SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“සියලු දේ ගැන විමසන්නේ දාර්ශනිකව...

 එහෙම නැතිව නිකන් ගොන් විධියට නෙවෙයි" (ස්පාර්ටකස් ලිපි)

දාර්ශනිකව දේවල් විමසීම යනු කුමක්ද?

මේ ලෝකයේ සිටි දහස් ගණන් දාර්ශනිකයින් දෙසා වදාළ සියල්ල කියවා,

ඒවා තුලින් සියල්ල විමසා බැලීම ද?

කෙනෙකුගේ ජීවිත කාලය තුල එය කල නොහැක්කකි. එසේ නම් එසේ කියන පුද්ගලයා යම් දාර්ශනික කොට්ඨාශයක් තෝරාගත යුතුව ඇත. ඒ බටහිර දාර්ශනිකයින් පමණක් නම්, එසේ වුව ද බටහිර දාර්ශනිකයින් ඝනයට වැටෙන සියලු බටහිර දාර්ශනිකයින් වදාළ සියල්ල ද කියවිය නොහැක.

 

thaman gena baya 2

එබැවින් බටහිර පිළිගත් දාර්ශනිකයින් ලෙස කුලකයක් හෝ නියැදියක් තෝරාගත යුතුව ඇත. එසේ තෝරාගන්නේ කුමන පදනම මත ද (එවිට "පිළිගත්" යනු කුමක් ද?). එසේ නොමැති නම් ඒ පිළිගත් යන කුලකය හෝ නියැදිය පමණක් දාර්ශනිකයින් ලෙස භාරගත යුතුව ඇත. ඉන් පසුව කල යුතුව ඇත්තේ එම කුලකය හෝ නියදියට අයත් දාර්ශනිකයින් ලියා ඇති පොත් තමන් නිදි වරා කියවන බවත්, තමන්ගේ බිරිඳ පවා තමන් අතහැර යන මට්ටමට තමන් ඒ සඳහා කැපව ඇති බවත්, එක තැන සිට කියවීම නිසා තමන් තරබාරු වී, මුහුණ ද ඉදිමී ඇති බවත් පෙන්වීමයි.

සත්තකින්ම යමෙකු එසේ කරනවායි සිතන්නේ නම්, ඉන් පසුව නැගෙන ප්‍රශ්නය වන්නේ එම දාර්ශනිකයින් පවසා ඇති අර්ථයෙන්ම ඒ දේවල් දාර්ශනිකව ලෝකය විමසා බැලීමට බලාපොරොත්තු වන්නාහට තේරුම් ගියේ ද යන්නයි. එසේ තේරුම් ගත්තේ ද නැද්ද යන්න විමසා බැලිය හැකි නිශ්චිත ආකාරයක් මෙදියත නොමැත. එබැවින් එකම විසඳුම වන්නේ ඒ සඳහා ඇකඩමික මුද්‍රාව ලබා ගැනීමයි (මහා අනෙකාගේ පැවැත්ම පිළිගැනීම). එබැවින් එම නිශ්චිත අකාරය ඇකඩමික මුද්‍රාව ලෙස පිළිගත යුතුව ඇත. ඒ අනුව සියල්ල තීරණය විය යුත්තේ ඇකඩමික මුද්‍රාව තුලින් බව එවැන්නන්ගේ පිළිගැනීමයි. මෙහිදී සියල්ල යනු දර්ශනය පමණක් නොවේ. මෙදියත වසන සියලු මිනිසුන් ඇතුළු සකල සත්ව, ශාක, ඇතුලත් සමස්ත විශ්වය (විශ්වය පරිමාන වන්නේ විද්‍යාව විසින් අර්ථකථනය කර ඇති පරිමිතිය තුල) පිළිබඳව සියල්ල ඇකඩමික දූරාවලිය තුලින් තීරණය විය යුතු බවත්, සියලු දෙනා ඊට අවනත විය යුතු බවත් පිළිගැනීමයි.

 

කෝවිඩ් වසංගතය සමයේ "කරුණාකරලා පිස්සු කෙලින්න එපා විද්‍යාව කියන දේ කරන්න... විද්‍යාවට අවනත වෙන්න..." යනුවෙන් එවනි කල්ලීන් විසින් ප්‍රකාශ කලේ එබැවිනි.

 

ඉහත කී ස්ථාවරය පිළිගන්නේ නම්, ඊට අනුව වාස්තවික යථාර්ථය පවතින බව පිළිගත යුතුව ඇති අතර එය සංජානනය කල හැකි විය යුතුය. "කරුණාකරලා පිස්සු කෙලින්න එපා විද්‍යාව කියන දේ කරන්න... විද්‍යාවට අවනත වෙන්න..."යන ප්‍රකාශයේ හොඳම රාජ්‍ය කාලය වූයේ සෝවියට් සංගමය පැවති රාජ්‍යය කාලයයි (වාස්තවික යථාර්ථය පවතින අතර එය සංජානනය කල හැකි බව පිළිගත් බුද්ධි ප්‍රබෝධි බෝඩ් ලෑල්ල එල්ල ගත් හොඳම සාමය).

nasistic

 

 

නිර්මාල් දේවසිරි මේ දිනවල YouTube" චැනලයක ඉතා උනන්දුවෙන් දක්වන අදහස් තුලින් ගම්‍ය වන්නේ ඔහු වාස්තවික යථාර්තය පිළිගන්න බවයි. ඔහුට විසඳා ගත නොහැකි ප්‍රශ්නය වී ඇත්තේ බුද්ධිය පිළිබඳව ප්‍රශ්නයයි. ඔහුට අනුව, ඔහු බලාපොරොත්තු වන යුක්තිගරුක, වඩා යහපත් ඉදිරි සමාජ "ගොඩනැංවීමක්" වෙනුවෙන් බුද්ධිමය දේශපාලනයක් අවශ්‍යව ඇත.

ඒ අනුව ඔහු පිළිගන්නේ මාක්ස්වාදය යනු බුද්ධිමය බලය පිළිගන්න, බුද්ධිය වැඩවීම අභිනන්දනය කරන, බුද්ධිය තුලින් ඉදිරියට යන සමාජයක් වෙනුවෙන් සෑදුන "දර්ශනයකි" යන්නයි. ඔහුට පමණක් නොව මුළු වාමාංශික ඉතිහාසයේ අතිමහත් බහුතරයකගේ අදහස එයයි (එය තහවුරු කරන ලද්දේ එංගල්ස් සහ ලෙනින් විසිනි). වාමාංශිකයින් විසින් අති විශාල පුද්ගලික පුස්තකාල නඩත්තු කරනුයේ එබැවිනි (පසුගිය දිනක ටී. අන්ද්‍රාදිගේ පුස්තකාලය නැරඹීමට ගොස් සිටි පිරිසක් එය දැක පුදුමයට පත්වන වීඩියෝවක් නිකුත් කොට තිබුණි). ඔවුනට අනුව සමාජවාදය තුලින් කොමියුනිස්ට් තත්වය දක්වා ගමන පවතින්නේ පිරිපහදු කරන ලද, සුපිරිසිදු බුද්ධිමය ව්‍යාපෘතියක් තුලිනි.

ලංකා සම සමාජ පක්ෂයෙන් වෙන් වූ NSSPය උදම් ඇනූයේ තමන්ගේ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව සමන්විත වන්නේ ගණිත අංශය සහ විද්‍යා අංශය තුලින් උසස් අධ්‍යාපනය ලැබූවන්ගෙන් (එහි විශාල මහාචාර්ය/අචාර්යවරුන් ප්‍රමාණයක් සිට ඇත) බව පවසමිනි (නලින් ද සිල්වා ද එකල එහි වීරයෙකි). අදට ද NSSPයේ සිට රනිල්ට කඩේ යන අය පවසනුයේ ඒ පිලිබඳ ඉතාම ආඩම්බරයෙනි. ඒ NSSPය දුර්වලව ඇති තත්වයක් යටතේ රනිල් මහා විද්‍යාවාදියා වීම තුලය.

NSSPයේ අනුප්‍රාප්තික සංවිධානය වූ X කණ්ඩායමට තිබූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ NSSP සතු වූ බුද්ධිමය බල මුද්‍රාවන් සහිත ඇකඩමික දේශපාලන බලමණ්ඩල ව්‍යුහයක ආසන්නයට හෝ එයට ළඟා වීමට නොහැකි වීමයි. ඒ අනුව දීප්ති විසින් ගොඩනැගූ ප්‍රවාදය වූයේ ලංකාවේ විශ්ව විද්‍යාල අතාර්කික බවත්, නියම දැනුමැති විශ්ව විද්‍යාල පවතින්නේ X කණ්ඩායම තුල බවත්ය. එය බටහිර විශ්ව විද්‍යාලයකට සමාන බව දිගින් දිගටම අඟවනු ලැබීය. නිර්මාල් අදට ද පසුවන්නේ එම X ස්තාවරයේය.

 

 

අද වන විට නිර්මාල් හට දර්ශනය අන් සියල්ලට ඉහලින් නොතබා ඔහුගේ එම ස්ථාවරය සාධාරණීකරණය කල නොහැකිය.

 

ඉතිහාසය මත පදනම් වීම (වාස්තවික යථාර්තය සංජානයනය කල හැකිය යන ස්ථාවරය තුල) යනු බුද්ධිවාදී ව්‍යාපෘතියයි. එය කෙතරම් ප්‍රශ්න කොට පෙන්නුව ද නිර්මාල් හට එය තේරුම් යන බවක් නොපෙනෙන්නේ ඔහු ද මහා පිපිරුමේ (එය පිළිගනිමින්) සිට සිදු වූ සියල්ල සියැසින් දුටුවාක් මෙන් ලියා දක්වන යුවල් නොවා හරාරේ වැනිම ඉතිහාස අංශ ප්‍රධානියෙකු බැවිනි. ඇත්තෙන්ම ඔහු එය තේරුම් ගැනීමට මහත් බියක් දක්වයි. ඒ එය තේරුම් ගියහොත් තමන්ට තමන් අහිමි වේය (ඊගොව යනු ආත්මය විසින් තමන්ම වස්තුකරණය කර ගැනීමයි. නාසීස්මයේ ආසනය වන්නේ ඊගොවයි) යන බියයි. එම බිය නිරන්තරයෙන් ඔහුට දැනේ. එබැවින් ඔහු ඊට මුහුණ දීමට අකමැති අතර ඔහු ඉන් පලා යයි.

අනෙක් කාරණය වන්නේ බුද්ධිවාදී ස්ථාවරය අත්හැර සහ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් නොවී මේ කිසිවෙකුට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට හෝ ප්‍රධාන ධාරාවේ දේශපාලන සංවාදවලට ප්‍රවේශ වීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර නොවීමයි.

@spartacus lipi

නවතම ලිපි