ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ICTA හවුල් වූ LGN 2.0 දූෂණයේ අඳුරු පැතිකඩ
යහපාලන සමයේ (2017-2018) ක්‍රියාත්මක වූ රුපියල් බිලියන 4කට ආසන්න වටිනාකමකින් යුත්
රාජ්‍ය ජාල පද්ධති 2 (LGN 2.0) ව්‍යාපෘතිය පිටුපස දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ දේශපාලන මැදිහත්වීම් රැසක් සිදුව ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී. ජනාධිපතිවරයා ඇතුළු ඉහළම වගකිවයුතු අංශ වෙත මේ වන විටත් යොමු කර ඇති පැමිණිලි සහ පුද්ගල කටඋත්තර මත පදනම්ව මෙම හෙළිදරව්ව වාර්තා වේ. අදාළ සාක්ෂි සටහන්වලට අනුව, හිටපු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ සෘජු බලපෑම මත මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩරය පිරිනමා ඇති බවට බරපතල චෝදනා එල්ල වී ඇත.
පළපුරුද්දක් නැති සමාගමකට ටෙන්ඩරය දීම
අදාළ කටඋත්තරවල සඳහන් වන ආකාරයට, මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සැපයුම්කරු ලෙස තෝරාගනු ලැබුවේ, මින් පෙර මෙවැනි පද්ධති ඒකාබද්ධ කිරීම් (System Integration) සම්බන්ධ කිසිදු පළපුරුද්දක් නොමැති බව කියන EZY Corporation නමැති ආයතනයකි. ඔවුන්ට මෙම ටෙන්ඩරය හිමිවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ EZY ආයතනයේ හිමිකරු සහ එවකට විෂය භාර අමාත්‍යවරයා අතර පැවති සමීප මිත්‍රත්වය බවට අදාළ පැමිණිලි මගින් අනාවරණය කර ඇත. මුද්‍රිත ගිවිසුම් ආයතන සතුව සුරක්ෂිතව පවතින බවට විශ්වාස කරන නමුදු, මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් තොරව සිදුව ඇති බවට චෝදනා නැඟේ.

සැලසුම් සහගත RFP සහ ඊශ්‍රායල් තාක්ෂණය
ජනාධිපතිවරයා වෙත යොමු කළ ලේඛනවල වැඩිදුරටත් දැක්වෙන්නේ, රාජ්‍ය තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) විසින් ටෙන්ඩරය සඳහා යෝජනා කැඳවීම (RFP) සකස් කර ඇත්තේම එක්තරා සැපයුම්කරුවෙකු ඉලක්ක කරගෙන බවයි. ඒ අනුව ඊශ්‍රායල් සමාගමකට අයත් 'Check Point' නමැති නිෂ්පාදනයට පමණක් මෙය සීමා කර ඇති බවට වාර්තා වන අතර, විමර්ශන සාක්ෂිවලට අනුව EZY ආයතනය විසින් මෙම ජාල පද්ධති මෙහෙයුම් කටයුත්ත සඳහා සිය උප කොන්ත්‍රාත්කරු ලෙස ටෙන්ඩරයට තරඟ කළ MIT ආයතනය තෝරාගෙන ඇති බවට අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
මුදල් අවභාවිතය සහ ගිවිසුම් වෙනස් කිරීම
අභ්‍යන්තර තොරතුරු සහ කටඋත්තර මත පදනම්ව වාර්තා වන පරිදි, ව්‍යාපෘතියේ අත්තිකාරම් ගාස්තුව ලෙස රුපියල් මිලියන 280ක මුදලක් ICTA ආයතනය විසින් ටෙලිකොම් වෙතද, ටෙලිකොම් විසින් EZY ආයතනයටද ගෙවා ඇති බව කියැවේ. සේවා ප්‍රමාද වීම් හේතුවෙන් EZY ආයතනයෙන් ටෙලිකොම් වෙත අයවිය යුතු විශාල දඩ මුදල් අහිමි කරමින්, වගකිවයුතු SLT නිලධාරීන් විසින් අදාළ ගිවිසුම හතර වතාවක් වංචනික ලෙස සංශෝධනය කර ඇති බවට අදාළ පැමිණිලිවලින් දැඩි ලෙස චෝදනා එල්ල වේ.
අවතාර අඩවි 5 (Ghost Sites) සහ අභිරහස් ගෙවීම්
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වන බරපතලම චෝදනාව වන්නේ ජාලයට සම්බන්ධ කළ බව කියන ස්ථාන (Sites) සම්බන්ධවයි. මූලික සාක්ෂි සටහන්වලට අනුව කුලිය නිර්ණය කර තිබුණේ ස්ථාන 860ක් සඳහා පමණි. එහෙත්, 2019 වසරේදී ගිවිසුමෙන් පිටත නීති විරෝධී ලෙස තවත් අමතර ස්ථාන 5ක් ස්ථාපනය කර ඒ සඳහා ද EZY ආයතනයට මුදල් ගෙවා ඇති බවට අනාවරණය වේ.
අප වෙත ලැබී ඇති "LGN_Loca_5.jpg" නමැති පරිගණක දත්ත සටහනට (Notepad) අනුව එම රහසිගත යැයි කියන ස්ථාන 5 ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ඒවා බවට වාර්තා වේ. අදාළ සාක්ෂි සටහනේ දැක්වෙන පරිදි එම ස්ථාන සහ ඒවායේ කේත පහත පරිදි වේ.

President's Residence - D84765
President Office Branches (Standard Charted Bank Building) - D84758
President Office Branches (SEMA Building) - D84763
President Office Branches (President's Fund) - D84764
Smallholder Agribusiness Partnerships Programme - D84767
මෙම අමතර ස්ථාන 5 ස්ථාපනය කිරීමට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ නිල වාර්තාවක් ආයතන සතුව නොමැති බවට අදාළ පාර්ශව බලධාරීන්ට දන්වා ඇත.
වරප්‍රසාද, උසස්වීම් සහ සුඛෝපභෝගී වාහන
අදාළ කටඋත්තර සහ ලේඛන හරහා තවදුරටත් වාර්තා වන්නේ, මෙම ගනුදෙනුවට සහය දුන් බව කියන ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන්ට ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් උසස්වීම් ලබා දී ඇති බවයි. ප්‍රධාන විධායක නිලධාරී තනතුර පවා මෙවැනි අකටයුතුකම්වලට සහය දීමේ ප්‍රතිඵලයක් ලෙස හිමිවූවක් බවට චෝදනා එල්ල වේ. මීට අමතරව, ආයතනයේ මුදලින් කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහන දේශපාලඥයින්ගේ පරිහරණයට ලබා දී තිබූ බවටද තොරතුරු අනාවරණය වේ.
යථාර්ථයක් වන පලායාමේ සැලසුම
මෙම මහා පරිමාණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන ආරම්භ කර තිබුණද, පසුව එම පරීක්ෂණ අඩාල වී ඇති බව ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිවල සඳහන් වේ. මේ වන විට ව්‍යාපෘතියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන SLT හි ඉහළම නිලධාරියෙකු වසර දෙකක පඩි රහිත නිවාඩු ලබාගෙන රටින් පලා ගොස් ඇත. වාර්තා වන ආකාරයට ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 693041139V වන අතර, විදේශ ගමන් බලපත්‍ර අංකය N1283328 වේ.
ඔහු මෙරටින් පලා යෑම නිසා මෙම බිලියන ගණනක අක්‍රමිකතාවල සත්‍යය යටපත් වීමේ දැඩි අවදානමක් පවතින බවද එදවස අදාළ පැමිණිලි මගින් බලධාරීන්ට පළා යෑමට ප්‍රථම අනතුරු අඟවා තිබුණි.
(පුද්ගල කට උත්තරය , සාක්ෂි ලිපි පදනම් කරගෙන ඉහත ලිපිය සකස් කර ඇත)
ලිපි ඇමුණුම් -







