙන්ම් මේ කරුණ ට අත නොතබන්නේ  නම්,අලුත් ලංකාවක් ගැන නොව 88-89 සිරි ලංකාවක් අපිට බිහිවේ.ටිරාන් ගේ පොදු අපේක්ෂක ආගමනය, මේ භිය රනිල් වික්‍රමසිංහගේ පොදු අපේක්ෂකත්වයට වඩා වැඩියෙන් දනවයි.යුක්තිය මෙහෙයුම එයට සාක්ෂි සපයන්නේ තරුණයන් ලණු වලින් ගැට ගසා හුස්ම හිරකර,පහර දී බලය පැතිරිවිමට ටිරාන් හා දේශබන්ධු ප්‍රසිද්ධියේ කටයුතු කරනු දැකීමෙනි.

 

Democrasy

 

ජවිපෙ ආණ්ඩුවක මානව නිදහස ගැන,ප්‍රචණ්ඩත්වය ගැන කලබල වෙන ඕනෑම අයකු ටිරාන් පොදු අපේක්ෂකයා වීමෙන් සිදු විය හැකි දේ මෙන්ම ජවිපය ටිරාන් සමග එකතු වීමෙන් ඇති විය හැකි දේ ගැනද සාධාරණ තක්සේරුවකට ආ යුතුය.

 

කෙසේ නමුත් මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් විස්සකට ආසන්න  පිරිසක්  එලියට පැමිණ තිබේ.ඒ අතර චීවර ධාරීන් දෙදෙනෙකුද, ප්‍රකට ව්‍යපාරිකයන් දෙදෙනෙකුද සිටි. වසර 75 ක දේශපාලනයේ මේ සියළු අපේක්ෂකයන් රටේ අවගමනයට, රටේ අවගමනය ස්ථාපිත කළ සියළු දෙනාට සහාය දක්වා තිබේ. දේශපාලනය කරන පාර්ලිමේන්තු පිරිසට ඇති අභියෝගයම මේ පිරිසටත් ඇත. එනම් තමන්ගේ ව්‍යාපාර හා ආයතන වලට දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමයි. භික්ෂු සමාජයට ඇත්තේද එම දේශපාලන බලය තහවුරු කර ගැනීමේ සටනයි.

 

Dilith Jayaweera feature

 

ඒ අනුව ජනාධිපති සටන් වලට දැනට එළඹ ඇති සියලු දෙනාම දේශපාලනය නොමැතිව කිසිදු දිනක තමන් සිටින තැනට පත් විය හැකි ශක්තිමත්  මිනිසුන් නොවේ. පවුල් බලය,හෝ දේශපාලන පවුල් වල ඉපදුනේ නැතිනම් ජනතා බලයක් ගොඩ නගා ගත හැකි මිනිසුන් නොවේ. දේශපාලන බලය ඔවුන්ගෙන් ගිලිහි ගිය විට ඔවුන් නිකම්ම නිකම් මිනිසුන් වීම වලක්වා ගැනීමේ සටන මෙවර දැනට පෙනෙන ජනාධිපති අපේක්ෂක සංයුතිය කියා පායි.

 

අනෙක් අතින් දිලිත් ජයවීර ගේ සිට බොහෝ අපේක්ෂකයන් ප්‍රමාණයක් අනුරාධපුර ඥාණ මෑණියන්ගේ ආශීර්වාද ලත් අපේක්ෂකයන් වීමද සැලකිල්ලට ගත යුතුය. මේ පිරිස තම දේශපාලන බලය ආරක්ෂා කර නොගන්නේ නම්,නැති වීමට බොහෝ දේ ඇත.බදු වංචා,බොල් ණය වැනි විශාල ආර් ථික වරප්‍රසාද ලබා ඒවා හෙළි වීමේදී,දේපල පවරා ගැනීම්,සිරගත වීම් අපේක්ෂා කල යුතු බොහෝ දෙනෙක් ජනාධිපතිලා වීමට පෙළ ගැසී සිටිති.අධිකරණයේ නව ප්‍රවණතාවය අගය කල යුතුවා මෙන්ම මේ අපේක්ෂක යන්ගේ ආරක්ෂක පියවර ගැන උනන්දුව වැඩි කර තිබේ.

 

අධිකරණය පැහැදිලි ලෙස සාධනීය තීන්දු තුනක්  මේ වසරේ ලබා දී තිබුණි.එකක් වුයේ  අත්අඩංගුවේ සිටියදී කල හිංසාවකට එරෙහිවය. ඒ පොලීසිය සම්බන්ධයෙනි. අනෙක් තීරණය සිරි ලංකාවේ යුධ හමුදාව සම්බන්ධ ව්රිට් ආඥා වකි.මේ තීන්දු දෙක ඉතා වැදගත් තීන්දු දෙකක් ලෙස ඉතිහාසයේ ලියවේ. තුන්වන තීන්දුව නම් රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් දුන් තීන්දුවය.  මේ තීන්දු තුනම  රටේ නීතියේ අඳුරු මුල්ලක කුඩා පහනක් දල්වා තිබේ.

 

Justice 1 612x375 1

 

 

පොලීසිය බලය යොදමින් ඉතිහාසය පුරා ජන පිඩක ලෙස හැසිරීම ට එරෙහිව ජනතා අයිතීන් ක්‍රියාත්මක වන බව දේශබන්ධු ඇතුළු තවත් පිරිසකට දුන් තීන්දුවෙන් ප්‍රකාශ විනි. ගජබා රෙජිමේන්තුවට පිටතින්  හමුදාපති වරයෙක් බිහි වීම වැළක්වීමේ  ක්‍රමවේදයට අභියෝග කරමින් හමුදාවේ බ්‍රිගේඩියර් වරයකුට තම නියමිත උසස් වීම් ලබා දිය යුතු බවට අධිකරණය නියෝගයක් ලබා දී ඇත. ජනාධිපතිවරයාත්,ආරක්ෂක ලේඛම් හා ආරක්ෂක ඇමති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ඒ තීන්දුව තඹයකට වත් නොසලකා හදිසියේ එම බ්‍රිගේඩියර් වරයාට හිමි විය යුතු තැනට මැදමුලන හිතවාදී අයකු පත් කර තිබේ.

 

 

පොලීසියේ නිලධාරීන් ට ලැබෙන නඩු තීන්දු වල නියෝග ක්‍රියාත්මක වීමේ බහුල බවක් ඇත.එහෙත් සිරි ලංකා යුධ හමුදාව අධිකරණය නොසලකා හැරීම ඉතාමත් නරක,භයානක ප්‍රවණ තාවයකි.අධිකරණය නොසලකා ක්‍රියාත්මක වීම අධිකරණයට කරන ලද බරපතල අපහාසයකි.එය නිල වශයෙන් කරන ලද නොසලකා හැරීමකි.මෙය රටේ ස්වෛරීත් වය බරපතල ලෙස ප්‍රශ්න කරනු ලබයි.අධිකරණය ට පහලින් තිබෙන හමුදාව අධිකරණය අභිබවා ගොස් ඇත.වල්බුරු නිදහස රජ කරන්නේ එවන් විටකය.

 

අපේ රටේ ජන ජිවිතයට ඉන්දියාව,ලංකාවේ උතුරේ හා දකුණේ පවුල් දේශපාලනය ලබා දුන් ත්‍යාගය වසර 30ක් යුද්ධය ය.එම යුද්ධය අපට ලබා දී ඇති විශාලතම පුහුණු ශ්‍රමිකයා හමුදාවය. ලංකාවේ වැඩිතරම වියදමක් ඇත්තේ හමුදාව වෙත වන අතර ආදයමක් උපයන්නේ නැත. ලංකාවේ විශාලතම පුහුණු ශ්‍රම බලකාය හමුදාව වීමේ ආර්ථික අවාසිය හා  හමුදාව අධිකරණය නොසලකා හැරීම සැලකිල්ලට ගත් විට සිරි ලංකාව හමුදා රාජ්‍යක් නොවන්නේ යයි කිව හැකිද ?

 

හමුදාව හා පොලිසිය දැඩි විනය පටිපාටියකට ඇතුලත් කරන්නේ ඔවුන්ට උද්ඝෝෂණ, වර්ජන කිරීමට අවසර නැති බැවිනි.අධිකරණයට යාමට ඒ විනය තුලම ඔවුන්  බියක් දක්වති. එසේ නම් හමුදාව පිරිසිඳු ජලය මෙන් පැහැබර විය යුතුය. විනිවිද විය යුතුය. එවැන්නක් 2009 සිට අපේක්ෂා කිරීම අපහසුය. එහෙත් දැනට පවතින ඒකාධිකාරිය තුල හමුදාවේ විශ්වසනීය බව ආරක්ෂා කරගැනීමට එක් නිලධාරියකු හෝ අධිකරණ ඉදිරියට යාම මුළු මහත් හමුදාව මහා ව්‍යසනයකින් බේරා ගැනීමකි. නොසලකා හරින ලද හමුදාවේ දුක් ගැනවිල්ල ගැන පිහිට පැතිමකි. එනම් දිගින් දිගට සිදුවන වංචනික, ආසාධාරණ ක්‍රියා හමුදාවේ බිඳ වැටි ඇති මානසිකත්වය  ගොඩ නැගීමට එම නඩු තීන්දුව බෙහෙවින් ඉවහල් වී තිබේ. හමුදාව ප්‍රචණ්ඩ පක්ෂ බලයට ගෙන ඒමට පෙළගැසී ඇත්තේද දිගින් දිගටම රටේ නායකයන් හමුදාවේ කිහිප දෙනෙකුගේ උවමනාව මත අනෙකා පීඩනයට පත් කිරීම ඉවසිය නොහැකි මට්ටමේ පවතින නිසාය. එම ඉහල මට්ටමේ හමුදා නිලධාරීන්ගේ දේපල හා වත්කම් වාර් ෂිකව පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් රටට අවශ්‍ය ව තිබේ. පොලිස් නිලධාරින් ගේද එම පරික්ෂාව නීතිගත කිරීමෙන් ලංකාවේ සිදුවන දුෂණ, වංචා අල්ලස් ගැනීම් හා නීති විරෝධී සංවිධානාත්මක අපරාධ රාශියක් වලක්වා ගත හැකිය.

 

 britain 2

 

ඉහත තීන්දු දෙකට අමතරව ලංකාවේ ආර්ථික ඝාතකයන් වෙනුවෙන් දුන් අයිතිවාසිකම් කඩවීමේ තීන්දුව වැදගත්ය.මේ තීන්දුව පාදක කරගෙන දුෂිත මිශ්‍රණය හෝ නාමික විපක්ෂය ලංකාවේ නිතිය මගින්වත් නඩු පැවරීමක්, දේපල පවරා ගැනීමක් වෙනුවෙන් ඉදිරියට ආවේ නැත. ලංකාවේ මාධ්‍ය ආයතන ඉහත නඩු තීන්දු තුනටම ලබා දී තිබුනේ ඉතාම පුංචි අවධානයකි. එම නඩු තීන්දු Landmark නඩු තීන්දු ලෙස ලංකාවේ මාධ්‍ය දුටුවා නම්, රටේ හැරවුම් ලක්ෂය මෙතනින් ආරම්භ කිරීමට හැකි විය යුතුය. එම අවස්ථාව ලංකාවේ මාධ්‍ය ආයතන විසින් ජනතාවගෙන් උදුරා ගන්නා ලදී. එය ලංකාවේ මෑත ඉතිහාසයේ ආයතනික වශයෙන් කරන ලද සුවිශාලම අධිකරණයට අපහාස කිරීමයි. අඳුරු මුල්ලක් පහනක් දල්වා ආලෝකවත් කල ගරු අධිකරණයට හිස නමා ආචාරය පුද කරමි. මාධ්‍ය,රාජ්‍ය බලය හා ආයතනික වශයෙන් ඉහත නඩු තීන්දු තුනේදීම අධිකරණයට බරපතල ලෙස අපහාස කර තිබේ.

 

KUMARATUNGA C e1378690732519 1200x550

 

මේ ආකාරයෙන් මේ වර්ෂය අවසානයේදී කටයුතු සිදුවන විට පිරිමින් ,පිරිමින් අගයන අය, හා පිරිමි දේශපාලනයක් විශ්වාශ කරන හැමෝම නැවත එය ආරක්ෂා කරගන්නට දෙස් විදෙස් වශයෙන් දිවා රාත්‍රී නොබලා කටයුතු කරගෙන යති .ඒ අතරේ කාන්තා දේශපාලනය නිහඩ, නිද්‍රා ජනක වගකීම් විරහිත ගමනක යෙදෙයි. දෙවරක් ජනාධිපති විත් රට සම්පුර්ණ සාධනීය මාවතකට ගෙන ඒමට නොහැකි වූ CBK මෙවරද බල කඳවුරු ගොඩ නගමින් සිටි.

 

 

අපට දැන් ඇත්තේ බල කඳවුරු ගැන පුරෝකථන දීමට පමණි. ඔවුන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කඳවුරු ගොඩ නගති. කඳවුරු වෙනස් කරති. කඳවුරු වල සංයුතිය වෙනස් කරති. මන්දපොෂණයේ අපවාදයේ ඉහලම තැන සිට,ණය කන්ද හැර වෙනත් විසඳුමක් නැති නායකයන් හා විසඳුමක් නැති නායකයන් යයි සිතා සිටින පඹයන් සමග රටේ දරු පරපුරේ අනාගතය තබා ඔබ වැඩිහිටියකු ලෙස මිය යනවාද? මේ රට හරයාත්මක තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් ඔබගේ සියළු හැකියාවන් යොදවනවාද යන්න 2024 වර්ෂයේදී ජනතාව හැටියට ඔබ තීරණය කල යුතුය. එය 2024 වර්  ෂයේ ඇති බරපතලම පුරවැසි වගකීම බවට මා දකිමි.

 

@ සුභාෂිණි විෆ්ලර්

30.12.2023

නවතම ලිපි