SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා slleader  වෙබ් අඩවිය නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා සමග සිදුකළ සංවාදයේදී

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ඇසූ පැනයකට පිළිතුරු දුන්නේ මෙසේය.

 

ප්‍රශ්නය -

ඉතිහාසයේ ඉඳපු ප්‍රජාතන්ත්‍රවාදීම ජනාධිපතිවරයා ගෝඨාභය කියල සමාජ මාධ්‍යවල කතා වෙනව. ඔබ මේ ගැන මොකද කියන්නෙ?

 

dullas alahapperuma

පිළිතුර -

ඇත්තටම ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් නෙවෙයි ඔහු අහිංසක නායකයෙක්. මොකද කැබිනට් මණ්ඩලය තුළ අපි ඔහුගෙ ප්‍රජාතන්ත්‍රවාදය දැක්කෙ නැහැ. ඔහු සෘජු, තමන් කියන දේ හරි කියල හිතන කෙනෙක්. කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නයෙදි උනත් අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ සහ අනෙක් අමාත්‍යවරුන්ගෙ හඩට ඔහු සවන් දුන්නෙ නැහැ. ඒ හින්ඳ ප්‍රජාතන්ත්‍රවාදී චරිතයක් කියන්න බැහැ.

නමුත් ඔහු අදේශපාලනික චරිතයක්. ඔහු පිළිබඳ මගේ තියෙන සරලම නිර්වචනය ඒකයි. ඔහුගේ දේශපාලන අර්බූධය නිර්මාණය වෙන්නෙම මේ අදේශපාලනික හේතූන් උඩ. ඇහුන්කන් දීමේ ගුණය ඔහුතුළ තිබ්බේම නැහැ. ඔහු තනියම තීන්දු ගත්ත. තනියම තීන්දු ගන්න බැරිවෙන තැනදි පවුලෙ තමන්ට එකඟවෙන කෙනා එක්ක ඒක ශෙයා කරගත්ත.  ඔහු පාර්ලිමේන්තු කණ්ඩායම විශ්වාස කලේ නැහැ. ඔහු කැබිනට් මණ්ඩලය විශ්වාස කලේ නැහැ. ‌ඔහු දේශපාලන ස්ථරයන් විශ්වාස කලේ නැහැ. අපි මුලදි හිතුව ඔහු පක්ෂයක් නියෝජනය නොකරන එකම, දේශපානඥයෙක් නොවීමම ඔහුගේ තියෙන සුදුසුකම කියල. නමුත් ඇත්තටම ඒ අදේශපාලනික තත්ත්වයත් එක්ක මතු උනේ ඒකෙ අනික් පැත්ත. ඒ අදේශපාලනික තත්වයත් එක්ක තමයි මේ තරම් බරපතල තත්වයකට රට කඩා වැටුනෙ.

ලිපියේ සබැඳියාව - (https://slleader.lk/life-style/8100-2023-07-14-21-36-26)

 

මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ජ්‍යෙෂ්ට උපදේශකයෙකු ලෙස සිටි එරන්ද ගිනිගේගේ පහත සටහන ඊට පිළිතුරක් ලෙස ගත හැක.

 

ගෝඨාභය දේශපාලනය නොකළේ ඇයි? - එරන්ද ගිනිගේ

 

ඇතැමුන් කියන්නේ ගෝඨාභය දේශපාලනය නොදන්නා බවයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මෙරට පිටරට අතීත වර්තමාන අනාගත දේශපාලනය ගැන තාර්කික සංවාද පැය ගණන් කර ඇති මට එතුමාගේ දේශපාලන දැනුම සහ අත්දැකීම් ගැන සැකයක් නැත. එහෙනම් මොකක්ද වුණේ? ඒක තේරුම් ගන්න පුළුවන් මේ දවස්වල වැඩකරන දේශපාලන ව්‍යාපෘතියක් ඇසුරෙන්.

 

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාවක් තමයි ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා ඇතැයි ආදී වශයෙන් ප්‍රචාරණය කරන මතය. මෙතන ඇත්තටම වෙන්නේ ඔය කියන “දේශපාලනය”. මෙතන වෙන්නේ වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සැලසුම් සහගතව ක්‍රියා කිරීමක්. ඒක කොහොමද කරන්නේ?

 

එහිදී පළමුවෙන් කරන්නේ ජනතාව අතර බියක් ඇති කිරීම. මිනිස්සු බය වෙන්නේ අවිනිශ්චිතතාවයට (uncertainty). අවිනිශ්චිතතාවය ඇති කරන්න නම් ඔවුන්ට දැනෙන දෙයක් ගැන සැක ඇති කරන්න ඕනා. ආහාර, වතුර, විදුලිය, ඉන්ධන, බෙහෙත්, අධ්‍යාපනය වගේ අත්‍යවශ්‍ය දේවල් ගැන සැක ඇති කළොත් මිනිස්සු බය වෙනවා. දැන් කරලා තියෙන්නේ ඒක. අරගලයට කලින් කළෙත් ඒක.

 

රෝහල්වල හැමදාම මිනිස්සු මැරෙනවා. නමුත් අපිට පුළුවන් ඒ මරණයක් හෝ මරණ කිහිපයක් හෝ යොදාගෙන ජනතාව අතර බෙහෙත් ගැන සැකයක් ඇති කරන්න. ඒක එච්චර අමාරු දෙයක් නොවෙයි. කටකතාව හදලා දුන්නම දෙරණ සිරස හිරු සියත වගේ බිස්නස්කාරයන් ඒවා ලංකාවටම විකාශනය කරලා දෙනවා. ඊට පස්සේ යූටියුබ් විව්ස් හිඟන්නන් සහ ගොසිප් පත්තර ඒවා සමාජ මාධ්‍යයේ වෛරල් කරලා දෙනවා. මිනිස්සු බය වෙනවා.

 

ඒත් එක්කම ඒ බය වෙන ජනතාව වෙනුවෙන් කතා කරන්න ප්‍රසිද්ධ චරිත එනවා. ගොවි සංගම් ප්‍රධානීන්, වෘත්තීය සමිති නායකයන්, පරිසරවේදීන් වැනි අය තමයි මේකට අවස්ථාව අනුව යොදාගන්නෙ. ජවිපෙ සහ පෙසප කථිකයන් තමයි මේකට දක්ෂම සේල්ස්කාරයන්. ඔවුන් ඇවිල්ලා දවස ගානේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරලා මේ ප්‍රශ්නයට හේතුව "අහවලා" කියලා ලකුණු කරනවා.

 

දැන් ජනතාව අතරින්ම එනවා ඒ අහවලාට විරෝධයක්. ඒකට “අරගලය” කියලා නමක් දාන්නත් පුළුවන්. නිර්මාල් දේවසිරි කියනවා වගේ ඕන නම් “සාමූහික ප්‍රචණ්ඩ ක්‍රියා” කියලා සුපිරි නමක් දාන්නත් පුළුවන්. එතකොට ඒ අහවලාට සිද්ධ වෙනවා ජනතා විරෝධය හමුවේ ඉවත් වෙන්න. අන්න එතකොට එතනට එනවා අර ව්‍යාපෘතිය සංවිධානය කළ මිනිහා. එයා ඇවිල්ලා සුටුස් ගාලා පුටුවේ වාඩිවෙනවා. එතකොට ව්‍යාපෘතිය නවතිනවා. දැන් මැරෙන රෝගීන් ගැන කිසිම නිව්ස් එකක් නැහැ. ජනතාව හිතනවා වැඩේ හරි කියලා. සැකය දුරු වෙනවා. බිය නැතිවෙනවා. හැබැයි වෙනදා වගේම රෝහල්වල මිනිස්සු මැරෙනවා. ගෑස් ටැංකි පුපුරනවා. ගස් කපනවා. කුඩු ගේනවා. අපරාධ කරනවා.

 

මෙන්න මේක තමයි ඔය බොහෝ දෙනා කියන දේශපාලනය. නමුත් ඕක ඇවිල්ලා නියම දේශපාලනය නෙවෙයි. මේකට බල දේශපාලනය (Power Politics), දූෂිත දේශපාලනය (Dirty Politics) වැනි විවිධ විශේෂණ තියෙනවා. මේ දේශපාලනය කරන එක පහසුයි. ඒක සෙල්ලමක්. ඒකෙන් කිසිම ගැටලුවක් විසඳෙන්නේ නැහැ. හැබැයි මේ සෙල්ලම හොඳටම කරන මිනිහට කාලයක් බලයේ ඉන්න පුළුවන්.

 

මේ වගේ වංචා සහගත දේශපාලන ව්‍යාපෘති සමග සටන් කරන්න නම් ඔය මම කරනවා වගේ දත්ත සහ කරුණු මත පදනම්ව තාර්කිකව සත්‍යය අසත්‍යය ජනතාවට කියා දීලා බැහැ. මොකද එහෙම බුද්ධිමත් ජනතාවක් ඇත්තටම ඉන්නවා නම් උන් මුලින්ම ඔය වංචාකාරී දේශපාලන ගේම්වලට අහුවෙලා අරගල කරන්නේ නැහැනේ. ඒ නිසා කරන්න වෙන්නේ ඒ වගේම ගේම් එකකින් සිය ප්‍රතිවාදියාව යටපත් කිරීමයි. වෙන විදිහක් නැහැ.

 

නමුත් ගෝඨාභය ඔය දේශපාලනය මුල සිටම ප්‍රතික්ෂේප කළා. ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මයෙක්. ඔහු හැදුවේ ඔය ජරා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. දත්ත සහ කරුණු මත පදනම්ව සත්‍යය මත පිහිටා අවංකව ජනතා ගැටලු විසඳන්න. අන්න ඒක තමයි නිවැරදි දේශපාලනය. මමත් ඔහුට උදව් කළේ ඒ වෙනුවෙන්. අදටත් මතුවටත් එතුමා වෙනුවෙන් කතා කරන්නේ ඒ ඔහුගේ වටිනා ගුණය වෙනුවෙන් පමණයි. නමුත් මේ රටේ ඉන්න බහුතරයක් අවුගත් නොහික්මුණු අශිෂ්ට මිනිසුන් තවම ඒ උත්තම දේශපාලනයට සූදානම් නැති බව දැන් ගෝඨාභය මහතාත් මමත් ඉතා හොඳින් තේරුම්ගෙන සිටිනවා. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2023 ජූලි 16

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි