ඇෆ්ලටොක්සින් කියන්නේ මොනවාද,
එහි හානිය කුමක්ද ?
සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි. නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසි ලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි.
නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව හරහා විද්‍යාත්මක කරුණු දැන් දැන් කරලියට එනවා. ඒ නිසාම සාමාන්‍ය මිනිස්සුත් මේ ඇෆ්ලටොක්සින් කියන්නෙ මොකද්ද කියලා හොයනවා...
ඇෆ්ලටොක්සින් කියන්නෙ පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්. ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ තිබුණත් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි.
මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasi ticus නම් දිලීර (පුස් වර්ගය)මගින්.
ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්.
Aflatoxin B1,
Aflatoxin B2,
Aflatoxin G1,
Aflatoxin G2,
(AFB1, AFB2, AFG1, AFG2) කියලා වර්ග හතරක් තියෙනවා.
මේවා නම් කරලා තියෙන්නෙ පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරය
B1,B2 නිල් පාටයි,
G1,G2, කොළ පාටයි.
Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර
Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි
මේ දිලීර වර්ග හැදෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාළයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වනවා. ඒ නිසා තමයි කියන්නේ මේ දේවල් හොඳින් අව්වේ වියලා ගබඩා කරන්න කියලා.
මේ නිසා ඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලයි. මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින් ආහාර ද්‍රව්‍ය මත රැඳෙනවා.
ඇෆ්ලටොක්සින්වල භයානක කම තියෙන්නේ, පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්‍රව්‍යයක් නිසා. ආහාරයක ඇෆ්ලටොක්සින් තියෙනවද කියලා බලන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. එයට TLC වර්ණාලේඛන ක්‍රමවේදයන් හෝ HPLC වැනි රසායනාගාරයක පමණක් දැකිය හැකි උපකරණ හරහා පමණයි.
එපමණක් නොවෙයි එය තිබේදැයි සහතික කර ගැනීමට සුපිරිසිදු ඇෆ්ලටොක්සින් සාම්පල ද අවශ්‍ය වනවා. ඒවා සුවිශේෂී තත්ත්ව යටතේ භාවිතකළ යුතු වනවා. වැරදිලාවත් ශරීරයේ තැවරුනොත් සම හරහා ඇතුල් විය හැකියි.
ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්ම හානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්‍රීය කරනවා.
ඉන්පසු එය අපේ සෛලවල වූ DNA හා සම්බන්ධ වනවා. එහිදී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්‍රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්‍ය සෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබනවා.
ඉන්පසු පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනු ලබනවා.
Gamine Vandakoon