SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ නීතිය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත් කරමින් සහ ඉහළ යන අපරාධ අනුපාතිකය විසඳීමට රජයට ඇති හැකියාව පිළිබඳ කනස්සල්ල මතු කරමින් නව පොලිස්පතිවරයෙකු (IGP) පත් කිරීමේ දීර්ඝ කාලීන කතාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. 

ඉහළ මට්ටමේ පත්වීම් පරීක්‍ෂා කිරීම සහ අනුමත කිරීමේ වගකීම දරන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විරෝධතා නොතකා වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න බහුවිධ සේවා දිගුවක් ලබා දී ඇත.   

 

 


වික්‍රමරත්නගේ පොලිස්පති ධුර කාලය දීර්ඝ කිරීම් කිහිපයකට පසු මේ වසරේ ජුනි 26 වැනිදා අවසන් විය. ඉන්පසුව ජනාධිපතිවරයා ඔහුට දෙවතාවක් මාස තුනක සේවා දිගුවක් සහ දෙවතාවක් සති 3ක සේවා දිගුවක් ලබා දුන්නේය. ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින්, විවේචන සහ විරෝධතා නොතකා සී.ඩී. වික්‍රමරත්න තවත් සේවා දිගුවක් එනම් පස්වන  දිගුවත් දීමට නියමිත බවය.

 

 

 

IGP exteention 2

 

මෙම සේවා දීර්ඝකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සම්මතයන් නොසලකා හැරීමක් සහ නිසි සහ වගකියන පොලිසියක් සඳහා මහජනතාවගේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන විපක්ෂය, නීති විශාරදයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් විවේචනවලට ලක්ව ඇත.   

 

මේ අතර, ශ්‍රී ලංකාවේ අපරාධ අනුපාත ඉහළ යමින් පවතින අතර, වෙඩි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි  මෑත මාසවල වැඩිවෙමින් පවතී. මෙම අපරාධ වැඩිවීම මහජන කනස්සල්ල ඉහළ නංවා ඇති අතර එහි වත්මන් නායකත්වය යටතේ පොලිස් බලකායේ කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත.   

මෙම දැවෙන කාරණා මධ්‍යයේ නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා අසමත් වීම කලකිරීම උත්සන්න කර ඇත. බොහෝ අය විශ්වාස කරන්නේ සුදුසු අපේක්ෂකයෙකු තෝරාගැනීමේ දීර්ග ප්‍රමාදය දේශපාලන අධිෂ්ඨානය නොමැතිකම සහ මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීමට අපොහොසත් වීම මෙමගින් පෙන්නුම් කරන බවයි.   

 

 

පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ සේවා කාලය අවසන් වීමත් සමග පොලිස්පති තනතුර ලබාගැනීම වෙනුවෙන් පැවතියේ රඟකාරීත්වයකි. මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගේ අවශ්‍යතාවය සහ කැපවීම පැවතුනේ අධිකරණයේ නඩුමය කටයුතු විශාල ගණනාවකට මැදිව සිටින ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරීමටය. එසේම පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ සේවා කාලය දීර්ඝ කර තබාගැනීමට මූලිකත්වය ගෙන ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යැයි ද කියැවේ. මේ නිසා බොහෝ දුරට මෙම සේවා දිගුව තවත් කාලයක් පවතිනු ඇති බවටද විවිධ මත පළවෙමින් ඇත.

 

 

ජ්‍යෙෂ්ඨත්වය අනුව නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන්ම ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් ගේ නම් පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා ඉදිරිපත් වී තිබුනේය.

 

 

කෙසේ වුවද ස්ථීර පොලිස්පතිවරයෙකු නොමැතිකම පොලිස් බලකායේ අධෛර්යයට හේතු විය හැකි බවත්, කාර්ය සාධනය පිරිහීමට සහ මහජන විශ්වාසය අඩුවීමට එය  හේතු වන බවත් විපක්ෂය කියා සිටියේය.   

පොලිසිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය දැනටමත් අඩු මට්ටමක පවතින අතර, නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීමෙන් මෙම විශ්වාසය තවදුරටත් පළුදු විය හැකිය. පොලිස්පති අර්බුදය දේශපාලන අස්ථාවරත්වයට දායක විය හැකි අතර  ආන්ඩුවේ විශ්වසනීයත්වය අඩපණ කරයි. 

  
මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමට,  ඉහළ යන අපරාධ අනුපාතිකය විසඳීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට  දක්ෂ හා ගෞරවනීය පොලිස් ප්‍රධානියෙකු පත් කිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුය.     

 

 

(ඩේලි මිරර් ඇසුරිනි)

නවතම ලිපි