අවුරුදු 16ක පාසැල් සිසුවෙක් සහ, ගුරුවරියක අතර තිබුනා යැයි කියන පෙම් හුටපටයක් ගැන, මාධ්‍යවල තලුමරන්න ගත්තෙ, මීට සතියකට විතර කලින්.
ගුරුවරිය විසින් සිසුවාට අතවරයක් කරලා තියෙනවා වගේ තමයි, හැමෝම කතා කරන්න ගත්තෙ.
මේ වගේ කාරණයකදී, ඕනෑවටත් වඩා හොඳ පැත්තක් මවාපාමින් , කවුරුන් හෝ වරදකරුවා කරන්න, සමාජයේ බහුතරය පෙළඹෙන එක සාමාන්‍ය තත්වයක්. ඇත්තටම ඒක අපේ කාලයේ, සමාජ රෝගයක්. මේකට අපිට කියන්න පුළුවන් වර්චු සිග්නලින් කියල. ප්‍රශ්නයක් දිහා සමතුලිතව මැදිහත්ව නොබලා, සම්මතය, හොඳ නරක වගේ සාම්ප්‍රදායික ආචාර ධර්ම මත පිහිටලා, මිනිස්සු වැරදිකාරයන් හැටියට විනිශ්චය කිරීමක් තමයි , මෙතනදි සිද්ද වෙන්නෙ. නැත්තං ලංකාවෙ නීතිය හැටියට, අවුරුදු 16ක් කියන්නෙ, තීරණ ගත හැකි වයසක්. මේ ප්‍රේමය බාලවයස්කාර ගණයට අයිති වෙන්නෙ නෑ.
ලංකාවෙ මේ වගේ ප්‍රශ්නයක්, මේ විදිහෙ කැත දිහාවකට ගමන් කරාට, ලෝකෙ මීට සමාන කතන්දර, ඓතිහාසික ආදර පුරාවෘත්ත බවට පත්වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, අවුරුදු 16දි තමන්ගේ නාට්‍ය ගුරුවරිය බ්‍රිජිට් එක්ක, ආදරෙන් බැදෙනවා. එතකොට බ්‍රිජිට් ගුරුවරියගේ වයස අවුරුදු 41ක්. ඇය විවාහකයි. දරුවනුත් තුන්දෙනෙක් ඉන්නවා.
මේ දෙන්නගේ ළෙංගතුකම්, මුලින් ගොඩනැගෙද්දි, එමානුවල්ට වයස 14ක් බවයි කියන්නෙ. කොයිතරම් බාධක ආවත් , එමානුවල් අවුරුදු 29දි, ඒ වෙද්දි අවුරුදු 54ක් වුනු බ්‍රිජිට්ව විවාහ කරගන්නවා. බ්‍රිජිට් තමන්ගේ පෙර විවාහයෙන් දික්කසාද වෙලා , මේ ශිෂ්‍යයා එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා. මැක්රොන් ජනාධිපතිධූරය දක්වා එනකල්, එයාගෙ උපදේශිකාව විදිහට ලඟින්ම ඉන්නෙ බ්‍රිජිට්. කොහොමද ඒක.
ඒ නිසා තමයි කියන්නේ, ප්‍රේමය ජාති වර්ග වයස් සීමා, අඳුරන්නෙ නෑ. ඒ නිසා සදාචාරය පැත්තෙ ඉඳන්, ප්‍රේමය විනිශ්චය කරන්න කලින්, අපිට ඒ ගැන, මැදිහත් දැක්මකින් විමසා බලන්න වෙනවා.
මේ වෙද්දි මේ අපයෝජන චෝදනාව පිට, තමන්ව අත්අඩංගුවට ගත්තොත්, අපේක්ෂිත ඇපයක් ඉල්ලා, ගුරුවරිය අධිකරණය හමුවට ගිහින්. දැන් විසි වයස් වියෙහි පසුවන, මේ තරුණයා, තමන්ට ඔහුව විවාහ කරගන්නා මෙන් බලකරන බවත්, ඊට අකමැති වුනු නිසා, මෙවන් චෝදනාවක් කරන බවක් තමයි, ගුරුවරිය පවසන්නෙ. තමන් මේ සිද්ධියෙහි වින්දිතයා බවත් ඇය කියා සිටිනවා.
අවුරුදු 16 ඉඳන් අවුරුදු 20 වෙනකල් හැට වතාවක්, හෝටල් කාමරවලට යනකල්, තරුණයා මේ චෝදනාව නොකලේ ඇයි කියල, අපිට හිතලා බලන්න වෙනවා. මෙච්චර කාලෙකට පස්සෙ, තමන් සමග සබඳතා පැවැත්වූ අනෙකා පිට වරද පැටවීම , පලිගැනීමේ චේතනාවකින් කරන එකක් වෙන්න, ඕන තරම් ඉඩ තියෙනවා. අවංකව පපුවට තට්ටු කරලා ඇහුවොත්, ලංකාවෙ තරුණයන් අතර මේ වගේ අනුරාගයක් ප්‍රාර්ථනා කරන පිරිස, කොයිතරම්ද වැඩිද? මේක බලහත්කාරයක් විදිහට දැනෙන පිරිස, කොයිතරම් අල්පද? ඒ නිසා මේ තරුණයාට තමන්ගේ, සිව්වසරක ප්‍රේමය දැන් අපහසුතාවයක් වන්නට කාරණා , මොනවද කියලා , හොයලා බලන්න සිද්ද වෙනවා.
සෙක්ස් නම් නරකයි කියල තියෙන ආකල්පයත් එක්ක, හැම සම්බන්දයක් දිහාම, මාධ්‍ය ඇතුලෙන් බලන ජනතාව හෙලන්නෙ, වපර ඇසක්. ඇත්තටම ඒක කුනු රස තලුමරන බැල්මක්. අවුරුදු 16ට වැඩි නිසා, අපිට මේක වැඩිහිටි ප්‍රේම පලහිලව්වක් හැටියෙන් දකින්න වෙනවා.
කලකදි රහ කලකදි වහ වෙනවාලු කියන, පරණ කියමනත් ඔලුවට ගන්න වෙනවා. ගුරු සිසු කතන්දර නැතුව, අවුරුදු 20ක තරුණයෙක් සහ අවුරුදු 34ක තරුණියක් අතර ගැටලුවක් හැටියට , මේක තේරුම් ගන්න සිද්ද වෙනවා. නැත්තං අපි මේ සිද්දිය විනිශ්චය කරන්නෙ, මේ අදාල නොවෙන වචන සහ නිර්නායක වලින්.
මිනිස්සුන්ගේ ජීවිතවල සම්බන්ධතා ගැන, විවෘත මනසකින් බලන්න අපිට බැරි එක, ජාතික අවාසනාවක්. ඒ වගේම මෙවන් සුළු ප්‍රශ්න ලොකුවට පුම්බාගෙන, මාධ්‍ය විසින් කරන්නෙ මේ ජීවිත දෙකටම බරපතල හානියක්. ඒ වෙනුවෙන් හෑලි ලියන, ෆේස්බුක් සදාචාරවාදියො කරන්නෙ, කුණුවල ඉහගෙන කමින්, තමන්ගේ හිස් ජීවිතයට, මොකක් හෝ තේරුමක් පුරවගන්න කරන, දැඟලිල්ලක්.
ඒ එක්කම මේවගේ කතා ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍යවලින් , විශේෂයෙන් මේවා , ආණ්ඩුවට සම්බන්ධ ශෝෂල් මිඩියා වලින් උස්සන්නේ ඇයි ද කියන කාරණය ගැනත්, අපි මීට වඩා හිතන්න ඕන. ආණ්ඩුව බලන්නේ, මේවගේ නිව්ස් දාල හරි, රටේ තියන සැබෑ අර්බුදය යටගහන්න.. සෙක්ස් ඇරියස් තියන කට්ටිය ෆෝම් කරන්න.
ඔය වගේ නිව්ස් වයිරල් කලා කියල, අද කාලේ තරුණ පරම්පරාව , කුලප්පු කරන්න බෑ .. තරුණයන් දැන් කියන්නේ, ඔයාලා කළා ඇති, දැන් යන්න කියලා .. ඉරාජ්ලා, මිලින්දලා එකතුවෙලා , ඒවාට උත්තර දෙන්න, අලුතෙන් පටන්ගත්ත, #වීආර්විත්ගෝටා වගේ, ලැජ්ජ නැති කැම්පේන් වලින් වෙන්නෙ, කොල්ලෝ කෙල්ලෝ වැඩි වැඩියෙන් කුපිත වෙන එක.
ඔය මොන කතා තිබුනත්, මේ වෙලාවේ අපි කරන්න ඕන, මේ ආණ්ඩුව වගකීමෙහි බැඳ තබාගෙන , පොරොන්දු වූ උත්තර හොයන්න බලකරන එක.. ඒ වෙනුවෙන් එකට වැඩ කරමු කියලයි, කියන්න තියන්නේ.
@LEADER TV