SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ අසීමිත ආදරය දිනාගත් සුපිරි පාපන්දු තරුවක් වන

 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo), සිය දිගුකාලීන සහකාරිය වූ සුප්‍රකට නිරූපණ ශිල්පිනී ජෝර්ජිනා රොඩ්‍රිගස් (Georgina Rodríguez) සමග විවාහ දිවියට එළඹ තිබේ.

 

Image

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට පෘතුගාලයේ ලිස්බන් නුවරට ආසන්න කස්කායිස් (Cascais) නම් සුන්දර වෙරළබඩ නගරයේදී මෙම විවාහ මංගල්‍යය චාම් අයුරින් (Civil Ceremony) පවත්වා ඇත. පෘතුගාල මාධ්‍ය මෙය හඳුන්වන්නේ "වසරේ මංගල්‍යය" (Wedding of the year) ලෙසිනි. ඔවුන්ගේ දරුවන් පස් දෙනාද මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වී ඇත.

 

 

සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපය මෙම සුවිශේෂී පුවත රොනාල්ඩෝ විසින් සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා ලොවටම හෙළි කර තිබුණේ, මංගල මුදු පැළඳ සිටින තම සහ බිරිඳගේ දෑත්වල ඡායාරූපයක් පළ කරමිනි. පාපන්දු ලෝලීන්ගේ නොමඳ ආදරය හිමි මෙම යුවළගේ ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළ ඊට මිලියන 3කට අධික 'Likes' ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයකි.

 

 

දස වසරක ආදර කතාව රොනාල්ඩෝ සහ ජෝර්ජිනාගේ ආදර කතාවට දැන් වසර 10ක් සපිරෙයි. ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසී ඇත්තේ රොනාල්ඩෝ ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් (Real Madrid) කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේදී, මැඩ්රිඩ් නුවර පිහිටි 'Gucci' වෙළඳසැලකදීය. ඒ වන විට ජෝර්ජිනා එහි සේවය කරමින් සිටියාය.

 

 

ඔවුන් සිය විවාහ ගිවිසගැනීම නිවේදනය කළේ පසුගිය වසරේ අගෝස්තු 11 වන දාය. එදින විශාල දියමන්ති මුදුවක් පැළඳ සිටින ඡායාරූපයක් පළ කළ ජෝර්ජිනා, ස්පාඤ්ඤ භාෂාවෙන් "ඔව්, මම එකඟයි. මේ භවයේදීත් මගේ සියලුම භවයන්හිදීත්" (Yes I do. In this and in all my lives) යනුවෙන් හැඟීම්බර සටහනක් තබා තිබුණි. ඒ අනුව ඔවුන් විවාහ වී ඇත්තේ විවාහ ගිවිසගෙන හරියටම වසරක් පිරෙන පසුගිය අගෝස්තු 11 වැනිදා වීමද තවත් විශේෂ කරුණකි.

 

 

Image

 

 

ගෝල 1000කට ආසන්න පාපන්දු දිවිය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු සිය වෘත්තීය පාපන්දු දිවිය තුළ ගෝල 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කර ඇති ජීවමාන පුරාවෘත්තයකි. ඔහු ස්පෝටිං, මැන්චෙස්ටර් යුනයිටඩ්, රියාල් මැඩ්රිඩ්, ජුවෙන්ටස් සහ වර්තමානයේ සෞදි අරාබියේ අල් නසාර් (Al Nassr) යන ප්‍රබල ක්‍රීඩා සමාජ රැසක් වෙනුවෙන් මෙන්ම පෘතුගාල ජාතික කණ්ඩායම වෙනුවෙන්ද සිය අසමසම දක්ෂතා දක්වා ඇත. තවද, ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සමග එක්ව පිරිමි පාපන්දු ලෝක කුසලාන තරගාවලි 6කට සහභාගී වෙමින් ඔහු තැබූ සුවිශේෂී වාර්තාවද මෙම මංගල පුවත වාර්තා කරන අතරතුර විදෙස් මාධ්‍ය විසින් නැවතත් සිහිපත් කර තිබේ.

 

නවතම ලිපි