SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ තමයි යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව දියත් වූ රුසියානු විරෝධතා ව්‍යාපාර වල ජනප්‍රිය උදෘත පාඨ වලින් එකක් වුනේ.

යුක්‍රේන ආක්‍රමණයට විරුද්ධව උද්ඝෝශණ කරන්න රුසියානුවන්ට තහණම්. පසුගිය දවස් තුන හතර ඇතුලත යුද්ධයට එරෙහිව පාරට බැස්ස දස දහසකට අධික රුසියානුවන්, සිර ගෙවල් වලත් රැඳවුම් මධ්‍යස්ථාන වලත් හිරවෙලා.

පොලිසිය විසින් දිගට හරහට පහර දුන්නත්... හිර කරත්... විරෝධ කරුවන්ට බොරු "බටහිර ගැති ලේබලය" ගැහුවත් සාධාරණයට කැමති රුසියානු ජනතාව තව තවත් යුද්ධයට විරුද්ධව පාරවල් වලට බහිනව මේ මොහොතෙත්.

පලවෙනි පිංතූරයේ ඉන්නෙ රුසියාව බිහිකරපු ශ්‍රේෂ්ඨ කලා ශිල්පිනියක් වූ එලේනා ඔසිපෝවා. (Elena Osipova) එයාට වයස අවුරුදු හැත්තෑ හතයි.

 elena3

(You tube රුසියාවේ පාලනය/තහණම් වුනත් එලේනාගේ වීඩියෝව යූ ටියුබ් හි නරඹන්න පුළුවන්)

නාසි හමුදාව රුසියාව ආක්‍රමනය කරද්දී කුඩා දරුවෙක් විදිහට දිවි බේර ගන්න එලේනා උස් මහත් වූ දවස් වල ඉඳලම යුද්ධයටත් ..දේශපාලන වංචා වලටත් විරුද්ධයි.

"මං දන්නව යුද්ධය මොකද්ද කියන්න" එලේනාගේ මුවේ නිතරම තියෙන්නෙ මේ වාක්‍යය.

ඒ නිසාමයි..වයසත්.. සීතලත්.. ආණ්ඩුවේ භීතියත් සලකන්නෙ නැතුව එලේනා පාරට බැස්සෙ යුද්ධෙ නවත්තන්න ඉල්ලමින්.

පොලිස් භටයො වටකරගෙන අත් අඩංගුවට ගත් වෙලාවෙත්,එලේනා නෙවෙයි එයාගෙම අතින් ලියපු විරෝධතා පුවරු පාත්කරන්න එකඟ වුනේ.

එයා නතර වුනේ හිර ගෙදර.

දෙවනි පිංතූරෙ ඉන්නෙ රුසියානු මෙට්‍රෝවක ගමන් ගන්නා වයසක කාන්තාවක්.

elena2

මාධ්‍යවේදියෙක් අහනව... "ඇයි මේ යුක්‍රේන ජාතික ධජයේ පාට ඇඳගෙන ... ඔබ විරෝධතා දක්වන්න බය නැද්ද.?"

"උඹට එහෙම පේනවනම් මට කරන්න දෙයක් නෑ... අළුත් පරපුරට වගේ හිතු හිතු මොහොතෙ මාරු කරන්න අපිට ඇඳුම් නෑ."

"මහත්තයෝ.. මමත් දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ ඇතිවෙච්ච අමාරුකම් වලින් ඇති වෙන්න බැට කෑව.

අදත් ඒ වගේ තමා... ඊයෙ පාන් දෙකක් ගත්ත මුදලට අද පාන් එකහමාරයි ගන්න පුළුවන්. හෙට එක පාන් එකක් වත් ගන්න පුළුවන් වෙයිද."

"මහත්තයෝ වේදිකාවල රඟපාන මිනිස්සු විතරක් නෙවේ අපිත් රුසියාව ගොඩ නගන්න වැඩ කරා දවල් රෑ නැතුව.

ඇයි දුප්පත් අපට විතරක් මේ වෙනස්කම්."

"උඹ පත්තරේට ලිව්වොත් උං මාව හිරේ දායි. ඒකට කමක් නෑ.. හැබැයි අමතක කරන්න එපා අපි දෙන්නම එකම හිර ගෙදරදි එකට හමුවෙන්න ඉඩ තියනව.

යුක්‍රේනයේ මැරෙන්නෙත් අපේම මිනිස්සු.. උං වෙන භාශාවක් කතා කරාට... හැසිරීම වෙනස් වුනාට… අපි.. උං.. එකට වැඩ කරේ මහාණ්ඩුව තියෙන කාලෙ."

"අපේ ආණ්ඩුවේ ලොකු මහත්තුරුන්ගෙ ලමයි ඉන්නවද රුසියවෙ... ?

නෑ උං ඔක්කොම ඇමරිකාවෙ.. එංගලන්තෙ.. ස්විට්සර්ලන්තෙ...

අපේ ලමයි..? අපේ උං රෑ එලි වෙනකල් වැඩ.. ඊට පස්සෙ උංව යුද්ධෙට යවනව...

උඹට ඕනෙ නම් හොයල බලපන් රුසියානු ආන්ඩුවේ මහත්තුරුන්ගෙ ලමයි ඉන්නෙ කොහෙද කියල... ඔක්කොම ඉන්නෙ බටහිර රටවල. "

"මහ උං ඇන කොටා ගන්නව... අපි තැලෙනව. එච්චරයි."

මේක තමයි ඇත්ත... බයිඩන් මහත්තයා ප්‍රමුඛ නේටෝව සාධාරණ නෑ.... ලිබියා.. ඉරාක..යුද්ධ වලදි පැහැදිලි හඬක් නොනගපු යුරෝපය සාධාරණ නෑ.

එහෙම කරයි කියල යුක්‍රේන යුද්ධය අනුමත කරමින් වර්ණනා ලියන්න තරම් අපි පහත් මට්ටමකට වැටිය යුතුද?

මේ රටවල සාමාන්‍ය මිනිස්සු හැම යුද්ධයකටම විරුද්ධයි.

බයිඩන්ල... ජිංපිංල... පුටින්ල.. සෙලෙන්ස්කිල කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි.

මේ නායකයො ඉන්නෙ බල අරගලයක.

කිසිම වරදක් නොකරපු සිය දාස් ගාණක් යුක්‍රේන් ජාතිකයො මිය යද්දි .. මිලියන ගාණකට උන්හිටි තැන් අහිමිවෙද්දි පුටින් මහත්තයා දියත් කරපු කාලකන්නි යුද්ධය සාධාරණීකරනය කරන කෙනෙක් ඉන්නවද... ඒ සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑ.

යුද්ධෙන් බැට කන්නෙ සාමාන්‍ය මිනිස්සු... කාන්තාවො.. දරුවො.

මිලියනයකට වැඩි යුක්‍රේන් ජාතිකයන් රට අතෑරල අසල්වැසි රටවලට පලා එනව. පැයෙන් පැය මේ ගානට තවත් එකතු වෙනව.

මිලියන හයකට ආසන්න සංඛ්‍යාවක් රට ඇතුලෙම අවතැන්වෙලා.

රෝහල්.. විශ්ව විද්‍යාල.. පාසැල් ගොඩනැගිලි විතරක් නෙවේ පිලිකා රෝගයෙන් පීඩා විඳින දරුවන්ගේ රෝහලකටත් ප්‍රහාර එල්ල වෙලා.

මේ අතරෙ යුක්‍රේණයේ වගේම යුරෝපයේත් විශාලම න්‍යශ්ඨික බලාගාරය වූ සපොරිශාශියා (Zaporizhzhia NPP) ඉලක්ක කරල එල්ල කරපු ප්‍රහාරයකින් ඇතිවුනු ගින්නෙන් විකිරණ කාන්දු වීම වැලකුනේ අනූ නවයෙන්

කිව්වොත් අතිශෝක්තියක් නෙවේ.

විකිරණ කාන්දු වීමේ අවස්ථා අවම කරන්නත්.. ගින්න මැඩ පවත්වන්නත් යුක්‍රේන ගිනි නිවන භටයො සමත් වුනේ මුළු ලෝකෙම වාසනාව නිසා වෙන්න පුළුවන්.

යුක්‍රේණය පුරාම තියන මේ න්‍යශ්ඨික බලාගාරවල එකතුව පහලවක්.

මේ බලාගාර විනාශ වුනොත් ඇතිවෙන ප්‍රථිවිපාක වලට වන්දි ගෙවන්නෙ මුළු ලෝකයම මිස යුක්‍රේනය විතරක් නෙවේ.

යුද්ධය නිර්මාණය කරන්නෙ දේශපාලකයො.. බැට කන්නෙ දුප්පත්තු ... ඒ බලලෝභීන්ට විරුද්ධ වෙන්න කොන්දකුත් ඔලුවකුත් තියෙන්න ඕනෙ.

එලේනා වගේ කාන්තාවො අපිට කියල දෙන්නෙ ඒකයි..

හිරේ දැම්මත්.. මැරුවත්.. ඒ වගේ මිනිස්සුන්ගෙ කොන්ද හයියයි... වැරදි දේට විරුද්ධ වෙන්න.

"යුද්ධය නුඹේය.. දරුවන් අපේය".

මේ සටහන ඒ නිර්භීත රුසියානු ගැහැනුන් දෙදෙනා වෙනුවෙන්.

නවතම ලිපි