SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කල දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව

නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසන බව අරුණ පුවත්පත වාර්තා කරයි.

 

පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන අන්දමට රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා ඇත්තේ පසුගිය අප්‍රේල් මස පස් වැනි වෙනිදායින් පසු සිදුකරනු ලැබූ අක්ෂි ශල්‍යකර්මයන්ගෙන් පසු රෝගීන්ට ඇස් වලට දැමීම සඳහා ලබා දුන් බෙහෙතක් විස වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බවයි.

ඉන්දියාවෙන් ගෙන්වන ලද අදාළ බෙහෙතේ විසබීජ අඩංගුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද ඔහු කියා සිටී.

සායන සිදුකර නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකදී ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල් ගත කෙරුණු අතර ඉන්පසුව සිදුකල ප්‍රතිකාරයන්ගෙන් පසු ක්‍රමක්‍රමයෙන් රෝගීන් සුව අතට හැරෙමින් පවතින බවද හෙතෙම සදහන් කරයි.. (මූලාශ්‍රය – අරුණ)

 

විෂබීජ බෙහෙත් ගෙන ආවේ කව්රුන් ද?

 

පසුගියදා ආන්දෝලනයට ලක්වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සිදුවීමක් වූයේ ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිළදී ගැනීමට වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධ කාරණයයි. එහිදී එම පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබිනි.

 

ඒ අනුව අදාළ සමාගම්වලින් දැනටමත් ආනයනය කර තිබෙන ඖෂධ තොග පිළිබඳව අදාළ ලේඛණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි නිසි ප්‍රමිතිය පවතින බවට තහවුරු වුවහොත් පමණක් ඒවා මුදා හරින්නට හැකියාව තිබෙන බවත් එහිදී  ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුනි.

ඊට අමතරව ආනයනය කිරීමට නියමිත ඖෂධ තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කරගැනීමක් කරගන්නා තුරු ඒවා වැඩිදුර ආනයනය කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබූ අතර පෙත්පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 18 වන දා පැවැත්වීමට අධිකරණය නියම කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් ෆාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියිටිස් පුද්ගලික් සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

එහිදී පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතෙි මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිළදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.

මෙවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ඖෂධ මිළදී ගැනීමේ ක්‍රියාවලියේ දී පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් චෝදනා කර තිබුනි.

ඉහතින් වාර්තා වූ සිද්ධීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුකරමින් ඇති මෙම අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් වික්‍රමසිංහ රජය මේ වන තෙක් නිසි පියවරක් නොගැනීමත් දිවයින පුරා මෙවන් සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකිය යුතු පාර්ශ්වයක් සිටීද යන්නත් දැන් දැන් අවිනිශ්චිත තත්වයක පවතින බවයි මේ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක්ගේ අදහස වී ඇත්තේ.

නවතම ලිපි