SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න නැවත පත් කිරීම අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බොහෝ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමග එම සභාවේ බෙදීමක් මතුව ඇති බව වාර්තා වේ.

මීළඟ පොලිස්පති සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් අතර ඇති වූ මතභේද හේතුවෙන් පොලිස්පති ධුරය සඳහා මේ වසරේ මාර්තු මාසයේ සිට ස්ථිර පත්වීමක් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය සඳහන් කරයි.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කළ යුතු බවට අලස් ඇමැතිවරයා දැඩිව අවධාරණය කරන අතර ජනාධිපතිවරයා ඊට විරුද්ධ වී ඇති බව වාර්තා වන බවයි ඔවුන් දක්වා ඇත්තේ.

එහි ප්‍රතිඵලය වූයේ සී.ඩී.වික්‍රමරත්න විශ්‍රාම යෑමෙන් පසු නැවත සේවයට කැඳවීමයි.

ඔහුට දැන් සිව් වතාවක් සේවා දිගු ලබා දී ඇත.

සති තුනකට අදාළ අලුත්ම සේවා දිගුව ලබා දුන්නේ නොවැම්බර් 3 වැනිදාය.

 

කෙසේ වෙතත්, පත්කිරීමේ බලධාරියා ලෙස ජනාධිපතිවරයා විසින් ලබාදුන් සේවා දිගුව අනුමත කිරීම සඳහා පොදු එකඟතාවකට පැමිණීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නොහැකි වී තිබේ.

තවත් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාම සේවා දිගුවට විරුද්ධ වූ බව වාර්තා වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, අවසන් තීරණය ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා දෙවන වරටත් අද රැස්වේ.

 

 

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා අනුමැතියකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වලංගුද යන්න පිළිබඳ නීතිමය අපැහැදිලි තත්ත්වයක් පවතියි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුත් ආයතනයකි.

එහි සාමාජිකයන් වන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, වෛද්‍ය දිනේෂා සමරරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන පිරිසයි .

එක් තනතුරක් තවමත් හිස්ව තිබේ.

 

#නිවුස් වයර් පුවතකි.

නවතම ලිපි