SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පහුගිය දවසක

සිනමා ශාලාවක සිනමාපටයක මංගල දර්ශනයට සහභාගී වී තිබුණා. ඒ "රාණි" නමින් තිරගත වූවකි.

 

මෙම චිත්‍රපටිය මුහුරත් උළෙල දා පටන්ම කතිකාව ගොඩනැගුනේ මෙහි කියැවෙන්නේ 88/89 භීෂණ යුගයේ දිගුවක් ලෙස කුරිරු ලෙස ඝාතනයට ලක්කෙරුණු මාධ්‍යවේදී රිචඩ් ඩි සොයිසා ‌ගේ මව වන මනෝරාණිය ගැන කෙරෙන සිනමා පටයක් කියාය.

 

 

ටිල්වින් සිල්වා මංගල දර්ශනය නැරඹීමට ගොස් එනවිට මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේද රිචඩ් ඩි සොයිසා ගැනය. ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණට තිබූ සම්බන්ධය ගැනය.

එසේම මෙම සිනමා පටය ජනගත වනවිට මව්වරුන්ගේ පෙරමුණේ අම්මාවරුන්ද හඳගම විසින් කරලියට රැගෙන විත් තිබුණි.

 

 

කෙසේ වුවත් පසුගිය දිනෙක දී,  එලෙස මරා දැමුණු මාධ්‍යවේදියාගේ කලණ මිතුරෙකු වූ චන්ද්‍රි පීරිස් රාණි චිත්‍රපටය ගැන සහ එම චිත්‍රපටය මගින් රිචඩ්ගේ මව වූ මනෝරාණියගේ චරිතය ඝාතනයට ලක්කර ඇති ආකාරය ලියැවුනු සටහනක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවේය.

 

ඉන් අනතුරුව අශෝක හඳගම රාණි සිනමා පටය ගැන කියන්නට වූයේ වෙනමම කතාන්දරයකි.

ඔහුගේ සටහන ගැන මුදිත ජයසූරියගේ සඳහනක් ද සමග පහත පළකෙරේ.

ඔිනෑම දෙයක් විකුණාගන්නට වෙර දරණ,  විකෘතිකර කන්නට සමත්, තමන්ගේ බිරිඳව දරුවා වුවත් පාවිච්චි කරන, වෙළඳ ලෝකය ජයගැනීම අංක එක වන, සදාචාරවාදී නිර්මාණකරුවන් සමග අපි ඉතිං සතුටින් හැම#නෙමු.

(@සටහන සමාරා පරණවිතාන)

 

 

"ස්වර්ණා කරපු මනෝරාණිගේ චරිතේ "කළාවේ නාමයෙන්" තමන්ට ඕන විදියට වෙනස් කරන්න පුලුවන් "ප්‍රබන්ධයක්" උනාට චිත්‍රපටිය විකුණාගන්න පාරට ගෙනල්ලා අඬවපු දරුවෝ අතුරුදහන් උන අම්මලා ටික ප්‍රබන්ධ නෙවෙයි කියලා ලියන්න මූට අමතකයි".  (මුදිත ජයසූරිය)

 

480804288 8991125827664352 2723928490377432147 n

 

එය බොහෝ ආකාරවලින් මිනිසුන් කුපිත කරන බව මම දැන සිටියා - (අශෝක හඳගම)

 

මම විශ්වාස කරන විදිහට, ශ්‍රී ලංකාවේ කිසිදු චිත්‍රපටයකට සිනමා ඉතිහාසයේ නොලැබුණු විචාර/අදහස්/විවේචන රාණි චිත්‍රපටයට ලැබී තියෙනවා. රිචඩ්ගේ මරණයෙන් වසර 35 කට පස්සේ, මේ චිත්‍රපටය නිසා මිනිසුන් මනෝරානි සහ රිචඩ් ගැන කතා කළා.

 

එය බොහෝ ආකාරවලින් මිනිසුන් කුපිත කරන බව මම දැන සිටියා. අපි මෙතරම් බලපෑම් සහිත චිත්‍රපටයක් කිරීම ගැන සතුටු නොවන්නේ ඇයි?

 

මම රිචඩ් හෝ මනෝරානි පිළිබඳ චරිතාපදානයක් කළේ නැහැ. මුලදී මම කිව්වා මෙය 'මගේ චිත්‍රපට නිර්මාණ විලාසයට' වඩා වෙනස් කියලා. සත්‍ය සිදුවීම් මත පදනම්ව, සෑම කෙනෙකුටම ග්‍රහණය කර ගත හැකි, තේරුම් ගත හැකි සහ රස විඳිය හැකි චිත්‍රපටයක් මම කළා. නමුත් එය මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සුවා. සමහරුන් කුපිත ගැන්වූවා. මම එය අපේක්ෂා කළා. එසේ නොවේ නම්, මෙය සාමාන්‍ය ඒකාකෘති (stereo type) චිත්‍රපටයකට සමානයි.

 

මට කිරීමට අවශ්‍ය චිත්‍රපටය කිරීමට මම ඕනෑවටත් වඩා පර්යේෂණ කළා. 80/90 ගණන්වල සිදු වූ දේ මා දන්නවා. ඒ යුගයේ අත්දැකීම් පෞද්ගලිකව විඳලා තියෙනවා. චිත්‍රපට නිර්මාණය යනු මම මහ බැංකුවේ ආර්ථික විද්‍යා විෂය ඉගෙන ගනිද්දී කළ සමීක්ෂණ/පර්යේෂණ නොවේ. එය පරිකල්පනයේ කාර්යයකි. ඒකයි මම මේක ‘සත්‍ය සිදුවීම් මත පදනම් වූ ප්‍රබන්ධයක්’ කියලා කිව්වේ.

 

මම සාමාන්‍යයෙන් මගේ සිනමාව හෝ වෙනත් නිර්මාණාත්මක කෘතියක් පිළිබඳ විවේචනවලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කිසියම් කලා කෘතියක් කළාට පස්සේ ඒක කළ පුද්ගලයාට තවදුරටත් අයිති නැහැ. මිනිස්සු ඒක තමන්ගේම විදිහට අර්ථකථනය කරනවා. මම මේක 'සත්‍ය සිදුවීම් මත පදනම් වූ ප්‍රබන්ධයක්' කියලා කිව්වත්, මිනිස්සු ඒක සැබෑවක් කියලා විනිශ්චය කරනවා. ඒ එයාලගේම යථාර්ථයට අනුව.

 

සැබෑ මනෝරානි මගේ නැන්දා හෝ මා ඇයගේ බෑනා හෝ මුනුබුරා නෙවෙයි. ඇය මගේ යාළුවෙක්වත් නෙවෙයි. මම ඇයව දැනගෙන හිටියේ නැහැ. පොදු සමාජයේ ඇය ගැන ප්‍රමාණවත් තොරතුරු තියෙනවා. ඒවා මත පදනම්ව, මම රාණිව සිතින් මවා ගත්තා. මම ඒ චරිතය ගොඩනැගුවා.

 

මගේ රාණි මත්පැන් පානය කරනවා; දුම් බොනවා; ඇය වීරවරියක් නෙවෙයි. . ඇය නිදහස්කාමී ලිබරල් චරිතයක්; නාගරික ඉහළ මධ්‍යම පන්තියට අයත් සාමාන්‍ය කාන්තාවක්; වෘත්තියෙන්, නාරිවේද වෛද්‍යවරියක්. ඇගේ බාල පුත්‍රයා මාධ්‍යවේදියෙක්, කලාකරුවෙක්, ප්‍රවෘත්ති නිවේදකයෙක් වන රිචඩ් ආණ්ඩුවේ යැයි සැක කළ හැකි පැරාමිලිටරි කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබුවා..... ආදී වශයෙන් චිත්‍රපටය පරිණාමය වන්නේ. ගලාගෙන යන්නේ ඒ වගේ.

 

මේ මගේ 11 වන චිත්‍රපටය. මම හිතන්නේ මම චිත්‍රපට කරමින්ම, චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන තියෙනවා. කාටත් ගිහින් ඒක බලන්න පුළුවන්. ඒක විවිධ ආකාරයට තම තම දැනුම් පමණින් කියව ගන්නත් පුළුවන්. මම ඒකට ඇඟිලි ගහන්න කැමති නැහැ.

 

ෆිල්ම් එක විවේචනය කරපු ෆේස්බුක් පෝස්ට් සිය ගණනක් තියෙනවා. ඒවාට බොහෝමයක්ම ස්තූතියි. මම ඒවා කියවලා විනෝදයක් ලැබුවා. ඒවා තමයි මම තවත් චිත්‍රපටයක් කරන්න පොළඹවන්නේ.

Asoka Handagama fb page

  (Picture : Screenshot of FB post)

නවතම ලිපි