SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘යුනයිටඩ් යූත්’ වෙතින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් යෝජනාවලියක්

ඉදිරි සති දෙක ඇතුළත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට  ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ප්‍රකාශ කරති.

 WhatsApp Image 2024 05 17 at 12.47.55

ඔවුන් එසේ ප්‍රකාශ කළේ 2024.05.16 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

මෙහිදී එම සාමාජික, සාමාජිකාවෝ,  විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කැමැති සංවිධානවලට, පුද්ගලයින්ට තම සංවිධානය සමඟ එක්වන ලෙස ආරාධනා කර සිටියේය. 

 

මෙම අවස්ථාවට සහභාගි වෙමින්  යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීනා ජෝසප් ද සේරම් පැවසූයේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව  තමා වරක් ජනාධිපතිවරයාගෙන් විමසූ බවත්, එහිදී එම ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ගරු ජනාධිපතිතුමා තමා සමග පැවසූ බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.

 

u youth

එමෙන්ම ලංකාවේ ජනතාව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වශයෙන් අදහස් කරන්නේ රෝද පුටුවක හෝ කිහිලිකරුවක ආධාරයෙන් යන පුද්ගලයින් පමනක් යයි සිතා සිටිම කණගාටුවට කරුණක් බවය. සියලුම පුරවැසියන් එක සමානව සැලකිය යුතු බවත්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ඉතා ඉහලින් තබා කටයුතු කිරීම රජයේත්, පුද්ගලික අංශයේත් ජනතාවගේත් වගකීමක් බවත් ඇය අවධාරනය කර සිටියාය. මෙවැනි දරුවකු සිටින පවුලක අභ්‍යන්තරය ඉතාම කණගාටුදායක බවත්, එම පවුලේ සියඵම සාමාජිකයින් දැඩි මානසික පීඩනයකින් පෙලෙන අතර, අප සමාජය එවැනි පවුල් සමාජයෙන් කොන් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවද ඇය කණගාටුවෙන් ප්‍රකාශ කර සිටියාය.

 

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට යහපත් අනාගතයක් උදාකරදීම සඳහා මෙරට මාධ්‍යයන්ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඇය මෙහිදී පැවසුවාය.

 

WhatsApp Image 2024 05 17 at 12.47.571

 

මෙම අවස්ථාවට සහභාගි වූ යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ ප්‍රියංක දිසානායක පවසා සිටියේ  විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීම, ඔවුන් සඳහා දිස්ත්‍රික්කයකට නවාතැන් පහසුකම් සහිත එක් පාසැලක් හෝ පිහිටුවීම, ඔවුන් සඳහා ලබාදෙන ඖෂධ හිගයකින් තොරව ලබාදීමට කටයුතු කිරීම ඉතාම වැදගත් කරුණක් බවයි. එමෙන්ම සමහර දෙමව්පියන් මෙවැනි දරුවන්ව සමාජයෙන් සගවා තැබීමට උත්සාහ කරන්නේ සමාජයෙන් එවැනි දරුවන් ගැන ඇති වැරදි ආකල්ප නිසා බවද ඔහු විසින් පෙන්වා දෙන ලදි. එමෙන්ම බස්රථ, දුම්රිය වල ගමන් කිරීමට රෝද පුටුවකින් ගමන් කරණ පුද්ගලයෙකුට කිසිම පහසුකමක් නොමැති බවත්, විදේශයන්හි රෝද පුටුව සමගම බස් රථයකට හෝ දුම්රියක ගමන් කිරීමට හැකි පරිදි පොදු ප්‍රවාහනය දියුණු කලයුතු බවද පෙන්වා දෙන ලදි.

 

Hemophilia හේමෝෆිලියා රෝගින්

 

ශාන්ත කරුනාරත්න සහ සරත් ආනන්ද පවසා සිටියේ Hemophilia නැතහොත් ලේ කැටිවීමක් සිදු නොවන රෝගින් 2500කට අධික පිරිසක් ලංකාවේ සිටින බවත් එවැනි රෝගියෙකුට කුඩා සීරිමකදි පවා ලේ වහනයවන අතර ලේ වහනය නවතා දැමීම සදහා දින තුනකට වැඩි කාලයක් රෝහලක නේවාසිකව ප්‍රථිකාර ලබා ගත යුතු බවකි. එවැනි රෝගියෙකු දළ වශයෙන් අවුරුද්දකට 12 සිට 18 අතර වාරයක් රෝහල්ගතව ප්‍රථිකාර ගැනීමට සිදුවන අතර ඒ සදහා විශාල මුදලක් වැයවන බවද සදහන් කර සිටියෝය. නමුත් වර්තමානයේ නව ප්‍රථිකාර සහ ඖෂධ සොයා ගෙන ඇති බවත්, එමගින් රෝහල්ගත නොවී නිවසේ සිටම ප්‍රථිකාර කර ගැනීමේ හැකියාව ඇතත්, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එම නව ඖෂධ අනුමත කර ඇත්තේ රෝගින් 5කට පමණක් බවත් පවසා සිටියා. ආර්ථික අපහසුතා මධ්‍යයේ වූවද, අනෙකුත් රෝගීන්ටද එම ප්‍රථිකාරය ලබා දීමට ගරු ජනාධිපතිතුමාගෙන් ආයාචනය කරන බවද ඔවුන් පවසා සිටියා.

 

මෙම අවස්ථාව සඳහා යුනයිටඩ් යුත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර ද සහභාගි විය.

 

@United Youth media

WhatsApp Image 2024 05 17 at 12.47.54WhatsApp Image 2024 05 17 at 12.47.55WhatsApp Image 2024 05 17 at 12.47.56

nalan mendis

නවතම ලිපි