SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් විසින් ලියා ඇති පහත ලිපිය කියවීමෙන් මතුවන ප්‍රශ්න කිහිපයකි.

 

වෛද්‍ය රූමි රූබන් අදහස් කරන්නේ ‘ලස්සන’ නැමැති ‌ෆික්ස් දෙයක් (භෞතික යමක්) සමාජයේ පවතින අතර එහි නිර්ණය පිරිමින් විසින් පිරිමින්ගේ මිණුම් දඩුවලට අනුව තීරණය කරන්නක් බවයි. ඔහුට අනුව ‘උපතින් අවලස්සන’ යැයි හඳුන්වන කාන්තාවන්ට ප්ලාස්ටික් සැත්කම් මගින් රූමත් විය හැකිය.

මේ මාතෘකාව විස්තර කරන්න කලින් වෛද්‍ය රූබිගෙ ලිපිය කියවමු.

 

 

youth 600 400


තමන්ගේ රූපයට පිරිමියෙකුගේ ආකර්ෂණය ලැබීම ඕනෑම කාන්තාවක් ප්‍රිය කරන දෙයකි . කාන්තාවකගේ සුන්දරත්වය පිළිබඳව නිර්ණය කරන්නේ පිරිමින් ගේ මිනුම් දඬුවලට අනුව බව ඔබ දන්නවාද ?

ඒ අනුව පිරිමින්ට සුන්දර ලෙස දැනෙන අංග අනුව කාන්තාවකගේ සුන්දරත්වය තීරණය වේ .

රූමත් පෙනුම බොහෝවිට කාන්තාවන්ට වාසියකි . කැපී පෙනෙන රූමත් බවක් ඇති කාන්තාවකට ඕනෑම තැනකට ගොස් පහසුවෙන් වැඩක් කර ගැනීමේ හැකියාව පවතී . රූමත් බව නිසාම සමාජයේ තැනක් හිමිකර ගැනීම කාන්තාවකට පහසුය .

උපතින්ම රූමත් නොවන කාන්තාවකට වුවත් රූමත් පෙනුමක් ලබා ගැනීමේ හැකියාව මුදල් ඇත්නම් ප්ලාස්ටික් ශල්‍යාකර්ම තුළින් පුළුවන. කෙසේ වුවත් පෝෂ්‍යදායි ආහාර, සුව නින්දක් ලැබීම ,ව්‍යායාම, විවේකය, යහපත් ඇවැතුම් පැවැතුම් යන මේ හැම දෙයක්ම රූමත් පෙනුමක් ඇති වීම සඳහා හේතු වන අනෙකුත් අංග වේ.

තම පියකරු පෙනුම වර්ධනය කරගැනීම සඳහා මොන යම් දේවල් අනුගමනය කළත් හැම සංස්කෘතියකම මේ සඳහා පිළිගත් සීමාවන් තිබෙන බවද අමතක නොකළ යුතුය . එසේම එක් එක් පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම, ජීවත්වන සමාජය යනාදිය ද මේ සඳහා බලපායි. නිදසුනක් ලෙස නගරයේ උසස් යයි සම්මත සමාජයේ ජීවත් වෙන වයස්ගත කාන්තාවක් හොඳින් මේකප් කර, කෙටි ඇඳුමකින් සැරසී , උස් අඩි සහිත පාවහන් පැළඳ මහ මග යනු දුටුවහොත් සාමාන්‍යා පුද්ගලයකු එය අරුමයක් ලෙස සිතන්නේ නැත. නමුත් ඒ ආකාරයට ම සැරසී ගම්බද කාන්තාවක් ගමේ පාරක ගිය හොත් ඇය උසුළු විසුළු වලට ලක් වනු නියත ය.

වියපත් වන විට ඇතැම් කාන්තාවන් පමණට වඩා තරුණ වෙන්නට උත්සාහ දරන හේතු සොයා බලමු.තරුණ කාලයේ හැඩවැඩ වීමට අවස්ථාවක් නොලැබීම

  • තරුණ වියේදී විවිධ මෝස්තර කරන්නට කැමැත්ත තිබුණත් පවුලේ වැඩිහිටියන්ගෙන් හෝ සැමියාගෙන් ඊට ඉඩක් නොලැබීම, අවශ්‍ය පමණට මුදල් හ දල් නොතිබීම වැනි හේතූන් නිසා යම් කාන්තාවක් ඒ කාලයේ කරන්නට බැරි වුණු දේවල් වියපත් වන විට කරන්නට පෙළඹිය හැකිය 
  • තරුණ වියේදී විවාහ වන්නට අවස්ථාවක් නොලැබුණු කාන්තාවක් මැදි වියේදී විවාහයකට යොමු වන්නට සිතීම
    මෙවැනි කාන්තාවන්ද අනවශ්‍ය ලෙස හා නොගැලපෙන ලෙස යුවතියක මෙන් සැරසෙන්නට පෙළඹිය හැකිය .
  • ඇතැම් මානසික රෝග වල බලපෑම හයිපොමේනියා ( Hypomania ) හෝ මේනියා ( mania ) මානසික රෝග ඇති විට ද තමා තරුණියක් බවට හැඟීමක් ඇති විය හැකිය. එවිට තරුණියන් මෙන් හැසිරෙන්නටත් , තරුණියන් මෙන් රූපලාවන්ය කටයුතු කරන්නටත් පෙළඹෙනු ඇත . මේ අනුව කාන්තාවක් මුලින් නොතිබූ ලෙස එකවරම තරුණියක සේ හැසිරෙන්නට, අමුතු අමුතු ආකාරයේ මෝස්තර සහ රූපලාවන්‍ය කටයුතු කරන්නට පෙළඹෙන්නේ නම් එය මානසික රෝගයක මූලික ලක්ෂණයක් බව අනුමාන කරන්නට පුළුවන .
  • නිම්ෆොමේනියා (Nymphomania ) මානසික රෝගය
    මෙම මානසික රෝගය ඇති කාන්තාවන් විවිධ පිරිමින් සමඟ කායිකව එකතු වීමේ දැඩි නැඹුරුතාවයක් දක්වයි . මෙබඳු කතුන් ද වයසට නොගැලපෙන ආකාරයට ඇඳුම් අඳින්නට මෝස්තර කරන්නට පෙළඹෙනු ඇත.
  • ලිංගික සේවා සපයන කටයුතුවල නිරත වීම
    එවැනි වෘත්තීන්වල නියැලෙන මැදිවියේ කාන්තාවන් වයසට නොගැළපෙන ආකාරයෙන් සහ තම අඟපසඟ වුවමනාවට වඩා ඉලිප්පී පෙනෙන ආකාරයෙන් ඇඳුම් ඇඳීමටත්, රූපලාවන්‍යා කටයුතුවල අනවශ්‍ය ආකාරයෙන් නියැලීමටත් යොමු විය හැකිය .

    පිළිවෙළකට සුන්දරව ඇඳීම පැළඳීම ඕනෑම වයසක කාන්තාවකට ඉතා වැදගත් දෙයකි .එවැනි කාන්තාවක් ඕනෑම සමාජයක පිළිගැනීමට ගරු බුහුමනට ලක්වේ . නමුත් එය වයසට ගැළපෙන පරිදි සිදු විය යුතුය. මෙය සංස්කෘතිය හා බැඳුණු දෙයකි. වයසට අනුව ගැළපෙන විලාසිතා කිරීම කාන්තාවකට සමාජයේ ගරුත්වයක් ලැබීමට හේතුවක් වේ .


මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

 

 

youth 2



ඉතිං අපේ රටේ මානසික රෝග ගැන කෙසේ වෙතත් ලෝකයේ වරින්වර පැන නගින කතිකාවන් හා එහි බලය ගැන අබමල් රේණුවක්වත් හිතා බලනවනම් ‘ලස්සන’ කියන්නෙ මොකකටද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි. නැත්නම් කාලයත් එක්ක ‘ සුදු - ලස්සනට’ තිබුනු තැන ‘කළු - ලස්සනට’ ගියේ කොහොමද කියල හිතාගන්න බැරි වේවි. ඒ විතරක්ද පිරිපුන් ශරීර කොටස්, මහත පස්සවල්, විශාල පියයුරු, දිග කොණ්ඩා කියන භාශාව වෙනස් වෙලා ස්ලිම් ෆිගර් එක ස්මාර්ට්, බියුටි වෙන එක ගැනත් අදහසක් ගන්න බැරි‌ වෙයි. කාලෙකට මහත තොල් තියෙන කාන්තාවන් තවත් කාලෙකදි තොල්වල විශාලත්වය අඩු කරගන්න ප්ලාස්ටික් සැත්කම් කරනවා. පියයුරු විශාල කරගන්න එන්නත් ගහගන්න කාලයක් ආවත් ඊලගට එන්නෙ සාමාන්‍ය ප්‍රමාණයේ පියයුරුවලට අවස්ථාව. ලොකු පසු පෙදෙසට අපි දන්නවා අපේ සමාජයේ විතරක් නෙවෙයි දකුණු ඉන්දීය චිත්‍රපටි හරහා දමිළ සමාජයෙත් තිබුණෙ ලොකු පිළිගැනීමක්. ආකර්ශනයක්. ඒත් අද වෙද්දි ඒක ස්ලිම් වෙන තරමට ගිහිල්ල. ලස්සන කියන්නෙ සමාජය හදන කතිකාවක්. ඒ හින්ද කාලෙන් කාලයට මේ කතිකාව වෙනස් වෙනව. පිරිමින්ට තියෙන ගැහැණු ආකර්ශනය කතිකාවෙන් පිට පැනලත් ක්‍රියාත්මක වෙනව. එතැනදි වෛද්‍ය රූබන්ගෙ මනෝ විද්‍යාවෙනුත් ඒ ගැන කතාකරන්න පුළුවන්.

කොහොම උනත් ගැහැණුන්ට පිරිමි ආකර්ශනය හැදෙන්නෙ කොහෙන්ද කියල මනෝ විද්‍යාවෙන් හොයා ගන්න උත්සාහයක් ගත්තත් ‘කතිකාව’ (Discourse) කියන එක මොකක්ද කියල තේරුම් ගන්න නොහැකි වේවි. ඉතිං, සම්ප්‍රධායයි, සංස්කෘතියයි, වයසයි, මානසික රෝගයි, ප්ලාස්ටික් සැත්කමුයි, පන්ති වෙනස්කමුයි, ග්‍රාමීය නාගරික පංති සමාජයයි ගැන කියල අපි ගඟේ යන්න හොඳ නෑ වෛද්‍යතුමනි!

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි