SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මස්බැද්ද (Gymnema sylvestre) කියල කියන හරි ආශ්චර්යයමත් වැල් ජාතියක් තියේ.

දියවැඩියා රෝගීන්ට, ඇගේ සීනි පාලනයටත් බොහොම වටිනා කියන ඖෂධීය ගුණ මේකේ තියෙනවා කියල අහල කියවල තිබුනට මස්බැද්ද වැලක් ඇස් දෙකට දැක්කේ ඊයේ. ඒ වැලෙන් පොඩි කොළයක් කටේ දාගෙන හපල බැලුව කොහොමද රස කියල.

 

ඕන් ඔය අල්ල පනල්ලේ පොඩි බර්ත් ඩේ පාටියකටත් සෙට් වුනා.

 

මගේ බොහොම හිතවතෙක් වෙච්චි කල්‍යානන්ද පෙරේරා නොහොත් මැක් පෙරේරා මහත්තයාගේ බර්ත් ඩේ එක සෙලිබ්රේට් කරන්න ගත්තු පොඩි පාටියක් ඒක. පාටියේදී කොලොම්පුරේ බොහොම පරසිද්ධ කේක් සන්නාමයක් තියෙන ආයතනයකින් ගෙනාපු කේක් එකක් කපල කාලා කට්ටියම තේ බිවුවා.

මළ හත් ඉලවුවයි,, අර බ්රෑන්ඩඩ් කේක් කෑල්ලක් කන්න කෙළ ගිල ගිල හිටපු මට කන්නට ලැබුනේ මෙලෝ රහක් නැති තලපයක් ය. ⁣රහක් විදියට දැනෙන්නේ ලුණු රහ විතරයි. නියම තද දුඹුරු චොක්ලට්පාට තිබුනට මට දැනෙන්නේ යාන්තමට චොක්ලට් සුවඳක් විතරයි. සෙවල ගතියට තියෙන මාජරින් තලප කෑලි (ෆැට්ස්ප්රෙඩ් ) අයිසින් ඩෙකරේසන් හැපෙනවා අමුවට. පට්ට අප්පිරියයි.

 

කට්ටියම බොහොම ආසාවෙන් රහ කර කර කාපු කේක් එකෙන් මට මෙලෝ රහක් දැණුනේ නැත්තේ ඇයි......???

 

හේතුව, අර මං මුලින් කාපු මස්බැද්ද කොළේ පවර් එක. ඒකට දිවට පැනි රහ දැනෙන්නේ නෑ. මස්බැද්ද වලට දැනෙන්නේ නැත්තේ පැනිරහ විතරක් වුනාට දැන් මට මේ කේක් එකෙන් නියම චොක්ලට් රහ දැනෙන්නෙත් නෑ. චොක්ලට් පාටයි සුවදයි නම් දැනේ. පාටියට කලින් අහම්බයකින් මස්බැද්ද කොළයක් කාපු එකෙන් මේ බ්රෑන්ඩඩ් කේක් ගෙඩියේ තියෙන මගඩි කුපාඩි වැඩ ගොඩක් ට්රේස් කරගන්න මට පුලුවන් වුනා.

 

දැනට අවුරුදු දෙක තුනකට කලින් මේ කේක් ජාතියේ කොලටිය මීට වඩා හොඳ ය. ඒ කාලේ නියම කොකෝවා නියම පදමට ගානට දාල තිබුනා. කේක් එකේ පාට ආවේ නියම කොකෝවා වලින්, චොක්ලට් ගාර්නිස් වලින්. නියම රෙසිපියට ඔරිජිනල් අමුද්‍රව්‍ය දාලා හදපු කේක් එකෙන් ලාභයකුත් තියාගෙන කස්ටමර්ටත් ඇචීවු කරන්න පුලුවන් ගාණකට විකුණන්න පුලුවන් වුනා. ඒත් දැන් වැඩේ කෙලවෙලාය. ඔරිජිනල් ඉන්ග්රීඩියන්ස් ගිනි ගණන් ය. එවුවා හොයා ගන්නත් අමාරුයි. ඔරිජිනල් කොලටි බඩු දාලා කේක් හැදුවොත් කස්ටමර්ස්ල ගොඩකට මිල දී ගන්න බෑ. මේ අර්බුදයෙන් ගොඩ යන්න තමයි බාල අමුද්‍රව්‍ය , රස කාරක, වර්ණක සහ සීනි තියෙන්නේ. එවුවා වැඩියෙන් දාලා කේක් හැදුවම කස්ටමර්ලට ඇත්ත කේකුයි බොරු කේකුයි ලේසියෙන් අදුනගන්න බෑ.

 

 

 

පැණි රහට අර කට්ට කපටි මගෝඩි වැඩ ඔක්කොම වැහෙනවා. ඊටත් වඩා අර කේක් එකේ සන්නාමයට තියෙන වසඟය නිසා කන්නේ බාල බඩු, රහකාරක වසකාරක නෙවිද කියන යතාර්ථය වැහිල යනවා. දැනගත්තත් බ්රෑන්ඩඩ් කේක් ⁣කන්න තියෙන පෙරේතකමට එවුවා යටපත් වෙලා යනවා.

 

කල්‍යත් එක්ක කතා කරන දේශපාලනයත් මේ කේක් එකේම තියෙනවා නේද කියල මට හිතුනා .

ඒ මෙහෙමයි. ධනවාදය සාමකාමිව ගලාගෙන ගිය කාලෙත් ලංකාවේ ධනවාදය නැමති කේක් ගෙඩියේ අහිතකර පාන්පිටි, සීනි සහ රසකාරක වර්ණකාරක යම් තරමට තිබුනා. ඒ කේක් ගෙඩිය කාලා තරබාරුව දියවැඩියාව හැදිල මැරිල යන්න ටික කාලයක් යනවා. ඒ කාලේ ඇතුලේ කේක් එකේ අයිසින් පාරට, ගාර්නිස් පාරට, බ්රෑන්ඩ් එකට වසඟ වෙලා ආතල් එකේ කාලයක් අල්ලගෙන හිටිතෑකිය.

 

 

දැන් තත්වය එහෙම නෙවෙයි. දැන් ධනවාදය අර්බුදයට ගිහින්. තාමත් අයිසින් කරල ගාර්නිස් කරල , රහ කරල පෙනුමට තියාගන්න හැදුවට මේ කෙක් එකේ මළ මඟුලක් නෑ. වැඩි ගාණක් දීලා රහ කර කර කකා ඉන්න වෙන්නේ ඉක්මනින්ම පරලෝසැපත් වෙන්ඩ පුලුවන් කේක් ගෙඩියක් ය. සුපිරිම රොමෑන්තික ඇඩ්වටීස්මන්ට් වලින් ආටක නාටක රස ගුලාවකින් ඔතල කරල තියෙන මේ නස්පැස්තිය එහෙම ලේසියකට හුදී ජනතාවට ට්රේස් වෙන්නේ නෑ. එහෙම ට්රේස් වෙන්න එක්කෝ ඔලුව තදින් බිත්තියක වැදිල මොළයේ අර කිවුව පැනිරස කෘත්‍රිම රසවලට ඇබ්බැහි වෙලා තියෙන සෙන්සර්ස් යන්න ඕන. එහෙම නැතිනමි මං වගේ මස්බැද්ද තිත්ත බෙහෙත් බොන්න ඕන.

එනි වේ, හැපි බර්ත් ඩේ කල්යා.

@ගැමුණු සාලිය පෙරේරා

(මහජන සෞඛ්‍ය පරීක්ෂක)

නවතම ලිපි