SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අයි ටී එන් නාලිකාවේ පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවන පූරකවරයෙක් වූ සමබිම නැමැති පක්ෂයේ වර්තමාන නායකයා වූ  දීප්ති කුමාර ගුණරත්න 90 දශකයේ ලංකාවේ බිහිවූ,  දැනට බෙදී වෙන්ව ගොස් ඇති  X කණ්ඩායමේද නායකයාය.

පසුගිය දිනෙක අයිටීඑන් නාලිකාවේ සභාපති  සුදර්ශන ගුණවර්ධනගේ මැදිහත්වීම මත පත්තරෙන් එහා වැඩසටහනට පැරණි එක්ස් කණ්ඩායමේ සාමාජික මහාචාර්ය නිර්මාල් දේවසිරිව ගෙන්වන ලද අතර සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව විශාල කතාබහක් එකී වැඩසටහනට පූර්වයෙහි ඇතිව තිබුණි.

 

එහෙත් පූරකවරයා ලෙස සිටි දීප්ති කුමාර විසින් වැඩි කාලයක් ප්‍රශ්න සඳහා ලබාගත් එම වැඩසටහනෙන් හෙළිදරව් වූයේ තවමත් බෙදී වෙන්ව සිටින නිර්මාල් සහ දීප්ති අතර මතවාදී වෙනසක් නොවන බවය.

එසේනම් ඔවුන් බෙදී වෙන්වන්ට ඇත්තේ දේශපාලන කරුණක් නිසා නොව පුද්ගලික කාරණා පදනම්වය යන්න පිළිබඳවද සමාජ මාධ්‍ය කතිකාවක් ගොඩනැගී ඇත.

 

ස්පාර්ටකස් සාමූහිකයේ මාධව රුවන්පතිරණ විසින් පහත සටහන ලියා ඇත්තේ එවන් පසුබිමක් තුළය.

අපගේ පාඨකයින්ගේ දැනගැනීම පිණිස එකී සටහන පහත පළකරන්නෙමු.

 ----------------------------------

Nirmal Deepthi

 

X කණ්ඩායමේ මූලිකම ස්ථාවරය වූයේ නූතන විද්‍යාව පිළිගැනීම සහ ඒ මත පදනම් වීමයි.

එහි දේශපාලන ස්ථාවරය ඇතුළු සියල්ල විද්‍යාව මත පදනම්ව සකස් වී තිබුණි.

 

 

X කණ්ඩායමේ ස්ථාවරයට අනුව සියල්ල විද්‍යාත්මක විය යුතු බවත්, සියල්ල විමසා බැලිය යුත්තේ විද්‍යාව තුලින් බවත්, රාජ්‍ය, කෘෂි කර්මාන්තය, ආහාර, අධ්‍යාපනය, දේශපාලනය, සමාජය, මිනිස් ජීවිතය ඇතුළු සියල්ල විද්‍යානුකූලව සකස් විය යුතු බවත් ඔවුන් තුලින් ප්‍රකාශ විය. එසේම විද්‍යාත්මක දියුණුවේ සියලු අංගෝපාංග රටට අත්කොට දිය නොහැකි දේශපාලනය ඔවුන්ගේ විවේචනයට ලක්විය. X දේශපාලනය ආමන්ත්‍රණය කරන ලද්දේ සමාජ සංවර්ධනයේ ලාංකීය ඊළඟ පියවර ලෙස දියණු ධනවාදයක් රට තුල සංස්ථාපනය කොට ගැනීමේ දේශපාලන ව්‍යාපාරයක් සඳහාය.

 

 

X කණ්ඩායම විසින් සමාජ ගත කිරීමට උත්සාහ දැරූ (කල නොහැකි ක්‍රියාවක්) ලකානියානු මනොවිශ්ලේෂණය පිළිබඳව රචනා කියවන්නෙකුට ඒ පිළිබඳව අදහස් දැක්වීම් සවන්දෙන්නෙකුට වැටහෙන තවත් කාරණයක් වන්නේ මනොවිශ්ලේෂණය යනු ප්‍රධාන වශයෙන්ම සිනමා විචාර සඳහා භාවිතා කල හැකි "දැනුම් පද්ධතියක්" ලෙසය. ඒ හැරුනුකොට නවකතා, කෙටි කතා, නාට්‍ය වැනි දේ සඳහාද එය යොදා ගත හැකි බවයි. මේ හේතුවෙන් 2004 එහි උච්ඡාස්තානය ලෙස සලකුණු වෙමින් විවිධාකාරයේ කලා කරුවන්, කලා විචාරකයින් X කණ්ඩායම වටා රොක්විය. අශෝක හඳගම, සමන් වික්‍රමාරච්චි වැනි විකටයින් ඔවුන්ගේ වීරයින් බවට පත්විය.

 

 

එසේම මනොවිශ්ලේෂණය යනු ධනවාදය තුල ජීවිතය සකස් කොට ගැනීම සඳහා වන මෙවලමක් ලෙස භාවිතා කල හැකි බව අනෙක් ප්‍රධාන X ඉදිරිපත් කිරීමයි. එබැවින් "ශිෂ්ටත්වයේ සිහිනය" දරාගත් X කණ්ඩායම කරා ජීවිතය සකස් කොට ගැනීමේ අරමුණින් ද බොහෝ දෙනෙකු පැමිණියෝය.

 

X කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් වලට අනුව පරමාදර්ශී ලෝකයේ දියුණුම රාජ්‍ය ඇමරිකාව (අදටත් දීප්ති පවසන්නේ එසේය) වන අතර ලංකාවට ශිෂ්ටත්වය ලඟාකොට දිය හැක්කේ රනිල් වික්‍රමසිංහට බව එහි සියලු දෙනා පිළිගත් කාරණයකි. ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් තුල එම ස්ථාවරය ඔවුන් කිසි දිනක හරියාකාරව තේරුම් නොගත්, ඔවුන්ගේ ව්‍යාජ ලකානියානු මනොවිශ්ලේෂණයට එකඟ අයුරින් ප්‍රකාශ කරන ලදී.

 

දීප්ති යනු වික්‍රමභාහුගේ අනුප්‍රාප්තිකයා ලෙස දකිමින් NSSPයේ පිරිසක් ද X කණ්ඩායම වෙත පැමිණියෝය. සුදර්ශන ගුණවර්ධන යනු එසේ පැමිණි අයෙකි (අද වන විට වික්‍රමභාහු ද X කණ්ඩායමේ දේශපාලන ස්ථාවරයට පැමිණෙමින් රටේ යාව ජීව ජනාධිපතිවරයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ බව පිළිගනී). දීප්ති අදටත් සිටිනුයේ පැරණි X ස්ථාවරයේමය. සුදර්ශන ද එසේය. රනිල් විසින් ITN සභාපති තනතුර සුදර්ශනට ලබා දෙනුයේ සහ තමන් සභාපති ලෙස සුදර්ශන විසින් දීප්ති ITN වෙත කැඳවාගන්නේ එම දේශපාලන එකඟතාවය නිසාය.

 

@ මාධව රුවන්පතිරණ