SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප‍්‍රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)

 

pic 02 final 1

 

වත්මන් නව-නූතන භාෂා-විද්‍යාවන්ට (Neo-Modern Language-Sciences) අදාළ ක‍්‍රම-වේද හරහා විමර්ශණාත්මක සෝදිසි-පරීක්ෂාවකට යටත් කළ විට, සිංහලෙන් ”පුරාවෘත්තය” හෝ ”වීර-කාව්‍ය” හෝ ”ජනප‍්‍රවාදය” යනුවෙන් ද, දෙමලෙන් ”පූරාණ”(புராண- පුරාණයන්* හෝ ”කාවියෙංගල්”(காவியங்கள் - වීරකාව්‍ය) හෝ ”නාට්ටුපුරවියල්”(நாட்டுப்புறவியல் - ජනකතා) යනුවෙන් ද (Epics or Legends or Folktales) නාමකරණය වී පැවතුන කථනික සහ භාෂිත සංකේත-පද්ධතීන් (Symbolic System) සියල්ල ම, සරලව, පුරාතන දකුණු-ආසියාවේ දුර ඈත කලාපීය අතීතය නියෝජනය කරමින් අද දක්වා පැවත එන භාෂා-වියමන් (Symbolic Systems) බව ප‍්‍රත්‍යක්ශ ය.

එහිදී, මේ පුරාතන-භාෂා-වියමන් (Ancient-Language-text) නියුතු වී ඇත්තේ, ඒක්තරා ආකාරයක සෘජු හෝ වක‍්‍ර සන්නිවේදන සේවයක නියැලෙන සිතුම්කරණ-උපකරණ (Instruments of Signification) ලෙසින් යැයි වටහාගැනීම අපහසු නැත. 

පුළුල් සවිස්තර-කථනික යොමුවකින් කිවහොත්, මේ පුරාතන-භාෂා-වියමන් යනු, පුස්කොලයේ සිට කරදාසිය දක්වා සටහන්ගත කෙරුණු පූර්ව-නූතන (Pre-Modern) ලේඛන-අභ්‍යාස විදිහට හෝ, මුඛ පරම්පරාගතව පවත්වාගෙන පැමිණියා වූ පූර්ව-නූතන ශබ්ධාරුත්-අභ්‍යාස විදිහට හෝ, පුරාතනයේ එක් එක් කාලාන්තරයන් තුළ දී වරින් වර අතීතයට එකතුවෙමින් පැවති තොරතුරු අනාගතය උදෙසා සුරක්ෂිතව පවත්වාගනිමින් ඊළඟ පරපුරු වලට භාරදීම උදෙසා යොදාගත් දකුණු-ආසියාතික-ක‍්‍රමවේද අනුව සැකසුන සිතුම්කරණ-උපකරණ යැයි විශ්ලේෂිතව දැක්විය හැකි ය. 

එහිදී, මෙකී භාෂා-වියමන් හෙවත් සිතුම්-උපකරණ, පුරාතනයේ ඒ ඒ යුගලවලට අදාළ යුගික දේශපාලනාර්ථික සංවර්ධන පරිමාව අනුව පැවරෙන ඉඩ-අවකාශයේ තරම අනුව ලැබෙන තොරතුරු සංරක්ෂණ හැකියාව මත පමණක් පදනම් වී කටයුතු කළ සන්නිවේදන-උපකරණ ලෙසින් සැලකීම වඩා නිදොස් ය.

pic 03 final 1     (පුරාතන දකුණු ඉන්දියාවේ පුස්කොල ග්‍රන්ථයක්)

පොදු සමාජ-විද්‍යාත්මක ප‍්‍රවේශයකින් කිවහොත්, යට කී ”පුරාවෘත්ත” හෝ ”වීර-කාව්‍ය” හෝ ”ජනප‍්‍රවාද”යනු, ඒවාට තිබූ යුගික හැකියාවේ ප‍්‍රමාණය, ගුණය සහ අනෙකුත් මානයන්ට අනුව, යුගයෙන් යුගයට ඉතිහාසය පිළිබඳ පොදු-සිතුම (General-Signified) රඳවා තබාගැනීම සහ ඒ සිතුම ඓතිහාසිකව නඩත්තු කිරීම සඳහා එක් එක් වකවානුවල දී සෘජුව හෝ වක‍්‍රව යොදාගගත් පුරාතන භාෂා-වියමන් (Ancient Language text) නොහොත් අදහස් ජනගත කිරීමේ පූර්ව-නුතන සන්නිවේදන උපකරණ බව පැහැදිලි ය. 

මේ ගෙවෙන මොහොතේ ලොව පසුකරමින් පවතින ඉහළ ම විෂය සංවර්ධන තත්වයන් අනුව සලකා බැලූවහොත්, මෙකී පුරාතන භාෂා-වියමන් වලින් දක්වන තොරතුරු-සංකල්ප පුරාතනයේ පැවති අයුරින් ම (ගෙඩිපිටින් ම) භාරගැනීම වර්තමාන ප‍්‍රමිතීන් කෙරෙහි අවිද්‍යාත්මක වන බව සැලකිය යුතු ය. 

එලෙස ම, නූතන සහ නව-නූතන පුරා-විද්‍යාව (Archeology) හෝ මානව-වංශ-විද්‍යාව (Anthropology) හෝ භූ-විෂමතාවේදය (Topography) හෝ භූගර්භ-විද්‍යාව (Geography) වැනි සාපේක්ෂව වඩා තාර්කික සහ විද්‍යානුකූළ පදනමක පවතින විෂයන්වල භාෂා-වියමන් හරහා කෙරෙන නිරීක්ෂණ, හෙළිදරව් සහ නිගමනවලට අදාළ තොරතුරු-සංකල්ප සමඟ සැසඳීමේ දී, යට සඳහන් කළ පුරාතන භාෂා-වියමන්වල පවතින පූර්ව-නූතන තොරතුරු-සංකල්ප සත්‍යයට ආසන්න නැතැයි කියා හෝ, ඒවායින් හසුකර ගතහැකි සත්‍යය අවම යැයි යැයි කියා හෝ, නිගමනයන්ට එළඹිය හැකිි තර්ක-අවකාශයක් (Logical-Space) ද පවතී. 

එහෙත්, මේවායේ කිසිදු සත්‍යයක් නැතැයි කියා නිගමනයන්ට එළඹීමට ද නොහැකි බව සියළු නූතනවාදී හෝ නව-නූතනවාදී ප‍්‍රාඥයින් තේරුම්ගත යුත්තකි. 

 

pic 04 final 1

(ලක්දේශයට අයත් පුරාතන ලිඛිත මහාවංශය කියැවෙන පුස්කොල ග්‍රන්ථයක්)

 

ඒ අනුව, නව-නූතන-වාග්-විද්‍යා ක‍්‍රමවේද (Neo-Modern-Linguistic Methods) අනුව තර්කගතකොට මේ එක් එක් පුරාතන භාෂා-වියමන් තුළ පවතින කේන්ද්‍රීය-සිතුම (Central Signified) නිරීක්ෂණය සහ එළිදරව් කරගැනීම අද ජීවත් වන අපට සිදුකරගත හැකි අභ්‍යාසයකි. එලෙස ම, එම කේන්ද්‍රීය සිතුම මත ම පිහිටා එකී භාෂා-ව්‍යූහයන් තුළින් නිරූපනය වන චරිතවල මනස භාෂා-වියමනක් (Text) ලෙස ගෙන එහි අවිඥානය හෙවත් නොකියවෙන යථ විමසීම හරහා සමාජ-මනෝ-විශ්ලේෂනයට ලක්කිරීම ද අද ජීවත් වන අපට සිදුකරගත හැකි තවත් අභ්‍යාසයකි.

එයිනුත් ඔබ්බට යමින්, මෙකී පුරාතන භාෂා-වියමන් හා සම්බන්ධ භෞතික පුරා-විද්‍යාත්මක සාධක සොයාගෙන, එම සාධකවල සමස්තයික අරුත නූතන හෝ නව නූතන පුරා-විද්‍යාත්මක ක‍්‍රමවේද අනුව තර්කගතකොට නිරීක්ෂණය සහ එළිදරව් කරගැනීම ද, ඒවා යටකී පූරාතන භාෂා-වියමන් හා සැසඳීම හරහා ආසන්න නිගමනයන්ට එළඹීම ද අද ජීවත් වන අපට සිදුකරගත හැකි අභ්‍යාසයකි.

තවත් අතකින්, මෙම පුරාතන භාෂා-වියමන් කෙරෙන් සිතුම්ගත කර ඇති පූර්වජ පාත‍්‍රවර්ගයන්ට ඥාතී වන වත්මන් අනුප‍්‍රාප්තිකයින් මේ ගෙවෙන යුගයේදීත් අප අතර වෙසෙන බවට පවතින මානව-වංශ-විද්‍යාත්මක සාධක පවතී නම්, ඒවා සොයාගෙන, එම සාධකවල සමස්තයික අරුත නූතන හෝ නව-නූතන මානව-වංශ-විද්‍යාත්මක ක‍්‍රමවේද අනුව නිරීක්ෂණය සහ එළිදරව් කරගැනීම ද, ඒ හරහා ආසන්න නිගමනවලට එළඹීම ද අද ජීවත් වන අපට සිදුකරගත හැකි තවත් අභ්‍යාසයකි.

 

ඒ අයුරින් ම, මෙම පුරාතන භාෂා-වියමන් වලට අදාළව පවතින භූ-විෂමතාවේදී හෝ භූගර්භවිද්‍යාත්මක සාධක සොයාගෙන, ඒවායේ සමස්තයික අරුත්, නූතන හෝ නව නූතන ක‍්‍රමවේද අනුව නිරීක්ෂණය සහ එළිදරව් කරගැනීමත්, ඒ ඇසුරින් ආසන්න නිගමනයන්ට එළඹීමත් අද ජීවත් වන අපට සිදුකරගත හැකි අභ්‍යාසයන් ය. 

මේ අනුව, අවශ්‍යතාව පරිදි, මෙකී අභ්‍යාස එකක් හෝ කිහිපයක ම හෝ සියල්ලෙහිම හෝ යෙදීම හරහා,  නිර්දේශිත නූතන හෝ නව-නූතන නිගමනයන්ට මුළුමනින් ම එළඹීමට හෝ, වඩාත් ආසන්න නිගමනයන්ට එළඹීමට හෝ හැකි සංවර්ධනාත්මක ක‍්‍රමවේද සහිත ගෝලීය විශ්ලේෂණ ලෝකයක අප වෙසෙන බව ප`ත්‍යක්ෂය. එනිසා, යටකී යොමුව ඔස්සේ යමින්, සාපේක්ෂව සාධාරණ වන සහ ආසන්න වන යථා-සත්‍යයක් (Real-Truth) මතුකරගැනීමට හැකි විෂය-අවකාශයක් අද අප අවට පවතින අතර, එය මගහැර යාමට තුඩුදෙන කිසිදු සමාජ-විද්‍යාත්මක හෝ වෙනත් විද්‍යාවකට අයත් තර්කයක් නොපවතී. 

“චේරා සිලප්පතිකාරම්” හෝ ”සිලප්පාත්තිකාරම්” (சேர சிலப்பதிகாரம், அல்லது ,சிலப்பதிகாரம்) යන නාමකරණ දෙක ම භාවිතා කොට හඳුන්වනු ලබන දකුණු ඉන්දීය ග‍්‍රන්ථය ද මෙකී වීර-කාව්‍යමය හෝ පුරාවෘත්තමය හෝ ජනප‍්‍රවාදමය ගතිලක්ෂණ සහිත පුස්තක ගණයෙහි ලා සැලකිය හැකි පුරාතන ලිඛිත දෙමළ භාෂා-වියමනකි. 

මෙම භාෂා-වියමන කවිමය පද-පෙළවල් 5730කින් යුත් එක් තනි කවියක් ලෙසින් සැලකනු ලැබේ. මෙම භාෂා-වියමනේ උඩුපෙළින් කියවෙන්නේ, පුරාතනයේ දී පොදු-සාමාන්‍ය ජීවිතයක් ගෙවූ යුවලක් පිළිබඳ සරල කතන්දරයකි.

(මේ කථාන්තරයේ යටිපෙළ කියවා බිහිකළ පූර්ව-නූතන හෝ නූතන භාෂා-වියමන් තිබේදැයි කියා සොයාගැනීමට මේ පොත රචනය කරන මෙහොතේ කතුවරයාට අසීරු විය.)

 

 

pic 05 final 1

(ඉංග්‍රීසියට පරිවර්තනය කළ සිප්පත්තිකාරම් ග්‍රන්ථය)

 

 

 

කන්නකි හෝ කන්නගි යන නාම දෙකෙන් ම හඳුන්වා ඇති ගැහැනියත්, කෝවලන් නැමති ඇගේ සැමියාත් පිළිබඳ ශෝඛාන්තීය පෙම්-කතන්දරය මේ පුරාතන භාෂා-වියමනේ උඩුපෙළින් සිතුම්කර (Signifying) දෙයි. මෙම ග‍්‍රන්ථය ක‍්‍රිස්තු වර්ෂ 100-250 අතර පැවති ද්‍රාවිඩ භාෂා භාවිතා කරන දකුණු ඉන්දීය කවියන්ගේ පිබිදීමක් සිදුවූ සංගම්-යුගය දී (සාහිත්‍ය සාංගමයන් පැවැත්වීමට යෙදුන යුගයේ දී) රචනය කරන්නට ඇතැයි පිළිගැනේ.  

මෙම යුගය, ඇමෙරිකානු මහද්වීය තුළ මායා ශිෂ්ටාචාරයේ බිඳවැටීම සිදුවූ පූර්ව-සම්භාව්‍ය යුගයේ පර්යන්ත කාලයට (The Terminal Preclassic Period) අයත් වෙයි. දකුණු ඉන්දියාවේ කාව්‍යමය පිබිදීමක් ඇතිවන යුගයේ ම ඇමරිකානු ඉම් පෙදෙසේ රම්‍ය ශිෂ්ටාචාරයක බිඳ වැටීම ද සනිටුහන් වීමෙන් ම, අපට, පෘථිවියේ එක ම කාල-අවකාශයක පැවති යුගයන් යනු ඉම්-පෙදෙසෙන් ඉම්-පෙදෙසට වෙනස් ඒවා වන බව වටහා ගැනීමට තියුණු උදාහරණයක් සපයා දෙයි.

චේරා සිලප්පතිකාරම් කාව්‍ය ග‍්‍රන්ථයේ එන පෙම් කථාවේ කථා නායිකාව වන කන්නකි සහ ඇගේ සැමියා වන කෝවලන් අලූත විවාහ වුණු ආසිරිලත් පෙම් යුවලක් ලෙසින් සඳහන් වන අතර, මොවුන් අතර වූ ප්‍රෙමාන්විත යුග දිවියෙහි යම් කලක් ගෙවී යත් දී, කෝවලන්ට මාධවී නම් නම්බුකාර අභිසරුලිය හෙවත් ගණිකාව මුණ ගැසෙයි. ඇය කෙරෙහි වහවැටෙන කෝවලන් තම බිරිඳ වූ කන්නකි හැරදා ගොස්, මාදවී සමඟ පමණ ඉක්මවා වියදම් කරන සරාගී ජීවිතයකට ඇබ්බැහි වෙයි. ආදර වියෝවෙන් කන්නකිගේ හදවත බිඳුන ද, ඇය, කෝවලන් නැවත එනතුරු පතිදම් රකිමින් පොරොත්තුවෙන් බලා හිඳීී.

 

pic 06 final 1

(කන්නකි සහ කෝවලන් අතර ආදරය හඟවන ප්‍රතිමා කලාව)

 

වැස්සට අධිපති ඉන්ද්‍ර දෙවියන්ගේ මංගල්‍යය සමරන සමයේ පවත්වනු ලබන ගීත තරඟයක දී කෝවලන් ගයන කවියක් සහ මාදවී ගයන ගීතයක් අතර ප‍්‍රති-අරුත් මුණ ගැසීමෙන් මාධවී තමන්ව පාවාදෙමින් තවමත් වරදෙහි බැඳෙමින් සිටින බව කෝවලන්ට හැඟී, ඔහු මාධවීව අතහැර නැවත තම බිරිඳ වූ කන්නකි වෙත පැමිණෙයි. එහිදී කන්නකි ඔහුව පෙරලා භාරගෙන, ඔවුන් සිටි පදිංචිය වෙනස් කරමින් ඔහු සමඟ පාණ්ඩ්‍ය රාජධානියේ ප‍්‍රධාන නගරයව තිබූ මධුරාපුරයට ගොස් පදිංචි වෙයි. මෙතෙක් කෝවලන් විසින් සිදුකර තිබූ නාස්තිකාර වියදම් නිසා, ඔහු තනි කාසියක්වත් අතේ නැතිව අසරණභාවයට පත්ව සිටිනු දකින කන්නකි, තමන් පැළඳ සිටින පා සළඹ දෙකෙන් එක් පා-සළඹක් ගලවා ඔහුට දී, එයින් ධනය උපයාගන්නට ඔහුව දිරිගන්වයි. 

 

pic 07 final 1

(කෝවලන්, නර්තන විලාසිනියක වූ සරාගී මාධවීට සේම කන්නකි යන දෙදෙනාට ම  ආදරය නොකළේ යැයි වත්මන් ඉන්දීය කතුන් අතර අදහසක් පවතී.)

 

පාසළඹ විකුණා ගන්නට ගිය කෝවලන් නැවත ගෙදර නොපැමිණි නිසා ඔහු සොයා මධුරා නගරයට යන කන්නකිට දැනගන්නට ලැබෙනුයේ, කෝවලන් මේ පාසළඹ කූට වෙළෙන්දෙකුට විකුණා ඇති බවත්, එම වෙළෙන්දා ඒ පා-සලඹ මදුරාසි රජුගේ අග-මෙහෙසියගේ යැයි කියා කෝවලන්ට එරෙහිව බොරු චෝදනා ගොතා රජුට දන්වා ඇති බවත්, ඒ නිසාවෙන් රජු කෝවලන්ව අත්අඩංගුවට ගෙන මරා දැමා ඇති බවත් ය.

මෙයින් මහත්සේ කම්පාවී කැළඹෙන කන්නකි, තම අනෙක් පාදයේ ඇති ඒ හා සමාන වූ ඉතිරි පා-සළඹ පෙන්වා රජුගේ අයුක්තියට විරෝධය පාන අතර, අවසානයේ දී රජුට තම අත්වැරැද්ද පිළිගැනීමට සිදුවේ. ශෝකයෙන් මුසපත්වී සිටි කන්නකි විසින් මධුරාපුර රජුට සහ මධුරාපුරයේ ජනතාවට ශාප කරමින් තම පයෝදර ඉරා ගලවා රැස්ව සිටි මධුරා ජනයින් අතරට වීසි කොට මිය ගිය බවක් සඳහන් වේ.

 

 

pic 08 final 1

(ඉතිරි පා සළඹෙහි සාක්ෂිය පෙන්වන කන්නකිව  - අදටත් චෙන්නායිහි පවතින ප්‍රතිමාව)

 

කන්නකිගේ ශාපය නිසා පසුව රජු ද මිය යන අතර, මධුරාපුරය ද අළු වී බිමට සමතලා වී ගිය බව ත්, චේරනාඩු පෙදෙසේ දී (වත්මන් කේරලය නම් පෙදෙසේ දී) කන්නකි හමුවන ඉන්ද්‍ර දෙවියන් කන්නකිගේ මේ පති-ධාර්මික ක‍්‍රියාව අගයා, ඇයව දෙව්ලොව රැගෙනගිය බවත් සඳහන් වේ. (සළඹක් අත දරා සිටින කන්නකිගේ මනුස්ස පිළිරුවක් අදටත් චෙන්නායි නගරයේ දී දැක-බලාගත හැකි ය.) 

 

 

pic 09 final 1

(ඉතිරි පා සළඹෙහි සාක්ෂිය පෙන්වන කන්නකිගේ ශාපයෙන්  මධුරාපුරය ගිනිගන්නා බව දක්වන චිත්‍රකතා රූපයක්)

 

 

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, චේර රාජ්‍යයේ (හෙවත් වත්මන් කේරලයේ) එකල රජුව සිටි චේරන් චෙන්කුට්ටාවන් ඇතුළු රජ-පවුල කන්නකිව විශේෂාංගික දේවතාවියක් කොට සලකා, ඇය වෙනුවෙන් දේවාලයක් ද ඉදිකරවා, හිමාලයට ගොස් කළුගලක් ගෙනැවිත් එයින් ඇගේ රූපය කැටයම් කර එහි තබා, ඇයව පත්තිනි දේවතාවිය ලෙසින් නාමකරණය (Nomination) කොට දිනපතා වන්දනාමාන සහ පුදපූජා පැවැත් වූ බව සඳහන්. 

 

pic 10 final 1

(දෙවිවරුන්ගේ රජු යැයි විරුදාවලිය ලද දකුණු ඉන්දීය ඉන්ද්‍ර දෙවියන්. කන්නකිව දෙව්ලොව ගෙන ගියේ මොහු බව සැලයි.)

 

 

සංක්ෂිප්ත කොට කියූ මේ කවි-කතාවේ කෙන්ද්‍රීය සිතුම වන ”පත්තිනි” යන්නෙහි යටිපෙළ හෙවත් යටි-අරුත් සමස්තය විද්‍යානුකූල තර්කයකට අනුව ගවේශණය කොට ඇත්දැයි හාත්පස බලත් දී අපට හමුවන්නේ 1984 වසරේ කැලිෆෝනියා විශ්ව-විද්‍යාලය මගින් මුද්‍රණ-ප‍්‍රකාශයට පත්කළ නූතනවාදී ලක්වැසි ශාස්ත‍්‍රඥයෙකු විසින් ඉංග්‍රීසියෙන් ලියූ The Cult of Goddess Pattini (පත්තිනි දේවතාවීගේ ඇදහුම් කල්ලිය) නැමති හැඟවුම්කරණීය මානව-වංශ-විද්‍යාත්මක ග‍්‍රන්ථයේ භාෂා-වියමන යි.

 

 

pic 11 final 1

(ලෝකප්‍රකට මානව-වංශ-විද්‍යාඥයෙකු වන ලක්දේසේ කොලනිවාදයට එරෙහි ගනනාත ඔබේසේකර නම් ශාස්ත්‍රඥයා )

 

පත්තිනි දේවතාවිය සම්බන්ධයෙන් මානව-වංශ-විද්‍යාත්මක නිරීක්ෂා, හෙළිදරව් සහ නිගමන සහිත සංවිධිත සහ සංයුක්ත නූතන භාෂා-වියමනක් වන මේ ග‍්‍රන්ථය, ගනනාථ ඔබේසේකර නැමති ලෝකප‍්‍රකට ලක්වැසි මානව-වංශ විද්‍යාඥ්ඥයා විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් පොතක් ලෙසින් පලකර ඇත්තකි. ඒ ග‍්‍රන්ථය හරහා ඔහු පත්තිනි දේව සංකල්පය සම්බන්ධයෙන් පොදු ලක්වැසි ජනයා තුළ දැනට පවතින කෙන්ද්‍රීය-සිතුම (Central-Signified) වන පත්තිනි යන්න හා බැඳී පවතින ඇදහිලි-සංවේදන (Senses of Cult) අභිබවා ගොස්, එම සංවේදනයන්ට වඩා වෙනස් වූ විද්‍යාත්මක සංදර්භයක පවතින නව-සංජානන (Neo-Perceptions within a Scientific Context) මතුකර දක්වන්නට හැකි වී ඇති බව මේ පොතේ කතුවරයාගේ අදහස යි. 

ඒ නව-සංජානන තුළ ගනනාතයන් විසින් පත්තිනි පිළිබඳ ලක්වැසි පොදු-ජනයා තුළ අදටත් පවතින පූර්ව-නූතන කෙන්ද්‍රීය-සිතුම (Pre-Modern Central Signified) බිඳ දමා, ශාස්ත`‍ගෝලීය මානව-වංශ-විද්‍යාත්මක යොමුවකින් යුතු නූතනවාදී කෙන්ද්‍රීය-සිතුමක් ගොඩනගා පත්තිනිව සෝදිසි-පරීක්ෂා කරන්නන්ට අවැසි යථා-සත්‍යයට වඩා ලංවන මාර්ග අපට පෙන්වා දෙයි.

ගනනනාත මේ වියමන ලියා මුද්‍රණ-ප‍්‍රකාශ පත්කර දැනට වසර 30ක් තරම් කාලයක් ගෙවී ඇතත්, තවමත් බහුතර ලක්වැසියන් සිටින්නේ, දැනට වසර 1800කටත් වැඩිකාලයකට පෙර පළවන ගජබාහු රජු විසින් ලක්දේශයට ගෙන ආ දකුණු ඉන්දියාවේ සිලප්පතිකාරම් යන පුරාතන දෙමල ග‍්‍රන්ථයට අදාළ භාෂා-විවමනේ කේන්ද්‍රීය සිතුම වන පත්තිනි-දේව-සංකල්පය ම අදහාගෙන යි. 

OLYMPUS DIGITAL CAMERA

(කන්නකි හෙවත් පත්තිනි පිළිබ‍‍ඳව ගනනාත  ඔබේසේකර රචනය කළ මානව-වංශ-විද්‍යා ග්‍රන්ථය)

 

මේ අවාසනාවන්ත පරතරයට ආසන්නත ම තාක්ෂණික හේතුව ලෙස ගනනාතගේ පොත සිංහලෙන් පරිවර්තනය නොවී දශක ගණන් පැවතීම ගෙනහැර දැක්විය හැකි නමුත්, එසේ පරිවර්තනයක් සිදුවුවත්, අදටත් ලක්වැසි සිංහල ජනයා නවගමුව පත්තිනි දේවාලය පිදීම හෝ දෙමල ජනයා මඩකලපුව අක්කරපත්තු පෙදෙසේ ඇති කන්නකි අම්මාන් දේවාලය පිදීම හෝ නවතා දමාවි යැයි නිගමනය කළ නොහැකි ය. මන්ද මේ ලක්වැසි සංවේදනය (අනුසෝතගාමීත්වය) සහ ගනනාතගේ සංජානනය (පටිසෝතගාමීත්වය) අතර පරතරය ලක් සමාජයේ දේශපාලනාර්ථික සංවර්ධනයන් දෙකක් අතර පරතරයක් වන බැවිනි.   

ඉදින් ගනනාතගේ භාෂා-වියමන ඔහු විසින් ගොඩනගා බොහෝ කල් ගෙවී ගොස් ය. ඒ නිසා පත්තිනි දේවතා සංකල්පය සම්බන්ධයෙන් සාපේක්ෂව වඩා ගැඹූරු සහ තාර්කික වන සිතුමක් වර්ධනය කරගැනීමට අවැසි උදවිය වෙත්නම්, ඔවුන්ට ගනනාතගේ ඒ අති-නිපුන ශාස්ත‍්‍රාලීය වියමන කියවා බැලිය හැකි ය.

මගේ කල්පනාවේ හැටියට, මානව-වංශ-විද්‍යාව සහ යම් පමණකින් පුරා-විද්‍යාව තුළ හැරුණුකොට, යට සඳහන් අනෙකුත් විද්‍යාවන් නියෝජනය කරන භාෂා-වියමන් හරහා හෝ, ඒ විෂයන්හි විෂය-විනයන්ට (Subjective Disciplines) අදාළ ප‍්‍රායෝගික ක‍්‍රමවේද හරහා හෝ, මෙතෙක්, ලක්දේශය තුළ පරිපාලනයන්ට පක්ෂපාතීව හෝ ඉන් ස්වාධීනව හෝ පත්තිනි ඇදහිල්ල සංකල්පය හා සම්බන්ධව සිදුකළ වෙනත් සංයුක්ත (Concrete) විද්‍යාත්මක නිරීක්ෂණ, හෙළිදරව් හෝ නිගමන නොමැති තරම් ය. 

(විද්‍යාත්මක ගවේශණ ලක්දේශය තුළ හිඟවී යාම විධිමත්ව අවබෝධ කොටගත හැක්කේ, බටහිර යටත්-විජිත සමයෙන් පසුව ලක්දේශය දේශපාලනාර්ථිකව ඌන-සංවර්ධනයකට ගොදුරුවූ ඉතිහාසය විශ්ලේෂණාත්මකව හැදෑරීමෙන් පමණක් ය. ලක්දේශය ඌන-සංවර්ධනයට ගොදුරුවීමට අදාළ දේශපාලනාර්ථික විශ්ලේශන ඉදිරි පරිච්ඡේදවල දී සංයුක්තව ගෙනහැර දක්වන්නට කතුවරයා අපේක්ෂා කරයි.)      

කන්නකි හෙවත් පත්තිනි පිළිබඳ මෙකී දකුණු ඉන්දීය වීර-කාව්‍යට අදාළ භාෂා-වියමනේ සමස්ත අරුත සහ එහි පසුබිම සැකවින් ගෙනහැර දැක්වීම තුළ මෙම පොතේ කතුවරයාගේ වස්තුමූලිකය (Objectivity) හෙවත් අරමුණ වන්නේ, පත්තිනි ඇදැහිල්ල හුදු විද්‍යුනුකූළ විෂය-විනයන්ට අනුව පමණක් ගෙනහැරපෑම සහ හෙළිදරව් කිරීම ම නොවේ. එනිසා, කන්නකි හෙවත් පත්තිනි පිළිබඳ වන දකුණු ඉන්දීය වීර-කාව්‍ය සහ එහි පසුබිම පිළිබඳ කතුවරයාගේ මේ හෙළිදරව්ව, විද්‍යා-විෂය-විනය ද, ඉන් එහා ගිය දේශාපලානාර්ථික-විෂය-විනය (Political-Economic-Discipline) ද රඳන පුළුල් විශ්ලේෂන සංදර්භයක් තුළ සංයුක්ත ය. 

මේ පොතේ කතුවරයා පත්තිනි සංකල්පය ගෙනහැර දැක්වීමට අරමුණු කළේ, 1801 වසරේ ජෝන් ඩොයිලි එංගලන්තයේ සිට ලක්දේශයට පැමිණීමෙන් පසු ඔහුගේ ම දිනපොතේ 1810 සිට 1815 දක්වා කාලාන්තරය තුළ සඳහන් වන කරුණු අනුව, ඩොයිලි ලක්දේශය තුළ ගොඩනැගූ ලන්ඩන් පරිපාලනයට පක්ෂග‍්‍රාහී ඔත්තු සේවා බලෑණිය තුළ හිටපු ඩොයිලිට විශ්වාස-පක්ෂ ප‍්‍රධාන ලක්වැසි ඔත්තුකරුවෙක් වූ දොන් සොලමන් ඩයස් බන්ඩාරනායකගේ පූර්වජ පරම්පරාවේ ආරම්භය මේ පත්තිනි ඇදහිල්ල මුල් කරගත් නවගමුව දේවාලය සමඟ ගැට ගැසී තිබීමත්, මෙසේ මෙම දොන් සොලමන් ඩයස් බන්ඩාරනායකගේ යුගයෙන් පසුපසට දිවෙන ඥාතීත්ව-රුක්-සටහනේ ඔහුට ඥාතී වූ පූර්වජ පරම්පරා සේ ම, ඔහුගේ යුගයෙන් ඉදිරියට දිවෙන ඥාතීත්ව රුක් සටහනේ ඔහුට ඥාතී වූ අනුප‍්‍රාප්තික පරම්පරා ද දෙයාකාරයකින් බටහිර යටත්-විජිතවාදය ලක්දේශ තුළ ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම උදෙසා යුගාන්තර කාර්යභාරයක් සිදුකර ඇති බව හෙළිදරව් කරදීම සඳහා යි. 

pic 13 final

(නවගමුව පත්තිනි දේවාලයේ වත්මන් ස්වරූපය) 

 

එනම්, පත්තිනි සංකල්පය ගෙනහැර දැක්වීම තුළ මේ පොතේ කතුවරයාගේ අරමුණ වන්නේ,  ඩොයිලියානු කෘතිම-විකෘති-ව්‍යාජ ස්වදේශිකත්වයකට අයත් බෙදුම්වාදී අනන්‍යතාවයක් ලක්දේශයේ බහුතර වැසියන්ගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන් තුළ තහවුරු කළ එංගලන්තකවාදී උපායික කතිකා-යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට යොදාගත් භෞතික-අධෝ-ව්‍යුහය වූ ඩොයිලි සංවිධානගත කළ රහස් ඔත්තුසේවා බලෑණිය තුළ කටයුතු මෙහෙයුම් කළ ප‍්‍රධාන චරිතයක් වන, (ජොන් ඩොයිලිගේ සටහන්වල රහස් සංඥාර්තයෙන්  එස්. ඩයස් මුදලි සේ හඳුන්වන ලද) දොන් සොලමන් ඩයස් බන්ඩාරනායක ගැනත්, ඔහුගේ පෙර සහ පසු පරම්පරාවල් කළ කී දේවල් ගැනත්, ඒ සියල්ල මගින් ලක්දේශය දේශපාලනාර්ථිකව ඌන-සංවර්ධනයට ගොදුරුවීම සම්බන්ධව ප‍්‍රධාන කාර්යභාරයක් මෙකී පෙළපතට අයත් පරපුරු විසින් ඉටුකර ඇති බව ගැනත් වත්මන් ලක්වැසියන්ට එළිදරව් කරදීම සඳහා යි. 

 

pic 14 final

(තමිල්නාඩුවේ බටහිර පෙදෙසේ ඇති දින්දිගුල් දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රසිද්ධ “පලානි මුරුගන් කෝවිලෙන්” දැනට සියවස් කිහිපයකට පෙර පහළ “පණ්ඩාරම් කුලයේ” හින්දු පූජක පරපුර පන්නා දමා ඉහළ “බ්‍රාහ්මණ කුලයේ හින්දු පූජකයින් ඒම කෝවිලේ නිත්‍ය පූජක පරම්පරාව බවට පත්කරන ලද බව සැලයි)

 

 

මේ අනුව, එවකට එංගලන්තකයින් විසින් ලන්ඩන් නගරයේ පරිපාලනයට යටත් ප‍්‍රධාන-ටවුමක් (Town) බවට ලක්දේශය තුළ පත්කරගෙන තිබූ (ලක්දේශිකයින්ට නගරයක් ලෙසින් වරදවා හඳුන්වාදී තිබූ) කොළඹ-ටවුම කේන්ද්‍රකරගෙන දිස්ත‍්‍රික්-සීමා-නිර්ණය කෙරුණු කොළඹ දිස්ත‍්‍රික්ක සීමාවේ ම පවතින නවගමුව පෙදෙසේ පිහිටි නවගමුව-පත්තිනි-දේවාලයේ ප‍්‍රධාන පූජක-ධූරය භාරගැනීම සඳහා ඊට බොහෝ කලකට ඉහත දකුණු ඉන්දියාවේ සිට ලක්දේශයට පැමිණි දේවාල පූජකයෙක් හෙවත් කපුරාල කෙනෙකු වන කකාපු නීලපෙරුමාල් පන්ඩාරම් නැමැත්තෙකුට දාව උපන් පරම්පරාවකින් පැවත එන මේ කියන දොන් සොලමන් ඩයස් බන්ඩාරනායකව හෙළිදරව් කිරීමටත්, ඔහුගේ පරම්පරාව වූ කකාපු නීලපෙරුමාල් පන්ඩාරම් පරම්පරාව විසින් ලක්දේශය දේශපාලනාර්ථිකව ඌන-සංවර්ධනයට ගොදුරු වීම සඳහා කළ ඓතිහාසික දායකත්වය එළිදරව් කිරීමටත් අපේක්ෂිත යි. 

එනයින්, පත්තිනි සංකල්පය ගෙනහැර දැක්වීම ඔස්සේ, ඒ හරහා, 1815ට පෙර ලක්වැසි ප‍්‍රභූන් අතර පළවැනි නාමයක් හෝ දෙවෙනි නාමයක් (First Name or Second Name) හෝ ලෙස නොපැවති ”බන්ඩාරනායක” යන වත්මන් ජනප‍්‍රිය පෙළපත් නාමය සහ ඊට අදාළ නාමකරණය බිහිවීමේ ඉතිහාසය හෙළිදරව් කිරීම අලෙක්ෂිතය. එලසෙ ම ඛණඩාරනායක නාමකරණය යටතේ බිහි වූ යටත්විජිත ගැති ව්‍යාජ ප‍්‍රභූ-පරම්පරාවක් ලක්දේශය තුළ පැලපදියම් වූ දා සිට මේ දක්වා (එනම් 1948 වසරට පෙර සහ පසු කාලාන්තරයේ දී) ඔවුන් ලක්දේශය තුළ අනියම් සහ බලවත් ව්‍යාජ-ස්වදේශීක ප‍්‍රභූ-පරම්පරාවක් ලෙසින් නැගී ආ පසුබිම හෙළිදරව් කිරීමට ද අපේක්ෂිත ය. ඒ සමඟම, 1948න් පසුව පැමිණි දෙවෙනි වක‍්‍ර යටත්විජිත යුග සංදර්භයක දී ඔවුන්ගේ පරම්පරාවන් ලක්දේශයෙහි දෙවෙනි ඩොයිලිවාදී පාලකයින් බවට පත්වී රට පාලනය කළ ආකාරය හෙළිදරව් කිරීමත්, ඒ ඔස්සේ ලක් ඉතිහාසයේ මෙතෙක් නොදුටු සහ නොපල තීරණාත්මක ෆොසිල පිඩැල්ලකින් පදාසයක් ගොඩ දමා හෙළිදරව් කිරීමට ද අපේක්ෂිත ය.

 

 

pic 15 final 1

 

 

වත්මන් ලක්දේශිකයෙකු පැහැදිලිව ලිහා වටහා ගත යුතු සත්‍යය නම්, “බණ්ඩාරනායක” යන ශබ්ද-අරුතින් අද අපට හමුවන පෙළපත් නාමරකරණය (Genealogical Nomenclature) බටහිර යටත්විජිතවාදීන් හෙවත් කොලනිවාදීන් ලක්දේශයට පැමිණීමෙන් පසුව එළඹි යුගයේ දී ගොඩනැංවුණු යටත්විජිවාදී දේශපාලනාර්ථික පසුබිමට ගැලපෙන පරිදි නිර්මාණය වී ජනප‍්‍රිය වූවක් පමණක් බව යි. එම නාමයට ඇත්තේ පෘතුගීසි යුගයටත් පසුව එන ලන්දේසි යුගය දක්වා පමණක් පසුපසට දිවෙන කෙටි ලක් ඉතිහාසයක් පමණකිිි.

දකුණු ආසියානු ඉතිහාසය පුරා මෙසේ දකුණු ඉන්දියාවෙන් ලක්දේශයට වෙත පැමිණි උදවිය සේ ම ලක්දේශයෙන් දකුණු ඉන්දියාවට ගිය උදවිය ද වෙති. තවද, විවිධ යුගයන්හි දකුණු ආසියාව තුළ ම පවතින විවිධ ඉම් පෙදෙස් වෙත සංක්‍රමණය වූ විවිධ උදවිය විසින් මෙලෙස දකුණු ආසියාවේ පැවති තම උපන් බිමේ සිට දකුණු ආසියාවේ ම පවතින වෙනත් සහෝදර දේශයක් වෙත තම පදිංචිය මාරු කරගැනීමත්, එය තම අනාගත පරපුරුවල ජන්ම භූමිය බවට පත්කරගැනීමත් හා සම්බන්ධ සංසිද්ධීන් දකුණු ආසියාතික  බහුලව හමුවේ. 

එහිදී, ඔවුන් විසින් මෙලෙස අලූත පදිංචි වූ දේශය හෝ රටට අදාළ සමාජ-ව්‍යූහයට ගැලපෙන අයුරින් තම දෙවන-නම හෝ පළමු නම වෙනස් කරගත් පළමු වතාව ද මෙය නොවන බව සත්‍යයකි. එලෙස ම, අදටත් බටහිර රටවල් වලට යන දකුණු ආසියානු පූර්වජත්වයක් ඇති උදවිය පවා, බටහිර සමාජ-ව්‍යුහයන් සමඟ පෑහීම උදෙසා පළවන-නම සේම දෙවන-නම වන තම වාසගම පවා වෙනස් කරගනු ලබන අවස්ථා එමට හමුවේ. නමුත් ඒ නාමකරණ බොහොමයක් පවතින්නේ අජනප‍්‍රිය සහ අප්‍රසිද්ධ පුද්ගලික අවශ්‍යතා ඉටුකරගැනීමේ සංදර්භයක් තුළ ය. එයින් පොදු සමාජයට කරන තීරණාත්මක බලපෑමක් වෙතොත්, එය ඉතා අල්ප ය. 

 

pic 16 Final

(කලකට ඉහත පාලියන් හෝ පලෙයියාර් හේ පසාහරාරේ යන නාමකරණයන්ට යටත්ව දකුණු ඉන්දියාව තුළ පමණක් සංචාරකවාසී ජන කණ්ඩායම් 9500ක් පමණ දිවිගෙවා ඇත. වැසි වනාන්තර සහිතගාත් කඳුකරය, තමිල්නාඩු සහ කේරලය යන පෙදෙස්වල මොවුන් බහුලව විසූ බව පෙනේ. සතුන් සහ මී වද දඩයම් කරන්නන් වූ මොවුන්ගේ ප්‍රධාන ආහාර වර්ගය වූයේ අල බතල වර්ග යි.)   

 

නමුත් කකාපු නීලපෙරුමාල් පන්ඩාරම් යන නාමය බන්ඩාරනායක ලෙස වෙනස් කරගැනීම නැමති නාමකරණ-සංසිද්ධිය (Incident of Nomination) පුද්ගලිකත්වය ඉක්මවූ වෙනත් සමාජීය සංදර්භයක පවතින්නකි. කොටින් ම එය, ලක්දේශය තුළ බටහිර යටත්විජිතකරණය පහසුකර දීමේ සහ සැබෑ නෛසර්ගික දේශීයත්වය පාවාදීමේ සංදර්භයක (A Context of Betraying true Inherent Locality) පවතින්නකි. 

ඒ අනුව, ලක්දේශය බටහිරවාදී යටත්විජිත පරිපාලනයන්ට ගොදුරුවීමටත්, ඒ හරහා පසුකාලීනව එකතැන පල්වෙන දේශපාලනාර්ථිකමය ඌන-සංවර්ධනයකට ගොදුරුවීමටත් අදාළ නාටකය තුළ මේ නාමකරණ-සංසිද්ධිය විසින් සුවිශාල ලෙස හැඟවුම්කරණීය වූ ඓතිහාසික භූමිකාවක් රඟ-දක්වා ඇත. ඒ නිසා මේ ව්‍යාජ නාමකරණයේ පසුබිම විද්‍යාත්මකව හෙළිදරව් කිරීම ඊට අදාළ බණ්ඩාරනායක යන නම ඇති දේශපාලනික පාත‍්‍ර-වර්ගයන්ගේ පුද්ගලික සංදර්භ සීමා ඉක්මවා යන සමාජ-විශ්ලේෂනික සංදර්භයක පිහිටයි. ඒ නිසා මේ පිළිබඳ හෙළිදරව් කිරීම පුද්ගලික අපවාද ප‍්‍රවේශයෙන් බැහැර යොමුවක් වනවා සේ ම, යටත්විජිත විරෝධී වන සහ සමාජ ප‍්‍රගමනික වන පෙළපත්-විද්‍යාත්මක (Genealogical) වූ විෂයබද්ධ ප‍්‍රවේශයක් පෝෂණය කරයි.    

කකාපු නීලපෙරුමාල් පන්ඩාරම් යනු ලක්දේශය බටහිර යටත් විජිතයක් වන්නට මුලපිරූ 15 සියවසේ අගභාගයේ හෝ  16 වන සියවසේ මුළ භාගයේ දී පමණ ලක්දේශයට පැමිණියා යැයි සැලකෙන දකුණු ඉන්දියානු ද්‍රාවිඩ වැසියෙකි. සාමාන්‍යයෙන් ලක්දේශයට ඉන්දීය ප‍්‍රභූ-වාංශිකයන් ආගමනය වෙද්දී කෙරෙන ප‍්‍රකට කිරීමක් හෝ ප‍්‍රසිද්ධ කිරීමකින් තොරව, හදිසියේ නවගමුවට කඩා පාත් වූ දකුණු-ඉන්දීය “පණ්ඩාරම්” නැමති පූජක කුලයෙන් පැවත එන මේ දේවාල-පූජකයා බණ්ඩාරනායකගේ පිය පාර්ශවය නියෝජනය කරන මුල් ම සංක‍්‍රමණික පූර්වජයා ලෙස සැලකිය හැකියි. 

 

pic 16.5 final

(මධුරායි නගරය හෙවත් මධුරාසි නගරයේ පන්නයේ මහා චිත්‍ර කලාවක් සහ ගෘහනිර්මාණකරණය සඳහා සංස්කෘතික පීතෘත්වය සැපයූ තිරුමලෙයි නායක් නැමති තෙළිඟු රජුගේ ඒළිමහන් ප්‍රතිමාවක්. පලානි මුරුගන් කෝවිල ඇතුළු ප්‍රධාන පෙළ‌ේ කෝවිල් වලින් පණ්ඩාරම් කුලයේ පූජකයින්ව පන්නා දැමූ රජු මොහු බව සැලයි.)

   

 

 

මොහු, 1623 සිට 1659 දක්වා කාලපරාසය තුළ තමිල්නාඩු දේශයේ රජකම් කළ තිරුමලෙයි-නායක නම් තෙළිඟු රජු විසින් පිටුවහල් කිරීමට ලක්වූ පණ්ඩාරම් යන නාමරකණය අයත් පූජකයෙකු බව නිගමනික ය. ඒ අනුව, ඔහුගේ නමට අදාළ දකුණු ඉන්දියානු පෙදෛසිහි කුලධූරාවලිය විමසීමෙන්, මොහු, ඉන්දීය බ‍්‍රාහ්මණ වංශයට අයත් නොවූ සහ දකුණු ඉන්දීය කුල-ධූරාවලිය තුළ බ‍්‍රාහ්මණ වංශයට යටහත් නිර්ප‍්‍රභූ කුලයක දේවාල-පූජකයින් අතරේ කෙනෙකු බව තහවුරු වෙයි. ඒ අනුව, මේ ගෙවෙන වත්මන් යුගයේ කපු-මහත්තුරු හෝ කපුරාලලා ලෙස හඳුන්වනු ලබන පණ්ඩාරම් යන නාමය ඇති උදවිය වෙත්නම්, කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම් යනු ඔවුන්ට පූර්වජ වන අතීත දේවාල පූජකයකු බව සැලකිය යුතුය. 

 

pic 17 final 1

(පළමුව චෝල වංශයේ රජවරුන් විසින් සාදන ලදුව පසුව නායක් වංශකයින් විසින් නිමකරන ලද්දක් බව සඳහන්ව ඇති නීල මේඝ පෙරුමාල් කෝවිල තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපත්තිනම් දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයක් වන තිරුකන්නප්පෙරුම්හි පිහිටා ඇත. නීල මේඝ පෙරුමාල යනු ක්ෂුද්‍ර-දෙවියෙකි. ඒනම් Deity කෙනෙකි. පුරාවෘත්ත කතන්දරයට අනුව, මොහු තම බැතිමතෙකු බේරා ගැනීම සඳහා Wig එකක් දමාගෙන වෙස්මාරු කරගෙන පැමිණි නිසා සෞරිරාජ පෙරුමාල් යනුවෙන් ද හඳුන්වා ඇත. “සෞරි” යනු “Wig එක” යන අරුත යි.)

 

 

දකුණු ආසියානු සංදර්භයකට අනුව, කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම්, අතීත චේර-දේශයේ (වර්තමානයේ කේරලයේ) සිට ලක්දේශයට පැමිණි සහෝදර දකුණු ආසියානු විදේශිකයෙක් ලෙස සැලකිය හැකිය. නමුත් කනගාටුවෙන් වුව ද මෙම පොතෙහි සංවාද-කතිකාව මෙහෙයවන්නට සිදුව ඇත්තේ, කකාපු නීලපෙරුමාල් පන්ඩාරම් වන මොහු සහ මොහුගෙන් පසු පරපුර යනු ලක්දේශය සහ දකුණු ඉන්දියාව අතර තිබූ දකුණු-ආසියානු සහෝදරත්වය බටහිර කොලනිවාදීන්ට පාවාදුන් පරපුරක් බව හෙළිදරව් කිරීමෙනි.

“කකාපු” යන දකුණු ඉන්දීය ශබ්ද කිරීමෙන් මුලපිරී පසුකාලීන සිංහල ආරෙට “කළුකපුගේ” බවට පෙරළුනේ මෙම පූජක නාමයේ කොටසකි. මෙසේ තම නම සිංහලයට හරවාගත්  සමහරක් බන්ඩාරනායකවරුන්ගේ වාසගම් වලට ඉදිරියෙන් හෝ පසුපසින්, නම වෙනස් කිරීමෙන් පසුකාලීනව අදටත්  “කළුකපු” සහ “නීලපෙරුමාල්” යන නාම එකතු ඇති බව හඳුනාගත හැකියි. එහිදී, කකාපු යන්න පසුසට ලක්දේශයේ වාසගම් ආරට “ගේ” ප‍්‍රත්‍යයක් එකතු කර කකාපුගේ වීම සහ නීලපෙරුමාල් යන්න පිටුපසට “ගේ” ප‍්‍රත්‍යයක් එකතුවීමෙන් නීලපෙරුමාල්ගේ බවට පත්වී, එය ද  කාලයාගේ ඇවෑමෙන් ක‍්‍රමයෙන් සිංහල ආරට ම “කළුකපු-ගේ” හෝ “නීලපෙරුමාල්ලා-ගේ” ලෙසින් කාලානුරූපීව වෙනස්වී ඇති බව හඳුනාගත හැකි ය. 

එලෙස “කළුකපු-ගේ බන්ඩාර-නායක” හෝ “නීලපෙරුමාල්ලාගේ බන්ඩාර-නායක” යනාකාර වාසගම් තම සමාජ අවශ්‍යතාව පරිදි සංස්කරණය කරගනු ලැබ ඇති ඒ්වා බව ප්‍රත්‍යක්ෂ ය. නමුත් මේ සියළු වාසගම් “කකාපු” නැමති දකුණු ඉන්දීය පූජක නාමකරණ-මූලය පදනම් කරගෙන ගොඩනැගුණු ඒවා ය. තේරුම් ගැනීමේ පහසුව සඳහා මොවුන්ගේ ඉන්දීය සම්භවය අනුව මේ නාමකරණය හැඩගස්වා පෙන්වුවොත්, මෙය කළුකපු-ගේ පණ්ඩාරම්-නායක හෝ නීලපෙරුමාල්ලා-ගේ පණ්ඩාරම්-නායක ලෙසින් සකසා පෙන්වූ විට වඩා හොඳින් තේරුම්ගත හැකිය. 

(මෙහිදී පණ්ඩාරම්ලා ඉන්දීය රජ පෙළපතකින් හෝ වෙනත් නායක පෙළපතකින් පැවත එන්නන් නොවූ අතර පණ්ඩාර යන්න අගට නායක යන්න යොදාගැනීම හීනමානය සහ සට සකපටකම නිසා කළක් බව පැහැදිලි ය.)

මන්ද, දකුණු ඉන්දීය වාසගම්වල “ගම” යනුවෙන් ලක්වැසියන් භාවිතා කරන වාසගම් නාම ප‍්‍රත්‍යයක් හෝ වාසය කරන ගමේ සමස්ත නම වාසගම හෙවත් දෙවෙනි නාමය ලෙස යොදා ගැනීම ද අතීතයේ සිදුව ඇත. නමුත් තමන් ජීවත් වන “ගෙදර” (උදා- කෝරලේගෙදර) නම හෝ “ගේ”(උදා- ආරච්චිගේ) යන ප‍්‍රත්‍යය දකුණු ඉන්දියාවේ භාවිතා වූ බවට සාක්ෂි නොමැත. ඒ නිසා දකුණු ඉන්දියාවෙන් එය කකාපුගේ යනුවෙන් නොව එය කකාපු ලෙස පැමිණ ඇතිවක් බව වැඩි සම්භාවිතාව අනුව නිගමනික ය.   

මෙහිදී මොවුන් මෙසේ “පණ්ඩාරම්-නායක” ලෙස නාමරකරණය වීමට නියමිතව තිබූ තම දෙවෙනි-නාමය “බණ්ඩාර-නායක” ලෙසින් ලක්-ස්වදේශිකත්වයට ගැලපෙන පරිදි වෙනස් කරගෙන තිබුණේ, තම පුද්ගලික පවුල්මය දේශපාලනාර්ථික පැවැත්ම ප‍්‍රභූත්වයට ඔසවා ගැනීම උදෙසා කරනු ලැබූ නම්-වෙනස්කරගැනීමක් විදිහට බව ඔවුන්ගේ වරප‍්‍රසාද ලොල් ජීවන භාවිත නිරික්සීමෙන් නිගමනය කළ හැකි ය. එම නිගමනික ඉඟිය ලූහුබැඳ යාමේ දී, තම සැබෑ පූර්වජත්වය වූ නීලපෙරුමාල් පන්ඩාරම් යන නාමකරණයට ප‍්‍රතිපක්ෂව ගොඩනැගූ (Constructed) මේ ව්‍යාජ බන්ඩාර-නායක යන නම ඉදිරියෙන් සහ පසුපසින් කෙමෙන් ලන්දේසි සහ එංගලන්තක නාමයන් ද ඒල්ලා ගැනීම නිසා මොවුන් අතර වූ මේ පරම්පරාගත වංක අවස්ථාවාදී අරමුණ හෙළිදරව් වේ.

කෙසේ නමුත් නැවත අප පූර්වජ නාමය වෙත ගොස් ඥාතීත්ව-නාමකරණ විකාශණය ගෙනහැර පෑවහොත්, යට කී දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් බන්ඩාර-නායක හෝ දොන් ෆ‍්‍රැන්සිකෝ ඩයස් බණ්ඩාරනායක යනු කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම් හෝ නීලපෙරුමාල් පණ්ඩාරම් කකාපු ගේ සෘජු ඥාතී අනුප්ප‍්‍රාප්තිකයකු බව පැහැදිලි ය. මෙහිදී මොහු, තම පුද්ගලික නිර්ප‍්‍රභූ පවුල්මය දේශපාලනාර්ථික පැවැත්ම ප‍්‍රභූත්වයට ඔසවා ගැනීම උදෙසා, තම කපු වෘත්තික කුලයට අයත්  කකාපු හෝ කළුකපු කොටස ද, නීලපෙරුමාල් කොටස ද කෙමෙන් ගලවා දමා හෝ යට ගසා නෂ්ටව යන්නට කටයුතු කර ඇති බව හඳුනාගත හැකි ය. 

මෙහිදී පණ්ඩාරම් යන්න බණ්ඩාර බවට පෙරලා ගත්තේ ඇයිදැයි ඔබට කුකුසක් අතිවිය හැකි ය. මෙලෙසම පණ්ඩාරම් කොටසෙහි ශබ්දාර්තය ගෙන, එය 1815ට පෙර ලක්දේශයේ පැවති රජුට පක්ෂ පාලක ප‍්‍රභූ පැලැන්තියක නාමය වූ බණ්ඩාර යන නාමය සමඟ රූපාන්තරණය කොට, ඊට සිංහල, දෙමල සහ තෙළිඟු භාෂා තුන ම පොදුවේ භාවිතා කරන “නායක” යන ශබ්දාරුත ද අගට එකතු කර බණ්ඩාරනායක යන්න සාදාගෙන ඇති බව පැහැදිලි ය. 

එනම් බණ්ඩාර යන කොටස හරහා රජුගේ ප‍්‍රභූ නාමයක් සමගින් තම නාමය රූපාන්තරනය කරගැනීමට උත්සහ දරා ඇති බව පැහැදිලි ය. නමුත් දකුණු ඉන්දීය පණ්ඩාරම් සහ ලක්දේශීය බන්ඩාර යන පෙලපත් නාම දෙක යටතේ එම පෙළපත්ධාරීන්ට පැවරී තිබුණ කුලයට අදාළ භෞතික ශ‍්‍රම කාර්යයන් සහ පැලැන්තික සමාජ වටිනාකම් මුළුමනින් ම එකිනෙකට වෙනස් ඒවා වූ බව පැහැදිලි ය. 

පසුව, ලක්දේශය බටහිරුන් අතට පත්වෙමින් පැවති අඳුරු යුගයේ ඉදිවුණ බොරදියේ මාළු බාමින්, එකල සැලකිය යුතු දේශපාලනාර්ථික බලයක් හිමිකරගෙන සිටි ලන්දේසීන්ට පරගැතිකම් කොට ප‍්‍රභූ තත්වයක් අත්කර ගැනීම සඳහා “ෆ‍්‍රැන්සිස්කෝ දියස්” යන්න මොහු තම නමට එකතු කරගෙන ඇති බව පැහැදිලි ය. මෙනයින් නීලපෙරුමාල් පණ්ඩාරම් කකාපු යන අයගේ සෘජු පූර්වජයෙක් වූ අනෙකා තවත් දෙවන හෝ තුන්වන නීලපෙරුමාල් පණ්ඩාරම් කකාපු කෙනෙකු බවට පත් නොවී, තම නාමකරණය (Nomination) දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් බන්ඩාර-නායක බවට ශබ්ධාරුත්මය ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇත. මෙම ශබ්දාරුත්මය වෙනස්කරගැනීම පිටුපස ඇති සිතුම (Signified) හෙවත් සැබෑ සංකල්පීය අරුතේ වස්තුමූලිකත්වය හෙවත් අරමුණ හුදු ඥාතීත්වය (Kinship)  ම නොවේ. මෙම ශබ්දාරුත්මය වෙනස්කරගැනීමට අදාළ සිතුම (Signified) හෙවත් සැබෑ සංකල්පීය අරුතේ වස්තුමූලිකත්වය හෙවත් අරුමුණ වී ඇත්තේ ප‍්‍රභු වරප‍්‍රසාද සහිත දේශපාලනාර්ථික පිළිගැනීම සහ ප‍්‍රාග්ධනය නැමති භෞතික තත්වයකි.

අනුරූපකරණය (Simulation) වීමෙන් ගොඩනගා ගත් මේ කෘතිම-විකෘති-ව්‍යාජ අන්‍යරූපවිලාසී නාමය සහ සබෑ පූර්වජ නාමය  අතර ඇත්තේ, හෘදසාක්ෂියකින් තොරව පුද්ගලික පවුල්මය දේශපාලනාර්ථික පැවැත්මක් සකසා ගැනීමේ අවස්ථාවාදී උපාය-මාර්ගයක් පමණි. ඊට කිසිදු සමාජ ප‍්‍රගමනික අරමුණක් තිබූ බවට කිසිදු ආකාරයක සාක්ෂි-සාධක නොමැත. නමුත් ඒ පුද්ගලික උපායමාර්ගය ඉටුකරගන්නට යන ක‍්‍රියාවලියේ දී නිර්දය ලෙසම පාවාදෙනු ලැබ ඇති පාර්ශවය වන්නේ, ලක්දේශයේ නිර්ව්‍යාජ සම්භවීය ස්වදේශිකත්වය තුළ රැඳි ලක්දේශීය සාමූහිකත්වය නියෝජනය කළ ස්වදේශික බහුජනතාව යි.  

මෙලෙස, බණ්ඩාරනායකලාගේ ප‍්‍රභූ දේශපාලන ජානයට අදාළ පෙළපත් ඉතිහාසය කෙරෙන් මතුකරගත හැකිවන්නේ, මෙන්න මේ නාමකරණමය වෙස්මාරුව හෙවත් අනුරූකරණයට අදාළ වාග්-විද්‍යාත්මක, පෙළපත්-විද්‍යාත්මක සහ මානව-වංශ-විද්‍යාත්මක යථාවත්, එයින් ම මතුකර ගත හැකි ලක්දේශයේ සැබෑ ස්වදේශවාදී අනන්‍යතාවය ගිලිහී යැවීමේ ඩොයාලියානු කිතකා යන්ත‍්‍රයේ කුමන්ත‍්‍රණයට අදාළ යථාවත්, ඒ හරහා ලක්දේශය සියවස් ගණනක දේශපාලනාර්ථික ඌන-සංවර්ධනයකට ගොදුරු වීමට මං පෑදීම පිළිබඳ යථාවත් (Real) පිළිබිඹු කරන යථාර්ත පැතිකඩවල් කිහිපයකි.

 

pic 18 final 1

(තමිල්නාඩු ප්‍රාන්තයේ කුල ධූරාවලියේ පහළ ස්තරයක් නියෝජනය කරන පණ්ඩාරම් කුල නාමය වාසගම වන හින්දු පණ්ඩාරම් පූජකයෙක්.)

 

 

මුඩ්ලියර් යන ශබ්ධාර්ථයෙන් බිඳී සිංහලෙන් මුදලි යන්න බවට පත්ව ඇත්තේ තනතුරු නාමයකි. කලක් තිස්සේ මුඞ්ලියර් වෙනුවට මුදලි යන්න ම භාවිතා වනවිට, එය 1815 පෙර රජ සමයේ ද පැවති තනතුරක් හෝ වාසගමක් යැයි ඇතැමෙකු විසින් වරදවා වටහා ගත හැකිය. ඇත්ත-වශයෙන්ම, මුදලි හෙවත් මුඞ්ලියර් තනතුර ලක්දේශයට පැමිණෙන්නේ, ලන්දේසී යටත්විජිතවාදීන්ගේ ආගමනයත් සමඟ යි. එනම් මේ තනතුරු නාමය ලන්දේසී පරිපාලනය විසින් ස්ථාපිත කළ තනතුරු නාමයක් බව නිෂ්චිත ය.

ඒ අනුව දොන් ෆ‍්‍රැන්සිකෝ දියස් බණ්ඩාරනායක වන මොහු, 1720 වසරේ ලන්දේසීන් විසින් කොටසක් පාලනය කළ ලක්දේශය මතට උපත ලද දකුණු-ඉන්දීය කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම්ගේ අනුප‍්‍රාප්තික පරම්පරාවකින් පැව එන දරුවෙකි. නමුත් 1720න් පසුව අප දන්නා මොහුගේ සම්පූර්ණ නාමය, පූර්වජ ඓතිහාසික පෙළපත් නාමයකින් ව්‍යුත්පන්න නොවූ නව-නාමකරණයකි. එනම් 1720න් පසුව මොවුන් අනූරූකරණයට ලක්වූ පෙළපතකි. ඒ අනුව තනතුර සමග ම ඔහුගේ නාමය වූයේ දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් විජේතුංග බන්ඩාරනායක මුදලි යන්න යි. මෙහිදී මොහු, ලන්දේසීන් විසින් ස්ථාපිත කළ මුදලි තනතුරට ලක්වැසියන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව පහුණුව ලැබූ පළමු කණ්ඩායමේ ම සිටි අයෙක් බවට සාක්ෂි පවතී. 

දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් විජේතුංග බන්ඩාරනායක මුදලි ලෙස නාමකරණය වෙමින් මොහුට මුදලි තනතුරක් ලැබුණේ හේවාගම් කෝරලය නැමති බලප‍්‍රදේශය නියෝජනය කරන්නට ය. ලක්දේශයේ රජුට යාවූ ප‍්‍රභූ පැලන්තික සබඳතාවයක් නැතිව දකුණු ඉන්දියාවෙන් පැමිණි කුල ධූරාවලියේ පහළ ස්තරයක් නියෝජනය කළ දේවාල කපු පරපුරක් හදිසියේ සාංසිද්ධිකව මුදලි තනතුරක් ලබන තත්වයට පත්වෙන්නට නම්, ලක්දේශයේ රජු වටා එකතුවී තිබු සාමුහිකත්වයට එරෙහිව ලන්දෙසීන්ගේ විශ්වාසය දිනාගැනීම උදෙසා මොහුගේ පරපුර විසින් තීරණාත්මක පාවාදීම් කිහිපයකවත් කර තිබිය යුතු ම ය. ඒ නිසා ලක්වැසියන් ඉන්දියානුවන් දෙස බැලිය යුතු දකුණු ආසියානු සහෝදරත්වය තුළ මොහු දෙස බැලීම විෂය මගහැර යාමකි. මොහුගේත් ලක්රජු එංගලන්තකයින්ට පාවාදුන් දේශීය ප‍්‍රභූන්ගේත් එක ම වෙනස වන්නේ, මොහු ලක්දේශයට ආවේනික සම්භවීය ප‍්‍රභූ පරපුරකින් පැවත එන්නෙකු නොවීම පමණ ය.           

එනිසා, ලක්දේශය තුළ ඩොයිලියානු එංගලන්තක යටත්විජිත බල-දේශපාලන කතිකාවේ හරය ලක්වැසියන්ගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතියට ආසාදනය කොට, එය පතුරවන්නට සහ ගොඩනගන්නට ”පණ්ඩාරම්”ලා හෙවත් බන්ඩාරනායකලා දුන් දායකත්වය හෙළිදරව් කරදීම සඳහාත්, ඒ හරහා වර්තමානයේ ජීවත් වන අප තුළ සහ අප අතර අවිඥානිකව සැඟවී අපව නිතොර ආසාදනය කරමින් පවතින ඩොයිලියානු-කතිකාධිපත්‍යය (Doylyan Discursive-Dominance හෙවත් එංගලන්තක බල-අවතාර-දේශපාලන විෂබීජය පතුරුවාලීමට ”පණ්ඩාරම්”ලා කොන්දේසි විරහිතව දුන් අනුග‍්‍රහය හෙළිදරව් කරදීම සඳහාත්, මේ පැමිණි පණ්ඩාරම්ලාගේ ඉන්දීය පසුබිම සහ ඊට සමයානුබද්ධ ලක්දේශීය පසුබිම මැනවින් ග‍්‍රහණය කරගෙන විශ්ලේෂනය කිරීම ලක්දේශවාදී විමුක්ති සංදර්භයක පිහිටන බුද්ධිමය විෂය කටයුත්තක් බව කිව යුතු මනා ය.

”පන්ඩාරම්” යනු තමිල්නාඩුවේ පූජක කුලයක උදවිය නාමකරණය කිරීම උදෙසා යොදාගත් දෙවන නාමයකි

මා මෙය, “වාසගම” ලෙස හඳුන්වා නොදී දෙවන නාමය ලෙස හැඳින්වූයේ, එංගලනත්කයින් “සර්නේම්” ලෙසින් හැඳින් වූ දෙවන නාමයට ලංකාවේ වාසගම යනුවෙන් කීමේ පුරුද්දක් පවතින නිසයි. ලක්දේශය තුළ එය වාසගම ගනුවෙන් හැඳීන් වූයේ “වාසය කරන ගම” යන අරුතිනි. ”වාසගම” සහ “සර්නේම්” යන පද දෙක පබැඳෙන්නේ එකිනෙකට වෙනස් සමාජ පසුබිම් දෙකක් තුළ ය. ලංකාවේ අදටත් කවුරුන් හෝ අලූතින් හඳුනාගන්නට සිදුවූ වහා ම ඔහුගෙන් හෝ ඇයගෙන් අප අහන පළමුවෙනි පැනය වනනේ, “ඔයාගෙ ගම කොහෙද?” යන්නයි. ඒ නිසා “ගම” හෝ “ගේ” යන දෙක ලක්දේශයේ සාමාන්‍ය වැසියෙකුගේ දෙවන නාමයේ අනන්‍යතාව හඳුනාගැනීමට බහුලව යොදා ගැනුන වාසගම් ප‍්‍රත්‍යයකි

පුරාතන දකුණු ඉන්දියාවේ ද කුළයේ නාමය හෝ ගම්මානයේ නාමය බහුල ලෙසින් දෙවෙනි නාමය ලෙසින් භාවිතාවට ගෙන තිබුණ ද, එංගලන්තකයන්ට යටත්විජිතව පැවැති දකුණු ඉන්දීය භූමිය තුළ 1916දී ඇතිවූ නිදහස්වාදී ද්‍රාවිඩ-ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ ඒ ව්‍යාපරය තුළ සංවිධානය වීමට අදාළ ප‍්‍රයෝගිකත්ව සලකා සෑම ද්‍රවිඩ වැසියෙකුව ම කුලයේ නම අනුව පමණක් නාමකරණය කරන්න තීන්දු කරන ලදී. 

 

pic 19 Final

(ඊ.වී. රාමස්වාමි හෙවත් පෙරියර්  - මොහු ද්‍රාවිඩ කුල අතර සමානාත්මතා සහ ද්‍රාවිඩයින්ගේ අභිමානය වෙනුවෙන් පෙනි් සිටි නිදහස්වාදී ද්‍රාවිඩ-ව්‍යාපාරයේ නායකයෙකි. මොහු ද්‍රවිඩනාඩුවක්, ද්‍රාවිඩස්ථානයක් වැනි නම්වලින් ඉලන ලද බෙදී වෙන්වීමක් වෙනුවෙන් පෙනී සිටිය ද, බහුතරය වූ දෙමල නොවන ද්‍රාවිඩයින් විසින් සහ දෙමල වූවන් අතර බහුතරය විසින් ද මෙම සංකල්පය ප්‍රතික්ෂේප වී ආක්‍රමණික එංගලන්තකයා පළවා හැරීමට මුල් තැන දිය යුතු බව පොදුවේ පිළිගැනුනි .)

 

 

එංගලන්තක යටත්විජිත සමයේ දකුණු ඉන්දීය වැසියන් අතරින් සියයට 85.6ක් ම බ‍්‍රාහ්මණ කුලයට අයත් නොවූ හින්දු ද්‍රාවිඩයින් ය. ඒ නිසා බ‍්‍රාහ්මණ කුලයේ ද්‍රාවිඩයින් සිටියේ සියයට 3.2ක් තරම් සුළුතරයකි. මේ පසුබිම නිසා ම දකුණු ඉන්දියාව විසින් එංගලන්තකයින්ට එරෙහින සටන මෙහෙයවූ සංවිධාන ව්‍යූහය තුළ පවා මේ බ‍්‍රාහ්මණ සුළුතරය සහ නිර්-බ‍්‍රාහ්මණ බහුතරය අතර තීව්ර ආගමික ශ‍්‍රම-විභජනය නඩත්තු විණි. එංගලන්තකයින් විසින් මෙම විභජනය තම බෙදාපාලනය කිරීමේ බෙදුම්වාදී උපාය-මාර්ගය ක‍්‍රියාන්විත කිරීම සඳහා අවභාවිතා කෙරිණි. 

මෙහිදී විභජනය (Division) සහ බෙදීම (Seperation) යනු එකක් නොව දෙකක් ය. විභජනය යනු එක ම සමූහවාදී කුල ධූරාවලීගත පද්ධතියක් වන සමස්තයක් (Totality) තුළ තිබෙන අවයවයන් (Parts) වෙන්කොට හඳුනාගැනීම සිතුම් කර දෙන පදයකි. බෙදීම යනු මෙම විභජනය ම බෙදීමට (Separate) හේතුවක් කොට සලකා ප‍්‍රති-අර්ථකතනය කොට වෙනත් යටත්විජිත උපායමාර්ගයක් උදෙසා යොදාගත් පදයකි. එහිදී විභජනය යන්න ඉන්දීය දේශිය කතිකාව තුළ වූ සමූහවාදයක් නියෝජනය කළ අතර, බෙදීම යන්න එංගලන්තක යටත්විජිත කතිකාව තුළ වන බෙදුම්වාදයක් නියෝජනය කළේ ය.

මෙහිදී ඉන්දීය කුල ධූරාවලිය තුළ වෙසෙන බහුතරය වූ අඩුකුලයේ ජනයාට සමාජය තුළ සම මිනිස් අයිතීන් ලබාදීමේ සාධරණය ඉටුවිය යුතු පරිදි කුල ධූරාවලිගත සමස්තය හෙවත් ක‍්‍රම-පද්ධතිය (System) ඊට වඩා මානවවාදී සමස්තයක් බවට සංවර්ධනය විය යුතුව පැවති බව මානවීයත්වයේ නාමයෙන් කවුරුත් මනුස්සයින් වන කවුරුත් පිළිගත යුත්තක් බව සැබෑ ය. නමුත් එම සංවර්ධනය ඉන්දීය විභජනයේ සිට වඩා මානවවාදී විභජනයක් දක්වා සිදුකරගත යුතුව තිබූ ස්වදේශවාදි මාරුවකි. නමුත් ස්වදේශීය විභජනයේ ඇති අසාධාරනකම් වල පවතින අසංවර්ධන (Un-development) ස්වභාවයට එරෙහිව විදේශීය යටත්විජිතවාදීන්ගේ බෙදුම්වාදය නම් අධිරාජ්‍යවාදී උපායමාර්ගය විකල්ප සංවර්ධනයක් (Development) වන්නේ කෙලෙස ද? 

මෙය අධිරාජ්‍යවාදී කතිකාවෙන් ඇතිකරවන උගුලකි

ඇත්තවශයෙන් ම මෙම බෙදා වෙන්කිරීම් කළ බෙදුම්වාදයන් කිසිවක් සාධනීය සංවර්ධනයන්ගෙන් කෙලවර වූයේ නැත. ඒවා කෙලවර වූයේ මිනී කඳු සහ ලේ විල් සහ කඳුළු ගංගා ගොඩගනැංවීමෙනි. මන්ද මේ එංගලන්තක බෙදුම්වාදයේ සැබෑ අරමුණු හෙවත් වස්තුමූලිකත්වය වූයේ ඉන්දියානුවන්ව නව-සමාජ-සංවර්ධන අවධියකට ගෙන යාම නොවේ. මෙම බෙදුම්වාදයේ සැබෑ අරමුණ හෙවත් වස්තුමූලිකත්වය වූයේ එංගලන්තකයින්ට ඉන්දියාවේ දේපල, සම්පත් සහ ශ‍්‍රමය හොරකං කරගැනීම පහසු වන පරිදි ඉන්දීය සමාජ විභජනයන් බෙදුම්වාදී කුලල් කා ගැනීම් බවට පරිවර්තනය කර ගැනීම යි එනයින් එයින්  නව සංවර්ධනයක් සිදුවූයේ නැත. සංවර්ධනය (Development) වෙන්නට පෙරුම්පුරමින් තිබූ ඉන්දී අසංවර්ධනය (Un-Development) කවාදාවත් සංවර්ධනය කළ නොහැකිව එක තැන පල්වෙන ඌන-සවර්ධනයක් (Under-Development) බවට පත්වීම යි.     

 

එංගලන්තක ලන්ඩන් පරිපාලනය විසින් රැකියා ලාබදීමේ දී, සියයට 3.2ක් වූ බ‍්‍රාහ්මණයින් වූ හින්දුවරුන්ට ප‍්‍රධාන පෙළේ රැකියාවන්ගෙන් සියයට 62ට ආසන්න ප‍්‍රමාණයක් ලැබෙන්නට සලස්වා, සියයට 85.6ක් වූ බ‍්‍රාහ්මණ නොවූ හින්දුවරුන්ට සියයට 2ට ආසන්න ප‍්‍රමාණයක සොච්චම් රැකියා ප‍්‍රමාණයක් ලබා දුන්නේ මෙන්න මේ බෙදුම්වාදය නම් අධිරාජ්‍යවාදී උපායමාර්ගය යටතේ ය. ඒ මගින් එංගලන්තක ලන්ඩන් පරිපාලනය යටකී බ‍්‍රාහ්මණ සහ නිර්බ‍්‍රාහ්මණ අතර පීඩක-පීඩිත බෙදීමක් අලූතින් ගොඩනංවා එය තම වාසියට හරවා ගත්හ. තම හොරාකෑම සාධාරණිකරනය වන සමාජ වටපිටාවක් ගොඩනගා ගැනීමට කටයුතු කළහ. මේ අනුව, මේ බෙදීම පරිපාලනිකව ප‍්‍රතිනිර්මාණය කොට, තීව්ර කොට පවත්වාගෙන යාම හරහා එංගලන්තකයින්ගේ “බෙදා පාලනය කිරීමේ උපාය-මාර්ගය (Strategy of Divide and Rule)” ඉන්දියාව තුළ ස්ථාපිත කරගන්නට ලන්ඩන් පරිපාලනය කටයුතු කළ බව හෙළිදරව් වෙයි.  

කෙසේ නමුත් ද්‍රාවිඩ ව්‍යාපාරය ඇතිවීමත් සමඟ, පිය පරම්පරාව අනුව ලැබෙන දෙවන-නාමය කුලය අනුව තහවුරු වූ අතර, පරම්පරා කිහිපයක් ඉදිරියට පැමිණි පසු මේ දෙවෙනි-නාමය සඳහා ”ගමේ නම” යොදැගැනීම නැවතිණි. එහිදී නැගෙනහිර ආසියානු වෙළඳ සමාගමට එරෙහි අධිරාජ්‍ය විරෝධී ද්‍රාවිඩ ව්‍යාපාරයේ අවැසිතාවට අනුව ගමට අනුව එන නාමයන් හැලීගොස් කුලයේ නාමය සාමාන්‍යකරණය පමණක් පවත්වාගන්නට තීන්දු විය. 

ඉන්දියාව තුළ “ද්‍රාවිඩ” ලෙසින් සහ වත්මන් ලක්වැසි බහුතරය “ද්‍රවිඩ” යනුවෙන් හඳුන්වන්නේ අරුත් දෙකක් ය. බොහෝ වත්මන් ලක්වැසියන් “ද්‍රාවිඩයින්” හෝ “ද්‍රවිඩයින්” යනුවෙන් හඳුන්වන්නෙ සහ හඳුනාගෙන සිටින්නේ දෙමල භාෂාව භාවිතා කරන “දෙමළ ජාතිකයින්” පමණකි. මෙය, වරදවා වටහා ගැනීමක් ලෙසින් අදටත් ලක්දේශය තුළ පවතින්නකි. නමුත් සැබැවින් ම ”ද්‍රාවිඩ” හෝ ”ද්‍රවිඩ”යනු, දෙමළ, තෙළිඟු, කණ්නාඩ සහ මලයාලම් යන ප්‍රධාන භාෂා හතරත් ඒවා හා බැඳුනු උප-භාෂා (Dialects) පොකුරකුත් භාවිතා කරන, භාෂාවන් අනුව සංස්කෘතිකව විවිධ වූ සියළු දකුණු ඉන්දීය වැසියන් හැඳින්වීට යොදාගත් පොදු-නාමකරණයකි.

කෙසේ නමුත් පණ්ඩාරම් යනු මුළ සිට ම පූජක කුලයක් නාමරකරණය කරන්නට යොදාගත් කුල-නාමයක් (Cast’s Name) බව පැහැදිලිය. අනෙක් අතින් ”පණ්ඩාරම්” යනු බ‍්‍රාහ්මණ නොවූ සේම කුල ධූරාවලියේ ඉහළ තිබූ ක්ෂත‍්‍රිය නම් කුළයට ද අයත් නොවූ කුල-නාමයකි. එනිසා ම ”පන්ඩාරම්” යන දෙවෙනි නාමය බ‍්‍රාහ්මණ නාමයක් ද නොවූවකි. පණ්ඩාරම්ලා යනු තමිල්නාඩුවේ ඇති පලානි මුරුගන් දේවාලය, මධුරායි මීනාක්ෂි දේවාලය සහ රාමනාත්පුරම් දේවාලය යන දේවාල වල මුල් කාලීන පුද පූජා සත්කාර සිදුකළ නිර්ප‍්‍රභූ පූජකයින් (Non-Elite Priests) ය. 

17 වන සියවසට අයත් 1623 සිට 1659 කාලපරාසය තුළ තමිල්නාඩු දේශයේ රජකම් කළ තිරුමලෙයි නායක නම් තෙළිඟු රජු විසින් පණ්ඩාරම් පූජකයින්ව නොරපා හරිනු ලැබ ඇති බව සඳහන්. ”පන්ඩාරම්” යන්න සංකෘත-මලයාලාම් නම් උප-භාෂාත්මක භාෂිතයේ මූල-පදයකි. එය ”බන්ඩාරම්” යන පදයේ ද එකටෙක අරුත ම ය. ඒ දෙකේ ම භාෂා-නිරුක්ති අරුත ”භාන්ඩාගාරය” යන්නයි.

 

 

pic 20 final 1

(තිරුමලෙයි නායක නම් රජුගේ ප්‍රාසාදීය මාලිය හෙවත් තිරුමලෙයි  නායක මහල්හි එක් පැතිකඩක්.)  

 

 

 

නමුත් ලක්දේශයේ සිංහල “බණ්ඩාර” යන වචනය භාණ්ඩාගාර යන භාෂා-නිරුක්තියෙන් ම පැන නැගුනා වුවද, ලක්දේශයේ බණ්ඩාර යන නම දැරූවන් ලක් කුල ධූරාවලියේ ඉහළ තැනක සිටි රාජකීය යුද-වීරයින් සහ දේශපාලන නායකයින් ලෙස ජීවත් වූ ඉතිහාසයකට උරුමකම් ඇති ප‍්‍රභූ-පැලැන්තික-උදවිය වෙයි. 

ඒ අනුව, බණ්ඩාරලාට ලක් කුල-ධූරාවලිය තුළ පැවති ශ‍්‍රම වගකීම සහ පැලැනිත්ක ආස්ථානය පණ්ඩාරම්ලාට දකුණු ඉන්දීය කුල ධූරාවලිය තුළ තිබූ ශ‍්‍රම වගකීමෙන් සහ පැලැන්තික ආස්තානයෙන් සපුරා වෙනස් වෙයි. එනයින් වචනික නිරුක්තියෙන් සමාන වුවද, භෞතික සමාජ සංදර්භය අනුව ”පණ්ඩාරම්” සහ ”බණ්ඩාර” එකිනෙකට හාත්පසින් වෙනස් ශ‍්‍රම සංදර්භ දෙකක් සහ පැලැන්තික සංදර්භ දෙකක් නියෝජනය කරන පෙළපත් නාමයන් ය.

අනෙක් අතින් ලක්දේශයේ ”බණ්ඩාර” නම ඇති අයගේ කුලයට අයත් උදවියට පැවරුනු පළමු ගණයේ රාකීය සේවාව සහ දකුණු ඉන්දියාවේ පණ්ඩාරම්වරුන්ට පැවරුණු දෙවෙනි ගණයේ පූජක සේවාව යන දෙක සසඳන කළ, රටවල් දෙක තුළ දී මේ වචන දෙක එකිනෙකට වෙනස් පැලැන්තික අනන්‍යතා සහිත සමාජ-සංදර්භ දෙකක් සහ ශ‍්‍රම-සංදර්භ දෙකක් නියෝජනය කිරීමට යොදාගත් හාත්පසින් වෙනස් අරුත් දෙකක් බව හෙළිවේ. 

ඒ නිසා දකුණු ඉන්දීය මලයාලම් වචනයක් වූ “පණ්ඩාරම්” යන්න ලක්දේශයේ සිංහල ”බණ්ඩාර” යන්න සමඟ සමානවනවා තියා ඊට සමාන්තර අරුතක්වත් නියොජනය කරන්නේ නැත. නමුත් කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම්ලා මේ දෙකේ ඇති භාෂා නිරුක්තික අරුත්වල ඇති සමානතාව පමණක් සලකා ඉවක් බවක් නැතිව පණ්ඩාරම් බණ්ඩාර බවට පත්කරගෙන ඇත. මේ දෙක නිරුක්තිකව සමාන වනවා සේ ම භෞතික සමාජ සංදර්භයෙනුත් සමාන නම්, පණ්ඩාරම් යන නම බණ්ඩාර යන නාමය ලෙස වෙනස් කරගන්නට මහ හේතුවක් නොමැත. නමුත් මෙසේ පන්ඩාරම් යන ශබ්දයේ සිට බණ්ඩාර යන ශබ්දය වෙතට පැනීම පිටුපස ඇත්තේ, වරප‍්‍රසාද අවම විදේශික නිර්ප‍්‍රභූ සමාජ තත්වයක සිට වරප‍්‍රසාද සහිත ස්වදේශික ප‍්‍රභු සමාජ තත්වයක් කරා පැනීමේ අවශ්‍යතාව බව මොනවට පැහැදිලිය. 

(මෙය තවදුරටත් හෙළිදරව් වන්නේ, ලන්දේසී සහ එංගලන්තක පාලන යුගයන්ට සමාන්තරව මේ නමට එක් කරගත් අනෙකුත් ලන්දෙසි සහ එංගලන්තක නාම කැබලි වලට ඇති බටහිර ඥාතීත්ව සලකා බලන කල ය.)

පන්ඩාරම් සහ බණ්ඩාර යන නාම දෙක සමාන්තර කරන්නට යෑම තුළ ඇත්තේ වෙනත් කූට අවශ්‍යතාවයකි. ඔවුන් එයින් ඔවුන්ගේ සැබෑ නිර්-බ‍්‍රාහ්මණ සහ නිර්ප‍්‍රභූ නාමය ලක්දේශය තුළ පැවති රජුට යටත් ප‍්‍රභූත්වය දක්වා ඔසවා තබා ගැනීමට උත්සහ කර ඇති බව පෙනේ. එහිදී, පණ්ඩාරම් නාමය බණ්ඩාර කර ගැනීම යනු, නීලපෙරුමාල් පණ්ඩරම්ලාට ප‍්‍රභූ-අනන්‍යතාවක් නොමැතිකමේ අර්බුදය මගහරවාගෙන ලක් ප‍්‍රභූ පැලැන්තිය ස්පර්ශ කිරීම උදෙසාත්, ලක්දේශයේ ප‍්‍රභූ පැලැන්තිය සමඟ පැලැන්තිකව පෑහීම උදෙසාත් පසුකාලීනව ඔවුන් විසින් ගෙතූ ප‍්‍රභන්දක නාමකරණ උපායක් බව නිගමනික ය. 

එලසෙ ම, වර්තමානයේ දී නීලපෙරුමාල් පණ්ඩාරම්ට සමාන්තර බන්ඩාරනායක ඉන්දියාවේ ”බ‍්‍රාහ්මණ හෝ ක්ෂත්‍රිය” යන ප‍්‍රභූ කුලයන්ට යාව ඇති බව හඟවා කතන්දර ගෙතීමේ ප‍්‍රවනතාවයක් ද බොහෝ බන්ඩාරනායකලා සහ බන්ඩාරනායකවාදීන් තුළ පවතින බව පෙනේ. 

නමුත් වඩාත් වැදගත් සහ හැඟවුම්කරණීය සමාජ සාක්ෂිය වන්නේ, පණ්ඩාරම් පූජකයින්ව නෙරපා ඇත්තේ ද බටහිර යටත්විජිවාදී නැගෙනහිර ඉන්දීය කොම්පැනිය (East Indian Company) ඉන්දියාවේ මූලාරම්භ කළ කාල වකවානුවට සමාන්තර කාලාන්තරයක දී වීම යි. ඉදින් මේ පණ්ඩාරම් පූජකයින් මෙසමයෙහි තමිල්නාඩුවේ රජකළ ආගමට කැපවූ තිරුමලෙයි-නායක නම් රජුන් විසින් පන්නා දම ලද නිසා ලක්දේශයට අනෙකුත් දකුණු ආසියාතික දේශයන් වෙත පලා ගය පූජකයින් මිසක, කිසිවෙකුගේ ආරාධනයක් මෙහි ගෞරවාන්විතව ලක්දේශයට ආ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නැත.  

ඊළඟ හැඟවුම්කරණීය සාක්ෂිය වන්නේ, ”පණ්ඩාරම්”ලා ”බණ්ඩාරනායක”ලා ලෙසින් සටකපට ලෙස සිංහල ආරකට තම නම වෙනස් කර ගත්ත ද, බටහිර යටත්විජිතවාදීන්ට එරෙහිව සටන් කිරීම වෙනුවට එවක ලක්දේශයට පැමිණ සිටි පෘතුගීසන්ගේ නාමයක් වූ ”ප‍්‍රැන්සිස්කෝ” සහ ”දියස්” හෙවත් ”ඩයස්” යන්නක් ඊට ඈඳගැනීම යි. මෙසේ මොවුන්, පළමුව ලන්දේසීන්ටත්, ලන්දේසීන් ලක්දේශය හැරගිය කළ දෙවනුව එංගලන්තකයින්ටත් සේවය කරමින්, දියස් බන්ඩාරනායකලා හෙවත් ඩයස් බණ්ඩාරනායකලා ලෙස යටත්විජිතක ලන්ඩන් පරිපාලනයේ බලයට යටත් ව්‍යාජ ස්වදේශික ප‍්‍රභූත්වයක් ගොඩනගාගෙන සිටි උදවිය බව පැහැදිලිය. 

”පණ්ඩාරම්”, ”බන්ඩාරනායක” වී, ඉන්පසු ”බන්ඩාරනායක”, ”දියස් බන්ඩාරනායක” වීමෙහි නිසි ඵල නෙලාගන්නට හැකිවන්නේ, ලක්දේශය තුළ ඩොයිලියානු බෙදුම්වාදී කතිකාව බිහිකරගන්නට අවැසි ප‍්‍රභූ පාත‍්‍රවරගයක් ලෙසින් ඩොයිලියානු කතිකාව පෝෂණයෙහි ලා ඔවුන්ගෙන් විශාල දායකත්වයක් ලබාදීමට අවස්ථාව උදාකර ගැනීමත් සමඟ යි.

ඒ නිසා මනුස්ස ස්ත‍්‍රියක් වු ”කන්නකි”ව පදනම් කරගෙන ගොඩනැගී තිබුණ ”පත්තිනි” නැමති ප‍්‍රභන්දීය දේව-සංකල්පය ද, ඒ ප‍්‍රභන්දීය දේව-සංකල්පයට යටතේ අදටත් ක‍්‍රියාන්විත වන නවගමුව දේවාලය ද ලක්දේශයට හැඟවුම්කරණීය වන්නේ, ”ලක්දේශයට ඉන්දියාවෙන් ඇදහිලි සිරිතක් ලැබීම” වැනි සරල සමාජ-සංස්කෘතික ආභාෂ සංදර්භයක් තුළ පමණක් නොවේ. 

පත්තිනි නම් ප‍්‍රභන්දීය සංකල්පය සහ නවගමුව දේවාලය අපට වැදගත්වන්නේ, එංගලන්තක යටත්විජිතවාදීන් විසින් පැල කළ ඩොයිලියානු බෙදුම්වාදයත්, ඒ හරහා ස්ථාපිත කළ ව්‍යාජ-විකෘති-කෘතිම ස්වදේශිකත්වයත් නියෝජනය කරන දෙබිඩි, තෙබිඩි සහ හතරබිඩි නාමරකරණ අනන්‍යතාවක් සහිත ව්‍යාජ ප‍්‍රභූ පුද්ගල පෞර්ෂයක් එම දේවාලය පාදක කරගෙන බිහිවීම නිසා ය. ඒ අනුව, මේ නව-නාමකරණ ආරූඩයත් සමඟ ම තම ඉන්දීය ජන්ම නාමය පාවාදුන් කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම්, ”ඩයස් බන්ඩාරනායකලා” බවට පත්වෙමින් නව-යටත්විජිතවාදී ප‍්‍රභූ පරපුරක් බිහිකර ගැනීමේ දී, ඒ සඳහා පළමු මාධ්‍යය ලෙස පත්තිනි ඇදහිල්ල  හා සම්බන්ධ නවගමුව දේවාලය පාදක කරගෙන ඇති බව පෙනේ. අන්ත දුගී බවෙන් මිදෙන්නට ඉතාලි යන්නට නම වෙනස් කරගන්නකුට වඩා මේ නම් වෙනස් කිරීම යටත්විජිත දේශපාලනය හා සම්බන්ධ ය. ඒ නිසා ම සාහසික ය.

එනයින්, බටහිර යටත්විජිතවාදීන් දකුණු ආසියාවේ නොසිටි සමයක ඉන්දියාවේ සිට ලක්දේශය වෙත පත්තිනිගේ ආගමනය සිදුවීමට අදාළ නිවැරදි යුගකාලයත්, බටහිර යටත්-විජිතවාදීන් දකුණු ආසියාවේ සිටි සමයක ඉන්දියාවේ සිට නීලපෙරුමාල් පණ්ඩාරම් නැමති කල්ලතෝනියෙක් පත්තිනිගේ පුද පූජා පවත්වන ප‍්‍රධාන පූජක කපුරාල කෙනෙකු ලෙස ලක්දිවට පැමිණි යුග කාලයත් අතර ගුණාත්මක වෙනස මැනවින් වෙන්කොට තේරුම්ගත යුතුව පවතී.        

                           

 

Pic 21 Final

(පලමුවන ගජබාහු හෙවත් ගජබාහුක ගාමිණී රජු විසින් ආරම්භ කළා යැයි සැලකෙන නුවර ඇසල පෙරහැර.)  

 

ඊට ප‍්‍රවේශයක් ලෙසින්, අප ක‍්‍රිස්තු වර්ෂ 113 සහ 136 කාලයේ දී රජරට පෙදෙස කෙන්ද්‍ර කරගෙන ලක්දේශය තුළ රජකම් කළ පලවැනි ගජබාහු හෙවත් ගජබාහුක ගාමිණී ලෙසින් නම් දරා සිටි රජුගේ සමය වෙත අසනි බැල්මක් හෙලිය යුතු ය. ගජබාහුක ගාමිණී යනු ආසන්න වශයෙන් නීලපෙරුමාල් පන්ඩාරම් ලක්දේශයට එන්නට වසර 1700ක් තරම් කාලයකට පෙර ලක්දේශික කිරීටය දරමින් දකුණු ඉන්දීය දේශපාලනයට පුළුල් මැදිහත්වීමක් කළ ශූර රජ කෙනෙකි. එසමයට සාපේක්ෂව ඔහු ප‍්‍රායෝගික යුධ-ශාස්ත‍්‍රයෙහි කෙළපැමිණියෙකු බවත්, භාහිර ආගමික ප‍්‍රවනතා ලක්දේශයට හඳුන්වා දීමෙහි ප‍්‍රමුඛතාවයක් ගෙන කටයුතු කළ අයෙකු බවත් සඳහන්. එහිදී පත්තිනි දේවතාවියට නමස්කාර කරන ආගමික ඇදහිලි-කල්ලිවාදයක් (Cult) ලක්දේශය තුළ රෝපණය කරන්නට මුල් ම හැඟවුම්කරණීය දායකත්වයක් සැපයූ රජු වන්නේ මොහු ය.

ඒ සියල්ලටත් වඩා, මහාවංශය නැමති ලක්දේශී පුරාවෘත්තමය වංශකතා පොත හැරුණුකොට යට සඳහන් දකුණු ඉන්දීය වීර-කාව්‍යමය වංශකතාව වූ ”චේරා සිලප්පතිකාරම්” පොතේ නම සඳහන්ව පවතින ලක්දේශීය රජවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ ද ඔහු ය. එක් රජෙකු දකුණු ඉන්දීය චෝල වාංශික ආක‍්‍රමණිකයෙකු වූ එල්ලාලන් හෙවත් එළාර රජු ය. අනෙක් මෙකී රජු ගජබාහුක ගාමිණී රජු ය. ඒ අනුව ගජබාහුක ගාමිණී රජු යනු ”චේරා සිලප්පතිකාරම්” නැමති දකුණු ඉන්දීය වීර-කාව්‍යමය ග‍්‍රන්ථයේ නම සඳහන් එක ම ස්වදේශික රජු වන්නේ ය.

එකල දකුණු ඉන්දියාව ද චේර, චෝල සහ පාණ්ඩ්‍ය යන ද්‍රවිඩ වංශවතුන් තුන් කොටසක් විසින් වරින්වර ද,  එකවර ද, හවුලේ ද පාලනය කරන්නට යෙදුණි. මෙයින් චේර, චෝල වංශවතුන් සහ වැසියන් දෙමල සහ සංස්කෘත භාෂා භාවිතා කළ අතර, පාණ්ඩ්‍ය වංශවතුන්ගේ රාජ්‍ය කටයුතු භාෂාව සංස්කෘත භාෂාව වුවත්, පොදු ජනයා අතර දෙමල භාවිතා වූ බව පෙනේ.  මේ අතරින් චෝල වංශිකයින් වඩාත් අක‍්‍රමණකාරී බලයකින් හෙබිව හිටි බවත්, ඒ නිසා ම ඔවුන් ආක‍්‍රමණ සිදුකිරීමේ නැඹුරුවක් සහිත යටත්විජිතවාදී රාජ-වංශයක් ලෙස කටයුතු කළ බවත් සඳහන්. එනයින්, අනෙක් බොහෝ ලක්දේශික රජවරුන් සේ ම ගජබාහුක ගාමිණී රජු ද චෝල වංශවතුන් කෙරෙහිව එදිරිවාදීත්වයක් පවත්වාගෙන ගොස් ඇති බව ඇති බව අනුමාන කළ හැකි ය. එලෙසම ඔහු පාණඩ්‍ය සහ චේර වාංශිකයින්ට හිතවාදී යොමුවක හිඳ ඇති බව ද අනුමාන කළ හැකි තොරතුරු පවතී.     

කෙසේ වුවත්, 17වන ශතවර්සයේ පමණ ලියැවුණ රාජාවලිය නැමති ලක්දේශීය වංශකතා පොතේ ගජබාහුක ගාමිණී රජු නීල මහා යෝධයා සමඟ දකුණු ඉන්දියාවට ගොස් සෝලි අගනගරයට රහසින් ඇතුළුවී, සෝලි නගරය අළු බවට පත්කරනවා යැයි කියා එහි සිටි සෝලි රජුන්ව බියවද්දා,  ඊට පෙර කලෙක ගජබාහුක රජුගේ පිය රජුගේ රජ සමයෙහි ලක්දේශයෙන් දකුණු ඉන්දියාවට පැහැරගෙන යනු ලැබ, එහි සිරකාර රැඳවියන් ලෙස වාල්කමේ තබා ගෙන සිටි 12000ක ලක්වැසි ජනතාවක් ආපසු ලබාදෙන මෙන් සෝලි රජුට තර්ජනය කළ බවක් සඳහන්. 

එහිදී තම යකඩ සෙංකෝලයෙන් වැලිමිරිකා වතුර පෙන්වූ නිසා සෝලියේ රජු ගජබාහුක ගාමිණී රජුට බිය වී, යට කී 12000හේ රැඳවියන් ප‍්‍රමාණයෙන් දෙගුණයක් වූ 24000 ප‍්‍රමාණයක් ආපසු ලබාදුන් බවත්, ගජබාහුක රජු ඊට අමතරව පත්තිනි දේවතාවියගේ (කන්නකි ගේ* පා-සළඹ ද, තවත් දේවාල හතරක ලාංඡුන ද, වලගම්බා රජු සමයේ පැහැරගෙන ගිය පාත‍්‍ර-ධාතුව ද රැගෙන, මින්මතු මෙවැනි දේ නොකරන ලෙස සෝලියේ රජුට අනතුරු අඟවා ආපසු ලක්දේශයට පැමිණ ඇති බවත් සටහන් කොට ඇත. 

ලක්දේශය‌ේ ආදී ග්‍රන්ථයක් වන රාජාවලියේ මෙසේ සඳහන්ව ඇති නමුත් මහාවංශය නැමති වෘතාන්තික වංශකතා පොත සහ දකුණු-ඉන්දීය වීර-කාව්‍ය වන යටකී චේරා-සිලප්පතිකාරම් නැමති වංශකතා පොත යන භාෂා-වියමන් දෙකෙහෙි ම රාජාවලියේ දී සඳහන් කර ඇති ආකාරයේ ප‍්‍රචන්ඩ තත්වයක් සිදුවූවා යැයි කිසිදු සඳහනක් නොමැත. එයින් රජාවලිය ප‍්‍රභන්ධක යොමවකින් කටයුතු කළ බව හඳුනාගත හැක. 

දකුණු-ඉන්දීය වීර-කාව්‍ය වන චේරා සිලප්පතිකාරම් නැමති වංශකතා පොතෙහි භාෂා-වියමනට අනුව සිදුව ඇත්තේ, රාජවළියේ සඳහන්වනවාට වඩා මුළුමනින් වෙනස් වූ අතිශය සුහදශීලී හමුවකි. සිලප්පතිකාරම්හි පළමු හඳුන්වා දීමේ පරිච්චේදයකට අනුව මේ හමුවේදී, ගජබාහුක ගාමිණී රජු ද චේර රජු වූ සෙන්ගුවුත්තන් ද එකට එකතු වී කන්නකි දේවතාවියට පුද පූජා පවත්වා ඇති බව සඳහන්. පසුව පරිච්ජේදයක දීත් ඔහු චේර රජු ඉතා යහපත් කොන්දේසි මත මිතුරු සමාගමෙහි සිටි බව ද සැලයි. එලෙස ම මේ රජවරු දෙදෙනාගේ හමුව කව්‍ය සම්පාදකුයෙගේ මැදිහත් වීම මත සිදුවුවක් බවට ද සඳහන්. 

 

22

(චේරන් සෙන්ගුවත්තන් නම් දකුනු ඉන්දීය රජු යැයි සලකා කළ පරිකල්පිත අත්කම් සිතුවමකි - පලමුවන ගජබාහු හෙවත් ගජබාහුක ගාමිණී නම් ලක් රජුට මිතුරුව සිටි රජෙකු වන අතර කන්නකි සළඹ සහ කන්නකිගේ පුදසත්කාරකරුවන් පිරිසක් ගජබාහු රජුට ලබාදීමට කටයුතු කළේ මොහු බව සඳහන්.) 

 

 

තවත් කතාන්තරයක ගජබාහුක ගාමිණී රැගෙන පැමිණි දහස් ගණනක් වූ විශාල පිරිස පත්තිනි ඇදහිලි කර්මවල නියුතු ව සිටි කැපකාර දකුණු දකුණු-ඉන්දීය පුදසත්කාර කරුවන් පිරිසක් බවද සඳහන්.    

   

මේ කතන්දර දෙක තුනේ ම භාෂා-වියමන් සරලව සැසඳීමේ දී, ගජබාහුක රජුන් ඉන්දියාවට එරෙහි යුධ විජයග‍්‍රහනයකින් පසුව තම රටින් පැහැරගත් 12000 ජනයා වෙනුවට 24000ක ජනතාවක් සමඟ කන්නකි හෙවත් පත්තිනි දේවතාවියගේ පා-සළඹ ද ඇතුළු අනෙකුත් දේ අරන් ආවා යැයි රාජාවලියේ කියන කතන්දරයේ භාෂා-වියමන අනුව බැලූවත්, එවන් ප‍්‍රචන්ඩත්වය නොහඟවන මහවංශය නම් වංශකතාවේ සඳහන් තොරතුරු  සහිත භාෂා-වියමන ගෙන බැලූවත්, අනෙක් පැත්තෙන් සිලප්පතිකාරම් නම් දකුණු ඉන්දීය පොතේ සඳහන් වන භාෂා-වියමන ගෙන බැලූවත්, ඒ කොයි කතාවේත් කන්නකි හෙවත් පත්තිනි දේවතාවියගේ පාසළඹ ගජබාහුක ගාමිණී රැගෙන ඒම සඳහන් වී ඇති බව සැලයි. 

පාසළඹ නොගෙනාවත් පත්තිනි ඇදහිල්ලට අදාළ ස්වදේශික පුද-කල්ලියක් ලක්දේශයෙහි ස්ථාපිත කරන්නට මුලපිරුවේ ඔහු බව පෙනේ. අනික් අතින් නවගමුව පත්තිනි දේවාලය ක‍්‍රිස්තු පූර්ව යුගයට අයත් යැයි සැලකෙන පුරාවිද්‍යා සාධක පැවතියත් එතැන පත්තිනි දේවස්ථානය පිහිටවූයේ ගජබාහුක ගාමිණී යන්න තීන්දු කිරීමට සාධක නොමැත. මන්ද ගජබාහුක ගාමිණී පිහිටවූයේ නැගෙනහිර මඩකලපුවේ අක්කරපත්තු පෙදෙස ආශ‍්‍රිතව ඇති තම්බිලූවිල් කන්නකි අම්මාන් කෝවිල බව අනුමාන කළ හැකි ය. ඒ අනුව ඔහු සමඟ පැමිණි දහස්ගණන් වූ පිරිස සහෝදර ඉන්දීය ද්‍රාවිඩ වාංශික පුදසත්කාරකරුවන් බව ද අනුමාන කළ හැකි ය. නමුත් නවගමුව පත්තිනි දේවාලය ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවති ගෘහ-බිමක් වන බැවින්, එය පසුකාලීනව තව කවුරුන් හෝ රජ කෙනෙකෙු හෝ ප‍්‍රභූවරයෙකු හෝ විසින් පත්තිනි දේවාලයක් බවට පත්කර දී ඇති බව අනුමාන කළ හැකි ය. 

 

 

pic 23 Final 1

(නැගෙනහිර මඩකලපුවේ අක්කරපත්තු පෙදෙස ආශ‍්‍රිතව ඇති තම්බිලූවිල් කන්නකි අම්මාන් කෝවිල. මොවුන් විසින් ගායනා කරනු ලබන “තම්බිලූවිල් කන්නකි අම්මාන් ගීතය” යනුවෙන් දේවාල ගීතිකාවක් ද ඇත.)

 

එනයින් කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම් නවගමුව පත්තිනි දේවාලය ආරම්භ කළ පූජකයා නොවන බව අනුමාන කළ හැකි අතර, ඔහු පැමිණිමට බොහෝ කලකට පෙර ආරම්භ කළ නවගමුව පත්තිනි දේවාලයේ ප‍්‍රධාන පූජක තනතුර ඔහු විසින් පසු කලෙක බාරගෙන ඇත්තක් බව පැහැදිලි වේ.   

මෙලෙස පළවන ගජබාහු රජු හෙවත් ගබාහුක ගාමිණී රජු විසින් පත්තිනි නම් දේවසංකල්පය පදනම් කරගත් ඇහිලි-කල්ලි සම්ප‍්‍රදායක් ලක්දේශයට ගෙන ඒම සහ ස්ථාපිත කිරීමට මුලපිරූ බව වැඩි සියයට ප‍්‍රමාණයකින් නිගමනය කළ හැකි ය. එලෙස ම මුලතිව් අක්කරේපත්ත පෙදෙසෙ ආශ්‍රිත වට්ටපාලි පෙදෙසේ පවතින මුල් ම පතිතිනි දේවාලය වන “තම්බිලූවිල් කන්නකි අම්මාන්” දේවාලය ඔහු මුල්වරට ගොඩනගා පිහිට වූ බවට ඇති ලිඛිත සාක්ෂි ද පිළිගත හැකි ය. ඒ අනුව ගජබාහුක ගාමිණී රජු හොඳින් දෙමල, මලයාලම් සහ සංස්කෘත භාෂා හසුරුවන්නට හැකි, දකුණු ඉන්දියාව සමඟ යහපත් රාජතාන්ත‍්‍රික සබඳකම් පැවැත් වූ රජෙකු බවට සාධාරණ ඓතිහාසික නිගමනයක් ද කළ හැකි ය.

 

pic 24 Final 1

(තම්බිලූවිල් කන්නකි අම්මාන් කෝවිලෙහි සේවය කරන වත්මන් කැපකාර පුදසත්කාරකරුවන් කිහිප දෙනෙක්)

 

නමුත් නවගමුව පත්තිනි දේවාලය ආරම්භ කළේ ගජබාහුක ගාමිණී රජු විසින් බවට ද, එසේ නොව එය ආරම්භ කළේ කේරලයේ සිට පැමිණි නීලපෙරුමාල් පන්ඩාරම් නම් කපුවෙක් හෙවත් දේවාල පූජකයෙකු විසින් බවට ද වන එකිනෙකට පරස්පර ජනප‍්‍රවාදී මත 02ක් ලක්දේශය තුළ තවමත් පවතී. 

කෙසේ නමුත් පුරා-විද්‍යාත්මක සාධක මත කළ නිරීක්ෂණ, හෙළිදරව් සහ නිගමන අනුව නවගමුව පත්තිනි දේවාලය කෝට්ටේ රජ සමයේ පිහිටුවන ලද්දක් ලෙසින් ප‍්‍රකාශයට පත්කර ඇත. එලෙස ම නවගමුව දේවාලය පවතින පුරාවිද්‍යාත්මක-ස්ථානය (Archeological Site) ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිට පැමිණෙන්නක් බව ද සඳනක් ඇත. ඒ අනුව ගත් කළ, මෙම ස්ථානය එය ගජබාහුක් ගැමිණී රජුගේ සමයට පෙර සිට පවතින ස්ථානයකි. නමුත් කන්නකි අම්මාන් කෝවිල ගජබාහුක ගාමිණී රජු විසින් පිහිට වූ බව පැහැදිලි ය. නිසා නවගමුව කෝවිල පත්තිනි කෝවිලක් ලෙස ගජබාහුක ගාමිණී රජු සමයට පසු සමයක පිහුටවූවක් බව අනුමාන කළ හැකිය. පත්තිනි කෝවිලක් වන්නට පෙර නවගමුව දේවාලයේ පුරා-විද්‍යාත්මක බිම කුමක් ලෙස පැවතියේ ද යන්න පිළිබඳ තිරසාර සාක්ෂි විරල ය. 

කෙසේ නමුත් අවසාන වශයෙන්, පත්තිනි සම්ප‍්‍රදාය ලක්දේශය තුළ ආරම්භ කොට ස්ථාපිත කළේ ගජබාහුක ගාමිණී රජු විසින් අතර, පත්තිනි දේවතාවිය ස්වදේශිකයින් බහුතරයක් දෙනා වැළඳගත් පසුකලෙක නවගමුව පත්තිනි දේවාලය ඇතුළු දේවාල රැසක් පිහිට වූ බව නිගමනය කළ හැකි ය. 

ඒ මත පදනම් වෙමින් කෝට්ටේ යුගයේ දී නවගමුව පත්තිනි දේවාලය සංවිධානය කිරීම සහ එහි ඇදහිලිකාමී ප‍්‍රජාව ව්‍යාප්ත කිරීම කකාපු නීලපෙරුමාල් පන්ඩාරම් නැමති කපුවා හෙවත් දේවාල පූජකයා විසින් කළ බව නිගමනය කළ හැකි ය. නීලපෙරුමාල් පන්ඩාරම්, නීල පෙරුමාල් කෑල්ල හලා, පණ්ඩාරම්ගෙන් පසු-අනුප‍්‍රාප්තිකයින් කපුකම් කිරීමෙන් බැහැර කොට, තම නම බණ්ඩාරනායක බවට පෙරලාගෙන, පසුව ෆ‍්‍රැන්සිස්කෝ දියස් කෑල්ලක් ද නමට යා කර යටත්විජිත ගැති බල-දේශපාලනයට ඇතුළු වීම හරහා පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ, මේ ප‍්‍රභූ සිහිනය යථාවක් කරගැනීම සඳහා පණ්ඩාරම් විසින් නවගමුව දේවාලය පාලමක් කරගත් බවක් ය.

ඒ අනුව නීලපෙරුමාල් පණ්ඩාරම් සිට වත්මන් බන්ඩාරනායකලා දක්වා ඥාතීත්ව සටහන ගෙනහැර දැක්වුවහොත් හමුවන ආදිතමයා 1720 වසරේ ඉපැදුන සිටි දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් (ඩයස්) බණ්ඩාරනායක ය. මොහු කකාපු නීලපෙරුමාල් පණ්ඩාරම්ට ආසන්නතම පරපුරේ පරගැති අනුප‍්‍රාප්තිකයා යැයි සැලකිය හැකිය.

ඔහු එවක සිටි ලන්දේසි පාලකයින්ගෙන් මුදලි තනතුරක් ලැබූ පුද්ගලයෙකි. ලන්දේසීන් ඇතිකළ මුදලි තනතුර සඳහා පුහුණු කිරීමට අදාළ පළමු කණ්ඩාමේ ම සිටි අයෙකි. ඔහුට මුදලිභාවය ලැබුණේ හේවාගම් කෝරලය නැමති බල ප‍්‍රදේශය නියෝජනය කරන්නට ය. මොහු ලන්දේසීන් සමඟ ඇති කරගන්නා නොමනාපයක් නිසා පත්තු හතරකින් යුත් වූ හේවාගම් කෝරලයේ මුදලි තනතුර ද අතහැර 1760 වසරේ දී මහනුවරට පලාගොස් ඇත. ඒවන විට මහනුවර රජ කරමින් සිටියේ, ලක්දේශයට උපසම්පදාව ගෙන එමින් බෞද්ධ අභ්‍යාසකත්වයට මාහැඟි සේවයක් කළ, ලක්දේශයේ දෙවන නායක්කර් වංශික රජු වූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු ය. ලන්දේසීන්ට එරෙහිව එරජුන් කළ සටනේ සිටි සටන්කාමීන්ට සහය දෙන්නට කොළඹ ටවුම අතහැර කන්ද උඩරටට පලා යන්නට ෆ‍්‍රැන්සිස්කෝ ඩයිස් බණ්ඩාරනායක ගත් තීරණය සලකා සමහරුන් විසින් බණ්ඩාරනායකලාට ලක්දේශවාදී අනන්‍යතාවක් පටලවන්නට උත්සහ දරති. නමුත් ඔහු කිසිවිටෙකවත් ”ෆ‍්‍රැන්සිස්කෝ ඩයස්”නැමති අනුරූකරණයෙන් මිදුන අයෙකු බවට පත් වූ බවක් ගැන කිසිදු සඳනක් නැත. 

මේ අනුව, පණ්ඩාරම්ලාගෙ සැබෑ දේශපාලනාර්ථික වස්තු-මූලකත්වය හෙවත් අරමුණ හසුකරගන්නට ඇති පැහැදිලි කැඩපතක් වන් මාපකයක් වන්නේ ඔවුන්ගේ පසුකාලීන ඥාතීත්ව සටහන යි.  

මේ දොන් ෆ‍්‍රැන්සිස්කෝ ඩයස් විජේතුංග බණ්ඩාරනායකගේ සිට පහළ පරම්පරා දක්වා දිවෙන ඥාතීත්ව-රුක්සටහන්-අනුක‍්‍රමය (Sequence of Kinship Diagram) සලකා බැලූ කළ, එය ජානමය මිශ‍්‍රවීමට විවෘත්ත වූ ප‍්‍රවේශයන් සහිතව වෙනත් ලක්දේශික හෝ විදේශික පරම්පරා නාමයන් සමග වඩ වඩා හාමුවීම අපේක්ෂා කළ බව නිරූපනය වන ඥාතීත්ව රුක්සටහනක් හමුවෙයි. මෙහිදී පණ්ඩාරම්ලා හෙවත් බන්ඩාරනායකලා සමඟ පෑහීමට ලක්දේශයේ පැවති තවත් වාසගමක් හෝ විදේශික වාසගමක් හෝ තෝරාගැනීමේ දී, පණ්ඩාරම්ලා හෙවත් බන්ඩාරනායකලා විසින් සැමවිට ම පවුලක් විදිහට තමන්ලා වෙත ප‍්‍රාග්ධනය සහ සමාජ ප‍්‍රභූ බලය අත්කර ගැනීම නැමති මුඛ්‍ය දේශාපාලනාර්ථික අරමුණ අනුව කතටයුතු කර ඇති බව හෙළි වේ. එලෙස ම වඩ වඩා මිශ‍්‍රවීම හරහා සවිඥානිකව හෝ අවිඥානිකව කකාපුගේ නීලපෙරුමාල් පණ්ඩාරම් යන්න යට ගැසීමට ද කටයුතු කර ඇති බව හෙළිදරව් වේ. 

දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් විජේතුංග බන්ඩාරනායකගේ පළමු බිරිඳ වූයේ දෝන මරියා පෙරේරා ඒකනායක. දෙවෙනි භාර්යාව වූයේ දෝන කැතරිනා තිලකරත්න අබේසිරිවර්ධන ය. පසුකාලීනව සිංහල ආරෙට ”දෝන” භාවිතා කරන්නට කටයුතු කෙරුණ ද, මෙය පෘතුගීසි නාමයක් වන දෝන යන්න ම ය. මන්ද බටහිර යටත් විජිත සමයට පෙර ලක්දේශයේ දෝන හෝ “දොන්” යනුවෙන් නාමකරණයක් ලක් දේශයේ පැවතී නොමැති බැවිනි. 

දොන් (Don) යන්න පෘතුගීසීන් විසින් ස්පාඥ්ඤ ”දොන්” යන්නෙන් උපුටාගත්තකි. දොන් යන්නෙහි තේරුම “ස්වාමීන් (Lord)” යන්න ය. මෙහි නිරුක්ති-විද්‍යාත්මක මූලය ලතින් ඩෝමිනස් (Dominus) යන්නෙන් පැවතී එන්නක් බව සඳහන්. එලෙස ම මරියා සහ කැතරිනා යන්න ද එලෙස ම ය. කැටරිනෝ (Catarino) යන දෙවෙනි-නාමය කැටරිනා යන්නෙන් ව්‍යුත්පන්න වූවක් බව සැලකිය හැකිය. එලෙස ම Mariano යනුවෙන් මරියතුමිය හැඳින්වීමට පෘතුගීසීන් භාවිතා කළ නාමය හරහා පැමිණ ඇති බව පෙනේ.

කෙසේ නමුත් දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් විජේතුංග බන්ඩාරනායකගේ මේ බිරියන් දෙදෙනාගේ ම පියවරුන් ”ඒකනායක” සහ “තිලකරත්න අබේසිරිවර්ධන” යන නාම හැරුණුකොට අනෙක් විදෙස් නාම උපුටාගෙන ඇති බව පෙනේ. ඒ හරහා මේ බිරියන් දෙදෙනා ම පෘතුගීසි සමයේ ප‍්‍රාග්ධන වරප‍්‍රසාද සහ සමාජ බලය අත්කරගැනීම උදෙසා පෘතුගීසි නාමයන් උපුටාගත් පවුල්වල උදවිය බව පැහැදිලි ය. ඒ අනුව පෘතුගීසීන්ගෙන් පසුව පෘතුගීසීන්ට සේවය කළ ලක්වැසියන් බොහාමයක්, ලන්දේසීන් පැමිණි පසුව ලන්දේසීන්ට ද සේවය කළ අතර දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් විජේතුංග බන්ඩාරනායකගේ මෙම විවාහයන් දෙක ම එකල යටත්විජිතවාදී ලන්දේසීන්ට සේවය කර වරප‍්‍රසාද සහ අනුග‍්‍රහ ලබාගැනීම යන සමාජීය තෝරාගැනීමට අදාළ යොමුව අපට සිතුම් කර දෙයි.

පණ්ඩාරම්ලා හෙවත් බණ්ඩාරනායකලාගේ ඥාතීත්ව-රුක්සටහන්-අනුක‍්‍රමය (The Sequence of Kinship Diagram) නිරික්ෂා කළහොත්, දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් විජේතුංග බන්ඩාරනායකගේ පළමු බිරිය වන  දෝන මරියා පෙරේරා ඒකනායකට ඉපදුන දරුවන්ගේ නාමකරණයන් සියල්ල ම බැලූ බැල්මට ම බටහිර ගැති ආරකට සිදුවූ ඒවා බව පෙනේ. නමුත් මේ බිරියන් දෙපල ජීවත් වූ අවදියේ සිට පැවත එන ඥාතීත්ව-රුක්සටහන්-අනුක‍්‍රමයේ (Sequence of Kinship Diagram) එක් ශාඛාවක් පැහැදිලිව ම කතුවරයා සංවාදයට ගන්නට අපේක්ෂා කරන ප‍්‍රස්තුතය හා බැඳේ. 

දොන් ෆ‍්‍රැන්සිස්කෝ දියස් විජේතුංග බන්ඩාරනායක සහ ඔහුගේ පළමු බිරිය වන  දෝන මරියා පෙරේරා ඒකනායක දෙපලට දරුවන් 10 දෙනෙකු බිහිවූ අතර, එයින් 04 දෙනෙක් දූවරු සහ 06 දෙනෙක් පුතුන් ද වූ හ. එයින් 04වන පුතා සහ 05වැනි පුතා හරහා ඇදී යන ඥාතීත්ව රුක් සටහන් ශාඛා දෙක ලක්දේශයට දේශපාලනාර්ථිකව බලපානු ලබූ ශාඛා දෙකකි. මෙයින් 04 වන පුතා වූ කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායක කෙරෙන් දිවෙන ඥාතීත්ව-ශාඛාව පෘතුගීසි ජෛව ජානයක් සහිත ඔබේසේකරලා සමඟ පවා මිශ‍්‍ර වී ගොස් 70 දශකයේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායක දක්වා දිගහැරෙයි. ඒ නිසා එය, දේශාපාලනාර්ථිකව වැදගත් ඥාති-ශාඛාවකි

 

pic 25 Final 1

(ජොන් ඩොයිලීයකරණයට ලක් වූ ඒංගලන්තකවාදී ව්‍යාජ ස්වදේශිකත්ව අනන්‍යතාවයේ ප්‍රතිමූර්තියක් බඳු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක. මොහු 1970-1977 යුගයේ ලක්දේශයේ සමගි පෙරමුණ ආණ්ඩුවේ වරප්‍රසාදලත් කැබිනට් ඇමතිනවරයෙකු ලෙස කටයුතු කළේ ය.)

 

 

නමුත් කතුවරයා මතුකරන්නට හදන ලන්ඩන් පරිපාලනයෙන් ඇතිකළ ව්‍යාජ ”ඩොයිලායානු-යථාව” (“D’oyilian Real”) කෙරෙහි ඊටත් වඩා ඓන්ද්‍රීය වන ඥාතීත්ව ශාඛාව වන්නේ, මේ දෙපලගේ 05වෙනි පුතා වූ ඩැනියෙල් ඩයස් බන්ඩාරනායකගෙන් පහළට දිවෙන ඥාතීත්ව-රුක් සටහන යි.

ඩැනියෙල් ඩයස් බණ්ඩාරනායක නැමැත්තා ක්ලේරා අමරසේකර සමඟ විවාහ වී ඔවුන්ට දාව ඉපදුන පුතාව දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක ලෙස නාමකරණය කරන ලදී. (ක‍්‍රි.ව. 1820දී පමණ පැරණි හොරගොල්ල වලව්ව නැමති මාන්නක්කාර නිවස ඉදිකළේ මොහුගේ මෙහෙයවීම යටතේ යි.* එංගලන්තකයින්ට යටත් නැගෙනහිර සියනෑ කෝරලයේ මුදලිවරයා ලෙස කටයුතු කළ මොහු ලක්දේශයේ අවසන් රජු වන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අල්ලා පිටුවහල් කරන්නට පෙර සිට ම ඩොයිලිගේ ඔත්තු සේවා බලෑණියේ ද කටයුතු කළ ප‍්‍රධාන චරපුරුෂමය චරිතයකි. මොහු ඉංග‍්‍රීසි හමුදාව කන්ද උඩරට රාජධානිය අල්ලා ගන්නට යෑමේදී ඊට ආහාර සහ නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම්-සැලසීමේ (Facilitating) ද නියුතුව වූවෙකි. මොහු, ලක්දේශයේ අවසන් ස්වදේශවාදී බලාපොරොත්තුව වූ කන්ද උඩරට රාජධානිය ලන්ඩන් පරිපාලනයට නතුකර දීම සඳහා දිවිහිමියෙන් කටයුතු කළ අයෙකි. මීට පෙර ද සඳහන් කළ පරිදි ජෝන් ඩොයිලිගේ දිනපොතේ එස්. ඩයස් මුදලි ලෙසින් හඳුන්වා දී තිබුණේ ද මොහුව ම ය.

දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායක සහ ඔහුගේ බිරිඳ වූ කොරනේලියා ෆිලිප්ස් පණ්ඩිතරත්න ද සේරම් යුවලට ඉපදුන පුතා වූයේ දොන් ක‍්‍රිස්ටෝපර් ඩයස් බණ්ඩාරනායක ය. ඔහු තම පියාගෙන් පසුව සියනෑ කෝරලේ නැගෙනහිර මුදලි තනතුර හොබවමින් ද, පියාටත් වඩා වර්ධනාත්මක ලෙස තවදුරටත් ඩොයිලායානු-යථාව” (“D’oyilian Real”) අනුගමනය කරමින් ද ලන්ඩන් පරිපාලනයට පක්ෂපාතී වර්ධනාත්මක පරගැත්තෙක් ලෙස කටයුතු කර ඇත.   

දොන් ක‍්‍රිස්ටෝපර් ඩයස් බණ්ඩාරනායක සහ ඔහුගේ බිරිය වන ඇනා ෆ්ලොරන්ටිනා ෆිලිප්ස් පණ්ඩිතරත්න යුවලට සිටි දරුවන් 06 දෙනා අතර සිටි එක ම පුතාගේ නම  වූයේ ද, සොලමන් ඩයස් බණ්ඩාරනායක ය. (මොහු කලින් සඳහන් කළ සියනෑ කෝරලයේ මුදලිවරයා වූ ඔහුගේ ම සීයාගේ ම නම ඇති නිසා බොහෝ උදවිය මේ දෙදෙනා එක් අයෙකු යැයි  පටලවා ගනිති.) නමුත් මොහු තම වෘත්තීය ජීවිතය හුදු මුදලි තනතුරින් ඔබ්බට ගිය මහමුදලි තනතුර පවා අත්කර ගත්තෙකි. ඔහුගේ සීයාටත් වඩා කිහිප ගුණයකින් ව්‍යාජ “ඩොයිලියානු-යථාව” (“D’oyilian Real”)ට මුළුමනින් ම ගොදුරු වූවෙකි. මොහුට අනුව ලක්දේශය තුළ පැවති එංගලන්තක යටත්විජිත පාලනය ගොඩනංවන ලද්දක් නොව ස්වභාවිකව පැවත බඳුවිය. ඔහු යටත්විජිතවාදය දැනහැඳින සිටියේ ලක්දේශයේ ජාතික විමුක්තියට එරෙහි සංදර්භයක් තුළ බව ඔහුගේ ක‍්‍රියාකලාප අනුව පැහැදිලිව පෙනේ. මොහු කලින් කලට තම නමට අළුත් කොටස් ඒකතු කරගනිමින් එංගලන්තකයකු ලෙස ම ඉපදීමට බැරිවීමේ  හීනමානයකින් පෙළුන අතර, මිය යන විට මොහුගේ නම සොලමන් දියස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න රජකුමරැන් කඩුකෙරළූ බණ්ඩාරනායක ය. මොහු තව වසර 10ක් ජීවත් ළුූවා නම් මේ නම මීටත් වඩා දික් වන්නට තිබුණි.

 

pic 26 Final 1

(සොලමන් දියස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න රජකුමරුන් කඩුකෙරළූ බණ්ඩාරනායක)

 

 

මේ නිසා ම මොහුට ලක්දේශයේ එංගලනත්කයින්ට සහ ඔවුන්ගේ ලන්ඩන් පරිපාලනයට ගැති ප‍්‍රධාන පුරවැසියාගේ තත්වය හිමිකර ගැනීමට හැකි වෙයි. මොහු විවාහ වුණේ පෘතුගීසි සම්භවයක් ඇති ඔබේසේකර පරපුරට අයත් ඬේසි එස්ලින් ඔබේසේකර නැමැත්තිය සමඟ යි. මේ යුවලගේ පුතා වන්නේ කෘතිම විකෘති ව්‍යාජ ”සිංහල පමණයි” යන බෙදුම්වාදී පනත ව්‍යවස්ථාපිත කළ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ය. 

කවුරුත් පොදුවේ වහරන ලද ශබ්දාරුතින් කිවහොත් එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ය.

 

pic 27 Final 1

(මෙහි පියාගේ ඇඟට හෙත්තු වී සිටින්නේ ළමා එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක ය)

 

(තව කොටසක් ලබන සතියේ)

 

@ අරවින්ද හෙට්ටිආරච්චි