මැඩම් උදාරී - සුජාතා මැණිකේ ඉහළගෙදර
අප දෙදෙනා සිටියේ මැදිවියේ ආරම්භක දිනයන්හී ය.දරුවන් අවශ්‍ය නැතැයි සැලකූ බැවින් අප දෙදෙනාට දරුවෙකු සිටියේ නැත.සන්සුන් උදයන්ද ප්‍රේමණීය රාත්‍රීන් ද බහුල වූ අපගේ ජීවිතය ගෙවී යමින් තිබුණේ පූර්ණව ය. එහි අඩුවක් යැයි දැනෙන කිසිවක් තිබුණේ නැත.