SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් තුමාගේ "විශිෂ්ටත්වය" පිළිබඳව ("His Excellency") UNP කාරයින්ට ද වඩා ඉමහත් බලාපොරොත්තු තබා තිබෙනුයේ හිටපු ට්‍රොස්කිවාදීන් සහ දැනටත් ට්‍රොස්කිවාදීන් ලෙස පෙනී සිටින්නන්ය. ඔවුනට අනුව රනිල් රට ගොඩගනු ඇත.

ගොඩගැනීම යනු 2017-2018 වසර වල ලංකාව තිබූ තත්වයට පැමිණීමට බලාපොරොත්තු වීම හෝ ඊට ද එහා ගිය පාරිභෝජනවාදයක් තහවුරු කිරීමයි (මේ පිළිබඳව මීට පෙර විවිධාකාරයෙන් ඇති තරම් විස්තර සහිතව කරුණු දක්වා ඇත).

 

2005 වසරේ සිට ආරම්භ වූ ණය ලබා ගැනීමේ තීර්වතාවය උපරිම වශයෙන් ඉහල යනුයේ 2015 යහපාලනය තුලය (ඩොලර් බිලියන 27ක්). රාජපක්ෂලා දුන් ආතල් එකට වඩා අතල් එකක් ජනතාවට ලබා දී, බලය ඩැහැ ගෙන ඉන් පසුව සුපිරි ධනේශ්වර රාජ්‍යයක් ස්ථාපිත කිරීම රනිල්-රවී-හර්ෂ-ඉරාන් සුසංයෝගයේ අමන බලාපොරොත්තුව විය.

මෙවරද රනිල් එම බලාපොරොත්තුව අත්හැර නොමැති බව පෙනී යන්නේ ඉන්ධන, සිමෙන්ති, යකඩ, වැනි දේ වල මිල අඩු කිරීම, ආනයන සීමා ඉවත් කිරීම තුල සහ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය, අධිවේගී මාර්ග ඉදිකිරීම නැවත ආරම්භකොට ඇති බැවිනි. මේ තත්වය විසින් අර්බුධය ගුණාකාරමය වශයෙන් උග්‍ර කරනු ඇත. එම තත්වයේ ආරම්භය ලබන මස වන විට දැකගත හැකි වනු ඇත.

 

රනිල්-රවී දෙදෙනා යනු දවල් හීන දකින්නන් පමණක් බව නැවත නැවතත් ඔප්පු කරන්නේ ඔවුන් බලාපොරොත්තු වූ ආයෝජකයින්, කර්මාන්ත සංවර්ධනය වැනි දේ වල කිසිඳු ප්‍රගතියක් දක්නට නොලැබීම තුලය (ඒවා එසේ වන බව අප කල්තියාම පැවසුවේය). මේ අතර රනිල් මහදැනමුත්තෙකු බව පෙන්වන මාධ්‍ය සංදර්ශන සති පතා පැවැත්වේ. රනිල් හපුතලේ යාම, නුවර එළියේ යාම, මහවැලි ඉඩම් ගැන කතා කිරීම වැනි සිද්ධීන් ඒ සඳහා උදාහරණය. මේවා නරඹන රනිල් විරෝධීන් පවා තෘෂ්නිම්භූත වන්නේ බුදු අම්මෝ රනිල්ට තියන දැනුම ලෙස සිතමිනි.

 

මුග්ධ රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ රනිල් වීරයෙකු වන්නේ උපක්‍රමිකවය.

එම තත්වය මෙසේ පැහැදිලි කල හැකිය. අවශ්‍ය නම් රනිල් හට පක්ෂීන් පිළිබඳව විද්යාඥයින් ඉදිරියේදී ද පොර විය හැකිය. ඒ සඳහා කල යුත්තේ, රනිල් පක්ෂීන් පිළිබඳව විද්යාඥයින් හමුවන්නේ නම්, කැහි බෙල්ලා වැනි පක්ෂියෙකු පිළිබඳව සියුම් කරුණු පවා ඉතා හොඳින් හදාරා ඔවුන් හමුවට යාමයි. ඒ අනුව රනිල් කැහි බෙල්ලා ගැන ඉතාම සියුම් කරුණු දැක්වීමක් සිදු කරන විට සරත් කොටගම වැන්නෙකු පවා තෘෂ්නිම්භූත වනු ඇත. ඒ අනුව රනිල්ට වැඩි පුර කතා නොකොට පක්ෂීන් පිළිබඳව විද්යාඥයින්ට ද වඩා පක්ෂීන් පිළිබඳව දැනුම ඇත්තෙකු ලෙස විද්‍යාමාන විය හැකිය. මේ අකාරයෙන් ක්ෂේස්ත්‍ර පිළිබඳව මහදනමුත්තෙකු ලෙස රනිල්ට පෙනී සිටිය හැකි වනු ඇත. ඒ එම සංදර්ශන තුලදී රනිල් වෙතින් ප්‍රශ්න ඇසීමට ද කිසිවෙකුත් ඉදිරිපත් නොවන බැවිනි. මේ දිනවල රනිල්ගේ සංදර්ශන පැවැත්වෙනුයේ එසේය. ඊට අමතරව වෙසක්, පොසොන් වැනි උත්සව ඉමහත් උත්කර්ෂයෙන් පැවැත්වීම සඳහා ඔහු දැඩි ලෙස උත්සුකව ඇත. මින් පෙනී යන්නේ රනිල් පසු බැස ඇති බවය. එනම් අර්බුධය උග්‍ර වන බව ඔහු දැන් දනී. ඒ තත්වය යටතේ බලය අරාක්ෂා කොට ගෙන ප්‍රභූ දේශපාලනය රැකගත හැක්කේ කෙසේද යන්න මේ දිනවල ඔහු අභ්‍යාස කරන කාරණාවයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අකුලාගනීම යනු IMF ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම සිදු නොකරන බවට ඉඟියකි. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය ද ලිහිල් වනු ඇත යන්න ඉන් ඉඟි කෙරේ. එසේ කිරීම යනු කර්මාන්ත වැඩි දියුණු කිරීම, ආයෝජකයින් ගෙන්වා ගැනීම වැනි තත්වයන් වෙත යාම සිදු නොවන බවය. ඒ අනුව පෙනී යන්නේ රනිල්-රවී බලාපොරොත්තු වූ තොවිලය බලාපොරොත්තු වූ අයුරින් සිදු නොවන බවය. ඒ ඇත්තටම එය කල නොහැක්කක් බවට පත් වී ඇති බැවිනි. රනිල් එසේ පසු බසිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ආරක්ෂණවාදී පියවරකට යන බවක් පෙන්නුම් කරේ. රනිල්ගේ මෙම පසුබැසීම හමුවේ වඩාත් අසරණභාවයට පත්වන්නේ රනිල් විසින් ජොලි ගුඩ් ලංකාවක්-ඇමරිකානු ජීවිතයක් ලබා දෙනු ඇති බවට සහතික වෙමින් සිටි Advocata, ගොඩයමු, හිටපු තකතීරු වම්මුන් සහ දැනටත් සිටින වම්මුන් වැනි කොට්ටාශයන්ය.

 

ඉදිරියේදී ඉන්ධන මිල ඉහල දැමීමට සිදු වනු ඇත. එසේම සිමෙන්ති, යකඩ, මිල ඉහල දැමීම සහ ආනයන සීමා කිරීමට ද සිදු වනු ඇත. නැති නම් ඒවා මෙසේම තිබියදී හෝ තවත් මිල පහත දමා ඉතා ඉක්මනින් මැතිවරණයකට ගොස් බැසිල් ද හවුල් කොටගෙන කෙසේ හෝ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම රනිල්ගේ අරමුණ වනු ඇත. බැසිල් මේ දිනවල රනිල් විරෝධී බවක් පෙන්නුම් කරමින් බොරු රඟපෑමාක් සිදු කරමින් සිටින්නේ ද එබැවිනි. සැබවින්ම රනිල් හට උපරිම සහයක් දක්වනුයේ බැසිල් ප්‍රමුඛ රාජපක්ෂලාය.

නමුත් උද්ගතවීමට නියමිත තත්වය භාරගනුමට "ජනතාව" සූදානම් නොමැත. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ 2017-2018 කාලය තුල අත්විඳි තත්වයට පැමිණීමයි.

@ස්පාටකස් ලිපි

නවතම ලිපි