SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නැව් 30ක් හරවාගෙන යාම ගැන කෙටියෙන් 

 

NPP ආණ්ඩුවට එල්ලවන අලුත්ම චෝදනාව වන්නේ නැව් 30ක් නැවත හරවාගෙන ගොස් ඇති බවය. චෝදනාකරුවන්ට අනුව ඊට හේතුව NPP යනු වැඩ බැරි එල් බෝඩ් ආණ්ඩුවක් වීමය. පළපුරුදු අය විසින් සිදු කරන ලද්දේ පළපුරුදු ව්‍යාපාරිකයින් හට සියල්ල භාර දී ඔවුන්ගේ ආතල් ඔවුන් විඳීමයි. එවිට වැඩේ දුවයි.

 

 

ශ්‍රී ලංකා රේගුව යනු හොර ගුහාවක් බව නොදන්න අයෙකු නොමැත. එහි කටයුතු කිසිඳු විනිවිදභාවයකින් යුතුව සිදු නොවේ. පසුගිය දිනක රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකුට සහ නිලධාරීන් දෙදෙනෙකු හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීම ද මෙම නැව් 30 හරවා යැවීමට බලපා අතුවාට සැකයක් නොමැත.

 

මෙතෙක් ආණ්ඩු කල පක්ෂ බලයේ සිටියේ නම් නැව් 30 නැවත පිටමන් නොවනු ඇත. ඒ රේගු නිලධාරීන්ට ලැබෙන ගතමනාව ඒ නැව් 30න් ද ලබා ගත හැකි බැවිනි. වංචා දූෂණ නතර කළහොත් රටෙහි කටයුතු අඩාල වී සංවර්ධනය ද ඇනහිටින බව ප්‍රකාශ කරන ලද්දේ නාමල් විසිනි. එය සම්පූර්ණ සැබෑවකි. නැව් 30 නැවත හරවාගෙන යාමට හේතුව වංචා දූෂණ ගැන අකුරටම සොයා බලන ආණ්ඩුවක් පත්වීමයි.

 

රේගු කටයුතු ද ඩිජිටල්කරණය කිරීමට සූදානම් වේ. එසේ කළහොත් මෙතක් කල් රෙගු නිලධාරීන් හට හිමි වූ ආදායම් ඔවුනට බොහෝ සෙයින් අහිමි වීමට නියමිතය. නැව් 30 හරවාගෙන යාමේ තවත් හේතු සාධකයක් වන්නේ එයයි.

 

 

ජවිපෙ උත්සාහය වන්නේ වංචා දූෂණ නතර කර පිරිසිදු ධනවාදයක් ගොඩනැගීමයි. නමුත් ධනවාදයේ ස්වභාවයම වන්නේ වංචා, දූෂණ, හොර, මැරකම්, සූරාකෑම වැනි සියල්ල ඒ ඒ රටවල තත්වයන්ට අදාලව විවිධ ස්වභාවයන් ගෙන්, විවිධ ස්වරූපයන්ගෙන් සහ විවිධ මට්ටම් වලින් අන්තර්ගතව තිබීමයි. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ඕවා මොන බොරු ද "එහේ මරු... මෙහෙ ෆුල් අප්සෙට්" බවය. ඒ පිළිබඳව මීට පෙර ද විස්තරාත්මකව ලියා ඇති බැවින් නැවත ලිවිය යුතු නැත.

 

@ස්පාර්ටකස් ලිපි

 

"Clean Sri Lanka" - 3 කොටස

https://slleader.lk/social/11694-clean-sri-lanka-3

"Clean Sri Lanka" - 2 කොටස

https://slleader.lk/social/11666-clean-sri-lanka-2