SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ඉතිහාස කතාව පැන නැගෙන්නේ 1977 ජේ ආර් ජයවර්ධන හයෙන් පහක ජනවරමක් සහිත ආණ්ඩුවක් දිනාගැනීමත් සමග ඇරඹි ජයවර්ධන පාලන කාලය තුළය.

ඒ 1972 ව්‍යවස්ථාව අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු අභියාචනාධිකරණ විනිසුරුවරයකු සහ මහාධිකරණ දිස්ත්‍රික් උසාවියක විනිසුරුවරයකුගෙන් සමන්විත විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පිහිටුවීමට ප්‍රතිපාදන සපයා තිබීමෙනි.

 

යම් පුද්ගලයකු විසින් කරන ලද ක්‍රියාවක් මත  ඔහුට විරුද්ධව ප්‍රජා අයිතිය අහෝසි කිරීම් පැනවීමට නිර්දේශ කිරීම උදෙසා ඔවුන් වෙත පැවරිණි. කොමිසම එවැනි තීන්දුවක් දුන්නොත් එවැනි පුද්ගලයකු පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් වැරදිකරු යයි තීරණය වූ විට එම පුද්ගලයාගේ ප්‍රජා අයිතිය අවුරුදු හතකට වැඩි නොවන කාලයකට අත්හිටුවීමටත් එම තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් ඔහුගේ/ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමටත් මේ වගන්තියෙන් ප්‍රතිපාදන ලැබී තිබුණේය.

 

ප්රජා අයිතිය 2

 

1980 අගෝස්තුවේ ඒ ආකාරයට කටයුතු සිදුවෙමින්, ජේ.ජී.ටී. වීරරත්න ගරු එස්. සර්වානන්දන් (ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු) සහ කේ.සී.ඊ. ද අල්විස් (මහාධිකරණ විිනිසුරු) යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති  විමර්ශන කොමිසමක් පිහිටුවීය. කොමිසමේ වාර්තාව 1980 දී ප්‍රසිද්ධ කරන ලදී. එය 1980 සැප්තැම්බරයේදී ගැසට් නිවේදනයේ වාර්තා විය.

 

ප්රජා අයිතිය 3

 

එදා  එම කොමිසමේ නිර්දේශ පිළිගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. බණ්ඩාරනායක මැතිනිය විසින්  බලය අනිසි ලෙස භාවිතා කිරීම හෝ බලය අයථා පරිදි භාවිතා කිරීම යන ක්‍රියාවල නිරත වීම නිසා ඇගේ ප්‍රජා අයිතිය කිසියම් කාලයකට අහෝසි කිරීමකට භාජනය කළ යුතු බවට විමර්ශන කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කොට තිබිණි.

 

 

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පදනම් කරගත් පාලන යුගයේ විධායක ජනාධිපතිවරයා වන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ බෑණනුවන් ය.

 

praja aithiya

 

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) පාර්ලිමේන්තුවේ දී යෝජනා කර ඇත.

 

මෙම පිරිස විසින් රට බංකොලොත් භාවයට පත් කිරීමට කටයුතු කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මත මෙම පියවර ගත යුතු බවද ඔහු කියා ඇත.

එහි මූලික පියවර ලෙස විශේෂ ජනාධිපති කොමිසමක් පත් කල යුතු බවත් එය කල හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් විපක්ෂනායකවරයා පවසයි.

 

 

 

එය සැබෑවකි. ආර්ථික අර්බූධ, දේශපාලන අර්බූධ සියල්ල මැද පසුගිය මහ මැතිවරණයෙන් ආසනයවත් බේරා ගත නොහැකි වූ ජේ ආර් ගේ බෑණා දැන් මේ රටේ විධායක ජනාධිපතිවරයාය.

 

පහුගිය දිනවල පොහොට්ටු ලොක්කන් යම් තරමකට ජනාධිපතිවරයා පාලනය කරනු අපි දුටුවෙමු. කල් යල් ගත් ජනාධිපතිවරයාට වරමක් ලැබී ඇත්තේ ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම මාරුකරන්නටද? නැතහොත් තම කපටි ඥානයෙන් මොවුන්ව විය ගසෙහි බැඳ දැමීමකටද වියහැකිය.

 

 

 

ප්රජා 5

 

අරගලයේ උවමනාව ඉටුකරදී කපටි ඥානයෙන් අත්පත් කරගත් අරගලයෙන් උපන් ජනාධිපතිවරයා නාමය අරගලයේ ජනාධිපති ලෙස  භෞතීෂ්ම කරන්නටද  හැකිය.

නැතහොත් මෙවන් වීර ක්‍රියාවක් කරමින් මෝඩ පොදු ජනතාවගේ මනාපය ඉදිරි ඡන්දයකදී  ලබාගන්නටද හැකිය.

එහෙත් ප්‍රභූ තන්ත්‍රය රැකීම බොහෝවිට වික්‍රමසිංහ පෙළපතේ මූලික කාරණයක්ද විය හැකිය.

 

කව්රු පන්නා දැමූවද, කාගේ අයිතීන් ගලවා දැමූවද රට පත්ව ඇති උගුලෙන් ගැලවෙන්නට එය සාධකයක් නොවන්නේය. මන්ද මෙම අර්බූධය හුදෙක් රාජපක්ෂලා පමණක් නිමැවූ අර්බූධයක්ය යන්න වටහා ගත් මුග්ධ වාමාංශිකයන් සිතනා පිලිවෙලින් මින් මිදිය නොහැකිය.

 

ඉදිරිය ව්‍යසනකාරීය. බල ලෝභයෙන් ගලවා ගත හැකි කිසිවක් නැත.

ඡන්දයකදී ජනතා බලය අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාජබයට  අත්පත් කරගන්නට ඉඩකඩ වැඩි අතර එසේ ලදහොත් ඔවුන්ද හමාරය.

 

 

ඔවුන්ට ඉන් ගැලවී බලය අභ්‍යාස කරන්නේ නම් කළහැකි එකම ක්‍රමය මර්ධනය පමණක්ය. මර්ධනය තුළින් මිනිසුන්ගේ සිහින අකුලා පොළොවේ ගසා සැබෑ යථාර්තයට මුහුණ දීමට මිනිසුන් බලහත්කාරයෙන් තල්ලු කළ හැකිය.

 

තුන් වේල ලෙව කමින් හෝ ධනේෂ්වර සිහිනයේ ගිලෙන රටකට ඔබින දකුණක් මෙන්ම වමකුත් බිහිව ඇත්තේය.

 

සිහින අකුලා ගන්නට කැමැත්තෝ කවරහුද?

 

 

@සමාරා පරණවිතාන  

නවතම ලිපි