කොටු පැනීම පිළිබඳව පාර්ලිමේන්තුවෙ කතා කරනවා ඇහුණා වීඩියෝ එකක්.
මම හිතුවා ඇත්තටම පනතක් සම්මත කරන්න යනවා කියලා. නෑ බැලින්නම් 225 එක්කෙනෙක් එයාගෙ කොටු පැනීමේ නිපුණතාවය ගැන කියනවා. ඒ අයට ඒක හරි සිම්පල්. හැබැයි හරි උජාරුවෙන් කොටු පැනීම ගැන පාරම්බානවා. හැබැයි එයාලා දන්නෙ නෑනෙ එයාලා කොටු පනින අතරතුරේ ගෙවල් වල කොරටු වලට වල්ඌරෝ එහෙම රිංගන බව.
කොටු පැනීම තියා රාගාන්විතව බැලීම පවා ලිංගික හිංසනයක් ලෙස තමයි අද ශිෂ්ට සමාජය සලකන්නේ. ඒ කියන්නේ ඒකත් වරදක්, ඒ කියන්නේ කෙනෙක් මානසික අපහසුතාවයකට පත් කරන්න එක බැල්මකට පුළුවන්. "දැකීමත් එක්තරා විදියක රමණයක්" කියලා තරුණ කොල්ලො කියන්නේ නිකමට නොවෙයිනෙ. ඔය අසම්මත ක්‍රෂ් වලට මුලික වෙන තදබල හේතුවක් තමයි ඔය දැකීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ රාගය සහ අනෙකා තුළින් 'අප සොයන පැන්ටසිය' අනෙකා තුළ දීර්ඝ කාලීනව නොපැවැත්වීම කියන යථාර්ථය අවබෝධ කර නොගැනීම.
දැං අපි බලමු ඔය පැන්ටසිය කොහෙද ඉපදෙන්නෙ කියලා. කුස රජතුමා ගේ හිතේ තිබුනෙ නොවෙනස්වන සරාගික යෞවන රූපයක්. මේ විදිහෙ එකක් තිබුණෙ කුසරජතුමාට විතරක් ද? කොහෙන්ද කුස ගෙ හිතට ඔය රූපෙ ආවෙ. නිකංම නිකං ආවද? නෑ නේද? ඒක තමයි එදා සාහිත්‍ය ධරයන් කවීන් නිර්මාණ කරලා තිබුණ, සර්ව සම්පූර්ණ සම්මත ස්ත්‍රී රූපය. ඕක තමයි අද හැම පිරිමියෙකුගෙම හිතේ ඇඳිලා තියෙන්නෙ. අඳින්න පුළුවන් උපරිම ස්ත්‍රී ලාලිත්‍යය පුරවපු භද්‍ර යෞවන රූප.
ඉතිං දැං ඔය කොටු පනින්න හදන ස්වාමි පුරුෂයාගේ හිතේ තියෙන්නෙම ඔය කුස රජතුමා ගෙ හිතේ තිබුණු පැන්ටසි රූපයම තමයි. තමන්ගේ ගෙදර ඉන්න රූපය විපරිනාමයට භාජනය වුනාට අර හිතේ තියෙන රූපෙ එන්න එන්නම ලෝකීය පැන්ටසි එක්කම අප්ඩේට් වෙනවා. කොටු පනින්න ප්‍රධානම හේතුව තමයි මේ පැන්ටසිය සහ රියැලිටි එක අතර තියෙන ගැප් එක වැඩි වීම.
එතන තමයි 'ක්‍රෂ්' මොකටද කියන ප්‍රශ්නයට පිළිතුර තියෙන්නේ. යමෙක් ප්‍රසිද්ධ වීම තුළ එයාට තියෙන ක්‍රෂ් නැමියාව වැඩියි. හේතුව බොහෝ වෙලාවට පුද්ගලයන් බාහිරට දාගෙන ඉන්න වෙස්මුහුණු 'ක්‍රෂ්' ආකර්ශණයට හේතු වෙනවා. උදාහරණ ගොඩක් තියෙනවා සමාජ ක්‍රියාකාරීන් ක්‍රියාකාරිනියන් අතර. කලාකරුවන්, විශේෂයෙන් ගත්කතුවරයන්, දාර්ශනික ලෝකය තුළ ක්‍රෂ් ගැනීමේ මාෆියාවක් තියෙනවා, කීර්තිය උදෙසා. ඒ නිසාම සමහර වෙලාවට ජනප්‍රිය අය ගිය ගිය අතේ කොටු පැන්නට කමක් නෑ කියන පිරිසකුත් ඉන්නවා නෙ. එවගේම ජනප්‍රිය පුද්ගලයන් සමජය දූෂණ ගනයට ගැනෙන දේවල් කරත් කමක් නෑ කියන පැන්ටසියක සමහරු ඉන්නවා.
ගියවර අපි කතාකරා බිල් ක්ලින්ටන්ගෙ 'කොටු පැනීම' ගැන. ඔය කොටු පනින්නෙ බොහෝ විට කොටු ඇතුළෙ හිරවෙලා ඉන්න අය තමයි. මට මතකයි අපේ මල්ලි පුංචි කාලේ කොටුවක් ඇතුලට දාලා හිටියා, ඌ බැලුවෙම එළියට පැනගන්න. හැබැයි ඔය භෞතික කොටු වලට වැඩිය, සංකල්පමය කොටු හරිම බරපතලයි! නමුත් පනින්න ලේසියි.
සංකල්පණීය විදියට මිනිසුන් හිර වෙන විවිධාකාර 'රාමු' තියෙනවා. ඒවා අතර ප්‍රධානතම එක තමයි විවාහය. විවාහය කියන 'කොටුව' ඇතුළෙ හිරවෙලා හිටපු ක්ලින්ටන්ට පුළුවන් උනා පිටට පනින්න, මට හිතෙන්නේ එයා උස නිසා වෙන්නැති කොටුවට වැඩිය. උස කියන්නේ බලය, කීර්තිය, හැඩරුව මුදල් වගේ දේවල්වලට මිස කෝදුවෙන් මනින උසට නොවෙයි. හැබැයි එහෙම උනා කියල හිතෙන හිතෙන විදියට එහෙම කොටු පනින්න බැහැ ඒවායේ තියෙන 'අපරාධකාරී විලාශය' හැමෝම තේරුම් ගන්නවානම්.
ඉස්සර කාලේ වලව්වෙ හාමුලා ගමේ ගෙවල් ගානෙ යනවානෙ. මතකනෙ පරණ නවකතා චිත්‍රපටි ඕවා ගැන සෑහෙන්න ලියලා තියෙනවා නෙ. හාමු මහත්තයා විඨි සංචාරය ගියාම හාමිනේ පොල් කඩන කොලුවාට එන්න කියලා පොල් ගෙඩි තුන් හතරක් ඒක පාරටම කඩවා ගන්නවානෙ. ඒවා ඒ විදිහට වෙනවා, කලමණාකරන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අහහසු උනාම වාගෙම ප්‍රශ්නයේ යථාර්ථය අවබෝධ නොවුනම එහෙම වෙනවා.
ක්‍රෂ් ක්‍රියාත්මක වෙන්නෙ අභ්‍යන්තර චින්තනයේ. අපේ සිතුවිලි නිතරම නැවුම් වෙනවා. නොතිත් ආශාවන් තමයි මනුස්සයා තුළ පෙරලි කරන්නෙ. ආශාවන් 'තිත්ත' වෙන්නෙ නෑ. තිත්ත කියන්නේ පාලි භාෂාවෙන් තෘප්තියට පත් වීම. හැබැයි මනුස්සයාට ආශාව තිත්ත වෙන්නෙ නෑ කවදාවත්ම. මනුස්සයා ට තියෙන්නෙ 'න තිත්ත' හෙවත් නොතිත් ආශා. ඉතින් ඒකයි එයා හැම තිස්සෙම වෙනස් වෙනස් ක්‍රෂ් උපදවා ගන්නේ. මනසින් ඒවා අභිනන්දනය කරන්නෙ. හැබැයි ඒවාට අලගු කියන්නෙ සමාජය. ලෝකීය පෙළඹීම්, කලින් කලට වෙනස් වන ප්‍රතිරූප.
ඉස්සර අපට ඔය ජනප්‍රිය පුද්ගලයන් 'ක්‍රෂ්' හැදෙන හිටියෙ බොහෝ දුරින්. ගායකයෙක්, නළුවෙක්, ලේඛකයෙක් දකින්න කොච්චර අමාරුයි ද? හැබැයි ඒවාට වඩා ක්‍රෂ් ඔබ්ජෙක්ටි අද සුලබයි, බහුලයි, ප්‍රවේශ මාර්ග හරි කිට්ටුවෙන් තියෙනවා. මතකනෙ ඇමරිකාවෙ පොඩි ගෑනුළමයෙක් සෙනෙට් සභිකයෙකු ගෙ ඇඳුම් ගැලෙව්වා ඔන් ලයින්. මෙතන තමයි භයානක තත්ත්වයන් උද්ගත වෙන්නෙ. සමාජ මාධ්‍යය තමයි මේ ප්‍රවේශ මාර්ග බහුල කරලා, විවෘත කරලා, tall free කරලා තියෙන්නේ.
මෙන්න මේ දේවල් වඩා හොඳින් අපි හැමෝම අවබෝධ කරගෙන සිටීයොතින් නම් ඇත්තටම ලිංගික හිංසනයන් පීඩනයන් අවම කරගන්න පුළුවන්. සිනමා ක්ෂේත්‍රයයේ, ක්‍රීඩා ක්ෂේත්‍රයේ, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් පෞද්ගලික කොම්පැණි සහ රජයේ ආයතන වල මෙවැනි කතා ඒමට තිබෙනවා. ඒ කතා අපි පස්සේ කියමු. මෙතන දී ප්‍රධානම දේ වෙන්නෙ කෙනෙක් තම ධනාත්මක චින්තනය යොමු කරන්න ඕනෑ තම ඉලක්කයට ලඟාවීමට, තම ආධ්‍යාත්මික ශක්තියේ රැහැන්පට තරකර ගන්න. අන්න ඒකයි රාගය කළමනාකරණය කියන මාතෘකාව විශේෂයෙන් වැදගත් වන්නේ. මොකද බොහෝ තැන්වල පීඩිතයා තමයි තැලෙන්නෙ. ඒක ලංකාවේ ඇමරිකාවෙ කියලා වෙනසක් නෑ.
ගෑනු පිරිමි කියලාත් වෙනසකුත් නෑ. ඊළඟට අපි මේ ගැන තිබුණු අපේ අතීත රස වින්දනය න් ටිකක් හොයලා බලමු.