SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුලිට්සර් පැරදවූ 13 වියැති පත්තර මල්ලී “කිඩ් බිලින්ක්”

1899 ජුලි 18 වෙනිදා, නිව් යෝර්ක් හි ක්වීන්ස් හි ලෝන්ග් අයිලන්ඩ් සිටිහි, පත්තර කොල්ලන් පිරිසකට පුදුම සහගත කරුණක් හමුවිය.

එකල පත්තර බෙදා හැරියේ ලාබාල ගැටවුන් සහ ගැටිස්සියන් හරහාය.

 

ඒ සොයා ගැනීම නම් පත්තර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල දී සැපයුම්කරු ලබා දි ඇත්තේ තමන් ගෙවූ මුදල් ප්‍රමාණයට වඩා අඩු පුවත්පත් ප්‍රමාණයක් බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් මේ තරුණ පත්තර බෙදාහරින්නෝ ප්‍රශ්ණය විසඳා ගැනීම  තම අතට ගත්හ. ඔවුන් සැපයුම්කරුගේ කරත්තය පෙරළා, ඔහුව නගරයෙන් නෙරපා හැර, ඔහුගේ පුවත්පත් විනාශ කර හෝ සොරකම් කළහ.

 

එකල පුවත්පත් අධිකාරිය තිබුණේ  රැන්ඩොල්ෆ් හර්ස්ට් සහ ජෝසප් පුලිට්සර් යන ප්‍රකාශකයන්  අතය.  පුවත්පත් මිටි මිලදී ගැනීමේ අධික පිරිවැය පිළිබඳව පත්තර කොලු-කෙල්ලන් කේන්තියට පත්ව සිටි  මෑන්හැටන් හි මෙම සිදුවීම ඉක්මනින් ප්‍රසිද්ධියට පත් විය.

 

 

පසුදින, නගර ශාලාවේ උද්‍යානයට රැස් වූ විශාල පත්තර කොලු කෙල්ලෝ   සංගමයක් පිහිටුවා ගත්හ.  ලබාල ලුවී බැලට්  (Louis Baletti) නම් තරුණයෙකු ඔවුන්ගේ සභාපති ලෙස තේරී පත් විය. ඔහුගේ භාවිත නම වූයේ (“Kid Blink”) කිඩ් බ්ලින්ක්  යනුය.

 

 

පුවත්පත් සඳහා පුවත්පත් මිල අඩු කරන ලෙස බලකරමින්   ඔවුහු එක්ව නගරය පුරා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කළහ. අභියෝග මැද වුවද මේ අධිෂ්ඨානශීලී තරුණ පිරිස ජයග්‍රහණය අත්කර ගත්හ.

 

paththara malli 2

Kid Blink ට එම අවස්ථාවෙහි වයස 13ක් වන්නට ඇතැයි කියවේ.

 

 

කිඩ් බ්ලින්ක් හැඳින්වූයේ සිත් ඇදගන්නා දරුවෙකු ලෙසය. ඔහුට පෙනීම තිබුණේ එක ඇසකිනි.  අනෙක් ඇසේ  වැසිමක් පැළඳ තිබුණි.  බ්ලින්ක් වැඩවර්ජනයේදී නිව්ස්බෝයිස් නායකයා ලෙස ප්‍රසිද්ධ විය.

 

එවකට කිඩ් බ්ලින්ක්ගේ වයස අවුරුදු 13ක් හෝ 14ක් පමණ වන බව ආරංචි මාර්ග අනුමාන කරයි. Kid Blink අප  සිතනවාට වඩා බලවත් විය. ඔහු නිව් යෝර්ක් නගරයේ සියලු පුවත් වසා දැමීය. ඔහු සමඟ, නිව් යෝර්ක්හි බලවත්ම මිනිසුන් දෙදෙනා වන ජෝසෆ් පුලිට්සර් සහ විලියම් රැන්ඩොල්ෆ් හර්ස්ට්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට තවත් නිව්ස්බෝයිස් දහස් ගණනක් එක් වූහ.

 

 

එකළ නිව්යෝර්ක්හි එකම මාධ්‍ය වූයේ පුවත්පත් පමණි. එබැවින් පුවත්පත් ඉවත් කිරීම නිව් යෝර්ක්හි අන්තර්ජාලය, ගුවන්විදුලිය සහ රූපවාහිනී ප්‍රවේශය ඉවත් කිරීම හා සමාන විය.

 

කෙසේ වෙතත්, ඔහු එතැනින් නතර වූයේ නැත. Kid Blink  බෘක්ලින් පාලම මත විවිධ රැලි පැවැත්වීය. ඔහු රැලි සංවිධානය කළේ නිවාස නොමැති දරුවන්ට ලබා ගත හැකි සම්පත් මගිනි.   පුලිට්සර් සහ හර්ස්ට් පසුබසින්නේ නැති බවත් පත්තර කොලු කෙල්ලන්ට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන බවත් කිඩ් බ්ලින්ක් දැනගෙන සිටියේය.

කෙසේ වෙතත්, පත්තර කොලු කෙල්ලෝ  ආපසු නොගොස් නොගොස් සිය ස්ථාවරයේම සිටියේය. අවසානයේදී පුලිට්සර් සහ හර්ස්ට් පසු බැස්සහ.  පත්තර බෙදා හරින ලාබල තරුණ පිරිසේ  ඉල්ලීම් ලබා දුන්හ.  එමගින් කිඩ් බ්ලින්ක්  ඉතිහාසයේ වඩාත්ම විස්මිත, සහ වඩාත්ම කම්පන සහගත බලවත් දරුවකු ලෙස ඉතිහාසයට එක් විය.

 

 

ඉංග්‍රිසි ලිපිය Historic Vids  නම් ටිවිටරයෙනි.

@srilankabrief

නවතම ලිපි