SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෘථිවි ගෝලය පුරා වසර මිලියන ගණනක් තිස්සේ විවිධ විපර්‍යාසයන්ට භාජනය වෙමින් අයිස් යුගයන්, උණුසුම් යුගයන් පසුකල ආ බැව් සෑබෑය.

නමුත් ඒ සියල්ල ස්වභාවීක සංසිද්ධීන් මිස මානව බලපෑමක් නිසා සිදු වූවක් නොවේ.

 

මෙතෙක් කල් වසර මිලියන ගණනක් සිදුවූ විපර්‍යාසයන්හී ස්වභාවීක තත්ත්ව විචලනයන් මගින් එක් කලකදි මානව වර්ගයා බිහි විය. එතැන් පටන් දීර්ඝ කාලීනව සිදුවූ පරිණාමයන් මගින් වර්තමානය මානව වර්ගයාත් අනිකුත් සත්ත්වයිනුත් පෘථිවිය මත මෙලෙස ජීවත්වෙමින් සිටී.

 

 

නමුත් මෙතෙක් කල් ගලා ආ සාධාරණ ගමන් මග වෙනස් කරමින් මීට දශක ගණනාවකට පෙර මිනිස් වර්ගයා විසින් ස්වභාදහම අතික්‍රමණය කිරීම ඇරඹූ අතර ඉන් පසු කෙමෙන්  කෙමෙන් අවධානම් දශක ගෙවා දමමින් තිබේ.

 

 

ඉකුත් දශකවල දශකයෙන් දශකයෙන් පැහැදිලි උෂ්ණත්ව වෙනස්කම් නිරීක්ෂණය කිරීමට සමත් වූ විශ්ලේෂකයින් අද වනවිට වසරින් වසර සිදුවන විශ්මයජනක වෙනස්කම් සොයාගැනීනට සමත්ව තිබේ.

එය සමත් වීමක් ලෙස ගෙන ප්‍රිතීඝෝෂා පැවැත්විය යුතු කරුණක් නොවන්නෙ ඒ අප පෘථිවි ගෝලයේ ජීවය අවසන් වීමේ පෙරනිමිතිවල රතු නිවේදන වීම නිසායි.

 

 

 

ග්ලැසියර දියවීම , ධ්‍රැව ප්‍රදේශවල හිම තට්ටුවල ඝණත්වය අඩුවීම , උෂ්ණත්වය වැඩිවීම , ඒ ආශ්‍රිත ආවේණීක ජීවීන් අතුරුදහන් වීම පසුගිය දශක දෙක තුන තුල සුලභ නිරීක්ෂණයන් බවට පත්විය.

 

 

මේ වනවිට ලොව විශාලම හිමායිත මහද්වීපය වූ ඇන්ටාර්ටිකාවේ අයිස් තට්ටු දියවීම අතිශය වේගයෙන් සිදුවෙමින් පවතී. එය කෙතරම්ද යත් අන් කිසිදාක ශාක පිහිටීම් නොදුටු කළපවල මේවනවිට තෘණ හා මල් සහිත පැලෑටී ව්‍යාප්තවීම දක්ණට ලැබෙමින් තිබේ.

 

 

ඇතැම් පාර්ශව මෙය ජයග්‍රහණයක් ලෙස සලකා සිටින්නෙ තව නොබෝ දිනකින් ඇන්ටාර්ටිකාවේ කෘෂි වගාවන් ඇරඹිය හැකි බවත් ඉන් විශාල අස්වැන්නක් ලබා විශාල ලාභයක් ලැබීමේ හැකියාව ඇති බවට උදම් අනමින් වීම අතිශය පිළිකුල් සහගතය.

 

ඇන්ටාර්ක්ටිකාව වැනි ධ්‍රැවීය ප්‍රදේශවල එසේ වැඩිවන උෂ්ණත්වය ලෝකයේ වැඩිම ජනඝනත්වයක් සහිත සමකාසන්න කලාපවල උෂ්ණත්වයට කෙසේ බලපානු ඇති ද?

 

 

ඉකුත් වසර කීපයේ ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශවලින් 40°c + උෂ්ණත්වයන් වාර්තා වීමත් තාප කම්පණ තත්ත්වයට පත්වීමෙන් පුද්ගල මරණ කීපයක් වාර්ථා වීමත් දක්නට ලැඹුණි. ඒ සියල්ල පූර්ව අනතුරු ඇගවීම් මිස සාමාන්‍ය තත්ත්වයන් නොවේ.

 

 

පසුගිය මාසයේ ලිබියාවේ ඩෙර්නා නගරය ආශ්‍රීතව බලපෑ දරුණු සුළිකුණාටු තත්ත්වයෙන් 20000+ මිනිස් ජීවීත ප්‍රමාණයක් අහිමි වීම විදෙස් පුවත්වල කැපීපෙනෙනු පුවතක් විය. එහි වඩා බරපතලම කරුණනම් ලිබියාව කාන්තාර දේශගුණයක් පවතින ශුෂ්ක වර්ෂාපතනය අවම ප්‍රදේශයක් වීමත් මෙවන් හදිසි දැඩි වර්ෂාපතනයක් ලැබීම අසාමාන්‍ය වීමත්‍ ය.

 

කෙසේ වෙතත් කෙටිකාලයක් තුල දැඩි සුළගක් සමගින් ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් ඩෙර්නා ගංගා වේලී බිදවැටී මීටර් ගණනක් ඉහල ගිය මඩ සහිත ගංවතුර මගින් නිවාස බිදදමමින් 20000 ක් පමණ ජනතාවක් මධ්‍යධරණී සාගරය වෙත ඇදගෙන ගොස් තිබුණි.

 

ඉන් පසු චීනයේත් මෙවන් සිදුවීම් කීපයක් වාර්ථා විය. ( වීඩීයෝ සබැදියක් පළමු කමෙන්ටුවෙ ) ලංකාව තුල ඉකුත් මාසයේ හටගෙන තිබූ වර්ෂා සහිත කාළගුණය වූවද සාමාන්‍ය මෝසම් ක්‍රියාවලියක් නොවේ. නමුත් වගකිවයුතු පාර්ශව මේ සියල්ල වසන් කරමින් සිටී.

 

 

එල් නිනෝ - ලා නීනා වැනි පැසිෆික් සාගරයේ සිදුවන ක්‍රියාවලියන් ද ලෝක කාලගුණයට සැලකිය යුතු බලපෑමක් සිදුකරයි. එවන්ම වූ ක්‍රියාවලියක් ලංකාව ආශ්‍රීත ඉන්දියානු සාගරය තුලද සිදුවන බව බොහෝ දෙනෙක් නොදන්නවා විය යුතුයි. IOD හෙවත් 'ඉන්දියානු සාගර ඩිපෝලය' මගින්ද ලංකාවේ කාළගුණයටත් මෙම අසාමාන්‍ය වැසි තත්ත්වයන් හා අධික උණුසුමටත් මූලයන් සකසයි. කෙසේ වෙතත් IOD , එල් නීනෝ ලා නීනා මේ සියල්ලෙහිම බලපෑම දැඩිවීඅට හේතූ සාධක වන්නෙ ගෝලිය උණුසුම ඉහල යාමයි. අන් කවරදාරත් වඩා මෙම ක්‍රියාවලියන් බලපෑම්සහගත වී තිබේ.

 

 

 

වඩා දරුණුම කරුණ නම් සිදුවෙමින් පවතින විපර්‍යාසයන් හෝ වත්මන් තත්ත්වයන් පිළිබදවත් අප මුහුණදෙන්නට නියමිත තත්ත්වයන් පිළිබදවත් වගකිවයුතු කිසිදු පාර්ශවයක් විසින් ජනතාව දැනුවත් නොකිරීමයි.

 

 

අඩු තරමින් පාසල් / විශ්වවිද්‍යාල අධ්‍යාපණය තුල හෝ මෙවන් ක්ෂේත්‍ර පිළිබද ඇතුලත් වේද යන්න සැක සහිතයි.

 

 

@Tharaka Wijebahu

නවතම ලිපි