SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ද්විත්ව පුරවැසිභාවය දරමින් මන්ත්‍රී ධුරයට පත්ව සිටීම

අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුව ඊයේ (31) අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභා කර ඇති අතර ඩයනා ගමගේ ගේ මන්ත්‍රී  ධුරය සුරක්ෂිතව ඇත.

 

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර, එහි තීන්දුව ලබාදීම විවිධ හේතු මත අවස්ථා කිහිපයකදී කල් දමනු ලැබිනි.

 

dayana 2

මේ ඒ පිළිබඳව Subhashini Wipfler විසින් සමාජ මාධ්‍යයේ තබා තිබූ සටහනක්.

 

මිත්‍රවරුනි. ජනරජයේ සියළුම සංකල්ප අසමත් වී ඇති බව මා දකින මව්බිම සටහන් වල පළමු සටහනින් ලියා තැබුවෙමි.

 

 

ඩයනා විසින් අපගේ අසමත් ක්‍රමවේදය උගුල්ලා උලුප්පා අපට පෙන්වා දෙන බව ලියා සතියකි. අද එය ඉතාම සංවේදීව තහවුරු විය.ඩයනා ගමගේ නම් කාන්තාව රැඩිකල් වුයේ ගංජා හිතවතුන්ට පමණි.රාජපක්ෂ හිතවතුන්ට පමණි.රාත්‍රී ආර්ථිකය ගැන කතා කලේ තමන්ට ඉල්ලා සිටි කැසිනෝ බලපත්‍රය වෙනුවෙන් බව දන්නේ කීයෙන් කී දෙනාද? ඩයනා බ්‍රිතාන්‍ය පුරවැසියකු වීත් ප්‍රතිශෝදිත,සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ,දිව්ත්ව හා විදේශ යන පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවේ සාමාජිකයකු විය නොහැකි නම්,ගරු අධිකරණය ඩයනා ගේ පත්වීම සාධාරණිකරණය කරනු ලබන බෙදුණු තීන්දුවකට එළඹීම ම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව පමණක් නොව අධිකරණයද ප්‍රතික්ෂේප කරන බවට තහවුරු කිරීමකි.එය බරපතල තත්ත්වයකි.

 

 

රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධ යම් කථාවක් කී පමණින් ඔහුට බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.ඩොනල්ඩ් ට්‍ර්මප්ට ගිය සතියේ අධිකරණ සේවිකාවකට කල අපහාසය අධිකරණය ට කල අපහසයක් ලෙස සලකා ඩොලර් 10000 ක් දඩයක් නියම කරන ලදී. රන්ජන් සිරගතව සිටියදී දේශපාලන වාසි වෙනුවෙන් ඔහුගේ සිරගත කිරීම බාවිතයට ගන්නා ලදී.රන්ජන් උඩුගම් බලා ගියේ පාර්ලිමේන්තු ක්‍රමයේම දුෂිත බවටය. එහෙත් ඩයනා ට එවැනි ප්‍රගතිශීලි මාවතක් වීද ? නැත.

 

 

ඇගේ ගමන් මග සම්ප්‍රදායික මායිම් බිඳ දමා යන ගමනක් යයි කාන්තාවන් ගේ ජයග්‍රහණ අතුගා දැමීමට සැලසුම් කරන සුළුතරයකට අර්ථ දක්වා,ඩයනා පරමාදර්ශී ගැහැණිය යයි ලංකාවේ ස්ථාපිත කර ගැහැනුන් අජූත කිරීමේ මෙහෙයුමක් පවතී. ඒ මෙහෙයුම ගැහැණුන්ට කැමති නැති පිරිමින් ඩයනා ආරක්ෂා කරන්නට පෙළ ගැසී සිටින ආකාරයෙන් පැහැදිලිය. එය සුක්ෂම ලෙස වටහාගත් මාධ්‍ය මිතුරකු මා සමග පැවසුවද එදා මා එය පිළිගත්තේ නැත. එහෙත් අද එය තහවුරු කර ඇත.

 

ආසන්න සිද්ධියේදී පිරිමින් ඩයනට අපහාස කලත් ගැහැනුන් ප්‍රචණ්ඩත්වය සමව ගෙන මධ්‍යස්ථව සිටියෝය. එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඩයනා ගේ පිටුපසින් සිටගත්තේ නැත.එකදු මානව හිමිකම් හෝ සමාජ ක්‍රියාධාරිනියක් ඩයනා පිටුපසින් සිටගත්තේ නැත.ඩයනාට පහර දීම අදටත් වරදක් යයි දකින බොහෝ දෙනෙක් ඩයනාගේ දේශපාලනය රැඩිකල් ලෙස දකින්නේ නැත.එය වංචනික හා දෝන කමලාවතී ගනයේ එකක් බව බොහෝ උගත් කාන්තාවන් මා සමග කියා ඇත.එලෙස කියූ මිතුරන්ද මේ සටහන කියවනු ඇත.

 

 

ඩයනා ආරක්ෂා කරන සිස්ටම් එක අද වන විටත් පැහැදිලිය. සක්සුදක් සේ විනිවිද ලෙසම ඩයනා ලංකාවේ පරමාදර්ශී කාන්තාව ලෙස භෞතිෂ්ම කරන්නට කාලයක් තිස්සේ උත්සාහ දරන්නේ ලංකාවේ අවධි වන කාන්තා දේශපාලනය මොට කර දැමීමට ය. එය පැහදිලිවම කාන්තාවන්ට එරෙහි උපක්‍රමයකි.එය ඩයනා ලවා ශාක්ෂාත් කරගැනීමට ලංකාවේ සිස්ටම් එක සහයක් දෙයි.

 

 

අපට රට ගැන හා එහි විශ්වාශ කල හැකි කිසිම ආයතනයක් ඇති බවට තවත් අපේක්ෂා තබා ගත නොහැකි බව පෙනී යයි. රටට පුවත් පමණක් මැවූ ඩයනාගේ තීන්දුවට සමගාමීව රටට විශාල සේවයක් කළ ගීතා ගේ ද්විත්ව පුරවැසි බව අහිමි කිරීමේ වන්දිය ද ගීතා ට හිමි විය යුතුය. ඒ වෙනුවෙන් ගීතාට ගෙවිය යුතු වන්දිය විශාලය. ගීතා දහස් ගණනකට රැකියා සැපයු අතර ලංකාවේ ප්‍රධාන ඇපරල් අපනයනය කරන නෙලුම් හා අරලිය පැෂන් ඇඟලුම් ජාලයේ අයිතිකාරිය විය. ගීතා ගේ දේශපාලනය මගේ එක නොවන නමුත් ගීතාට දිව්ත්ව පුරවැසිභාවයක් ඇතිව රටට තවත් සේවය කරන්නට හැකි විම අනුමත කරන්නේ ඇගෙන් ලංකාවේ ආර්ථිකයට වන දායකත්වය නිසාය.

 

මේ සියල්ල තුළ අපට වැටහෙන දුෂිත ,ව්‍යවස්ථා විරෝධී පද්දතිය ගැන තවත් විශ්වාශ තැබිය නොහැකි නම් එය වෙනස් කල යුතුය. ජනතාවගේ වගකීම එයයි.

 

නවතම ලිපි