2026 සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද
(05) පැවති පාර්ශ්වකරුවන්ගේ උපදේශනයේදී, 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා නොසිටින බව NSO පුද්ගලික සමාගම අවධාරණය කළේය.

කෙසේ වුවත් එළඹෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු යළිත් සියයට 1.46කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් මේ වනවිටත් යෝජනා කර තිබෙන අතර නිවාස සහ ව්‍යාපාරවල විදුලි බිල වෙනස් වන්නේ මහජන අදහස් විමසීමෙන් පසු කොමිසම ගන්නා අවසන් තීරණය මත වීඹ නිසා අද ඒ සඳහා අවස්ථාව ලැබී ඇත.
සබැඳි පුවත් -
https://slleader.lk/news/14556-2026-11-04-19-13-17

